IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


හුදකලා කළ වසම් 2ක උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත්වී නවතයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හුදකලා කර තිබෙන අටුලුගම ගම්මානයට අයත්, එපිටමුල්ල සහ බමුණුමුල්ල  ග්‍රාම සේවාවසම්වල පදිංචි පවුල්  200ක පමණ පුද්ගලයන් පිරිසක් එක්ව  අද (19)  සංවිධානය කිරීමට ගිය  උද්ඝෝෂණයක් පොලිසියේ මැදිහත්වීම මත ඔවුන් විසින්ම නවතා දැමූ බව බණ්ඩාරගම පොලීසිය කියයි.

මෙම උද්ඝෝෂණය පැවැත්වීමට කටයුතු සූදානම් වන බවට බණ්ඩාරගම පොලිසියට  දැන ගැනීමට ලැබීමත් සමඟම  අමතර පොලිස් නිලධාරීන් අලොතියාව පොලිස් මුරපොළ වෙත කැඳවා තිබිණි.

උද්ඝෝෂණයට සැරසුණු එම පිරිස සිංහල පවුල්වල වැසියෝ වෙති.

එම ස්ථානයට පැමිණි පවුල්වල නියෝජිතයෝ දෙදෙනෙක් ඔවුන් පත්ව සිටින  ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැවසූහ. තමන්ට රුපියක් 5000ක් වටිනා බඩුමල්ලක්  රජය මගින් ලබා දුන්නද එහි ඇතුලත්ව ඇත්තේ රුපියල් 4000ක පමණ භාණ්ඩ බවත්, එය සති දෙකකටවත් ප්‍රමාණවත් නොවන බවත් පවසා තමන්ට සාධාරණයක් කරන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.

එහිදී  එම පිරිස ඇමතූ එහි සිටි  පොලිස් පරීක්ෂකවරයෙකු මේ වන විට එම පෙදෙස්වල හුදකලා බව ඉවත් කිරීමට  සාකච්ඡා පැවැත්වෙන බවත්,  කලබලයට පත්ව  කටයුතු නොකරන ලෙසත් පැවසීය. ඉන් අනතුරුව  එම නියෝජිතයන් දෙදෙනා  තමන් ඇතුළු පිරිස යොදාගත් පරිදි  උද්ඝෝෂණය නොකරන බව පවසා එම ස්ථානයෙන් ද පිටව ගියහ.

මේ තත්වය හේතුවෙන් කලබලයට පත් එම වසම්වල පදිංචි මුස්ලිම් ප්‍රජාව අලොතියාව  හන්දියේ ප්‍රධාන   පොලිස් මුරපොළ වෙත පැමිණියහ.  ඔවුන් කිසිදු ආකාරයක උද්ඝෝෂණයක් නොකරන බවත්, සිංහල ප්‍රජාව සිදුකිරීමට සැරසුණු උද්ඝෝෂණයට සහයක් නොදක්වන බවත්, හුදෙකලා බව ඉවත්කළ දිනක තම කටයුතු සඳහා පිටතට යන බවත් ඔවුහු නිලධාරීන්ට පැවසූහ.



අදහස් (0)

හුදකලා කළ වසම් 2ක උද්ඝෝෂණයක් පොලිසිය මැදිහත්වී නවතයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලබන අවුරුද්දේ හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන්’’
2024 නොවැම්බර් මස 08 7 0

2025 අවුරුද්දේදී රටට හොඳ කොලොප්පමක් බලාගන්න පුළුවන් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය


ගිනි අවි රැගෙන පෙම්වතිය පැහැර ගන්න ඇවිත්
2024 නොවැම්බර් මස 08 183 0

වලස්මුල්ල පොලිස් වසමට අයත් වත්තහේන්ගොඩ ප්‍රදේශයේ ලදු කැලෑවක ගිණිඅවි සහ උල්පිහි රැගෙන සැගවී සිටි 22 හැවිරිදි තරුණයෙකු අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොල


තැපැල් ජන්දයේ අවසන් දවස අද
2024 නොවැම්බර් මස 08 11 0

2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා ලබා දී ඇති අවසන් අවස්ථාව අදින් (8) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


සාදයට පැමිණි පිරිස හිස් අතින්ම යයි
2024 නොවැම්බර් මස 08 787 0

ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමතිවරයෙකු හබරාදුව ප්‍රදේශයේ උත්සව ශාලාවක ඊයේ (07)රාත්‍රි සංවිධානය කර තිබු දේශපාලන සාදයක් ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ ආරවුල


කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු අල්ලයි
2024 නොවැම්බර් මස 08 3413 0

කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් පිරමීඩ් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් තැන්පත්කකරුවන්ගේ රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම


තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 86 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 75 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1407 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site