IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හොඳ කුඩම්මලාත් ඉන්න බව පෙන්වූ හොඳ චිත‍්‍රපටයක්

 

මගේ තිරපිටපතට අනුව නිෂ්පාදනය කෙරුණු ”සිටු දියණිය” චිත‍්‍රපටයේ මට ප‍්‍රථම වතාවට ප‍්‍රධාන චරිතය රඟපාන්න ලැබුණා. මේ චිත‍්‍රපටය උසස් නිර්මාණයක් හැටියට එළිදක්වන්නට මං කොච්චර කැපවීම් කළාද කිව්වොත් ඊළඟ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්න උඹට බාර දෙනවා කියලා ”සිටු දියණිය” අධ්‍යක්‍ෂවරයා මට කිව්වා. ඒ සිහිනය සැබෑ කර ගන්න බලාපොරොත්තුවෙන් සිටියත් ”සිටු දියණි” තිරගත කරලා අවුරුද්දක් විතර යනකොට ඒ උත්තමයා දිවි සිනමාවෙන් සමු ගත්තා. ඒ අධ්‍යක්‍ෂවරයා තමයි හර්බට් එම්. සෙනෙවිරත්න.

සඳැල්ල මතක පොතට ”සිටු දියණිය” චිත‍්‍රපටය ගැන සිය මතකය අවදි කරමින්  ඒ විදියට කතාව ඇරඹුවේ ලූෂන් බුලත්සිංහල නම් ජ්‍යෙෂ්ඨ කලාකරුවායි.

”රතු හැට්ටකාරී”, ”තාරාවෝ ඉගිලෙති” ඇතුලූ වේදිකා නාට්‍ය ගණනාවක නිර්මාණකරුවා, වන්නේ ඔහුය. ”දීකිරි..... දීකිරි.... ගෙනාව දීකිරි” රජ මැදුරක ඉපදී සිටියා නම් නුඹත් රජෙකි පුතුනේ” ඇතුලූ භාවපූර්ණ ගීත මාලාවක පද රචකයා වන්නේ ද ඔහුය. මේ අයුරින් නාට්‍යකරුවකු ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, රංගන ශිල්පියෙකු, ප‍්‍රවීණ මාධ්‍යකරුවකු හැටියට හැඳින්විය හැකි මේ ජ්‍යෙෂ්ඨ කලාකරුවා තමන් රඟපෑ  ”සිටු දියණිය” චිත‍්‍රපටය ගැන සිය මතකය මතක පොතේ පිටු අතරට ගෙන ආවේ මෙහෙමයි.

මං ගුවන් විදුලියේ සේවය කරමින් සිටින කාලයේ එකදවසක් එක්තරා පුද්ගලයෙක් ආවා මා මුණ ගැසෙන්න. මා ඔහුව හඳුනා ගත්තා. ඔහු තමයි හර්බට් එම්. සෙනෙවිරත්න ”දොස්තර”, ”සෙනෙහස”, ”හඳපාන” ආදී චිත‍්‍රපටවල රඟපෑ ඔහු සිංහල නළුවෙක් විදියටයි මං හඳුනාගෙන සිටියේ.

ඔහු පැමිණි කාරණය කිව්වා. ලූෂන් මං ළඟ පුංචි කතා වස්තුවක් තියෙනවා. ඒ කතා වස්තුවට අනුව චිත‍්‍රපටයකට තිර පිටපතක් ලියා ගන්නයි ආවේ. ලූෂන්ගේ ගාස්තුවත් මට කියන්න. ඊට පස්සේ මං කිව්වා ගාස්තුව ගැන පස්සේ කතා කරමු. දැන් වැඬේ කරමු කියලා. ඔය අතරේ මං කල්පනා කළා ඇයි හර්බට් අයියා මාව සොයාගෙන ආවේ කියලා. මගේ ”රතු හැට්ටකාරී” වේදිකා නාට්‍ය නරඹා තිබූ නිසාද? ගීත රචකයකු හැටියට මාව හඳුනාගෙන තිබූ නිසාද? එහෙම නැතිනම් ක්‍ෂේත‍්‍රය තුළ මං ගැන සිදුවන කතාබහ නිසාද? කියලත් හිතුණා.
ඊට පස්සේ හර්බට් අයියත් එක්ක කතාබස්වල යෙදෙමින් මම ”සිටු දියණිය” තිරපිටපත ලියලා හර්බට් අයියාට බාර දුන්නාම මේ කතාවේ හැටියට ප‍්‍රධාන චරිතයට  සුදුසුම නළුවා උඹ තමයි කිව්වා. ඔන්න ඔහොම තමයි ”සිටු දියණිය”  චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය මට ලැබුණේ.
මෙය තමයි මා ලියූ ප‍්‍රථම චිත‍්‍රපට තිර පිටපත. මේ තිරපිටපතට අනුව දිග හැරෙන කතාව මෙහෙමයි. තාත්තා කෙනෙක්, තරුණ දියණියක් සහ ගෙදර මෙහෙකරුවෙක් සිටින පවුලක බිරිඳ මිය ගිහින්. තරුණ දියණිය වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක්.

