IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හේන් ගොවියා දෙවැනිවරටත් අලියෙක් මරයි

අනුරාධපුර තිරප්පනේ දයාගමදී සහ මිහින්තලේ ඉහළගමදී දළ ඇතකු හා අලි පැටවකු මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

බඩඉරිඟු හේනකදී විදුලිසැර වද්දවා අලියා මරා දමා ඇති බවත් අත්අඩංගුවට ගත් සැකකරු මීට කලින් ද අලියකු මරා දඬුවම් ලැබූ අයකු බවත් පොලිසිය පවසයි.

මිහින්තලේ දී වෙඩි තබා අලි පැටවකු මරා දමා ඇති බව කියති. මේ අතර වන අලි ප්‍රහාරයකින් විලච්චියේ ආර්.බී.පත්මසිරි රත්නායක (36) මිය ගිය බව මහවිලච්චිය පොලිසිය පවසයි.

මේ අතර  හල්දුම්මුල්ලට  වල් අලි එතියි ගැමියෝ පිරිසක්  හාල්දඩුතැන්නේ දී  උද්ඝෝෂණයක් ඇරඹුහ.

elephnt_20151223 elephnt_20151223-

ජායාරූප - අතුල බණ්ඩාර

saman_151223(1) saman_151223(2) saman_151223(3) saman_151223(4) saman_151223(5)

ජායාරූප - සමන් පාලිත නානයක්කාර



අදහස් (0)

හේන් ගොවියා දෙවැනිවරටත් අලියෙක් මරයි

සෙනරත් Wednesday, 23 December 2015 09:05 AM

අලි මරණ එක පවු. ඒත් මේ මිනිසුන්ගේ වගා විනාශ කළාම කොහොමද දරුවෝ සමඟ ජීවත්වෙන්නේ? වගා හානි වලට රජයෙන් වන්දියක්වත් දෙනවා නම් මිනිස්සු ටිකක්හරි කරුණාවන්ත වේවි. අලි වැටවල්වත් දමනවා නම් මිනිසුන්ටත් හොඳයි, අලින්ටත් හොඳයි (නි)

:       0       0

විද්‍යා Wednesday, 23 December 2015 10:21 AM

කවුද හරි? කවුද වැරදි? (නි)

:       0       0

විජිත් Wednesday, 23 December 2015 12:51 PM

ඈතම ඈත අතීතයේ අපි ඔක්කොම එකට කැලෑවට වෙලා සහයෝගයෙන් සමාදානයෙන් ජීවත්වුණා. කාලය ගෙවී ගිහින්...මිනිසා ටිකෙන් ටික " ශිෂ්ටාචාර ගතවුණා කියලයි කියන්නේ. අපේ පැරණි හිතවත් සතුන් අමතකර දමලා, ඒ අයගේ ජීවන රටාවත් වෙනස්වන විදිහට එයාල ජීවත්වන, කෑමබීම සොයාගන්නා ඉඩම් අපේ කරගන්නවා. අසාධාරණයට එරෙහිව තම ජීවිතය පරදුවට තබන අහිංසකයින් මේ ලෙස වැරදීමකින් මිනිස්බව ලැබූ "නොමිනිසෙකු" අතින් කෲර ලෙස ඝාතනය වෙනවා. ඒ වගේම අහිංසක මිනිස් ජීවිතත් දහස් ගණනක් විනාශ වුණා. මේ අලි මිනිස් ගැටුම කවදා කොහොම කෙළවර වේදැයි අනුමානයෙන් සිතාගත හැකිවුවත් ස්ථිරව නම් ඒ ගැන මට හිතාගන්නට බැහැ. (නි)

:       0       0

සමන්ත Wednesday, 23 December 2015 05:48 AM

මේ වගේ අසරණ සත්තු මරන්නේ ඇයි? (කෞ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 23 December 2015 01:32 PM

අපි මොනතරම් කතාකළත් වැඩක් නැහැ. මොනම ප්‍රශ්නයකටවත් දේශපාලකයන්ගෙන් විසඳුම් බලාපොරොත්තු වෙන්න එපා. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න සමහර හොරුන් එළවා දමනතුරු අපට කිසිම සහනයක් ලැබෙන්නේ නැහැ. දැක්කා නේද දවසේ මන්ත්‍රී දීමනාව 20,000ක් කරන්නයි යන්නේ. දැවෙන ප්‍රශ්නය මන්ත්‍රී දීමනාව! (නි)

:       0       0

විජිත් Wednesday, 23 December 2015 01:57 PM

ඩිල්ෂාන්, බොහොම හරි. ඔය අයට දවසකට ගෙවන්න කියා ඉල්ලන පැමිණීමේ දීමනාවේ එකතුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 3 කට අසන්න වෙනවා. ඒ දවසකට ගෙවන මුදලින් අලි වැටවල් කීයක් හදන්න පුලුවන්ද? ජීවිත කීයක් ආරක්ෂා කරගත හැකිද? (නි)

:       0       0

දර්ශන Wednesday, 23 December 2015 06:51 AM

මොන සතෙක් උනත් මරණ එක වැරදියි. අපිත් මදුරුවෝ, මැස්සෝ, කූඹී දවසකට කීදෙනෙක් මරනවද. පොඩි උනාට ඒ සතුන් ගැනත් අනුකම්පා කල යුතුයි. (කෞ)

:       0       0

අබේ Wednesday, 23 December 2015 07:02 AM

සතාගේ විශාලත්වය අනුව අනුකම්පාවද වැඩිවෙනවා නේද ? (කෞ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 23 December 2015 07:03 AM

මේවට විසදුම් නැත්තේ නැහැ. ඒවා හරියට කරන්නැති එකයි වරද. පව් මේ වගේ අහිංසක සත්තුන්ගෙන් පළිගන්නේ ඒ වගේම තිරිසන් සත්තු. ඕවට පත් වෙලා ඉන්න රජයේ බලදාරීන් ඕව හොයන්නේ නැද්ද.? (කෞ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 23 December 2015 07:04 AM

අලි මරණ එක ජාතික අපරාදයක්, කැලේ වන සිව්පාවූන්ටත් මේ රටේ ජීවත්වීමේ අයිතිය මිනුසුන් වසයෙන් අප ලබාදිය යුතුය.වන සතුන්ද,ජාතික සම්පතකි. (ස)

:       0       0

ප්‍රසන්න Wednesday, 23 December 2015 07:15 AM

මම නම් කියන්නේ මිනිසුන්ගේ වැරද්දයි. එයාල සතුන්ගේ නිජබිම පරිහරණය කරන නිසයි සතුන් මිනිසුන්ට දඬුවම් දෙන්නේ. මේකෙන් වෙන්නේ අපේ අනාගත පරපුරට අලියෙක් දකින්න ZOO එකකටම යන්න වෙන එකයි. (ස)

:       0       0

ලක්මුතු Wednesday, 23 December 2015 07:33 AM

දළ ඇතා හා උගේ පැටියා මැරූ පුද්ගලයාටත් ඊට අනුබල දුන් සියලු දෙනාටත් සාප වේවා..! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 827 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 60 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1054 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 185 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 1997 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32214 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23822 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site