ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට කේරල ගංජා රැගෙන එන ප්‍රධාන ජාවාරම්කරුවකු බව කියන පාණ්ඩියන් හා තවත් තිදෙනකු කේරල ගංජා කිලෝ 50 ක් රැගෙන තිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී මන්නාරමේදී අත්අඩංගුවට ගත් බව මන්නාරම දිසා බුද්ධි ඒකකය කියයි.
පාණ්ඩියන් තස්ත්‍රවාදීයකුව සිටි සමයේ මන්නාරම් ප්‍රදේශයේ මුහුදු කොටි නායකයා ලෙස ක්‍රියා කැර ඇතැයි පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනවත් කොටි නායකයෙක් වූවා නම් තත්ත්වය වෙනස් වන්නට හැකිය. නමුත් දුප්පත් කොටියෙක් නම් දඩුවම් අනිවාර්යයෙන්ම ලැබීමට ඇති ඉඩකඩ වැඩිය (නි)
මෙවැනි මුදල් ඇති අයට සමාව දී අපේ දේශපාලන කටයුතු වලට සහභාගී කරගනිමුද? (නි)
අහවලාට දුක ඇති නේද? (නි)
පොහොසත් කොටි නායකයන් හැර අනෙකුත් කොටින්ට අපි විරුද්ධයි.එම නිසා මොහු පිළිබඳවත් උපේක්ෂාවෙන් බැලිය යුතුයි. (නි)
ඇමතිකමක් දෙමුද? බෝට් රයිඩ් එකක් දෙමුද? (නි)
කිලෝ 50ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්නේ. වටිනාකම තවම දන්නේ නැතුව ඇති.වටිනාකමත් දාන්න.පෙර ගෙනපුවත් ඇති. (නි)
කොටියගෙ පුල්ලි මැකෙන්නේ නැතිලු (නි)
අපේ රටටත් හොද ක්‍රමයක් (නි)
එජාපය කාලේ ඇතිකළ යුද්ධය නැති කළෙත් මේ රජය.යුද්ධයෙන් පසු කළමනාකරණය කරන්නෙත් මේ රජය.මේකට ප්‍රතිචාර දාන කට්ටිය කියන්නෙත් පාමංකඩ අලිමංකඩ කතා. (නි)
අනේ පවු. අපි සමාවක් දෙමු (නි)
කොටි ගංජා ඇද්දට මොකද , මන්ත්‍රීවරුත් ඕක කරන එකේ? අර පහුගිය කාලේ හොඳට රඟපාපු නළුවත් ඕක ඔය ලස්සනට කරගෙන යන්නේ (නි)
අනේ මාගරී,මාගරින් පාවිචිචිය වැඩි වුණාම නිකම්ම අලි මංකඩවල් හැදෙනවා.ඇත්ත පෙනෙන්නේ නැහැ.අපිටත් දුකයි. (නි)
හා හා.... කොටියා කොටියා කියන්න එපා.කොටි මහතා කියන්න. (නි)
හිටපු කොටි නායකයන් දැන් සමහරුන්ට දර-දියත් අදී! (නි)
මේ කාලයේ හොඳ සිංහල බෞද්ධ අතීතයක් තිබීම කොටි අතීතයක් තිබුනාට වඩා භයානකයි නේද ? (නි)
ඔන්න ඉතින් ඒකටත් ඒ මිනිහට බනිනවා. හරි වැඩක්නේ. කොටියෙක් වුණහම කේරල ගංජා මිසක් දකුණේ ගංජා අදින්නයැ. දකුණේ ඒවාට කට්ටිය ඉන්න හින්දනේ මේ මිනිහා කේරළේට ගියේ. (නි)