IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


හෝටලයට පැමිණි පිරිසට පහර දුන්නැයි කළමනාකරු ඇතුළු 4ක් අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත හෝටලයකට විනෝද වීම සඳහා පැමිණි පිරිසකට අධික ලෙස ලුණු මිශ්‍ර කර ආහාර සපයා අනතුරුව පිටස්තරයන් ලවා පහරදී තුවාල සිදු කළ කළමනාකරු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම  පොලිසිය කියයි.

අත්අඩංගුවට බත් සෙසු සැකකරුවන් අතර හෝටල් සේවකයෙක්ද වන බව ‍පොලිසිය කියයි.පහර කෑ පුද්ගලයෙකු පානදුර මූලික රෝහල වෙතද ඇතුළත් කෙරිණි.

ව්‍යාපාර කටයුතුවල යෙදෙන අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි පිරිසක් බණ්ඩාරගම ප්‍රදේශයේ හිතවතෙකුගේ නිවසට පැමිණ ඔවුන් පිරිස විනෝද වීම සඳහා අදාළ හෝටලය තෝරාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.

හෝටලයේ නාන තටාකයට යාබද ස්ථානයක් ඒ සඳහා කලින්ම වෙන්කරවාගෙන තිබූූ අතර සවස් යාමේ පැමිණ තිබූ ඔවුන් රාත්‍රී අට පමණවන තෙක් එහි රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.

ඒ අතරතුරදි කළමනාකරු දන්නා අඳුනන පිරිසක් හෝටලය වෙත පැමිණ ඇති අතර ඔවුන්ටත් එම ස්ථානයම අවශ්‍ය වී ඇති  අතර කළමනාකරු ඒ හේතුවෙන්  අතුරුගිරියෙන් පැමිණි පිරිසට හෝටලයෙන් පිටව යන ලෙස දැනුම් දීී ඇත.

 

 

 



අදහස් (1)

හෝටලයට පැමිණි පිරිසට පහර දුන්නැයි කළමනාකරු ඇතුළු 4ක් අත්අඩංගුවට

බකල ජයා Wednesday, 13 November 2024 07:48 PM

කන්න දීලා ගුටිත් කවන මේවගේ හෝටල් හරිම අඩුයි. ගානත් සැර ඇති.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රටවිරු වාහන පර්මිට් 1000ක් පිල්ලි ගිහින්
2024 නොවැම්බර් මස 22 186 0

විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක


නීතීපතිවරයාගේ ස්ථාවරය පිළිබඳ වැලිසර මහෙස්ත්‍රාත් විමතිය පළ කරයි
2024 නොවැම්බර් මස 22 312 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ


චීනයේ කර්මාන්ත ශාලාවක රොබෝ කැරැල්ලක්
2024 නොවැම්බර් මස 22 1342 0

චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්‍


ලොව උසම කත සහ මිටිම කත හමු වී
2024 නොවැම්බර් මස 22 1004 0

මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.


ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ UN කොමිසමේ අසුනක් ලංකාවටත්
2024 නොවැම්බර් මස 22 227 0

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්


තායිලන්තයට රැගෙන ගිය මුතූගේ දළ කපන්න යයි
2024 නොවැම්බර් මස 22 1867 0

ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 481 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 707 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1980 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site