අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලියනගේ සුනිල් නැමැත්තාගේ අතවරයට ලක් වීම නිසා රජයේ පාසලකට ඇතුළු වී අධ්‍යාපනය ලැබීමේ මුලික අයිවාසිකම අහිමි ඇතැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20 ක් සහ තමන් ඉගෙනුම ලැබු පාසලට යළි ඇතුලත් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා පහළොස්හැවිරිදි දැරියක් සිය මවගේ මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර කාන්තා අයිතීන් ගැන කතාකරන සංවිධාන වල නෝනලා? (නි)
මෙයා නේද අර 500 කප් ගත්හඑක්කෙනා, මට දන්නේ මතක් වුණේ(දිල්)
මෙවැනි මුදලක් ඉල්ලීමෙන් තේරුම් යන්නේ එම දරුවාට ජීවිතය පිළිබඳව ඇති තේරුම් ගැනීමයි.එයාගේ වයසට ලක්ෂ 20 ක් කියන්නේ ලොකු මුදලක් කියා තමයි හිතාගෙන ඉන්නේ. ඔය නඩුවේ තීන්දුව ලැබෙනවිට එහි වටිනාකම අද රු.5000/=ක් විතර වෙයි. (නි)
මලාලා කියන්නේ මුස්ලිම් දැරිවියක්. මේ ළමයා සිංහල බෞද්ධ ළමයෙක්. අල්ලාගෙ බැල්ම තියෙනකම් වරදින්නේ නැහැ. (නි)
හොදටම මදි දුවේ. මිලියන 200ක් ඉල්ලන්න තිබුනේ. (නි)
වන්දිය ඉල්ලා තිබෙන්නේ සභාපතිගෙන්ද, නැත්නම් පාසලින් අස්වෙන්න වූ නිසා විදුහල්පතිගෙන්ද දන්නෙ නැහැ.(අද වෙන්නෙ එහෙම දේවල්නේ)අරයගෙන් නම් කෝටි දෙසීයක්වත් ඉල්ලන්න ඕනෑ. (නි)
හොද නඩුකාරතුමියක්. ඉදිරියේදී නඩුව අහන්න පුළුවන් වුණොත් හොදයි (නි)
හෙට අනිද්දා ප්‍රාදේශීය සභාවේ අයට උසස්වීමක් ලැබිලා දැරියට ගෙදර යන්න වේවිද දන්නෙ නැහැ. මේ ලංකාවේ ඕවා තමයි වෙන්නේ. (නි)
එක්කෙනෙක් අල්ලෙක් ගැන කතා කරනවා. මලලා ට එල්ල වූ වෙඩි උණ්ඩය නවත්වන්න. මලලා ට වෙඩි තියපු තලිබාන් ත්‍රස්තයෝ ඇයගේ දෙමව් පියෝ වෛද්‍ය වරුන් ට යාඥා කරපු හින්ද අගේ ජීවිතය බේරුනා. ලංකාවේ දැරිය කෙලසුනේ ආගමික හේතුවක් නිසා නොව පාහර ජඩ දේශපාලනය නිසා කියල පොඩි ළමයෙක් පවා දන්නවා. (අ)
ලොක්කන්ගේ වැරදි මේවා. එයාලා තමයි මේවට වග කියන්න ඕනෑ (නි)
මොහු වැරදිත් කරලා තාම ඉන්නේ එළියේද? අයියෝ! අපේ නීතිය.....? කුමට මෙරට අධිකරණය නීතිය සහ විනිසුරන්.... (නි)
අයියෝ! 20 කින් මොනවා කරන්නද දරුවෝ? 50ක්වත් ඉල්ලන්න. (නි)
රටේ බලගතු වගකිවයුත්තෝ මෙවැනි සිද්ධීන් ගැන දැඩි අවධානය යොමුකරත්වා! (නි)
