‘ඉතාලියටම එන්න ඕනෙත් නෑ . හරියට ඔළුව කල්පනා කරලා ජිවත් වුණොත්. ස්වයං රැකියාවක් කරන්නත් පුළුවන් විදියට මම උදව් කරන්නම්. තමන් උපයන දේ බෙදි යා යුතු ආකාරය ගැන බුදුහාමුදුරුවන් දේශනා කරලා තියෙනවා. ඒ අනුව හොර බොරු නැතිව පුළුවන් විදියට කාටත් උදව් කරමින් මම ජිවත් වෙනවා.‘ මෝදනා ව්‍යාපාරික වසන්ත කිර්තිරත්න එසේ කියයි.
පසුගියදා එසෑණ පළකළ ලක් වෙස්සන්තර නෑයන්ට හොදට සලකයි නැමැති පුවතින් පසු බොහෝ පිරිස් කියා සිටියේ නම නොකියන ඒ ව්‍යාපාරිකයා හදුනා ගැනිමට කැමැති බවත් ඔහුත් සමග එකතුව රට වෙනුවෙන් දෙයක් කිරිමට අවස්තාව සලසා දෙන ලෙසයි.
විතෑර්බෝ නලින් ,මෙස්සිනා නාලක ,පෙරේරා ,කොමෝ ඉන්දික ,වෑනිස් සමන් හා මියුනික්, රෝහණ කතා කරමින් කියා සිටියේ ශ්‍රි ලංකාවේ තමන්ගේ ගම් පළාතේ අන්ත අසරණ පවුල් කිහිපයක් ඇති බවත් ඔවුන්ට මෙම ව්‍යාපාරික මගින් උදව්වක් ලබා දෙන ලෙසයි.
මිගමුවේ සඳමාලි නැමැති කන්තාවක් ලංකාදිප පුවත්පත් කර්යාලයට කතාකරමින් ජිවත්විමට නොහැකිව අන්ත අසණව ඉන්න තම පවුලට මොහුගෙන් පිහිටක් ලබා දෙන ලෙස ඉල්ලිය.තවත් කිහිප දෙනෙක් ලංකාදීපයට කතා කළහ.
මෙම සියලු කරුණු අදාල ලක් වෙස්සන්තර වු ව්‍යාපාරික සමග එසෑණ පෑවසීය.
මම ප්‍රථමයෙන් මගේ නම කියන්නම්.
මම මෝදනා වසන්ත කිර්තිරත්න. ලිපියෙන් ප්‍රසිද්ධියක් ලැබුණු නිසා මම නම කියනවා නෙමෙයි. පළවු ලිපියේ තිබු දේ බොරුවක් නොවන බව කියන්නයි මට ඕනෑ. මම වගේ සමාජයට නිහඩ සේවය කරන තවත් බොහෝ ව්‍යාපාරිකයන් ඉතාලියේ ඉන්නවා. මට සුබ පතපු ආශිර්වාද කළ ලංකාදිප පාඨකයිට මම ස්තුති වන්ත වෙනවා. ඉදිරියටත් මම සමාජයට උදව් කරනවා.
එත් මේ වනකොට ඉතාලියේ ආර්ථිකය හොද මට්ටමක නෙමෙයි තියෙන්නේ. ඔබ දන්නවා මේ දවස් ටිකේ ලොරි රථ රියෑදුරන් අධිවේගි මාර්ග අවහිර කරමින් ඔවුන්ගේ ඉල්ලිම් ඉල්ලනවා. කම්කරු ගොවියෝ උත්ඝෝෂණයේ කරනවා.
රටේ ආර්ථිකය හොදටම කඩා වැටිලා. ලබන වසරේ මැද වෙනකොටවත් ඉතාලි ආර්ථිකය යම්තාක් දුරට හොද වෙයි කියලා විස්වාසයක් තියෙනවා. අපි උනත් ව්‍යාපාර පවත්වගෙන යන්නේ බොහොම අමාරුවෙන්. මම ලංකාවේ ඉදලා ඉතාලියට ගෙනාව ඇතැම් අසරණ මිනිස්සු කොළඹටවත් අවිත් තිබුනේ නැහැ.
