මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (18) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී පහන් දල්වා යුජ ජය සැමැරීය.
හිටපු මැති ඇමැතිවරු ද, ප්‍රාදේශීය දේශපාලකයෝ පිරිසක් හා කලාකරුවන් පිරිසක් ද ඊට එක්වූහ.
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (18) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී පහන් දල්වා යුජ ජය සැමැරීය.
හිටපු මැති ඇමැතිවරු ද, ප්‍රාදේශීය දේශපාලකයෝ පිරිසක් හා කලාකරුවන් පිරිසක් ද ඊට එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියාණෙනි, ඔබ යළි එනතුරු අපි බලාසිටිමු (නි)
ඔබයි ජාතියේ පන්නරය පියාණෙනි! (නි)
අද ඔබ නිසයි අපි මෙහෙම ඉන්නේ (නි)
හරිම සතුටුයි (නි)
ඔබතුමා තවමත් අපගේ සැබෑ ජනපතිඳුයි (නි)
යහපාලනය යටතේ පෙර නොවුවිරූ නිදහසක් සැමට ලැබී ඇති බව පෙනෙනවා. විරුද්ධ මත ඉවසීම මෛත්‍රී ජනපතිගේ උතුම් ගුණයක්. මේ බව ජනතාව තේරුම් ගනිමින් සිටිනවා. නිදහස් රටකට යන ගමන්මඟ එළිවෙමින් පවතිනවා. ජනතාවට කාලය දෙන්න. (නි)
ඔබයි සැමදා අපේ ශක්තිය! (නි)
විශිෂ්ටයි! (නි)
රටට ආදරේ නම් සාමයෙන් වැඩ කරන්න. (නි)
නියමයි! (නි)
අංක එකේ හිටපු රණවිරුවාව හිරේ දාලා ඒ කාලේ සිදුවූ දේවලුත් අපිට මතකයි (නි)
අභිමානය දැනෙන්නේ ඒ වෙනුවෙන් කැපවුණ අයටයි. (නි)
දුටුගැමුණු රජතුමාගෙන් පසුව ඊටත් එහා ගිය සේවයක් කළ එකම ශ්‍රී ලාංකිකයා මහින්ද රාජපක්ෂ. දුටුගැමුණු රජසමයේ අපි දැන හිටියෙ නැහැ කවුද හමුදා නායක කියලා.ඉතිහාසයේ අපි දන්නේ දුටුගැමුණු රජතුමා ගැන පමණි (නි)
ඔබට බුදු සරණයි! (නි)
දේශපාලන වාසිය, බල තණ්හාව රට ඉදිරියට නොවේ. සාමය එක්සත්බාවය නොවේ. (නි)
මම යු එන් පී කාරයෙක්. එහෙත් මුළු හදින්ම මගේ ප්‍රණාමය දක්වනවා මහින්ද රාජපක්ෂ මහත්මාට ශ්‍රී ලාංකිකයෙක් විදියට. (නි)
දැන් බලපුවහම යුද්ධය දිනන්න වැඩියෙන්ම දායකවෙලා තියෙන්නේ ගෝඨාභය මහත්තයාටත් වැඩිය වෙන කෙනෙක්නේ (නි)
රටට ජාතියට ආගමට නිදහස උරුමකරදුන් අභීත රණවිරුවන් වගේම යුද්ධය නිමකිරීමට යෝධ ශක්තියක් යෝධ පවුරක් මෙන් එඩිතර නායකත්වය දුන් මහින්ද මැතිඳුනුත්, ගෝඨාභය මහතා මෙන්ම ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනාටත් සැමදා අපි ණයගැතියි (නි)