ස්ත්‍රී දුෂකයා ට තවම දඩුවම් ලැබී නැත්ද ? ස්ත්‍රී දුෂණ නඩු කඩිනමින් විභාග කිරීමට කටයුතු කරන්න. ඇප පිට එලියට ඇවිත් තව තව අපරද වැඩ කරමින් සිටි. දේශපාලන බලවතෙක් නම් ඇප දෙන්නම හොද නැ. දේශපාලනය කරන කෙනෙක් නම් ඔහුගේ බලතල ඉවත් කරීම හා ඔහුට විරුද්දව විනයානුකුල පියවර ගන්න. දුෂිත තැනැත්තියට ලොකු වන්දි මුදලක් ගෙවීමට නීති සලසන්න(දිල්)
ඉතින් මම අහන්නේ ඔය දේශප්‍රේමී අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සිටි අහවලා අද ඉන්නේ මහ උළු ගෙදර කූරු ගණන් කර කරද?නැත්නම් රජ සැප විදිමින්ද? (නි)
අපේ මිනිස්සු පොලවේ පස් කාලා හිටපු අග්‍රවිනිශ්චයකාර තුමියව ගෙදර ඇරපු දවසෙම මම දන ගත්ත දැන් ඉතින් අපිට වැඩ වැරැදුණා කියලා .(දිල්)
රට මේ තැනට ගෙන ආ සියලු දේශප්‍රේමී ජන නායකයන්ට අපගේ ප්‍රණාමය. (ස)
මම ඉන්න සිංගප්පුරුවේ නම් 18න් පහළ දැරියකගේ කැමැත්තෙන් වැඩිහිටියෙකු සමග සිටියත් එය දරුණු අපරාධ නඩුවකි. අඩුම තරමේ වසර 20,30 වත් සිර ගතවන වරදකි. ලංකාවේ එහෙම නීතියක් නැද්ද? මෙම දැරියගේ අසරණ බව වන්දියක් ඉල්ලීමෙන්ම පෙනියනවා. (නි)
කෙල්ලට කරදරයක් කරයිද?? (ස)
විදුහල්පති කරලා තියෙන්නේ මන්ත්‍රී කලාට දෙවැනි නොවන ක්‍රියාවක් . ජාතියේ අවාසනාවට දෝ, සානුකම්පිත මානුෂිය ආකල්ප මිනිස්සු තුලින් ගිලිහිලා. දේශපාලන බලයක් තියනවනම්, ස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, හොර මැරකම් කරන්න බිය විය යුතු නැහැ කියන ආකල්පය මේ වනවිටත් සමාජ ගතවී හමාරයි. ලංකාවේ කාන්තා සංවිධාන වල ක්‍රියාකාරිත්වය කොයිබටද?(දිල්)
නාලක, රටේ බලගතු වගකිවයුත්තෝ බැලූ නිසානෙ සභාපතිතුමා නිදොස් වෙලා නිදහස් වුණේ. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව? (නි)
අර එක්කෙනෙක් 400ක දුෂණයක් සමරන්න පාටියකුත් දැම්මා නේද? ඔය වගේ අය ඉන්නකම් අපේ රටේ නම් කවදාවත් දියුණුවක් දකින්න ලැබෙන්නේ නැහැ. (නි)
තව ටික දවසකින් අපිට බලාගන්න පුළුවන් වෙයි දැරිය වැරදි කාරී කරලා සභාපති අහිංසකයි කියල පෙන්වන හැටි. (දිල්)
දරුවෙකුගේ අධ්‍යාපනය වටින්නේ ලක්ෂ 20 ක්ද? (නි)
ලක්ෂ විස්සද ඇයගේ ජීවිතය වටින්නේ? හරිනම් මිලියන විස්සකුත් මදි (නි)
ලක්ෂ 20 ක්? මදි මදි හොඳටම මදි. (නි)