නමුත් අද ඒ අය ඉතාලියේ ලස්සනට ජිවත් වෙනවා. ඉදිරියටත් ඒ වගේ අන්ත අසරණ පවුල් වල අයව මට ඉතාලියට ගෙන්න පුලුවන්. හෑබෑයි ඒ අය ගැන ප්‍රථමයෙන් මම හොදට හොයා බලනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ අපටත් උදව් කරන්නකෝ රස්සාවක් හොයාගන්න. අපි ඉන්නේ ස්වීඩනයේ ඔක්කොම හොඳයි මෙහේ, මිනුස්සු තමයි කැත දැක්කත් කතා කරනන්නේ නැහැ. ඇති දේකුත් නෑ ඒත් ලොකුකමේ අඩුවකුත් නෑ. මගේ ළමයි දෙන්නට අපේ කම තියෙන අයව ඇසුරු කරන්න විතරයි ඕනේ.(නදී)
ඉහත අදහස් කියවන විට හිතා ගන්න පුළුවන් අපේ දේශපාලකයෝ ගැන තිබෙන මහජන මතයේ තරම.(නදී)
මම නම් මේ බලන් ඉන්නේ ලංකාවට කවද්ද සුනාමියක් එන්නේ කියලා. එතකොට මුළු ලෝකෙන්ම ආදාර ගලාගෙන එනවා. දෙවියනේ කියලා මට මුළුවනි අසරණ වුන මිනිසුන්ට සේවය කිරීමට.(නදී)!
මේ මහතා කියන දේ ඇත්ත. කාටවත් කිසිම රටකට ගිහින් ගැති කම් කරන්න ඕනා නැහැ. අවශ්‍ය වෙන්නේ තමන්ගේ ගැඹුරින් හිතීමත් අදිස්ඨානයෙන් වැඩ කිරීමත් පමණි. මේ ලංකාවේ ඕන නම් දියුණු වෙන්න ඕනා තරම් දේවල් අවස්ථා තියනවා. ඒත් ගොඩක් අය උඩ බලාගෙන ඉන්නවා.(නදී) ,
මෙම උතුම් මිනිසාට සහ සිය පවුලට පාදුවා සාන්ත අන්තෝනි මුනිවරයාගේ පිහිට, ආරක්ෂාව ලැබේවා. මම ඔබගෙන් විශාල උදව් ලබපු කෙනෙක්. (නදී)
ජාගුරු, එංගලන්තේ සුද්දා සුද්දෙක් වගේ වියදම් කලාට අපේ කළු සුද්දෝ නම් හැම දෙයටම 'පැන්සේට' ගණන් හදනවා.(නදී)
සුරාවෙන් සූදුවෙන් තොර කාටත් උදව් කරන ලකී සෙවන් සුනිල් අයියට ජයම වේවා! (නදී)
මෙතුමා යටතේ වැඩ කරන ඉතාලි පිරිසක් කියූ දෙයක් මම පරිවර්තනය කර පහතින් ලියමි. 'ඔබ ලංකාවේ සිට මෙහි පැමිණියේ රැකියාවක් කර තම පවුලට සලකන්නයි. නමුත් අද ඔබ නිසා මමත් ඇතුළු විශාල ඉතාලි ජාතිකයන් පිරිසකගේ රැකියාවල් මෙම ආර්ථික පසුබෑම තුල සුරැකී ඇත. ඔබට අපි ස්තුතිවන්ත වන අතර සුභ පතමු. (නදී)
දේශපාලකයන් ඇසුරු කරන්නේ නම් ඉතාලි දේශපාලකයන්ව ඇසුරු කරන්න. එවිට ඔබගෙන් ලංකාවට වෙන උදව් වැඩි කරගන්න පුළුවන්. අමතක නොකර 'ලංකාවේ දේශපාලකයන්ට ඇතුල්වීම තහනම්' කියල බෝඩ් එකක් ගේට්ටුවේ ගහන්න. මේ උතුම් මිනිසාව මම පුද්ගලිකව දනිමි. දුර්ලභ මිනිසාණනි, ඔබට දීර්ඝායුෂ පතමි! (නදී)
මෙම මහතා ඉතාලියට පැමිණෙන සිය ගණනකට උදව් කරපු මානව දයාවෙන් පිරුන කෙනෙක්. ඔබගේ පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබී බොහෝ කලක් පින් කරමින් ජීවත් වෙන්න වාසනාව ලැබේවා! (නදී)