ඇත්තටම ඔහු දැක්කත් හිතට එන්නේ පුදුමාකාර සැනසිලිදායක හැඟීමක් (නි)
කෙළෙහිගුණ නොදත් අපේ මිනිස්සු මොහු ගැන කුමන තීන්දුවක් ගනීද? (නි)
කෝ කවුරුත් මේකට මොකුත්ම කියලා නැහැනේ! යහපලානේ කට්ටියට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
මහින්ද ජනපතිතුමනි,අප ඔබ සමඟයි.මුල අමතක කරන අය සිටින රටක ඉපදීමත් අවාසනාවකි. ඔවුන් කළ වැරැද්දේ විපාක ඔවුන්ටම ඉදිරියේදී දැක විඳ ලබාගැනීමට ලැබේවි. (නි)
ජනපතිතුමනි, ඔබ කළ දේ ඉතාම වටිනවා. ඔබට ගරුකරමි මුළු හදින්ම. එහෙත් අවසානයේ ඔබ අපව අමතක කළා. ඔබ වරදවාගත් තැන එතනයි. මෙවර පැමිණි පසු පොඩි ගොවියෝ ටිකට පාර හදලා,වැව් හදලා ,ඇළ වේලි කුඹුරු ටික හදලා ඉවරවෙලා ලොකු වැඩ පටන්ගන්න. අපි ඔබට ආශිර්වාද කරමු (නි)
හරිම ලස්සනයි.ඔබතුමන්ලට දීර්ඝායු වේවා!! (නි)
වෙන කවුරුවත් පහන් පත්තු කළාද? අපිට ආරංචි වුණේ නම් නැහැ (නි)
අනේ මෙහෙමත් කට්ටියක් දේශපාලුවන්ට කඩේ යන. (නි)
ජයවේවා, දේශයේ එකම නායකයාණනි! (නි)
මෝඩයෝ වගේ කතාකරන්න එපා. මෙතුමා තමයි අපිට නිදහසේ ඉන්න ඉඩ ලබාදුන්නේ. ජයවේවා උතුමාණනි! (නි)
සදාචාරසම්පන්න වැදගත් පිරිසක් වුණා නම් යුද්ධය නිසා අනේක පීඩාවන්ට පත්වූවන්ට, ගෙවල් දොරවල් අහිමිවුවන්ට,ම්ලේච්ඡ අපරාධ වලට ගොදුරුවුවන්ට වචනයකින් හෝ සහනයක් සළසනවා නොඅනුමානයි. (නි)
ඔබතුමා මෙහෙම කරන එක රටට ශාන්තියක් (නි)
ඕස්ට්‍රේලියාවේ සුද්දන්ගේ රටට ගැතිකම් කරන චන්දන නම් කෙනා දන්නේ කොහොමද මෙහේ ඒ දවස්වල තිබුන තත්වය? අපි ජිවිත බේරාගත්තේ මහින්ද මහත්තයා බලයට ආ නිසා. (නි)
ඔබ වැනි කෙනෙක් අපිට සැමදා ධෛර්යයකි (නි)
තවම මෙයාව අඳුරගෙන නැහැ වගේ සමහරු (නි)
දැල්වෙන පහන් සිලෙන් ශාන්තිය උදාවේවා දිවිදුන් විරුවන්ට! (නි)
චන්දනගේ පැටිකිටිය සොයන්න කලින් ද්විත්ව පුරවැසිභාවය ගත් ඇමෙරිකානු ගැති කට්ටියත් මතක් කරගන්න චින්තක. පවුලේ භාගයකට වඩා ඊළඟ පරම්පරාවේ අයත් එක්ක ඇමෙරිකාවේ. නිකන් මෙතන බොරු භුමි පුත්‍ර කතා කියන්න එපා. (නි)
චන්දන, මගේ අප්පච්චි යුධ හමුදාවේ නිලධාරියෙක්. අපිට ඕනෑ නම් වෙන රටකට ලෙහෙසියන්ම යන්න තිබුනා. ඒත් අප්පච්චි කැමැති වුණේ නැහැ අපේ රට දාලා යන්න. මහින්ද මහත්තයා , ගෝඨාභය මහතා , ෆොන්සේකා මහතා වගේම අනිත් හමුදාවන්ගේ කැපවීම පොලිසිය ,සිවිල් ආරක්ෂක බලකාය, රටේ ජනතාව මේ හැම කෙනෙක්ම අපේ රටට සාමය ,නිදහස ලබා දෙන්න කැපවුණා (නි)
