ලෝක පුදුම හතෙන් එකක් වූ පැරීසියේ අයිෆල් කුලුන ලෝක ප‍්‍රසිද්ධ ස්ථානයකි. ප‍්‍රංශයේ අගනුවර වු පැරීසිය මැදින් ගලා බසින ශේන් ගඟ අද්දරට මායිම්ව පිහිටි අයිෆල් කුලූන පිහිටි වපසරිය ඉතාමත්ම රමණීය ආරක්ෂිත ප‍්‍රදේශයකි.
අයිෆල් කුලූන යනු ප‍්‍රංශ ජාතිකයෝ තම හදවතසේ සලකන සිහිවටනයකි. මෙම හදවත වටා බොහෝ විට සොඳුරු දේ සිදුවෙයි.
ආදරවන්තයන් ගෙන් පිරී ඇති මෙම සුන්දර ප‍්‍රදේශය ආදරය බෙදා හදා ගනියි.ආදරය විඳියි. එම සොඳුරු දේ අතරට විටින් විට සොඳුරු නොවන දේවල්ද සිදුවෙයි. එවැනි සිදුවීමක් පසුගිය 13 වෙනි සදුදා සිදුවුයේය. අයිෆල් කුලූන පරිශ‍්‍රය ආසන්නයේ කඩ සාප්පු සමහරක් කඩා බිද දමා වාහන ගිනි තැබිණි. ස්කූර්ටර් වලට අලාභහානි සිදු කැරිණි. දුරකථන වීදුරු කුටි කුඩු පට්ටම් කැරිණි. ජර්මන් සංචාරකයෝ රැගත් බස් රථයක් මහ මග නවතා එහි දොරවල් විවෘත කොට ගමන් මලූ කොල්ල කෑ අයද වුහ. මේ ආදි ලෙස සිදුවූ කලබැගෑනියේ ආරම්භක අවධිය පාලනය කර ගැනීමට නොහැකි වුවද, පැය ගනනාවකට පසු සමනය කිරීමට පැරිස් පොලිසියට හැකි වුයේය.
මේ සදහා 500 කට ආසන්න පොලිස් හමුදාවක් කැදවා තිබුණි. තත්ත්වය සමනය වුවද එම ප‍්‍රදේශය අමු සොහොනක සිරි ගත්තේය. මෙම අනර්ථය පැරීසියේ වැඩිපිරිසක් අනුමත නොකරති. අසතුට පළ කරති. දුක්වෙති. මෙවැනි සිදුවීම් මින් පෙරද සිදුවී ඇත්තේය. එනමුදු බෙහෝ කලාතුරකිනි. ඉහත සිදුවීමෙන් 32දෙනෙක් සුළු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුහ.39 දෙනෙක් අත් අත්අඩංගුවට ගනු ලැබුහ. මෙසේ වුයේ ඇයි ?
සෑම වසරකම ප‍්‍රංශයේ පැවැත්වෙන පළමු ලීගයේ අන්තර් ක‍්‍රීඩා සමාජ අතර පාපන්දු ශුරතාවය මෙවර පැරිස් අගනුවරට අනුබද්ධිත පැරිස් සෙන්ට් ජර්මා කන්ඩායම විසින් දිනා ගැනිණී. ඉහත පාපන්දු ක‍්‍රීඩා සමාජය ප‍්‍රංශයේ පමණක් නොව යුරෝපයේම සුප‍්‍රසිද්ධ කණ්ඩායමකි. මෙම ශුරතාවය මෙවර ඔවුන් දිනාගනු ලැබුවේ අවුරුදු 19 කට පසුවය. ඒ අනුව ඔවුන් 2013 ප‍්‍රංශයේ පාපන්දු ශූරයෝය.
මෙම කණ්ඩායමට මුදල් ආයෝජනය කර ඇත්තේ කටාර් රජ පවුලට අයත් නසෙර් අල් කලිෆි කුමාරයාය. එංගලන්තයේ ඬේවිඞ් බෙකෙම්, ස්වීඩනයේ ස්ලාටාන් ඉබ්‍රිහිමොවික්, ප‍්‍රංශයේ ජෙරමි මෙනේස්, ආර්ජන්ටිනාවේපැස්ටොරේ පෘතුගාලයේටියාගෝ සිල්වා යන සුප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයෝ මෙම කණ්ඩායමට ක‍්‍රීඩා කරති. ඔවුන්ගේ ශූරතාවය භුක්ති විඳීමේ සුන්දර සැණකෙළිය අයිෆල් කුලූන අසලදී පසුගිය සදුදා සිදුවුයේය. පැරීසියේ නගරාධිපති ඇතුළු සම්භාවනීය පිරිසක් සමග විසි දහකට ආසන්න ක‍්‍රීඩා සමාජයට ළැදි ක‍්‍රීඩා ලෝලීහු එක්රොක් වී ගී ගයමින් ,නටමින් ප‍්‍රිතිඝෝෂා කරමින් විනෝද වුවෝය.