අක්ෂි, අප දන්නා පරිදි මෙතුමා ලංකාවේ ස්ථීර තැන්පතුවක් ආයෝජනය කර ඉන් මසකට ලැබෙන ලක්ෂ පහක පමණ මුදල අසරණයන් වෙනුවෙන් විවිධ ආකාරයට යොදවනවා. මොහු උතුම් ගති ගුණ ඇති සරල පුද්ගලයෙක්. (නදී)
ඉතාලි ක්‍රමයට පොලොව යට රථ ගාල් සහ එහි සිටම විදුලි සෝපාන යොදා කොල්ලුපිටියේ සාදන ලද අධි සුකොපභෝගී මහල් සංකීර්ණය මෙතුමා ලංකාව වෙනුවෙන් කල ආයෝජනයන්ය. ආයෝජන මණ්ඩලය (බී ඕ අයි) වැනි විදේශ විනිමය ලංකාවට ග්‍රහණය කරන ආයතන වල ලොකු පුටු වල සිටිය යුත්තේ මෙවැනි ප්‍රායෝගික මිනිසුන්ය.(නදී)
සතුටුයි වසන්ත මහතා ගැන. (නදී)
ගොඩක් හොඳ වැඩක්. පරිස්සමෙන් . මමත් ලංකාවේ අයට ගොඩක් උදව් කලා. මගේ සල්ලි වියදම් කරලා කෝල් කරලා මේ රටට ගෙන්නවා ගත්තා ඒත් අද මුනවත් බලන්නේ නැහැ.(නදී)
චමත් මිලානෝ කවුද ඔය කියන කබරයා? වසන්ත අයියගේ ෆේස්බුක් එකේ ඉන්න කෙනෙක්ද? (නදී)
එංගලන්තේ ඉන්න ගොඩක් ලාංකිකයෝ අනුන්ට උදව් කරන්නේ නැහැ.(නදී)
අනේ ඕස්ට්‍රේලියාවෙත් මෙහෙම සත් ගුණවත් මිනිසකු පලාතක නැහැ. ලංකාවේ අයට උදව් කරනවා කියලා නිතර බීලා කතා කරන 'සෝබන' කාරයෝ විතරයි ඉන්නේ. ඔබ තුමාට ජයෙන් ජය වේවා! දීර්ගායුෂ ලැබේවා!(නදී)
ඔබට සදා ජය පතමි. මිලාන් වලින් කාවවත් හොයාගන්න බැරි උනාද? ඒ වගේම ශාන් මුදලිගේ කියන්නේ කුලියාපිටියේ චන්දනද? පුලුවන්නම් ෆෝන් නම්බර් එක හොයල දෙන්න.(නද)ී
වචනයේ පරිසමාප්තර්තියෙන්ම උත්තම මානුෂීය ගුණාංග වලින් සමන්විත මිනිසෙක්. ආත්මාර්ථකාමී මිනිසුන් බහුතරයක් වෙසෙන අද සමාජයේ ඔබ වැන්නවුන් ඉතා දුර්ලභය..ඔබට දීර්ගයුෂ.(නදී)
ඉතාලියේ ගොවියෝ උද්ඝෝෂණය කරන්නේ ලංකාවේ වගේ අමුඩ ගහලද ? (නදී)
ඉදිරියටත් හැකි පමණ අසරණයින්ට පිහිටවෙන්න. ඔබට ගොඩක් පින්.(නදී)
එංගලන්තේ, ප්‍රංශයේ මෙහෙම නැති එකෙන් කියවෙන්නේ ඒ රටවල් වල පිරිහීම? (නදී)
චානක බණ්ඩාර මම ඉන්නේ සිඩ්නි. ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනය හදාරා ඉහල රැකියාවක්ද කර ළමයින් දෙදෙනා නිසා මම මෙහි ආවේ ළඟදී. ලංකාවේ පදිංචිකයන්ගේ උත්සවයකදී එක්තරා මහතෙක් මා හා ඉතා කුළුපගව කතා කරමින් සිටින අතර වාරයේ මගේ විශ්ව විද්‍යාල ගෝල ඉංජිනේරුවරයකුද පැමිණ 'ලඟදි' මෙහි පැමිණි මගේ ළමයින්ගේ පාසල් ප්‍රශ්න ආදිය ගැන සාකච්ඡා කළා. මේයට ඇහුම්කන් දුන්නු අර මුල් පුද්ගලයා මගෙන් අඩුවකට මෙන් ඔයා අලුත් කෙනෙක් නේද යයි ඇසුවා. පසුව කිහිප විටක් ඔහු මට මුණ ගැසුනත් නොදැක්කා සේ ඔහු වෙනත් අය සමග දොඩමළු වුණා. මම හිතන් හිටියේ රටින් පිට සිටින ශ්‍රී ලාංකිකයෝ සියල්ල එකිනෙකාට බොහොම කුළුපගයි කියාය.(දිල්)