සැමැරුමකදී මෙසේ බෙදී වෙන්වීම ජාතියේ අවාසනාවක් (නි)
චින්තක, මෝඩ කතා කියන්න එපා. මෙතන ඉන්න ලොක්කන්ගේ පවුල්වල කට්ටියත් පිටරට ඉන්නවා. (නි)
ගෝඨාභය මහතා වේදිකාවෙන් පහළ සිටියදී සිටි විහිළුකාරයෝ දැන් වේදිකාව උඩ මොකද? (නි)
චින්තක ඇමෙරිකාවට ගැතිකම් කර ද්විත්ව පුරවැසි බව ගත්ත කෙනෙක් නෙමෙයිනේ? (නි)
ශ්‍රීනාත්, ඔබට වැරදුන තැන එතනය. දුටුගැමුණු රජතුමා සහ හමුදා නායකයා දෙන්නාම එක්කෙක්නෙක්. මොකද එතුමා යුද පිටියේ සටන් කළා.හමුදාව මෙහෙයුවා.මහින්ද රාජපක්ෂ කළේ යුද්ධ කරන්න කිව්ව එක. හමුදාව මෙහෙයවූයේ සරත් ෆොන්සේකා. ගෝඨාභයත් උදව් කරන්න ඇති. (නි)
ඔබ, හොරු සහ තක්කඩි අතහැර එන්නේ නම් පමණක් ඔබව අපි පිළිගනිමු (නි)
පරණ අය බහුතරයම ඉන්න බව පේනවා (නි)
අදත් යුද්ධය තිබුනා නම් මොනවගේ තීන්දු තීරණ ගනීද කියල හිතාගන්න පුළුවන්. (නි)
ඔබයි අපිට මේ නිදහස ගෙනදුන්නේ මැතිඳුනි (නි)
ඔබ වැනි නායකයෙක් නිසයි අපි අද මේ නිදහස විඳින්නේ. ඔබට රට වෙනුවෙන් යළි සේවය කරන ලැබේවා! අපේ ඒකායන පැතුමයි. (නි)
ඔබතුමා ජාතියේ පිනට පහළ වූ නායකයෙකි. රටට වෙනසක් කළ සහ කළහැකි එකම නායකයා ඔබ පමණි. ඔබ සදා අමරණීයයි මැතිතුමනි. (නි)
සැමට පින්! (නි)
හදවතින්ම රණවිරුවන්ට ආදරය තිබුනා නම් යුද්ධය දිනු වීරයාව හිරේ දාන්නේ නැහැ. යුද්ධය දිනන්න ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ හමුදා භටයින්ව වෙනත් වැඩ වලට දාන්නේ නැහැ. මේ සියල්ලම ජනතාව රවටන්න කරන දේවල් කියලයි අපි හිතන්නේ. (නි)
රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුන් සැමරීම,දිනු නිදහස රැක ගැනීමත් , ශ්‍රී ලාංකික අපගේ යුතුකමයි. එම යුතුකම සහ වගකීම නිසිලෙස රැකගැනීමට කටයුතු කිරීමට ඔබ සැමට ශක්තිය,ධෛර්ය ලැබේවා. (බ)
තාමත් රට කන එක නතරකරලා නැහැ... බත් පැකට් එකට මිනිස්සු ගෙනල්ල (බ)
චින්තක ඔබ හරි (බ)
මතකද එස්. එෆ්. විරුවට මෙතුමා සලකපු හැටි. එ්කත් හොදට කළානම් වටින්න තිබුණා. (බ)
