IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හෙද විදුලි බිල කපන හැටි වෛද්‍ය අධිකාරි කියයි

අනුරාධපුර රෝහලේ හෙද නේවාසිකාගාරයේ විදුලි බිල එහි නේවාසික හෙදියන් 89 දෙනා අතර සමසේ බෙදා අය කරන බව රෝහල් අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරුණාරත්න මහත්මිය කියන්නීය. ඒ අනුව මේ මාසයේ රුපියල් 800ක් කපා ගෙන ඇතැයි ද විදුලි බිල පාවිච්චි කිරීම අඩු වැඩි වන ආකාරයට එම ගණන ද අඩු වැඩි වෙතියි ද අධ්‍යක්ෂවරිය පවසන්නීය. මෙම මාසයේ බිල රුපියල් 800ක් වී යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සේවා සංගමයේ අටසියයක් පමණ හෙදියෝ අද වැඩ වැරූහ.



අදහස් (0)

හෙද විදුලි බිල කපන හැටි වෛද්‍ය අධිකාරි කියයි

රාළ Monday, 16 July 2012 05:09 PM

ආචාර්ය සුජිත් කඩේ යන්නේ ඇඳුම් ඇදගෙනද දන්නේ නැහැ..

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 16 July 2012 06:26 PM

ආචාර්ය වුනත් නොදන්නා දේට කටදාන්න ගියාම ගොන් කතා කියවෙනවා. ලංකාවේ රජයේ රෝහල් වල වායුසමීකරණ, ෆීසර් තියෙන හෙද නේවාසිකාගාර කොහෙද තියෙන්නේ ? මේ මිනිස්සු ගෙවල් තිබියදී හෙද නේවාසිකාගාරේ නවතින්නේ විනෝදයට නොව සේවා අවශ්‍යතාව නිසයි. ඊට අවම පහසුකම් සැපයීම දෙපාර්තමේන්තුවේ වගකීමකි. නිල නිවාසවල පදිංචි වෛද්‍යවරුන්ට පවා ඉන්ධන දීමනා ගෙවන දෙපාර්තමේන්තුව මෙවැනි හිඟන වැඩ කිරීම ලැජ්ජාවකි. විදුලිය පිරිමහන්න ඕනෑම නම් රෝහලේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, ගණකාධිකාරී ආදීන්ගේ කාර්යාල වල හිම මිදෙන තරමට දමා ඇති ඒ.සී. නිවා දමන්න කියන්න. අපේ රටේ බහුතරයකට සෞඛ්‍ය සේවයේ සිටින්නන්ගේ පඩිපත ගැන පවතින තේරුම්ගත් නොහැකි ඉරිසියාවද මේ ප්‍රතිචාර වලින් පෙනේ. ඔවුන් හිතන හැටියට ඔවුන්ගේ සියලු විනෝදය අහිමිවී ඇත්තේ සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් නිසයි...

:       0       0

මිඩ් වයිෆ් Monday, 16 July 2012 02:17 PM

අධ්‍යක්ෂක නෝනගේ මරු හැඳි මිටේ නුවන !

:       0       0

පිලිපීනෝ Tuesday, 17 July 2012 09:29 AM

පුද්ගලික රෝහල් වල නම් ඔය සේරම කපාගෙන තමයි වැටුප තීරණය කරන්නේ.අකමැතිනම් ගෙදර ඉන්න පුලුවන්