2013.12.14 දින නිලන් ට. ඔබ ඔයතරම් බොරු කියන්නේ මොකද. මමත් ඉන්නේ ස්වීඩනයේ රැකියාවක් තියනවා නම් සැපවත් ජීවිතයක් ගත කරන්න පුළුවන් මෙහෙ. තණ්හාවේ පොද් බැද බැද ලංකාවේ දේපල ගන්න නම් යුරෝ තරම් ම ක්රෝනය මුදල වටින්නේ නැත. මට නම් පේන්නේ ඔබට තණ්හාව එහෙම නැත්නම් විසා ප්‍රශ්නයක්. ඉතාලියේ දුක් විදින හැටි හම්බ කරන්න ඔබ දන්නවද. හිතට එකගව හිතල බලන්න ස්වීඩනය ඩෙන්මාර්කය මොන තරම් හොදද. ඔබට ඇත්තේ යුරෝ තණ්හාව. (නදී)
ඔබතුමා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා . දිනෙන් දිනම තව තවත් දියුණුවේ මල් පිපේවා ඔබ වැනි මිනිසුන් තව තව බිහි වේවා ! (අ)
වචනයේ පරිසමාප්තර්තියෙන්ම උත්තම මානුෂීය ගුණාංග වලින් සමන්විත මිනිසෙක්. ආත්මාර්ථකාමී මිනිසුන් බහුතරය අතර ඔබ දෙවියෙකි ඔබතුමා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා . දිනෙන් දිනම තව තවත් දියුණුවේ මල් පිපේවා (අ)
අපි එන කාලෙත් ඔහොම තමයි චානක. හැබැයි කියන්න වුවමනා දේ ජයතිලක කියලා තිබෙනවා. (නි)
මෙවන් පුද්ගලයන් අප රටට වාසනාවක්. (නදී)
අතර මගදි සමුවූවන් දැක ඇත්තේ.. නිතර උදව්කර ඔවුනද ගොඩ ගත්තේ.. සතර වරම් දෙව් වරමක් ලැබ මත්තේ.. වසර සියක් තව ජීවත් විය යුත්තේ.(නදී)
ඉතාලියේ සිටින මාද හොඳින් හඳුනන මේ උත්තමයා හට දීර්ඝායුෂ පතමි. ජයතිලක මහතාණෙනි, ඔබගේ ඔවදන් ඕස්ට්‍රේලියාවට පමණක් නොව මෙම රටටද මනාව ගැළපේ. (නි)
මේ ශ්‍රේෂ්ට සිංහලයාට මගේ උණුසුම් සුභ පැතුම් පළමුවෙන්ම. මහින්ද [සිඩ්නි] ඔබගේ අදහසටත් සුළු දෙයක් කිව යුතුයි කියා සිතුනා. ඔබ ඔස්ට්‍රේලියාවට අලුත් කෙනෙකු නිසා කිව යුතු දෙය කෙටියෙන් කියන්නම්. කිසිම විටක ඔබ නොදන්නා ශ්‍රී ලාංකිකයෙකුට ඔස්ට්‍රේලියාවට නවකයෙකු බව නොකියන්න. වෙනත් ප්‍රාන්තයකින් සිඩ්නි වලට පැමිණි බව කියන්න. අතාවශ්‍යම කරුණකදී හැරෙන්නට අපේ අය සමග වැඩි පයුරු පාසානම් වලට [කොතරම් ලග හිතවෙතෙකු වුවත්] නොයන්න. එසේ වුවහොත් ලංකාවේ සිට පැවැති මිතුරු කම නැති වේවි. මා මේ අදහස් දක්වන්නේ ඕස්ට්‍රේලියාවේ අවුරුදු 24 ක අත්දැකීම් අනුවය. මා කියූ දේවල් වල සත්‍ය අසත්‍ය ඔබට අනාගතයේදී වැටහේවි.(නදී)
ඔබට උනුසුම් සුභ පැතුම් (දිල්)
දිනක් මා හට හමුවූ මේ මේ පුද්ගලයා කීවේ ඉතාලිය යනු ඉල්ලම් පිරි මැණික් ආකරයක් බවත් බොහොම ඉවසීමෙන් ඉල්ලමෙන් මැණික් වෙන්කර ගත යුතු බවත්ය. මෙම ඉවසීම නැති මිනිහා ඉතාලියට පැමිණීම නිසාම තම ජීවිතයේ සතුට ඇතුළු අධ්‍යාත්මික ගුණාංග විනාශ කරගන්නා බවත්ය. අද මෙහි දකින සමහර චරිත දිහා බලන විට ඔහු එදා කීවේ මොන තරම් සත්‍යක්ද කියා සිතෙනවා.(දිල්)