තවමත් පත්තු කරන්නේ බුලට් එකක්. ඕක කොච්චර කල් පත්තු කර කර ඉන්න වෙයිද? මේ එකතු වෙන ඉන්න අයගේ මානසිකත්වය එ්කෙන්ම පේනවා. එදා යුද්දෙට පත්තු කරපු බුලට් පස්සේ අහිංසක මිනිසුන්ට පත්තු කළා නේද වැඩි කලක් නොගිහින්ම. රණවිරුවෝ කියල මහරජා කියල කොච්චර නම් කට්ටියක් මුරුංග අත්තේ හිටියද. ප්‍රතිරුප හදාගන්න කොච්චර නම් දේවල් කළාද. ඔය වගේ ලෙඩ ප්‍රේමදාසටත් තිබුණා. (බ)
මේ වගේ සෝභන වැඩ කරන්නේ ඉතින් වෙන කව්ද ?? (බ)
ශ්‍රීනාත් ඔබ හරියටම හරි දුටුගැමුණු රජුගේ කාලේ හිටපු හමුදා නායකයා කවූද කියල අපි දන්නේ නැ, දන්නේ දුටුගැමුණු රජු පමණයි. ඒ වගේම මමනම් යුද්දේ ඉවර කරපු ගෞරවය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාට. රනිල් හිටියනම් විදෙස් රටවලින් ආපු බලපෑම්වලට යුද්ද කිරීම නවතනවා ෂුවර්. මහින්ද ජනපතිතුමනි අපට, මේ රටට ආදරේ කරන මිනිස්සුන්ට වෙනදාටත් වඩා ඔබව අද අවශ්‍යයි. (බ)
ජයෙන් ජය ! (බ)
මේ උතුම් ක්‍රියාව හෙලාදකින කිසිවෙක් නියම ශ්‍රී ලාංකිකයෙක් නොවනු ඇත (ම)
නිමකළ නොහැකි නිමක් නිමකළ ඔබට තුති ඔබ සදා රැදේ ලොව (ම)
වටේ ඉන්න කට්ටිය දැක්කම කියන්න පුළුවන් අරමුණ (බ)
"සුද්දට ගැතිකම් කරන අය ඉන්න " කියල අපහාසාත්මක ස්වරයෙන් ලියල තියෙන එක්කෙනාට මේ ලියන්නේ. බටහිර රටවලත් ඔය වගේ හැදියාවක් ඇති අය ඉන්නවා. නමුත් ඒ රටවල සමාජය ගොඩක් දියුණු නිසා ඒ කට්ටියගේ ප්‍රතිශතය ඉතාම අඩුය. මේ වගේ අය යහමගට ගන්නට කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුය (බ)
දුටුගැමුණු රජතුමාත් දස මහා යෝධයන්ට යුද්ධයේදී කළ මෙහෙවර අගය කළා. එ්ත් අපේ රටේ කට්ටිය කියන්නේ එක්කෙනෙක් තනියම යුද්ධ කරල දිනුව වගේ. (බ)
තුෂාන් 2015-05-19 03:50:28 මෝඩ කොලුවෝ දුටුගැමුණු රජු කළේ දැවැන්ත සටනක් ! (බ)
ඇයි තුෂාන් දස මහා යෝධයන් ගැන අහල නැද්ද ? ඉතිහාසයේ උතුම් රජවරු යුද්ධයේදී සක්‍රිය දායකත්ව දුන් උදවියට නිසි ඇගයීමක් කළා. දැන් කාලයේ වගේ මම තනියම ඔක්කොම කළේ කියල කිව්වේ නැහැ. තුෂාන් කියන විදියට ඉතිහාසය අලුතෙන් ලියන්න ගිහින් තමයි තිබුන ඡන්ද ටිකත් නැති කරගත්තේ. (බ)
ඉල්ලගෙන කනවා කියන්නේ මේවට, රටට ජනපති කෙනෙක් පත් වෙලා ඉන්නේ මේ සියලු දේවල් ඉදිරියට කරගෙන යන්න (බ)