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 16 July 2012 02:29 PM

අපි සාමාන්‍ය මිනිසුන් වශයෙන් ඕනෑම දෙයක් තමාට ලැබෙනවට සතුටට පත්වෙනවා වගේම අපෙන් වැය වෙන එකටත් කලබල වෙන්න හොඳ නැහැ. ඔය හෙද නිලදාරීන්ගෙන් සාමාන්‍ය පොඩි මුදලක් විදුලිය වෙනුවෙන් අය කරන්නේ, ඒ අය පැය 24 ම පාවිච්චි කරන විදුලියට (වායු සමීකරණ, ශීතකරණ, ගීසර්, විදුලි පංකා) මිසක් වෙන කාරියක් සඳහා නොවේ. ඒ අය කරන්නේද රජයේ චක්‍රලේඛ වලට අනුව මිස හිතුමතේට නොවේ. රජයේ මුදල් නාස්ති කිරීම රජයේ සේවකයෙකුට තරම් නොවන දෙයක් නිසා, ඒ වෙනුවෙන් වැඩ වර්ජනය කිරීමට යාම නින්දාවකි. අහිංසක රෝගීන් මෙන්ම ගරු රජය අපහසුවට පත් කිරීමකි. එයට දඬුවම් ලබාදීම අදාල පලකාදීනගේ වගකීමකි. මහජනයා වන අපි රජයේ නීති වලට, පාලකයන්ට අවනත විය යුතු බව මගේ අදහසයි. තෙරුවන් සරණයි.

:       0       0

sltk2004 Monday, 16 July 2012 02:34 PM

@මිඩ් වයිෆ් : මොකක්ද අධ්‍යක්ෂකතුමියගේ ක්‍රමයේ වැරැද්ද ?

:       0       0

sltk2004 Monday, 16 July 2012 03:12 PM

@මිඩ් වයිෆ් : මොකක්ද අධ්‍යක්ෂකතුමියගේ ක්‍රමයේ වැරැද්ද ?

:       0       0

කිරා Monday, 16 July 2012 03:59 PM

නියම සිස්ටම් එක ,

:       0       0

හෙළයා Monday, 16 July 2012 04:10 PM

රුපියල් 800 වෙනුවෙන් හෙදියන් 800ක් වර්ජනය කලා වෙනුවට රුපියල රුපියල එකතු කලානම් බිල ගෙවල දාන්ඩ තිබුන. මේක නිකන් දවස නාස්ති කරන්ඩ කළ වැඩක්. පඩියෙන් කපන්ඩ ඕනි වර්ජනය කරන වැඩ දවසේ පඩිය.

:       0       0

මාමා Monday, 16 July 2012 03:43 PM

හෙළයට ගාණ පොඩ්ඩක් වැරදිලා වගේ

:       0       0

සෝමදාස Monday, 16 July 2012 09:54 PM

ඉන්ද්‍රජිත්, ඔබ හරියටම හරි

:       0       0

සජී Monday, 16 July 2012 04:24 PM

විදුලිය තමන් පරි බෝජනය කරා නම් , තමාම බිල ගෙව්වම මොකද වෙන්නේ .

:       0       0

සමන් Monday, 16 July 2012 03:57 PM

ඇයි ඕක රජයෙන් ගෙවන්නේ නැත්තේ? ඕවා හෙදියන් ගෙවන්න අවශ්‍ය නෑ.සටන් කරන්න දිගටම

:       0       0

සෑම් Tuesday, 17 July 2012 01:50 PM

ඉන්ද්‍රජිත්ගේ අදහස අනුමත කල යුතු වේ. දෙපාර්තමේන්තුවල ලොක්කන්ගේ මාසික පඩියට අමතරව ලබා ගන්නා දීමනාවන් කොතෙක්ද යන්න දන්නේ ඔවුන්මය. වෛද්‍යවරු කී පාරක් වැඩ වර්ජනය කළාද?

:       0       0

කිරිමාටින් Monday, 16 July 2012 05:26 PM

ආචාර්යතුමා සමග මම අදනම් එකග වෙමි.එසේම හෙළයාගේ කටේද මසුරන් දැමිය යුතුයි

:       0       0

හනුමා Monday, 16 July 2012 04:49 PM

වර්ජනය කරනවට වැඩිය විදුලිය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්නේ කොහොමද කියලා සාකච්ඡා මාර්ගයෙන් දැනුවත් කළා නම් නේද හොද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1716 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 795 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1020 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 616 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site