මේ අතවරයට ලක්වුණු දැරියට අර කොහෙද රටේ අහවලාගේ නියෝග මත නඩුව ඉල්ලා අස්කරගෙන, සභාපතිව නිදොස් කොට නිදහස් කරන්න වෙයිද කියලයි මට සැක (නි)
ළමා සහ කාන්තා සංවිධාන මෙයට සහයෝගය දැක්විය යුතුයි. නැවත පාසලේදී අධ්‍යාපනය ලබනවිට වගකිවයුතු ආයතන නිරීක්ෂණය කරමින් සහයෝගය දිය යුතුයි (නි)
මේ දැරිය මලාල වගේ ජනප්‍රිය නැහැනේ. ඒකයි කවුරුත් බලන්නේ නැත්තේ. ඒකයි ගොඩක් අය ඉදිරිපත් වෙන්නේ නැත්තේ (නි)
මේ අතවර චෝදනාව තවම නීතියෙන් ඔප්පුවෙලා නැහැ නේද? ඒ නිසා මම නම් හිතන්නේ නැහැ මේක හරි යයි කියලා (නි)
ලක්ෂ 20 මදි නේද? කෝටියක්වත් ඉල්ලන්න (නි)
එකනම් හොද වැඩක් ඔය මිනිස්සුන්ට ඔහොම තමයි කරන්න ඕනි (දිල්)
කෝටි 200 ක්වත් ඉල්ලුවා නම් අර නිලි හුටපට වගේ අඩුම ගානේ අන්තිමේදී ලක්ෂ 20ක් වත් හම්බ වේවි (නි)
රවී, අර එක්කෙනෙක් 400ක දුෂණයක් සමරන්න පාටියකුත් දැම්මා නේද? ඔය වගේ අය ඉන්නකම් අපේ රටේ නම් කවදාවත් දියුණුවක් දකින්න ලැබෙන්නේ නැහැ.ඒ පාටියට වැඩම කළෙත් නියම දේශප්‍රේමී නායකයෝලු. (නි)
නිසියාකාර නීතියක් නැති රටේ මොනවා ඉල්ලුවත් වැඩක් නැහැ. (නි)
නඩුව උසාවියට ගිය විට මේ ළමයා කියයිද දන්නෙ නැහැ ඒ මාමා මගේ ඉල්ලීමට තමයි එහෙම කළේ, ඒක දුෂණයක් නෙමෙයි කියලා. මොකද අද කාලේ වෙන්නෙ එහෙම දේවල්නේ (නි)
මේ ගාන මදි. මෙය ලක්ෂ 200 ක් දක්වා වැඩි කරන්න. මෙය ඇත්තටම ලොකු අසාධාරණයක්. (නි)
ලක්ෂ විස්සක් නම් මදි,ළමා අපචාර වලට යල් පැනපු නීති ඉවත් කර දැඩි නීති, දැඩි දඩුවම් පැනවිය යුතු කාලය එළඹී ඇත.බැලුවහම පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් හිරේ නොගිය කෙනෙක් නැති පාටයි. (නි)
මිලියන 20 ක් ඉල්ලුවත් නඩුවේ තීන්දුව ලැබෙනකොට ළමයා කසාදත් බැඳලා සිටීවි (නි)
කවුද එතකොට අර 100 සැමරුවේ? (නි)
ලක්ෂ විස්සක් මදි. ඔය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයට මීට වඩා දඩුවමක් දෙන්න නීති පොතේ අලුතින් හරි දඩුවම් සකස් කරන්න නොහැකිද හැබෑටම? ආගමික නායකයන් ඇයි මේවට කතා නොකරන්නේ? මුලික අයිතිවාසිකම් පෙත්සම් යොමු කරන්න නොහැකි උදවිය රටේ ඕනෑ තරම් ඉන්නවා. ලැජ්ජාව/නුගත්කම /අසරණකම/දුර්වලකම හින්දා.එයාලටත් සාධාරනයක්/යුක්තියක් වශයෙන් දැඩි දඩුවම් පමුණුවන එකයි නීතියේ යුතුකම! (නි)