මැටිපහන ඔබ නම් මැට්ටේක්ම තමයි. මේක දේශපාලනය කරගන්න එපා. මේ සමරන්නේ රණවිරුවෝ. එ්කට සම්මාදන් වෙන්න. කට තිබුපලියට, අත තිබුණු පලියට මෝඩ කොමේන්ට්ස් දන්නා එපා. ගරු කරන්න දිනාගත් දේශයට. ගරු කරන්න අපේ වීරෝදාර රණවිරුවන්ට. ගරු කරන්න දේශය දිනාගත් නායකයට. මෙයයි වැදගත් මිනිසකු සතුවිය යුත්තේ. පාට හෝ ලාංඡන වැඩක් නැහැ. (බ)
අද ඉස්සර වගේ ගුරුවරු දණ ගස්සනවද ? විදේශීය කාන්තාවන් දුෂණය කර මරා දානවද ? කුඩා දැරිවියන් දුෂණය කරනවද ? මහා පාරේ ඇමති ගොල්ලන්ගේ වාහන හෝන් ගහගන යනවද ? පළාත් සභා මන්ත්‍රීවරු තග පාට් දානවද ? නගරාධිපතිවරු පිස්තෝල අරන් මහා පාරේ යකා නටනවද ? සුදු වෑන් වලින් මිනිස්සු උස්සන් ගිහින් උද්ඝෝෂණ කරපුවාම ආපහු ගෙනත් බස්සනවද ? විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන්ට පොලු පාරවල් දෙනව ද ? අද ජනාධිපති ඉදිරියේ වුනත් කවි කියන්න පුළුවන්. අද වැරදි වැඩ කරපු අය නීතිය ඉදිරියට ගේනවා. ඔවුන්ට පුළුවන් උසාවියේ දී තමන් ගේ තර්ක ඉදිරිපත් කරන්න. යුද්දේ නිමා කෙරුවට හිටපු ජනාධිපති සහ රජයට ගොඩක් පින්. එහෙත් යුද ජයග්‍රහණය යනු දූෂණය, නාස්තිය, භීෂණය සහ අවනීතිය ක්‍රියාත්මක කීරීමට ලබා දෙන අයිතිවාසිකමක් නොවන බව කවුරුත් වටහා ගත යුතු යි. අපිත් බලාපොරොත්තු වුනේ මෙන්න මේ වෙනස තමයි. (බ)
රණවිරුවන් සමරමු,ඔවුන් රටට ලබාදුන් නිදහස පනමෙන් රැකගනිමු එහෙත් දේශපාලනය වෙනුනෙන් ඔවුන්ව විකිණීමෙන් වළකිමු. (බ)
දේශයක් අවදි කළ මහා යුග පුරුෂයා ඔබයි රජුනි. විවේක කාලය අවසන් වී හමාරයි. නැවතත් සේවයට වාර්තා කීරීමට කාලය එළඹ තිබේ. ඔබට චිරන් ජයතු.(බ)
ඔබට සෑම ශ්‍රී ලාංකිකයෙක්ම ණයගැති. අපේ ආයුෂත් අරගන තවත් කල් ලංකා වැසියන් අතර ජිවත් වේවා. අපි වෙනුවන් සටන් වැදුණු විරුවන්ට අපි සදා ණයගැතියි (බ)
ශ්රී ලංකා හමුදාවන් බෙදුම්වාදී එල්.ටී.ටී.ඊ භාරයේ පැවැති වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් බිම් කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාද්වීපයම එකම ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස 18 වැනි සඳුදා දිනකදීය. ආරක්ෂක හමුදාව සටන්කළේ දෙමළ ජනතාව සමග නොව බෙදුම්වාදී කොටි සමඟය. මෙම කටයුත්ත අවසන්වීමෙන් රටේ සියලුම දෙනා නිදහස ලැබීය. අපිටත් වැඩිය උතුරේ දෙමළ ජනතාව අද නිදහසේ දෛනික වැඩකටයුතු හොඳින් කරගෙන යයි. ජනපතිතුමනි, බුදු සරණයි! (බ)