ඇමරිකාවේ පවා මේ වගේ පදනම් මගින් හරියට ලෝකෙට උදවු කරනවා. විශ්වාස වන්ත නම් මිනිස්සු සල්ලි දෙනවා මේ වැඩ වලට. මෙතුමාටත් ඒ වගේ සේවයක් කරන්න පුළුවන් අද අසරණ වෙලා ඉන්න ලංකාවේ මිනිසුන්ට. ඉරිසියාව නිසා තමයි අද ජාතිය පිරිහිලා ගිහින් තියෙන්නේ, කවුරුත් නැද්ද මේකේ ආදීනව වටහල දෙන්න.(නදී)
දවසක් මෙතුමා නිවාඩුවට ලංකාවට යන ගුවන් යානයේ මමත් ගමන් කළා.ඔහු ගමන් කළේ සියයක් පමණ ඥාති හිතවතුන් පිරිසක් සමගයි. ඉන් කීප දෙනෙක් මමද හඳුනනවා. මට හිතුණේ කළ හොඳ 'දිට්ඨ ධම්ම වේදනීය කර්මයක්' ලෙස මේ යහපත් මිනිසා පසුපස එන බවකි. මම දන්නා තරමින් ඔහු වටා යන මේ මුළු පිරිසම ඉතා ධනවත් බැවින් මොහුට සතයක් හෝ වියදම් කරන්න නොදී සියලු දෙය ඔහුට කර දෙනවා. කෙතරම් වාසනාවක්ද? හොඳ කිරීමෙන් මොන තරම් සැප සම්පත් ලඟා කර ගන්න පුලුවන්ද?(දිල්)
නැති බැරි අයට නිහඩව කරන සේවය ගොඩක් අගයනවා. ඔබට තව තවත් ඉසුරු ලැබේවා. තෙරුවන් සරනයි.(නදී)
ඉහත අදහස් කියවා බලන්න. අවංක මිනිසෙකු පසු පස කොතරම් අය පෙළ ගැසෙනවාද? ඇයි අපේ රටේ දේශපාලකයෝ පමණක් නරක දේ කරමින් මිනිස්සු එකතු කරගන්න හදන්නේ? (නදී)
ලංකාව වෙනුවෙන් සමුළු සහ සම්මන්ත්‍රණ තබා තමන් ජනප්‍රිය වෙන්න හදන අය මිසක් මෙවන් මනුෂ්‍යත්වයෙන් පිරුණු මිනිසුන් ඕස්ට්‍රේලියාවේ නම් මම දැකල නැහැ.(නදී)
මෝදනා පන්සලට එන අවංකම හොදම යහපත් මනුස්සයෙක්. ඔබට සැමදා ජය පතමි. බුදු සරණයි.(නදී)
ඔබට තුණුරුවන්ගේ සරණයි (දිල්)
පම්පෝරි පමණක් ගසන ලංකාවේ දේශපාලකයන්ට වඩා මොහු රටේ ජනතාවට සේවයක් කර තිබෙනවා. (නදී)
මම දන්නා පරිදි මේ මහතා වෙන්නප්පුවේ අයට පවා බය නැතුව උදව් කර තිබෙනවා. (නදී)
ඉතාමත්ම දුප්පත් කමින් පෙලෙන සිය ගණනක් ඉතාලියට ගෙන්වා ඔවුන්ට නැගී සිටින්නට ස්වයන් රැකියා අවස්තාවන් සපයාදී මේ කරන සාර්ථක කාර්යය දෙස බලන මට සිතෙන්නේ මොහු තවත් 'මොහමඩ් යුනුස්' කෙනෙක් කියාය. යුනුස් යනු බංග්ලාදේශයේ දරිද්‍රතාව නැති කිරීමට ව්‍යාපෘතියක් පටන්ගෙන නොබෙල් ත්‍යාග්‍යය පවා ලද විද්වතෙකි. (නදී)
මේ සත් ගුණවත් මහතාගේ විශාල ඥාති පිරිසගෙන් මම ඉල්ලා හිටින්නේ කිසිම දේශපාලකයකුට මොහු කිට්ටුවට වත් යන්න දෙන්න එපා කියන එකයි. මොහු සිංහල අපේ රටේ සම්පතකි. මොහුව නැති වෙන්න ඉඩ නොදී රැක බලා ගන්න එක ඔබේ සහ අපේ යුතුකමකි.(නදී)
මෙම පුවතේ සදහන් ව්‍යාපාරික මහතා මම හොඳින් හඳුනන ඇත්ත කතා කරන පුළුවන් විදියට හැමටම උදව් කරන මිනිස්කම් පිරුන සැබෑ මිනිසෙකි. ඔබට ජයෙන් ජය(නදී)
