ගාල්ල හීනටියන ශාරිපුත්‍ර මධ්‍ය මහා විද්‍යාලයේදී අද (25) පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී සිසුන් පිරිසක් වෙත ලබා දුන් පළමු ප්‍රශ්න පත්‍රය විනාඩි 10කින් එකතු කළ නිසා තම දරුවන් දැඩි අසීරුතාවකට පත් වූ බව මව්පියෝ පිරිසක් පැවසූහ.
නියමිත වේලාවට ප්‍රශ්නපත්‍රය බෙදීමෙන් පසු සිසුන් පළිතුරු ලිවීම ආරම්භ කර ඇත. විභාගය ආරම්භ වී විනාඩි දහයකට පමණ පසු දෝෂයක්යැයි පවසමින් ප්‍රශ්න පත්‍ර නැවත එකතු කළ බවත්, ඒ වන විට ඇතැම් සිසුන් ප්‍රශ්න 15කට 20කට පිළිතුරු ලියා අවසන්ව තිබුණු බවත්, නැවත මිනිත්තු කිහිපයක් අතුළත ප්‍රශ්න පත්‍ර බෙදූ නමුත් තම දරුවන් කළින් උත්තර ලියූ ප්‍රශ්නපත්‍ර ඒ ආකාරයෙන් දරුවනට ලැබී නැති බවත් දෙමාපියෝ කියති.
සිසුන් පිළිතුරු ලියූ ප්‍රශ්න පත්‍ර මාරු වී ලැබුණු නිසා ඒවා කප කපා නැවත ලිවීමට සිදුවීමෙන් සිසුනට කාලය මදිවී ඇතැයි ද ඔවුහු පවසති.
ලංකා ගුරු සංගමය පැවසුවේ දුෂ්කර ප්‍රදේශයක ජීවත් වන මේ දරුවන්ගේ අරමුණ වී ඇත්තේ විභාගය සමත්ව ශිෂ්‍යාධාර ලබා ගැනීම හා ජනප්‍රිය පාසලකට යෑම බවයි. මේ හේතුවෙන් එම සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි බවත් සංගමය කියයි.
වැල්ලේතොට, මීපේ හා හීනටිගල පාසල්හි දරුවෝ එහි දී උත්තර ලියූහ.
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසුවේ එලෙස ප්‍රශ්න පත්‍ර සිසුන් අතට ලබාදීමෙන් පසු නැවත වැරදීමකින් එකතු කර නැති බවයි. තමා ඒ ගැන විභාග ශාලාධිපතිගෙන් විමසූ විට සිසු පේලි මාරු වී බෙදී බෙදීමට සැරසුණු පරීක්ෂකයකුට නිසි ලෙස බෙදන ලෙස උපදෙස් දී ඇති බවයි. එම සිදුවීම හැරෙන්නට කිසිදු ගැටළුවක් ඇති වී නැති බවත් දැන්වූ බව ද පුෂ්පකුමාර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි පරීක්ෂණයක් පවත්වා සාදාරණයක් කරන්න,අද්‍යාපනය ,සෞක්‍ය වාගේ දේවල් සමග සෙල්ලම් එපා. (දී)
මේ අවනඩුවත් අහන්න. රසායන විද්‍යාව 1 ප්‍රශ්න පත්‍රයේ සමහර ගැටළු විසදන්න විනාඩි 10 ටත් වැඩිය යනවා. සුළු වෙන්නෙත් නැහැ. 2 ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනය 7 වන ප්‍රශ්නය විෂය නිර්දේශයෙන් බැහැර එකක්. ඊතර ගැන විෂය නිර්දේශයේ නැහැ. විභාග කොමසාරිස් තුමනි මේවා සොයන්න. මෙම ප්‍රශ්න හදන මහාචාර්ය වරුන් හිතුවක්කාර අය බවයි හැගෙන්නේ. ඔවුන් උසස් පෙළ විභාගෙට ලියපු බව අමතක වෙලාද කොහෙද.(නදී)
ආනන්ද හරියටම හරි .ඒත් වගකිව යුත්තෝ නිදි. (ස)
අද විශේෂයන්ම සිංහල ජාතික ගුරුවරුන් අපේ කියන ජාතික හැගීමක් නැහැ. අපේ දරුවන් මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න මල් කැකුළු ඔවුන්ගේ අනාගතය අවුල් නොකර ගෞරවනීව රැක ගැනීමට සහයෝගය දිය යුතු බව මේ අයවලුන්ට හැගීමක් නැහැ. අපේ අනාගත කැකුලුවලට දෙවියන්ගේම රැකවරණ ලැබේවා. එම දරුවන්ගේ දෙමව්පියන් අනන්තවත් දුක් වින්ඳ මෙම විභාග වලට ළමයින් ඉදිරිපත් කරන්නේ අනේකවත් බලාපොරොත්තු පොදි බැඳ ගෙනයි. (ස)