දුටුගැමුණු රජතුමාට දසමහා යෝධයෝ හිටියා කියලවත් දැනගෙන හිටියේ නැද්ද රුවන් දුටුගැමුණු රජතුමා එලාර රජතුමා වෙනුවෙන් ස්මාරකයක් හදලා එයට ගෞරව කරන්න කියල අණ කළා (බ)
ටොම්, ඔහේ ඉන්න ලංකාවේ ඒවා නැති වුනාට අපි ඉන්න ලංකාවේ නම් ඒවා තිබුනට වඩා හොඳට තියනවා! (බ)
යුද්ධය දිනුව බව හරි. රට කාපු හොර වංචා දුෂණ? ඒවාට අපි විරුද්ධයි (නි)
දේශයක් අවදි කළ මහා යුග පුරුෂයා ඔබයි. (නි)
මේ යහපත් දේ දෙස යහපත් ලෙස බලන්න. අපේ ගෞරවය මහින්ද මැතිඳුන්ට! (නි)
විශිෂ්ටයි...ජයවේවා.....!!(ම)
පියාණෙනි, පහන් පත්තු කරලා පමණක් වැඩක් නැහැ. යුද්ධය දිනාදුන් සරත් ෆොන්සේකා මහතාගෙන් සමාව ගන්නවා නම් අපි කැමතියි. (නි)
අප ලක් ජනතාවට කළ සේවයට ඔබතුමාට අප සදා ණයගැතියි (නි)
සදා සමරමු අපි මේ ජයග්‍රහණය! (නි)
එදා දුටුගැමුණු රජතුමා සැබවින්ම සිය මව සමඟම යුදබිමේ සිටියා. යුධ සැළසුම් හැදුවා. එළාර සමඟ මුහුණට මුහුණ සටන් කළා. (රුහුණේ සිට සෙන්පතියන්ට උපදෙස් දුන්නේ නැහැ). ඊටපසු සියලු ජාතින් එකතුකරගෙන රට සංවර්ධනය කරා ගෙනගියා. ඒ නිසා තමා අපි අදත් ඒ ගැන කතා කරන්නේ. පළමු කාරණා වලට මහින්දට වඩා, සරත් ෆොන්සේකා දායක වුණා. යුද්දෙට පසුව මහින්ද ඇතුළු පවූලේ අය කළදේවල් නිසා තමා ලක්ෂ 64 ක් බුද්ධිමත්, ප්‍රගතිශීලි ජනතාව එයා විශ්‍රාම ඇරියේ. (නි)
දස මහා යෝධයන්ට සම්මාන දුන්නේ ඉස්සර (නි)
ශාන, තිලක්, ඔබේ බුද්ධියේ යමක් අඩු බව පේනවා. (නි)
මහින්ද කියන්නේ ලොවත් දිනලා රටත් දිනපු නායකයෙක්. (නි)
දශක 3ක් පැවති රුදුරු ත්‍රස්තවාදය නිමකිරීමට රණවිරුවන් මහත් කැපවීමක් කළා. ඒ ඔක්කොටම පින්! නමුත් රටවෙනුවෙන් දිවිදුන්නේ හසලක ගාමිණී පමණක් නොවන වග අප මතක තියාගත යුතු නොවේද? මන්ද මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් බිරින්දෑවරුන් හා දරුවන් තවමත් මිහිපිට ජීවත්වෙන නිසාවෙනි (නි)
මෙතුමා සහ රාජපස්ෂ පරපුර එදා යුධ පිටියට ගොස් සටන් නොකළා නම් අදත් අපි එදා වගේම ලෝකයේ දුෂණය අතින් පළමු තැන හිමිවුණ රටක් නේද? (නි)
ඇත්තටම අපි ඔබට ආදරෙයි.ඒත් සමහර වැරදි නිසා ඡන්දය දුන්නේ නැහැ.අඩුපාඩු තේරුම් අරගෙන නැවත එන්න.අපි ඔබව දිනවනවා (නි)