කමල් මම ලියන්න හිටිය දේ ඔබ පහැදිලිව සදහන් කර ඇත. මේ මහත්මයාට තෙරුවන් සරනයි.(නදී)
ඔබ හරි කමල් අපි රටක් හැටියට ශ්‍රී ලාංකිකයෝ හැටියට ඉදිරියට යන්න නම් සමාජයේ හොඳ නම දිනාගත් අය එක්ක එකතු වී සමාජ සත්කාර කිරීම වැදගත්. අපි සියලු දෙනා එකතු වී එවැනි සාදාරනව ජීවත් වන අයට සහයෝගය දෙමු. මෙවැනි ව්‍යාපාරිකයන් ලාංකික අපිට ආඩම්බරයක්.(නදී)
ඔබ අසරණ මිනිස්සුන්ට මේ කරන උපකාර වලට ගොඩක් පින්. වැඩි වැඩියෙන් මෙවැනි දේවල් කරන්න ලැබේවා.(නදී)
ඇත්තටම ඔබේ සේවය ඉතාමත් ගෞරවනීයයි. විදෙස් රටවල ඇවිත් අසරණ වෙන අයට පිහිටවීමත් ලොකු දෙයක්. බොහොමයක් විදෙස් ගතවුනු අය අනුන්ගෙන් පිහිට ලබා දෙපයින් නැගී සිටින විට උදව්කල අය දිහා හැරිලාවත් නොබලන කොට ඔබෙන් උදව් ලබපු අය ගැන අහන්නත් සතුටුයි. ලංකාවේ අසරණ අයට පිහිට වීම, ඔවුන්ට ස්වයං රැකියා සදහා උදව් කිරීම අපේ උපන් රටට අපෙන් විය යුතු යුතුකම්. ඒවා අද ඉන්න අයගෙන් කීයෙන් කි දෙනාද දන්නේ. ඔබට ව්‍යාපාර ලොවේ ඉහලටම යන්න වාසනාව ලැබේවා!(නදී)
පුළුවන් නම් ඔය තිබෙන තාක්ෂනය ගන්න බලන්න. වාස්තු විද්‍යාව ඇතුලු අනෙකුත් අංශ වල දැනුම, කාර්මික උපකරණ අපට ඉතා වැදගත්.(නදී)
ඇත්තටම මේ වගේ වැඩක් කරනවා කියන්නේ දුප්පත් මනුස්සයෙක් ගොඩ එනවා කියන එක.(නදී)
හොද වැඩක්. ඔබ තුමාට ජය! (නදී)
ඉතාලි ආර්ථිකය වැටිලා තියන්නේ යුරෝපයේ ආශ්චර්ය වෙන්න ගිහින්ද? අපි නම් දැන් ආසියාවේ ආස්චර්යට ඔන්න මෙන්න .(නදී)
හොඳ අදහසක්. ඔබට සුබ පැතුම්!(නි)
මේ මෝදනා වසන්ත අයියා. මේ ආටිකල් එකේ මුල් එක මම කියෙව්වා . ඒක ලියලා තිබුණා දේ අනුව මම දන්නවා ඒ මෝදනා වසන්ත අයියා කියලා. නමුත් මම නම කියන්නේ නැති නිසා මම කිව්වේ නැහැ .අද එයාගේ නම දාල තියෙනවා මෙයා ගැන ලියා තියපු දේවල් ඔක්කොම ඇත්ත. ඒ ගැන ගොඩක් සතුටුයි. ඔබට තෙරුවන් සරණයි වසන්ත අයියා.මම ශ්‍රී ටි වි එකේ ශාන්.(නදී)
මෙතුමා මිනිසුන්ට ගොඩක් උපකාර කරනවා. ඒ වගේම මෙතුමා ලගින්ම ඇසුරු කල සමහර උදවිය මෙතුමාගෙන් ගොඩාක් උපකාර ලබාගෙන අවසානයේ මෙතුමට ඉරිසියා කරල තරහ වෙලත් තියෙනවා. මෙතුමගෙ තත්වයට එන්න උවමනාව තියෙන අය ඒ වෙනුවෙන් කැප නොවී මෙතුමට ඉරිසියා කරනවා. ඒත් මෙතුමා ඒ අය සමග ගැටෙන්නෙ නැතිව තමන්ගෙ පාඩුවෙ ඉදිරියට යනවා.