IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ)

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද  ප්‍රකාශයක් හේතුවෙන් අධිකරණයට අපහාස වී ඇතැයි සඳහන් කරමින් ඔහුට ඒ සම්බන්ධයෙන් දඩුවම් නියම කරන ලෙස ඉල්ලා නීතිඥවරියක් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.

නීතිඥ දිමිත්‍රී ෂීරාෂ් පෙට්රාජලි මහත්මිය විසින් ගොනු කොට ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කරනු ලැබ සිටී.

පෙත්සමේ මෙසේද සඳහන් වේ

2023 නොවැම්බර් 8 වැනිදා හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවේචනය කරමින් කතාවක් පවත්වා ඇත.මෙම කතාවේ අඩංගු කරුණු වලින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ.

එපමණක් නොව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනා වලින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාගේ චරිතයට සහ ඔහුගේ තනතුරුවලට බරපතළ හානියක් අගතියක් සිදුවී ඇති බවද පෙත්සමෙහි සඳහන් වේ.

එබැවින් වගඋත්තරකාර අමාත්‍යවරයාට අධිකරණ අපහාසයට දඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙසට  සඳහන් කරමින් නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණ අපහාසය සම්බන්ධයෙන් දඬුවම් නියම කරන ලෙසද  නීතිඥවරිය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සම අද(29) දින අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

 



අදහස් (8)

හිටපු ක්‍රීඩා ඇමැතිට එරෙහිව පෙත්සමක්

රංබොඩ Wednesday, 29 November 2023 04:25 PM

මිස්ටර් බීන් වැඩේ අත හරින්නේම නෑ වගේ. ඔය වගේ අයගේ හැසිරීමේ එක් කොටසක් තමයි නොනවත්වා පළිගැනීම...

:       4       42

සුධීර Wednesday, 29 November 2023 06:02 PM

සියළුම නීතිඥ ගාස්තු ක්‍රිකට් බෝඩ් එකෙන් දරනු ලැබේ.

:       2       30

Asela Wednesday, 29 November 2023 07:14 PM

කොහොමටත් දැල්ල නිවෙන්න ලං වෙනකොට දඟලනවා වැඩියි.

:       0       0

සමන් Wednesday, 29 November 2023 10:01 PM

රොෂාන් මැතිදුට ජය.

:       0       1

විපරමා Thursday, 30 November 2023 03:30 AM

ඇත්ත කිව්වම දරා ගන්ඩ බැරි වෙලා . පලි ගන්ඩ මොනවා නොකරාවිද?ක්‍රිකට් සල්ලි ඕන හැටියේ ඇතිනේ වියදම් කරන්ඩ .

:       0       1

Ramsa Thursday, 30 November 2023 03:30 AM

ඊළඟ ඕස්ට්‍රේලියානු සහ එංගලන්ත ක්‍රිකට් සවාරි සඳහා යන තවත් නිළියක් වෙන්න පුළුවන්.

:       0       1

de silva Thursday, 30 November 2023 07:09 AM

දුෂණයට විරුධව කතාකරන මන්ත්‍රීවරුන්ට අනිවාර්යයෙන්ම රන්ජන්ට දුන්න දඩුවම දීල ඔවුන්ගේ කට වසා දමනු ලැබේ

:       0       3

sarath Thursday, 30 November 2023 07:12 AM

ලංකාවේ ක්‍රිකට් බෝර්ඩ් එක විසින් ලංකාවේ ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම හැර අනෙක් දුෂණය , පගාව , හොරකම , සල්ලාල කම් ඇතුළු අනෙක් සියලු දෙයම කරනු ලැබේ ,

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 87 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 260 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 439 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 678 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 559 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1205 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site