තිලක් හරියට හරි එක තමයි සැබෑ තත්වේ! ජූඩ් ඔබ පාට කන්නාඩි ගලවල පොලවේ හිටගෙන කතා කරන්න එවිට සත්තය වැටහේවි. එදා ජෙනරාල් සරත් ෆොන්සේකා එතුමාගේ යුද සැලසුම් ලෝකෙය මවිත කළා හැම අනු කණ්ඩයක් වෙනුවෙන්ම නිශ්චිත කාලසීමාවක් තුල කලයුතු කාර්යක් තිබුනා එදා යුද පිට්යේ සිටි පුද්ගලයෙක් හැටිය මේ බව සදහන් කරන්නේ. (ර)
අලි බබා සහ හොරු.....දැන් පෙන්වනවා. (බ)
ඇත්ත ෆොන්සේකා මහත්තය යුද්ධය දිනා දීමට ඉතා විශාල කාර්යක් කළා හැබැයි අමතක කරන්න එපා එතුමා හමුදාවට බැඳුනෙ 2005 නෙවෙයිනෙ. අනෙක් ජනාධිපතිවරු අගමැතිවරු යටතේ එතුමා යුද හමුදාවෙ වැදගත් තනතුරු දැරුවනේ. කොබ්බෑකඩුව මහත්තයට අවශ්‍ය දේශපාලන නායකත්වය ලැබුනන් 2009 වෙනකන් ඉන්න වෙන්නෙ නෑ මේ වැඩේ ඒ කාලෙම ඉවරයි කොන්ද පන නැති ජනාධිපතිවරු නිසයි මේක මේ තරම්ම ඇදුනෙ.ඒ ගැන බලද්දි මහින්ද මහත්තය අති විශිෂ්ටයි කුහක නැත්තන් ඒක පිළිගන්න ඕන සෑම කෙනෙක්ම එතුමගේ දුර්වලකම් තිබුනා ඒවට ජනතාව පිළිතුරු දුන්න ඒකෙ වරදක් නෑ හැබැයි ඒ වැරදි රටකට හදගන්න පුලුවන් ඒත් මේ රජය ගෙන යන වැඩ පිළිවල රටේ නිසා ස්වෛරීත්වය ගැන විශාල අවදානමක් තියෙනව ඒකෙන් වෙන හානි වගේ වැරදි හදන එක ලේසි වෙන එක්ක් නෑ.ඒ නිසා මහින්දව ඉල්ලන්න සිංහල ලේ දුවන මිනිස්සුනට අයිතියක් තියනව මොකද ඒ අයට හැමදේටම වඩා තමන්ගේ ජාතියේ අනාගතය වැදගත් ඒකෙ වරදක් නෑ අපිත් හොඳ සිංහල තමයි අපේ තරුණ කාලය ගෙවුනෙ මේ රට රකින්න තමයි මගෙ අම්ම රනවිරු මවක්ට ලැබෙන රු 1000 ගන්නෙ සල්ලි නැතිකමට නෙවේ ඊ්ට වඩා ආඩම්බරයක් දැනෙන නිසා...(බ)
යුද්ධය ජය ගත්තේ මමයි කියපු රණවිරු ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතා යුද ජයග්‍රහණයට ආණ්ඩුව මෙසේ හැල්ලු කරද්දී කරබාගෙන ඉන්නේ ඇයි.? (බ)
වයස හංගන එක්කෙනාව ළඟින්ම වාඩි කරන්. රට ගෙනියන්න භාර දෙන්න අපුරු කට්ටිය. (බ)
ඔබ කරපු නරකම ද අවුරුදු 30 තිබ්බ කුරිරු යුද්දය නිම කිරීම රටට සාමය ගෙනපු එක,අපේ සිංහල වර්ගයට ම සියල්ල දැන් මතකයක් නැත (බ)
වේදිකාව උඩ ඉන්නේ පක්ෂ නායකයෝ සහ රණවිරුවෙක්ගේ මවක් මන් හිතන්නේ. (බ)
ලසන්ත කියන්න බලන්න මහින්ද එන්න කලින් සරත් ෆොන්සේකා යුද්දේ ඉවර කළේ නැත්තේ ඇයි කියල. සරල පිළිතුරක් දෙන්න. (බ)
ඒක හොද දෙයක්.(හේ)
යුද වීරයා කියලා කෙනෙක් නැහැ..(හේ)