මෝදනා පන්සල,සියලුම සමීති සහ සමාජ සේවයන් පවතින්නෙ මෙතුමාගේ සවියෙන්. අවුරුදු උත්සවය සදහා වැඩිම දායකත්වයත් මෙතුමා විසින් දරනවා. වසන්ත මහත්මයා නැති නම් මේ සියලු දේ මෝදනා වල සිදු වෙන්නෙ නැහැ. ජිනීවා වල රට වෙනුවෙන් තිබුන සියලුම උද්ගෝශන වල පෙර ගමන් කරුවා මොහු තමයි. මෙතුමව විවේචන කරන අයත් මෝදනා ඉන්නවා. නමුත් ඒ අය මිනිසුන් වෙනුවෙන් කරන දෙයක් නැහැ. ඇත්තට්ම ලංකාවෙ ආන්ඩුවෙන් මෙතුමන්ලට අවස්තාවක් දෙන්න ඕනේ රට තුල අලුත් රැකියා උපදවන දේවල් කිරීම සදහා. තව කිවයුතු දෙයක් නම් දෙන පලියට මෙ මහත්මයා පසු පස එන්න එපා. අපිත් අපිට ලැබෙන වැටුපෙන් යුරෝ 5 ක් හරි නැති බැරි අය වෙනුවෙන් දෙන්න ඕනෙ කියල මෙතුමගෙන් ඉගෙන ගමු. ලගදිම මෙතුමා අසරන අය වෙනුවෙන් පදනමක් පිහිටවන බව කියනවා. මම ආරාදනා කරනවා එතුමට පුලුවන් හැම විදියෙන්ම ඒ සදහා සවියක් වෙන්න කියලා. මෙතුමගෙ හොද කියන ගමන් අපිත් පුලුවන් විදියට අසරන අයට පිහිට වෙමු. මොකද යුරෝ 1000ක් මාසයකට උපයන කෙනෙකුට යුරෝ 5 ක් පිනට දෙන්න බැරි කමක් නැහැ.(නදී)
ටෙලි නාට්‍ය කාරයෝ, චිත්‍රපටි කාරයෝ සහ දේශපාලකයෝ ඔබ ලඟට එයි. එපා ඔවුන්ව කිට්ටුවට වත් ගන්න. දැනටමත් ලංකාවේ දක්ෂ ව්‍යාපාරිකයෝ මොවුන් නිසා තම පවුල්ද කඩා ගෙන විනාශ වෙලා තිබෙනවා. ලංකාවේ සිංහල මැණික් ව්‍යාපාරිකයෝ නැති වුනේ මේ තුන් කට්ටිය නිසා. ඔබට සදා ජය! (නදී)
ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ඇත.(නදී)
බලාගෙනයි වෙන්නප්පුවේ අය.(නදී)
මහත්මයා ඔබගේ යහපත් ක්‍රියාව මම අගයමි. ඒ වගේම ඔබට ගෞරව කරමි. මමත් කැමතියි ඉතාලියට පැමිණ ඔබට විශ්වාසවන්තව කටයුතු කරන්න. (නදී)
සමාවෙන්න්න මහත්තයා මෙහෙම ඇහුවට. ලංකාවෙන් හෝ ඉතාලියෙන් හෝ ඡන්දෙකට එහෙම ලැහැත්ති වෙනවා නෙවේ නේද මේ. මෙහෙම ඇහුවේ අහිතකින් නෙවේ.... අත්දැකීමෙන්.... සමාවෙන්න...(නදී).
අනේ මහත්තයෝ අපිට මෙහේ ජීවත් වෙන්න අමාරුයි. අපිත් ගොඩ දාන්න පුලුවන් නම් පිනක්. (ස)
මේ මහතාට පාඩුවේ ව්‍යාපාර කරගෙන යන්න ඉඩ දෙන්න. කරන්න පුළුන් දෙයක් එතුමා කරයි. කලදුටු කල වල ඉහ ගෙන මෙතුමාට බොන්න තියන වතුර ටිකත් නැති කරන පොටක් තමයි මේක. ලංකාවේ අයට හැසිරීම සහ විනය පළමුවෙන් ඉගැන්විය යුතුයි. ගන්න තියෙන තැනින් ගන්න හදන ගතියත් නැති කල යුතුයි. විලි ලැජ්ජාව පොඩ්ඩක් හරි ගාගන්න ඉගැන්විය යුතුයි. (ස)
ඔබට බුදු සරනයි, සිංහල මිනිස්සු ගැන කෝකටත් පරිස්සමෙන් , හැමෝම ගැන නෙවෙයි සමහරක් ගැන. (නදී)
ඔව් ඔව් ලෙක්කෝ ගලබඩ කියන්නේ සම්පුර්ණ ඇත්ත. කලකට පෙර හිටිය සිංහල මැණික් ව්‍යාපාරිකයෝ අද කෝ? ඔවුන් චිත්‍රපටි, ටෙලි කාරයෝ සහ දේශපාලකයෝ නිසා නැත්තටම නැති වුනා, පවුල්ද විසිරී ගියා.(නදී).
