අනුරාධපුර රෝහලේ හෙද නේවාසිකාගාරයේ විදුලි බිල එහි නේවාසික හෙදියන් 89 දෙනා අතර සමසේ බෙදා අය කරන බව රෝහල් අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරුණාරත්න මහත්මිය කියන්නීය. ඒ අනුව මේ මාසයේ රුපියල් 800ක් කපා ගෙන ඇතැයි ද විදුලි බිල පාවිච්චි කිරීම අඩු වැඩි වන ආකාරයට එම ගණන ද අඩු වැඩි වෙතියි ද අධ්‍යක්ෂවරිය පවසන්නීය. මෙම මාසයේ බිල රුපියල් 800ක් වී යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ අටසියයක් පමණ හෙදියෝ අද වැඩ වැරූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යක්ෂක නෝනගේ මරු හැඳි මිටේ නුවන !
අපි සාමාන්‍ය මිනිසුන් වශයෙන් ඕනෑම දෙයක් තමාට ලැබෙනවට සතුටට පත්වෙනවා වගේම අපෙන් වැය වෙන එකටත් කලබල වෙන්න හොඳ නැහැ. ඔය හෙද නිලදාරීන්ගෙන් සාමාන්‍ය පොඩි මුදලක් විදුලිය වෙනුවෙන් අය කරන්නේ, ඒ අය පැය 24 ම පාවිච්චි කරන විදුලියට (වායු සමීකරණ, ශීතකරණ, ගීසර්, විදුලි පංකා) මිසක් වෙන කාරියක් සඳහා නොවේ. ඒ අය කරන්නේද රජයේ චක්‍රලේඛ වලට අනුව මිස හිතුමතේට නොවේ. රජයේ මුදල් නාස්ති කිරීම රජයේ සේවකයෙකුට තරම් නොවන දෙයක් නිසා, ඒ වෙනුවෙන් වැඩ වර්ජනය කිරීමට යාම නින්දාවකි. අහිංසක රෝගීන් මෙන්ම ගරු රජය අපහසුවට පත් කිරීමකි. එයට දඬුවම් ලබාදීම අදාල පලකාදීනගේ වගකීමකි. මහජනයා වන අපි රජයේ නීති වලට, පාලකයන්ට අවනත විය යුතු බව මගේ අදහසයි. තෙරුවන් සරණයි.
@මිඩ් වයිෆ් : මොකක්ද අධ්‍යක්ෂකතුමියගේ ක්‍රමයේ වැරැද්ද ?
@මිඩ් වයිෆ් : මොකක්ද අධ්‍යක්ෂකතුමියගේ ක්‍රමයේ වැරැද්ද ?
නියම සිස්ටම් එක ,
රුපියල් 800 වෙනුවෙන් හෙදියන් 800ක් වර්ජනය කලා වෙනුවට රුපියල රුපියල එකතු කලානම් බිල ගෙවල දාන්ඩ තිබුන. මේක නිකන් දවස නාස්ති කරන්ඩ කළ වැඩක්. පඩියෙන් කපන්ඩ ඕනි වර්ජනය කරන වැඩ දවසේ පඩිය.
හෙළයට ගාණ පොඩ්ඩක් වැරදිලා වගේ
විදුලිය තමන් පරි බෝජනය කරා නම් , තමාම බිල ගෙව්වම මොකද වෙන්නේ .
ඇයි ඕක රජයෙන් ගෙවන්නේ නැත්තේ? ඕවා හෙදියන් ගෙවන්න අවශ්‍ය නෑ.සටන් කරන්න දිගටම
ආචාර්යතුමා සමග මම අදනම් එකග වෙමි.එසේම හෙළයාගේ කටේද මසුරන් දැමිය යුතුයි
වර්ජනය කරනවට වැඩිය විදුලිය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්නේ කොහොමද කියලා සාකච්ඡා මාර්ගයෙන් දැනුවත් කළා නම් නේද හොද
ආචාර්ය සුජිත් කඩේ යන්නේ ඇඳුම් ඇදගෙනද දන්නේ නැහැ..
ආචාර්ය වුනත් නොදන්නා දේට කටදාන්න ගියාම ගොන් කතා කියවෙනවා. ලංකාවේ රජයේ රෝහල් වල වායුසමීකරණ, ෆීසර් තියෙන හෙද නේවාසිකාගාර කොහෙද තියෙන්නේ ? මේ මිනිස්සු ගෙවල් තිබියදී හෙද නේවාසිකාගාරේ නවතින්නේ විනෝදයට නොව සේවා අවශ්‍යතාව නිසයි. ඊට අවම පහසුකම් සැපයීම දෙපාර්තමේන්තුවේ වගකීමකි. නිල නිවාසවල පදිංචි වෛද්‍යවරුන්ට පවා ඉන්ධන දීමනා ගෙවන දෙපාර්තමේන්තුව මෙවැනි හිඟන වැඩ කිරීම ලැජ්ජාවකි. විදුලිය පිරිමහන්න ඕනෑම නම් රෝහලේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, ගණකාධිකාරී ආදීන්ගේ කාර්යාල වල හිම මිදෙන තරමට දමා ඇති ඒ.සී. නිවා දමන්න කියන්න. අපේ රටේ බහුතරයකට සෞඛ්‍ය සේවයේ සිටින්නන්ගේ පඩිපත ගැන පවතින තේරුම්ගත් නොහැකි ඉරිසියාවද මේ ප්‍රතිචාර වලින් පෙනේ. ඔවුන් හිතන හැටියට ඔවුන්ගේ සියලු විනෝදය අහිමිවී ඇත්තේ සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් නිසයි...
ඉන්ද්‍රජිත්, ඔබ හරියටම හරි
පුද්ගලික රෝහල් වල නම් ඔය සේරම කපාගෙන තමයි වැටුප තීරණය කරන්නේ.අකමැතිනම් ගෙදර ඉන්න පුලුවන්
ඉන්ද්‍රජිත්ගේ අදහස අනුමත කල යුතු වේ. දෙපාර්තමේන්තුවල ලොක්කන්ගේ මාසික පඩියට අමතරව ලබා ගන්නා දීමනාවන් කොතෙක්ද යන්න දන්නේ ඔවුන්මය. වෛද්‍යවරු කී පාරක් වැඩ වර්ජනය කළාද?