IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හීනටිගල පහේ පොඩි අවුලක්

ගාල්ල හීනටියන ශාරිපුත්‍ර මධ්‍ය මහා විද්‍යාලයේදී  අද (25) පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් පිරිසක් වෙත ලබා දුන් පළමු ප්‍රශ්න පත්‍රය විනාඩි 10කින් එකතු කළ නිසා තම දරුවන් දැඩි අසීරුතාවකට පත් වූ බව මව්පියෝ පිරිසක් පැවසූහ.

නියමිත වේලාවට ප්‍රශ්නපත්‍රය බෙදීමෙන් පසු සිසුන් පළිතුරු ලිවීම ආරම්භ කර ඇත. විභාගය ආරම්භ වී විනාඩි දහයකට පමණ පසු දෝෂයක්යැයි පවසමින් ප්‍රශ්න පත්‍ර නැවත එකතු කළ බවත්, ඒ  වන විට ඇතැම් සිසුන් ප්‍රශ්න 15කට 20කට පිළිතුරු ලියා අවසන්ව තිබුණු බවත්, නැවත මිනිත්තු කිහිපයක් අතුළත ප්‍රශ්න පත්‍ර බෙදූ නමුත් තම දරුවන් කළින් උත්තර ලියූ ප්‍රශ්නපත්‍ර ඒ ආකාරයෙන් දරුවනට ලැබී නැති බවත් දෙමාපියෝ කියති.

සිසුන් පිළිතුරු ලියූ ප්‍රශ්න පත්‍ර මාරු වී ලැබුණු නිසා ඒවා කප කපා නැවත ලිවීමට සිදුවීමෙන් සිසුනට කාලය මදිවී ඇතැයි ද ඔවුහු පවසති.

ලංකා ගුරු සංගමය පැවසුවේ දුෂ්කර ප්‍රදේශයක ජීවත් වන මේ දරුවන්ගේ අරමුණ වී ඇත්තේ විභාගය සමත්ව ශිෂ්‍යාධාර ලබා ගැනීම හා ජනප්‍රිය පාසලකට යෑම බවයි. මේ හේතුවෙන් එම සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි බවත් සංගමය කියයි.

වැල්ලේතොට, මීපේ හා හීනටිගල පාසල්හි දරුවෝ එහි දී උත්තර ලියූහ.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේ එලෙස ප්‍රශ්න පත්‍ර සිසුන් අතට ලබාදීමෙන් පසු නැවත වැරදීමකින් එකතු කර නැති බවයි. තමා ඒ ගැන විභාග ශාලාධිපතිගෙන් විමසූ විට සිසු පේලි මාරු වී බෙදී බෙදීමට සැරසුණු පරීක්ෂකයකුට නිසි ලෙස බෙදන ලෙස උපදෙස් දී ඇති බවයි. එම සිදුවීම හැරෙන්නට කිසිදු ගැටළුවක් ඇති වී නැති බවත් දැන්වූ බව ද පුෂ්පකුමාර මහතා කීවේය.



අදහස් (0)

හීනටිගල පහේ පොඩි අවුලක්

පිටිගල Sunday, 25 August 2013 09:59 PM

විභාගෙට ලියන්නේ පුංචි ළමයි. ඒකවත් තේරුම් ගන්න බැරි පහත් ශ්‍රේණිවල අය මේවට යොදවන අයගේ තමයි වරද.එතකොට මේ දෙමව්පියෝ කියන්නේ බොරුද ? විභාග නම් හැමතැනම අවුල් .ඒක බොරු නෙමෙයි.දැන් ඔය ප්‍රශ්න පත්තර නැවත එකතු කළේ නැද්ද? ඒවා මාරු වුනෙත් නැද්ද? (නි)

:       0       0

සෙනෙවි ගාල්ල Monday, 26 August 2013 11:51 AM

අද හරි වැරද්දක් පෙන්නලා දෙන්න බැරි තතවයක්නේ තියෙන්නේ. එක්කො අලවනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලේබලය නැත්නම් දේශපාලන වාසි ලේබලය එක්කො වැරදි විතරක් හොයනව කියන එක. ඒක නිසා අනුන්ගෙ වැරදි හොයන්න එපා. (ස)

:       0       0

බන්දුල Tuesday, 27 August 2013 07:51 AM

මේ අවනඩුවත් අහන්න. රසායන විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයේ සමහර ගැටළු විසදන්න විනාඩි 10 ටත් වැඩිය යනවා. සුළු වෙන්නෙත් නැහැ. 2 ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනය 7 වන ප්‍රශ්නය විෂය නිර්දේශයෙන් බැහැර එකක්. ඊතර ගැන විෂය නිර්දේශයේ නැහැ. විභාග කොමසාරිස් තුමනි මේවා සොයන්න. මෙම ප්‍රශ්න හදන මහාචාර්ය වරුන් හිතුවක්කාර අය බවයි හැගෙන්නේ. ඔවුන් උසස් පෙළ විභාගෙට ලියපු බව අමතක වෙලාද කොහෙද.(නදී)

:       0       0

රෝහණ Monday, 26 August 2013 12:48 PM

අද විශේෂයන්ම සිංහල ජාතික ගුරුවරුන් අපේ කියන ජාතික හැගීමක් නැහැ. අපේ දරුවන් මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න මල් කැකුළු ඔවුන්ගේ අනාගතය අවුල් නොකර ගෞරවනීව රැක ගැනීමට සහයෝගය දිය යුතු බව මේ අයවලුන්ට හැගීමක් නැහැ. අපේ අනාගත කැකුලුවලට දෙවියන්ගේම රැකවරණ ලැබේවා. එම දරුවන්ගේ දෙමව්පියන් අනන්තවත් දුක් වින්ඳ මෙම විභාග වලට ළමයින් ඉදිරිපත් කරන්නේ අනේකවත් බලාපොරොත්තු පොදි බැඳ ගෙනයි. (ස)