ඔබතුමා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා . දිනෙන් දිනම තව තවත් දියුණුවේ මල් පිපේවා (නදී)
දේශපාලක කබරයන් සමග ඡායාරූපයකටවත් ඉන්න එපා. ඔබ නැති වෙයි.(නදී)
අනේ ඔව් ටෙලි නාට්‍ය කාරයන්ගෙන් ප්‍රවේශම් වෙන්න. මිලානෝවල කීප දෙනෙක්ව නිෂ්පාදනයට හවුල් කරගන්න ඇවිල්ලා නාට්‍ය හදන්නත් ඉස්සර ඔවුන්ගේ පවුලුත් කැඩිලා ඉවරයි. (නදී)
ප්‍රංශයේ නම් බෙහෙතකටවත් මෙහෙම සිංහලයෙක් සොයා ගන්න නැහැ. ඉන්නේ 'මාපිල්ලු' විතරයි.(නදී)
දේශපාලකයන් සමග ඡායාරූපයකටවත් පෙනී සිටින්න එපා. එය ඔබට අවමානයක් සහ ඔවුන් ඔබව රවටාගන්න එයද හේතුවක් කර ගන්නවා අනිවාර්යයි.(නදී)
අනේ පිටිගල අයියාව සොයා දෙන්න. මම ලංකාදීපෙට දැන්වීමක් දාන්නයි ඉන්නේ සොයා දෙන්න කියලා.(නදී)
එංගලන්තේ නම් මේ ගතිගුණ ගෑවිච්ච කෙනෙක් වත් නැහැ. ඔබ තුමාට ජය පතමි.(නදී)
සුනිල් අයියේ, ඔබේ මස්සිනා ජෙහාන් අයියාද හරිම හොඳ කෙනෙකි. ඔහුද ගොඩක් අයට උදව් කර තිබෙනවා. (නදී)
අනේ අයියේ දේශපාලකයෝ ඔයාව හොයාගෙන එයි. ඔවුන්ව ලං කරගෙන විනාශ වෙන්න නම් එපා. ඔබ ඔවුන්ට වඩා ගොඩක් උසස් ගුණධර්ම ඇති කෙනෙක්. (නදී)
කෝ පිටිගල තුමා? ඔහුගේ තිත්ත ඇත්ත අදහසක් කියවන්නත් ආසයි.(නදී)
දේශයක රාජ්‍ය නායකයා විය යුත්ත්තේ ඔබ වැනි පුද්ගලයන්න්ය.(නදී)
අනේ මේ රටෙත් ඔබ වැනි අය බිහිවන්නේ නම් කොපමණ හොඳද?(නදී)
ඔබ තුමා කරන්නා වු සේවයට මගේ උනුසුම් සුභ පැතුම්.(නදී)
කිසිම දේශපාලකයෙක් කිට්ටු කර ගන්න එපා. ඔබට ජය වේවා! (නදී)
ඔබ වැනි පින්වතුන් අපේ රටට තව තවත් බිහිවේවා! (නදී)
කරුණා කරලා පුළුවන් නම් අර මීගමුවේ කාන්තාවට උදව්වක් කරන්න බලන්න. අගේ ඉල්ලීම නම් විශාල බලාපොරොත්තුවක් ඇතිව ඇය ඉල්ලා සිටි බව පෙනෙනවා. ඔබ සඳහන් කල ආකාරයට ධර්මය අනුව යහපත් සිතින් කරන ඕනෙම දෙයක් අපේ ජීවිතයේ සාර්ථක වෙනවා. ඔබ වැනි පින්වතුන් අපේ රටට තව තවත් බිහිවේවා ඔබේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුනු වේවා කියා ප්‍රාර්ථනා කරමි.(නදී)
ඔබට පුලුවන් නම් ලංකාවේ ඉන්න අන්ත අසරණයෝ ටිකක් ඉතාලියට රැගෙන යන්න.(නදී)
අනේ මහත්තයෝ මමත් මෙහෙදී අනාත වෙලා හිටිය ලංකාවේ මනුස්සයකුට කෑම බිම ඉදුම් හිටුම් දීල උදවු කලා. පස්සේ ඒ මනුස්සයාගේ විසා ඉවරවෙලා ලංකාවට ගියහම මගේ ආයතනයක රැකියාවක් ලබාදුන්නා. නමුත් ඒ මනුස්සයා මගේ ලංකාවේ ඉන්න අනිත් සේවකයන්ට තර්ජන, කරදර කරමින් ඔවුන් රැකියා දමා යන තැනට පත් කරා. පුරප්පාඩු වලට තම නෑයන් පත්කරගෙන නොයෙකුත් අක්‍රමික තාවයන් කලා. මට රුපියල් ලක්ෂ දෙකක පමණ පාඩුවක් කරා. එම නිසා මිනිස්සුන්ට උදව් කිරීමට යාමේදී හොදින් ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඔබට ජය ! (නදී)
ඔබ තුමාට මෙවන් වැඩ කටුතු තවත් ඉදිරියට කරගෙන යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරණයි! (නදී)
මටත් කියන්න තියෙන්නේ කමල් කීව මදු ු අනුමත කල දෙයමයි. පුලුවන්නම් යමක් කරන එක හොඳයි. හැබැයි අපේ අයත් පුරුදු වෙලා තියෙන්නෙම උත්සාහයෙන් දියුණු වෙනවට වැඩිය අනුන්ගේ පිහිටෙන් ගොඩ යන්නයි. දැන් ඉතින් මේ මනුස්සයට නිවනක් නැති වෙයි.(නදී)