එම සැණකෙළිය අතර තුර සංවිධානත්මක සියයක පමණ සුළු පිරිසක් විසින් කැරුණු ඉහත කලබැගෑනිය හේතු කොට උත්සවය අවලංගු විය.
ඒ සමගම උත්සව පැවැත්වීම එදින තහනම් කළ බව පැරීස් පොලිස්පති දැනුම් දුන්නේ. ඉහත සිද්ධියට සම්බන්ධ පිරිස් අලාභහානි සිදු කරන්නන් ලෙස පොලිස් පොත් වල සදහන් කොට ඇත්තේය. වයස අවුරුදු 17ත් 25ත් අතර තරුණයන් මෙම කණ්ඩායමට අයත්වේ. ඔවැනි උත්සව හෝ පෙළපාළි, උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථාන වලට සාමාන්‍ය ලෙස පැමිණ සංවිධානගතවී මෙවැනි හානි සිදු කිරීම ඔවුන්ගේ විනෝදාංශයක් බවට පත්ව ඇත්තේය.
ඔවුන් දැඩි අන්තවාදීන් ලෙසද හදුන්වනු ලැබෙති.
යුරෝපයේ උලීගන්ස්ලා ලෙස මෙම කණ්ඩායම් නම් කර ඇත්තේය.ඇඩොල්ෆ් හිට්ලර් ක‍්‍රමයට ‘සැලියුට්‘ ගසන අන්තවාදි සටන් පාඨ ගයන මොවුන් සෑම අවස්ථාවකම කලහකාරී ලෙස හැසිරෙන කණ්ඩායම් ලෙස නම් දරා ඇත්තේය.
මෙම අන්තවාදීන් ආගම, ජාතිය, වර්ණය, හා දේශපාලන පක්ෂ ලෙස බෙදා වෙන් කළ හැක්කේය. ඔවුන්ගේ එකම අරමුණ සාමාන්‍ය වැසියාගේ අයිතිවාසිකම් හෝ නිදහස විනාශ කිරීමය. ඉහත සිදුවීම එයට ආසන්නම සාක්කියක් එවැනි සාක්කි මුළුලොව සතර දිශාවෙන්ම දැක ගත හැකිය පැරීසියේ ජීවත් වන විදේශ හා දේශීය සෑම ජන කොට්ඨාසයකම මෙම පිරිස් සුළුවෙන් හෝ නියෝජනය කරති. ඉහත සිදුවීමට දැනට අත් අඩංගුවේ සිටින සමහ දෙනා ප‍්‍රංශයේ අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් වලට සම්බන්ධ පිරිස් බව හදුනා ගෙන ඇත්තේය.
මෙම සිදුවීමේ අතුරු ඵල ප‍්‍රංශ දේශපාලන කරලියටද ඇතුල් වුයේය. ඇතිවු සිද්ධියේ වගකීම භාරගෙන අභ්‍යන්තර ආරක්ෂක ඇමැති ඉල්ලා අස්විය යුතු බව පවසමින් විපක්ෂයේ හිටපු එම ඇමැති ප‍්‍රකාශයක්ද නිකුත් කළේය. ප‍්‍රංශ පාර්ලිමේන්තුව තුළද මෙම සිදුවීම ප‍්‍රධාන කොට වාද විවාද ඇති වුයේය. එසේ වුවද එම විවාද බොහෝ විට දේශපාලන වාසි තකා කරන දේශපාලන සංදර්ශනයෝය. සිදුවීම ගැන ස්වාධීන පරීක්ෂණයන් සදහා පාර්ලිමේන්තු කොමිසමක්ද මේ වන විට පත්කර ඇත්තේය. කටාර් සල්ලි පැරීසිය ගඳ ගැස්සූ බවටද විවේචන ප‍්‍රංශ මාධ්‍ය හරහා මේ මොහොතේ සිදුවෙමින් පවතී. එනමුදු පක්ෂ විපක්ෂ සියල්ලෝ මෙම සිදුවීම දැඩි ලෙස හෙළාදකිති. කණගාටුවෙති. නමුත් අභිමාණවත් අයිෆල් කුලූන මේ සියලූ දේ දෙස නොසැළි තවමත් බලා සිටින්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ පොලිසිය එහෙ රාජකාරි නොකරන එකේ අඩුපාඩුව. (නි)
ගහල පන්නන්නයි තියෙන්නේ (නි)
මෙවැනි අය සෑම රටකම, සමාජයකම ඉන්නවා.(ස)
පිස්සෝ තමා.(ස)
හීන මානයෙන් පෙලෙන අය හැමරටකම ඉන්නවනේ. (ස)