සත්‍යා. ඔබ කියන යුද්ධය දිනපු වීරයෝ යුධ ජයග්‍රහණය ගැන වචනයක්වත් රටට. ජාතියට කියන්නේ නැහැනේ. හරිනම් එයාල මේ ජය සමරන්න ඕනනේ. (ර)
ජයවේවා.(හේ)
කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීම පිණිස තම දිවි පිදූ සියලු රණ විරුවන්ට හිස නමා ආචාර කිරීමටත් ඔවුන්ට නිවන් සුව පැතීමටත් ඒ සඳහා නායකත්වය දුන් හිටපු ජනාධිපතිතුමන්ට සහ ආරක්ෂක ලේකම් තුමන් ඇතුළු සියලු දේශප්‍රේමීන්ට රට රකිනා දෙවිවරුන්ගේ පිහිටාරක්ෂාව පැතීමටත් මෙය අවස්ථාවක් කර ගනිමු. (හේ)
චමල්, රට වෙනුවෙන් දිවි දුන් සියලු රණ විරුවෝ හසලක රණ විරුවාගෙන් සංකේතවත් කෙරෙති. එබැවින් ඔහු සිහිපත් කිරීමෙන් සෙසු රණවිරුවන්ට ගෞරවයක් මිස අයුත්තක් සිදු නොවෙයි.(හේ).
අරවින්ද , ඔබගේ අදහස ඉතාමත්ම නිවැරදි . මහින්ද රාජපක්ෂ කියන්නේ නියම සිංහල නායකයෙක්. (හේ)
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමනි, අඳුරේ ගිලී සිටි ශ්‍රී ලංකාවට ආලෝකය ලබාදුන් ඔබතුමාට, අද දින දැල්වෙන මෙම සියලුම පහන් වල ආලෝකයේ බලයෙන් සියලුම සතුරු බලවේග දුරුවී නැවතත් අප රටේ අභීත නායකයා වීමට ඉක්මනින්ම අවස්ථාව උදාවේවායි යනු අපේ එකම පැතුමයි. ඔබතුමා ඇතුළු අප රට ගළවා ගැනීමට දායක වූ සියලුම දෙනාට දීර්ඝායු වේවා ! (නි)
අරවින්ද මහත්මයාණෙනි, ඔබගේ අදහස් ටික අපිද එලෙසම අනුමත කරමු. (නි)
ආයුබෝවේවා මහ රජාණෙනි!අපේ රට අපිට බේරාදුන්නෙ අපේ මහින්ද රජතුමා. ඔබතුමා වෙනුවෙන් මැරෙන්න වුණත් අපි සූදානම්. (නි)
මහින්ද එන්න කලින් සරත් ෆොන්සේකා යුද්ධය අවසන්කළේ නැත්තේ ඇයි කියන එකට සරල පිළිතුරක් දෙන්න.ඔබ කළ නරකම දෙය අවුරුදු 30 තිබුණු කුරිරු යුද්ධය නිමකිරීම සහ රටට සාමය ගෙනා එකයි (නි)
ඔබ සමඟ මම හැමදාම, මහින්ද.(නි)
කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීම පිණිස තම දිවිපිදූ සියලු රණවිරුවන්ට හිස නමා ආචාර කිරීමටත් ඔවුන්ට නිවන් සුව පැතීමටත් ඒ සඳහා නායකත්වය දුන් හිටපු ජනාධිපතිතුමන්ට සහ ආරක්ෂක ලේකම්තුමන් ඇතුළු සියලු දේශප්‍රේමීන්ට රට රකිනා දෙවිවරුන්ගේ පිහිටාරක්ෂාව පැතීමටත් මෙය අවස්ථාවක් කර ගනිමු. (නි)
හේමන්ත සහ යසවතී, සත්‍යාගේ වීරයෝ කොහොම යුද ජයග්‍රහණය සමරන්නද? මතකද සුදු කොඩි කතාව? (නි)
මගේ රජු ඔබයි, මිහිපිට. ජයෙන් ජයම වෙවා මහරාජනෙනි.! (ර)