ඇමෙරිකන් ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් මිත්‍ර පාර්ශ්වීය රටවලට පමණක් නොව, ප්‍රතිවාදී රටවලට ද තීරු බදු පැනවීමක් කළේ පසුගිය අප්‍රේල් දෙවැනිදාය. තීරු බදු පැනවීම් කළ මිත්‍ර පාර්ශ්වීය රටවල් අතරට යුරෝපා රටවල්, ඉන්දියාව, ජපානය සහ චීනය සිටී.
කෙසේ නමුත්, රුසියාවට, කියුබාවට, උතුරු කොරියාවට සහ බෙලරූස් රාජ්‍යයට නව තීරු බදු පැනවීමක් සිදු නොවිණි. මේ වනවිටත් මෙම රටවල්වලට අධික සම්බාධක පනා ඇමෙරිකාව විසින් පනවනු ලැබ ඇත.
කෙසේ නමුත් තීරුබදු පැනවීමක් නොකළේ ඇයිදැයි, මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන්, ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය කැරොලයින් ලෙවිට්ගෙන් විමසා සිටි අවස්ථාවේදී, ඇය කියා සිටියේ, රුසියාවට තීරු බදු පැනවීමක් සිදු නොවුණේ ඇමෙරිකාව සහ රුසියාව අතරේ ඵලදායී වෙළෙඳ ගනුදෙනුවක් සිදු නොවන නිසා බවය.
මාධ්‍ය ලේකම්වරිය එසේ පැවැසුවත්, පසුගිය 2024 දී, ඇමෙරිකාව සහ රුසියාව අතරේ ඇමෙරිකන් ඩොලර් බිලියන 3.5 ක් වටිනා වෙළෙඳ ගනුදෙනු සිදුවුණු බව ඇමෙරිකන් වෙළෙඳ සංගම් කියයි.
ඊට අමතරව, ඇමෙරිකාව සමඟ සැබැවින්ම කිසිදු වෙළෙඳ ගනුදෙනුවක් සිදු නොකරන රටවලට ට්‍රම්ප් තිරු බදු පැනවීමක් සිදු කර ඇත. ඒ අතරේ මනුෂ්‍ය වාසයක් නැති, පෙන්ග්වීන්ලා පමණක් ජීවත් වන කුඩා දූපත් සමූහයක් ද ඇත.
මෙම දූපත සමූහය මැක්ඩොනල්ඩ් දූපත්ය. මේවා යහමල් දූපත් වන අතර පිහිටා ඇත්තේ ඇන්ටාක්ටිකාවේය. දූපත් පිරී ඇත්තේ ග්ලැසියර සහ පෙන්ග්වීන්ලාගෙන් පමණි. ඉතා හුදෙකලාව පිහිටා ඇති මෙම දූපත්වලට යෑමට නම්, එය කළ යුත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට බෝට්ටුවකිනි. දූපත් සමූහයට ළඟා වීමට ගතවන කාලය සති දෙකකි.
පෙන්ග්වීන්ලා පමණක් සිටියත් ට්‍රම්ප් පරිපාලනය මෙම මැක්ඩොනල්ඩ් දූපත් සමූහයට සියයට 10 ක තීරු බදු පැනවීමක් කර ඇත.
ඊට අමතරව, ට්‍රම්ප් ලෙසතෝ රාජ්‍යයට ද සියයට 50 ක තීරු බදු පැනවීමක් කර ඇත. ලෙසතෝ යනු අප්‍රිකාවේ පිහිටි කුඩා රාජ්‍යයකි. මීට පෙර අවස්ථාවක ට්‍රම්ප් පවසා තිබුණේ ලෙසතෝ යන නමින් රටක් තිබෙනවාදැයි කියා හෝ තමන් නොදන්නා බවය.
(සී.එන්.එන්.)
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හිතුමතේ පැනවූ තීරු බදු
පැටියා Sunday, 06 April 2025 07:56 PM
ෂුවර් එකටම අපේ අනිල් සීයාගෙන් ඇඩ්වයිස් ගන්න ඇති…!
Edward Monday, 07 April 2025 05:19 AM
බූරුවො සීයා කියන්නෙ දරුවන්ගෙ දරුවො සිටින වයසක කෙනෙකුට පමණයි ඉතින් උඹත් කවදාහෝ විවාහාක් වෙලා බැරිවෙලාවත් දරුවෙක් ලැබුනොත් උඹටත් සීයාකෙනෙක් වෙන්න පුලුවන් වේවි මට කියන්න තියෙන්නෙ නාකිත් තරිකිට තෙයි තොපිටත් ඔයටික වෙයි කියලා තමයි
රුවන් Monday, 07 April 2025 06:28 AM
වියට්නාමය ඇමෙරිකාවේ තීරුබදු 0% කරලා, කාම්බෝජය 5% ලංකාව 2% හෝ 0% කරයි ලු. එතකොට අපේ පොඩි අයට අයිෆෝන් ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 3ට අඩුවට
ගුණරත්න Monday, 07 April 2025 05:05 PM
ලංකාවේත් ආනයන තහනම් දාගෙන තීරුබදු හිතෙන හැටියට දාගෙන... ඇමෙරිකාව එහෙම කළාම බණින්න කිසිම අයිතියක් නැහැ.
de silva Monday, 07 April 2025 08:38 PM
ලංකාවේ තීරුබදු හරියට විශ්ලේෂණය කලොත් ට්‍රම්ටත් කලන්තේ හැදෙනවා , අනුන්ගේ තීරුබදු ගැන කතා කරන්න ඉස්සරවෙලා අපේ ඒවා අඩු කරගන්න ඕනේ , අද ඇමරිකන් පුරවැසියෝ පාරට බැහැල තීරු බදු අඩු කරන්න කියල , අපිටත් එලියට බහින්න කලේ ඇවිත් සහල් වලට තිබෙන 50% බදු ගහන එක අනුමත කරන්න බැහැ , මම ප්‍රකාශ කල අදහස දේශපාලන කෝණ වලින් බලන්නේ නැතුව හිතට එකඟව කල්පනා කරලා බලන්න .