මුහුදු යන ධීවරයින්ට මින් ඉදිරියට දැඩි නීති හා රෙගුලාසි පැනැවීමට ශී‍්‍රලංකා රජය අපේක්ෂා කරයි.
මෙම නීති පැනැවීමට මං පෑදී ඇත්තේ පසුගියදා ඇතිවූ කුණාටුවට හසුවී ජීවිත අහිමි වූ ධීවරයින් පිරිස නිසාය.ධීවරයෝ 50 කට ආසන්න පිරිසක් කුණාටුවට හසුවීම නිසා දිවියෙන් සමුගත්හ.
ඔවුන් ජීවිතාරක්ෂක කබා පැළැද සිටියේ නම් දිවි බේරා ගැනීමට හැකිව තිබූ බව ආපදා කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඉදිරියේදී ජීවිතාරක්ෂක කබා මෙන්ම ප‍්‍රමිතියෙන් උසස් පණිවිඩ හුවමාරු යන්ත‍්‍ර තිබීමද මුහුදු යෑමේදී අනිවාර්යය කරන බව ඇමතිවරයා කියයි.
නිසි පරිදි ධීවරයින් දැනුම්වත් නොකළේ යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවටද චෝදනා එල්ල විය.ඒ චෝදනා බැහැර කරන කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක රන්ජිත් ජයසේකර පවසන්නේ තම දෙපාර්තමෙන්තුව කල්වේලා ඇතිව අනතුරු ඇගවීම නිකුත් කළත් මාධ්‍යය ඔස්සේ එය නිසි පරිදි ප‍්‍රචාරය වී නොමැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මුළු ලංකාවම ආවරණය වන ආකාරයට ගුවන් විදුලි සේවාවක් ආරම්භ කර ධීවරයන් සඳහා පැයෙන් පැයට කාලගුණ අනාවැකි නිකුත් කරන්න. (ත)
එතකොට රාජකාරි පැහැර හැරපු නිලධාරීන් හරි. අසරණ වුන ධීවරයෝ වැරදියි. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. උඩ ඉන්න දෙයියෝවත් අසරණ අපි දිහා බලන්නෙ නැද්ද? (නි)
වෙලාවේ හැටියට බේරිලා ශේප් වෙන්න මොනවා හරි කියන්න පුළුවන් කාට කාටත් නේද? (අ)
මංජු , ඔයා කියන විදියට පොඩි මිනිස්සු ගැන හිතුවම ආයෙත් ඔයා දේම වෙයිද දන්නෙ නැහැ නේද? (නි)
යන්න එපා කිව්වත් යන ධීවරයෝ ඉන්නේ. මේ අයම තමා යන්න එපා කිව්වත් ධිවර යාත්‍රා වලින් ඉතාලි යන්නේ ඕස්ට්‍රේරලියා යන්නේ. ගිහින් මග මැරුන ගණන කීයක්ද ?අනාත වෙලා ආපසු ආපු අය කීයක්ද ? වගකීම රජය පාලනය කරන අයම විතරක් නෙමේ. පාලනය වෙන අපිත් අපේ වගකීම ඉටු කරන්න ඕනෑ. අනික් අයට ඇඟිල්ල දික් නොකර පළමුව අපි අපේ වැරදී හද ගන්න ඕනෑ. (නි)
තමන්ගේ රාජකාරිය හරියට ඉටු නොකිරිමම තමයි මේ විනාසයන්ට මුල,තමන්ගේ වගකීම සොයාබැලුවනම් වටිනවා කරදරයක් උනාට පස්සේ කියව ගන්නාවාට වඩා(අ)
කරපු වැරදි පිලිගන්නැති,වරදට දඩුවමකුත් නැති,ඉල්ලා අස්වෙන්නෙත් නැති,පුදුම ලස්සන රටක්,ලෝකේ වෙන කොහෙවත් නැති.(අ),
මේක පුදුම ලස්සන රටක් , ලෝකේ වෙන කොහෙවත් නැති. (නි)
එකෙනුත් මිනිස්සුන්ගෙන් කීයක් හරි එකතු කර ගන්න නේද හදන්නේ(අ)
වාරකන් කාලෙට මුහුදු යන ධීවර සොහොයුරෝ අඩුම තරමින් තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන මීට වඩා හිතන්න ඕනෑ. මියගිය පිරිස ජීවිතාරක්ෂක කබා පැළඳ ගෙනවත් නැහැ කියලා වාර්තා වෙලා තිබුනා. (නි)
අතීසාරයට අඹුඩ ගහන්න එපා. වැරදි කළවුන් ඉවත්වන්න. (ත)
මියගිය අහිංසකන්ට කිසි පිළිසරණක් නැද්ද? (නි)
මේක පළාත් සභාවේ ප්‍රශ්නයක්. ඇමති තුමාට අදාළ නැත.(නදී)
ලොකු බෝට්ටු වල යන ධීවරයෝ පමනයි පණිවිඩ හුවමාරු කරන යන්ත්‍ර අරගෙන යන්නේ. පොඩි බෝට්ටු වල යන ධීවරයින් ඔය කියන යන්ත්‍ර අරගෙන යන්නෙ නැහැ.දැන් ඉතින් මහත්තයෝ සේරම බර අහිංසක මිනිස්සුන්ටම පටවන්න එපා. (නි)
මේ දවස් වල මුහුදු යන්න හිතන්නවත් එපා (දී)
ලංකාවේ සිටින සියලුඋම ධීවරයින්ගේ සංගණනයක් රැගෙන ,පළාතේ ධීවර සමිති මගින් ,ජීවිතාරක්ෂක කබා ,පණිවිඩ හුවමාරු යන්ත්‍ර ,නොමිලයේ හෝ සහනදායි ක්‍රමයකට වහාම ලබා දියයුතු වේ.2010 සිට 27 වතාවක් විදේශ ගතවුණා,කියන ධීවර ඇමති තුමා, විදේශ ආධාර යටතේ මීටවඩා පහසුකම් සලසා දිය හැකි දක්ෂයෙකි! (අ)
ප්‍රමාද වී හෝ ගත් හොඳ ආරම්භයක් (නි)
මම නම් ඒ කතාව අනුමත කරනවා (දී)
මෙපමණ කාලයක් ධීවර කර්මාන්තය කළේ ජිවිත ආරක්ෂක කබා දාගෙනද? (නි)
කියන්න වදන් නොමැත. නමුත් යමෙක් යමක් කිවුවා කියලා හිතාගන්න (නි)