:       0       0

කුමාර Monday, 26 August 2013 01:20 AM

ශාලාධිපතිට පිස්සුද? ළමයි අනාත කරන එක වැරදියි (නි)

:       0       0

උපාලි Monday, 26 August 2013 07:10 AM

කියමනක් තියෙනවා 'වෛද්‍යවරුන් අතින් වන වැරදි පොළවට අඩි 6 ක් යටින් වැළලෙන්නේය. විනිසුරුවරුන් අතින් වන වැරදි පොළවට අඩි 6 ක් උඩින් එල්ලෙන්නේය' කියලා. ඒ කියන්නේ ඒ දෙගොල්ලෝ අතින් වැරදි සිදුවුනොත් භයානක ප්‍රතිපල ලැබෙනවා කියන එකයි. එතකොට ගුරුවරුන් අතින් වන වැරදි? 'ප්‍රධානීන් විසින් වළලනු ලබන්නේය' ද? (නි)

:       0       0

ටෙනිසන් Monday, 26 August 2013 07:16 AM

පහේ ශිෂ්‍යත්වයට මගේ නම් කිසිම මනාපයක් නැහැ.මල් කැකුළු වගේ පුංචි දරුවන්ගේ ළමා කාලය බිද දැමීමෙන් ඔවුන්ගේ සිත් තුල ඇතිවන්නේ වෛරයක්. එය අපිට පෙනෙන්නේ නැහැ.දෙමාපියන්ට කිව්වට තේරුමකුත් නැහැ. තුන්වන පන්තියේ ඉදලම ළමයින්ව හරක් වගේ අමතර පන්ති සදහා ඇදගන යන දෙමාපියන් දකින්න පුළුවන්. ඒ පුංචි මනසට ඇතුළු වුන වෛරය කිසිදාක එයින් පහවෙන්නේ නැහැ. එහෙම නම් අපි කොහොමද ලස්සන අනාගතයක් දකින්නේ?සිදුවිය යුත්තේ මේ ඔලමොට්ටල අධ්‍යාපන ක්‍රමය හරි විදිහට හද ගැනීමයි. මම වැරදි නම් සමාවෙලා හරි ගස්සන්න. (නි)

:       0       0

කෝලිත Sunday, 25 August 2013 06:38 PM

අනේ ළමයි නේ මොනවා කරන්නද? (දී)

:       0       0

දසුනි Sunday, 25 August 2013 06:53 PM

විභාගය පොඩි දරුවන්ගේ උනාට, හැම තැනම අසීරුතාවයට පත් වෙන්නේ දෙමව්පියෝ. (දී)

:       0       0

පිටිගල Monday, 26 August 2013 03:01 PM

ආනන්ද හරියටම හරි .ඒත් වගකිව යුත්තෝ නිදි. (ස)

:       0       0

ඉලේපෙරුම Sunday, 25 August 2013 07:17 PM

ලංකා ගුරු සංගමයත් ඉන්ෙන් ඉතින් විභාගයක් වරදිනකම් බලාගෙන (දී)

:       0       0

දුමින්ද Monday, 26 August 2013 08:14 AM

නිසි පරීක්ෂණයක් පවත්වා සාදාරණයක් කරන්න,අද්‍යාපනය ,සෞක්‍ය වාගේ දේවල් සමග සෙල්ලම් එපා. (දී)

:       0       0

දුමින්ද Monday, 26 August 2013 08:14 AM

නිසි පරීක්ෂණයක් පවත්වා සාදාරණයක් කරන්න,අද්‍යාපනය ,සෞක්‍ය වාගේ දේවල් සමග සෙල්ලම් එපා. (දී)

:       0       0

ලියනගේ Monday, 26 August 2013 08:25 AM

ටෙනිසන් කියන කතාව ඇත්ත තමයි (නි)

:       0       0

නිහාල් සමරවික්‍රම Sunday, 25 August 2013 07:35 PM

මෙම ගුරු සංගමය හරිම ඔල්මොරොන්දම් ප්‍රකාශ නිකුත් කරන්නේ. කව්ද වැරැද්ද කළේ. කව්ද ප්‍රශ්න පත්තරේ බෙදන්නේ? ගුරුවරුම නේද? මට නම් මේ නාටක තේරෙන්නේ නැහැ.(නදී)

:       0       0

ආනන්ද Monday, 26 August 2013 09:36 AM

අනේ මන්දා ගුරුන්ට අකුරු වරදිනවා. එතකොට කුඩුත් විකුනනවා, ළමයිනුත් විකුණනවා, අනාතත් කරනවා අපහරණයත් කරනවා විභාගත් වරද්දන‍වා. විභාග දෙපාර්තමේන්තුව මොනවහරි කියනවා. ඇමතිතුමා බයිල කියනවා. ටියුෂන් නැගලම යනවා. දෙමාපියෝ සතයට හි‍‍ඳෙනවා. ළමයි අනාත වෙනවා. දෙමාපියෝ වස බොනවා. මංකොල්ල වැඩි වෙනවා. (නදී)

:       0       0

නුවන් Monday, 26 August 2013 09:43 AM

විභාග දෙපාර්තුමේන්තුව ගැන නම් කියල වැඩක් නෑ. දැන් අවුරුදු කීයකින් හරියට විභාගයක් තියාගන්න පුළුවන් උනාද.(නදී)

:       0       0

මන්ජා Monday, 26 August 2013 09:49 AM

මේ ‍ගොල්ලොන්ට ඇත්තටම පිස්සුද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 504 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 734 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 32 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1088 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2409 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3154 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34988 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24036 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 493 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site