ටිකිරි මහත්මයෝ, ලෝකයේ හැම දියුණු රටකම යුරෝපයේ වගේම ඇමෙරිකාවෙත් බොහෝ දිළින්දෝ ඉන්නවා . මගේ ඇසින් දුටු දේවල් . සමහර විට ලංකාව තව හොඳයි (නි)
ඇහෙන කොටත් බය හිතෙනවා
අපේ මාලුපාන් බලකාය වගේ වෙන්න ඇති (නි)
මොකද්ද ගෙර්ගුව
මොනවා
අනේ සේරම් මහත්තයා, ඔය රටවලත් දිළින්දෝ ඉන්නවද ? ලංකාවේ ජනමාධ්‍ය වල සමහරු කරන කතා අහනකොට මම හිතාගන හිටියේ දුප්පතුන් ඉන්නේ ලංකාවේ විතරයි , රජයෙන් සහනාධාර ලැබිය යුත්තන් ඉන්නේ ලංකාවේ විතරයි , බඩුමිල වැඩිම රට ලංකාව තමයි , මංකොල්ලකාරයෝ ඉන්නේ ලංකාවේ විතරයි කියලා. බලනකොට පම්පෝරි ගහන යුරෝපීය රටවලත් එහෙම තමයි නේද? (නි)
ඒ අයව වහාම තමිල්නාඩුවට යැවුවා නම් හරි (නි)
මම නම් බයයි
මෙහෙම කණ්ඩායමක් ඉතාලියෙත් ඉන්නවා. තාප්ප සහ ප්‍රසිද්ධ ස්ථාන වල ස්ප්‍රේ වලින් ඔවුන්ගෙ ලකුන ඇඳීම ඉතාලි පොලිසියටත් විශාල ගෑටලුවක්. ඔවුන්ගේ අරමුන ප්‍රසිද්ධ ස්ථාන වලට හානි පැමිනවීමයි (නි)
ලස්සන පරිසරය අවලස්සන කරන පිස්සෝ. (නි)
මොන බොරුද
යුරෝපයේ උලීගන්ස්ලා වගේ ලංකාවෙත් උසිගන්සලා ඕනෑ තරම් ඉන්නේ. ඉටිපන්දම් උසිගන්සලා, ලයිට් බිල් උසිගන්සලා, එන්.ජි.ඕ. උසිගන්සලා... ඔය ඉන්නේ ඕනේ තරම් (නි)
අල්ලන්න ලංකාවෙන් කට්ටිය එවන්නම්
හැසිරෙන්න නොදන්නා විදේශ ජාතිකයින් වහාම රටින් පිටුවහල් කළ යුතුයි (නි)
පැරිස් වල අවුරුදු 30 කට අධික කාලයක් ජීවත් වන මම මෙය ගැන පැහැදිලි කරදීමක් කළ යුතුය. මේ වගේ සිද්ධි වලට හවුල් වන්නේ දිළිඳු ඇෆ්රිකානු තරුණයන්. විශේෂයෙන් මුස්ලිම් සහ දිලිඳු පන්තියේ පැරිස් නගරෙන් පිට ජීවත් වන කොටසක්. ඔවුන් වෙලාවකම බලන්නේ සාප්පු කඩා හොරකම් කිරීමටත් , අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනිමටත්, පොලිස් නිලදාරින්ට ප්‍රහාර එල්ල කිරීමටත්ය. ඔවුන් අඩු අදායම් පවුල් වලින් එන කොටසක්. මේ වගේ අය යුරෝපයේ ගොඩක් රටවල ඉන්නවා. (නි)
මෙයාලට කියන්නේ "නියෝ නාසි", ඇමරිකාවේ ඉන්නවා "ක්ලු කලාවූ ක්ලාන්". මේවාට මම දන්නා ලංකාවේ කොල්ලෙකුත් සම්බන්ධ වෙලා හිටියා. (නි)
මෙවැනි අය සෑම රටකම, සමාජයකම ඉන්නවා. ඉතා කුඩා කණ්ඩායම් ලෙස සුළු වැරදි කරමින් පවතින සමාජ ක්‍රමයට සිය අකමැත්ත පලකරනවා. නමුත් ඔවුන්ගේ දෙතුන් සියයේ කණ්ඩායම් සංවිධානය කර රටේ බරපතල ගැටුම් ඇතිකරන්නේ පවතින ආණ්ඩුව විසින් හොරරහසේ. (නි)
එයාලගේ රටවල් වලට පිටුවහල් කරන්න මේ පුද්ගලයින්ව (නි)
කවුරු බලේ හිටියත් මැච් එකක් තිබුනොත් ඉන්ග්ලන්ඩ් සහ ජර්මන් අය පැරදුනත් නැතත් හැහදාම ඔය වගේ බස් හෝල්ට් ගිනිතියනවා, කඩ කඩනවා.නියම පිස්සෝ තමා.පරාජය දරා ගන්නේ බැහැ (නි)
අනුන්ගේ සතුට නොඉවසන හීන මානයෙන් පෙලෙන අය හැමරටකම ඉන්නවනේ. (නි)