අද හරි වැරද්දක් පෙන්නලා දෙන්න බැරි තතවයක්නේ තියෙන්නේ. එක්කො අලවනවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ ලේබලය නැත්නම් දේශපාලන වාසි ලේබලය එක්කො වැරදි විතරක් හොයනව කියන එක. ඒක නිසා අනුන්ගෙ වැරදි හොයන්න එපා. (ස)
මේ ගොල්ලොන්ට ඇත්තටම පිස්සුද? (ස)
විභාග දෙපාර්තුමේන්තුව ගැන නම් කියල වැඩක් නෑ. දැන් අවුරුදු කීයකින් හරියට විභාගයක් තියාගන්න පුළුවන් උනාද.(නදී)
අනේ මන්දා ගුරුන්ට අකුරු වරදිනවා. එතකොට කුඩුත් විකුනනවා, ළමයිනුත් විකුණනවා, අනාතත් කරනවා අපහරණයත් කරනවා විභාගත් වරද්දනවා. විභාග දෙපාර්තමේන්තුව මොනවහරි කියනවා. ඇමතිතුමා බයිල කියනවා. ටියුෂන් නැගලම යනවා. දෙමාපියෝ සතයට හිඳෙනවා. ළමයි අනාත වෙනවා. දෙමාපියෝ වස බොනවා. මංකොල්ල වැඩි වෙනවා. (නදී)
ටෙනිසන් කියන කතාව ඇත්ත තමයි (නි)
අනේ ළමයි නේ මොනවා කරන්නද? (දී)
නිසි පරීක්ෂණයක් පවත්වා සාදාරණයක් කරන්න,අද්‍යාපනය ,සෞක්‍ය වාගේ දේවල් සමග සෙල්ලම් එපා. (දී)
පහේ ශිෂ්‍යත්වයට මගේ නම් කිසිම මනාපයක් නැහැ.මල් කැකුළු වගේ පුංචි දරුවන්ගේ ළමා කාලය බිද දැමීමෙන් ඔවුන්ගේ සිත් තුල ඇතිවන්නේ වෛරයක්. එය අපිට පෙනෙන්නේ නැහැ.දෙමාපියන්ට කිව්වට තේරුමකුත් නැහැ. තුන්වන පන්තියේ ඉදලම ළමයින්ව හරක් වගේ අමතර පන්ති සදහා ඇදගන යන දෙමාපියන් දකින්න පුළුවන්. ඒ පුංචි මනසට ඇතුළු වුන වෛරය කිසිදාක එයින් පහවෙන්නේ නැහැ. එහෙම නම් අපි කොහොමද ලස්සන අනාගතයක් දකින්නේ?සිදුවිය යුත්තේ මේ ඔලමොට්ටල අධ්‍යාපන ක්‍රමය හරි විදිහට හද ගැනීමයි. මම වැරදි නම් සමාවෙලා හරි ගස්සන්න. (නි)
කියමනක් තියෙනවා 'වෛද්‍යවරුන් අතින් වන වැරදි පොළවට අඩි 6 ක් යටින් වැළලෙන්නේය. විනිසුරුවරුන් අතින් වන වැරදි පොළවට අඩි 6 ක් උඩින් එල්ලෙන්නේය' කියලා. ඒ කියන්නේ ඒ දෙගොල්ලෝ අතින් වැරදි සිදුවුනොත් භයානක ප්‍රතිපල ලැබෙනවා කියන එකයි. එතකොට ගුරුවරුන් අතින් වන වැරදි? 'ප්‍රධානීන් විසින් වළලනු ලබන්නේය' ද? (නි)
ශාලාධිපතිට පිස්සුද? ළමයි අනාත කරන එක වැරදියි (නි)
විභාගෙට ලියන්නේ පුංචි ළමයි. ඒකවත් තේරුම් ගන්න බැරි පහත් ශ්‍රේණිවල අය මේවට යොදවන අයගේ තමයි වරද.එතකොට මේ දෙමව්පියෝ කියන්නේ බොරුද ? විභාග නම් හැමතැනම අවුල් .ඒක බොරු නෙමෙයි.දැන් ඔය ප්‍රශ්න පත්තර නැවත එකතු කළේ නැද්ද? ඒවා මාරු වුනෙත් නැද්ද? (නි)
මෙම ගුරු සංගමය හරිම ඔල්මොරොන්දම් ප්‍රකාශ නිකුත් කරන්නේ. කව්ද වැරැද්ද කළේ. කව්ද ප්‍රශ්න පත්තරේ බෙදන්නේ? ගුරුවරුම නේද? මට නම් මේ නාටක තේරෙන්නේ නැහැ.(නදී)
ලංකා ගුරු සංගමයත් ඉන්ෙන් ඉතින් විභාගයක් වරදිනකම් බලාගෙන (දී)
විභාගය පොඩි දරුවන්ගේ උනාට, හැම තැනම අසීරුතාවයට පත් වෙන්නේ දෙමව්පියෝ. (දී)