බිරිඳ මිය යාමෙන් පසුව ඔහු තරුණියක සමග ආදරයක පැටලෙනවා. තරුණියගේ පාර්ශ්වයෙන් අකමැත්ත ප‍්‍රකාශ වුණත් මේ දෙදෙනා විවාහවීමට සූදානම් වෙනවා. එහෙත් එකම බාධාව වන්නේ තරුණ දියණියයි. ඇය මේ ගැන දැන ගන්නවා. මේ ගැන සිය මිතුරියන්ට පවසනවා. අපේ රටේ සමාජ සම්මතයට අනුව කුඩම්මා කෙනෙක් ගෙදරකට ආවොත් සිදුවන විපත්තිය ඔවුනොවුන් සාකච්ඡා කරනවා.

කෙසේ වෙතත් ඔහු ඇයව විවාහ කරගෙන ගෙදරට කැන්දාගෙන එනවා. දැන් කුඩම්මාට පෙර දියණිය යුද්ධ ප‍්‍රකාශ කරන්නට සූදානම්.

මේ නිසා පියා සහ දියණිය අතර වාදවිවාද හට ගන්වා. නමුත් කුඩම්මා මේ සියල්ල ඉවසා සිටිමින් සැමියාටත් ඔහුගේ දියණියටත් මවකමෙන්  බිරිඳකමෙන් සෙනෙහස දක්වන්නට උත්සාහ  ගන්නවා. වරක් දියණිය සිය පියා සමග උරණවී ගෙදරින් පිටවී මිතුරියකගේ  නිවසෙහි නවතිනවා.

 




මේ අතර ඇය රිය අනතුරකට ලක්වෙනවා. මෙහිදී ඇයට සියලූ සත්කාරයන් සහ මව් සෙනෙහස ලබා දෙන්නේ කුඩම්මා විසින් අවසානයේ ඇය කුඩම්මා මවක ලෙස ආදරයෙන් පිළිගන්නවා.

මේ කතාවේ පියාගේ චරිතයට රඟපෑවේ මම. කුඩම්මාගේ චරිතය රඟපෑවේ ශ‍්‍රියානි අමරසේන. දියණියගේ චරිතය රඟපෑවේ මෙහි නිෂ්පාදිකාවගේ දියණිය වන පාලිකා දිල්රුක්ෂි. දියණියගේ මිතුරියක ලෙස ගෝතමී පතිරාජ රඟපානවා. ඒ මිතුරියගේ පියා විදියට හර්බට් එම්. සෙනෙවිරත්න රඟපෑවා. තිස්ස වීරසිංහ, ලක්ෂ්මන් පතිරණ, සරත් ජයවර්ධන, ඇනස්ලි නානායක්කාර, ලෙනින් වික‍්‍රම සෙසු චරිතවලට පෙනී සිටියා.

නිෂ්පාදනය කළා ආර්. පත්තිනිගේ මහත්මිය. කැමරාව - මර්සලීන් එස්. පෙරේරා, සංගීතය ඔස්ටින් මුණසිංහ, සංස්කරණය සිරි කේ. විතාරන, නිෂ්පාදන කළමනාකරු අරුණ පත්තිනිගේ. ගීත රචනා කළා මම සහ හර්බට් එම්. සෙනවිරත්න. ගායනා කළා සිසිර සහ ඉන්ද්‍රානි මගේ යෝජනාවක් අනුව තමයි ඔස්ටින් මුණසිංහ මහත්මයාට මේ චිත‍්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂණය භාර කළේ.

හර්බට් සෙනෙවිරත්න මහත්මයාගේ කතාවට අනුව මං මේ තිර පිටපත ලියනකොට මං ගොඩක් උත්සාහ  ගත්තා කුඩම්මා පිළිබඳව තියෙන සමාජ සම්මතය බිඳින්න. මේ නිසා කුඩම්මා ගැන තියෙන දුර්මත ඔක්කෝම දියණියගේ  චරිතයට එකතු කළා.

සෑම කුඩම්මා කෙනෙක්ම නපුරු නැහැ කියන මතය ශ‍්‍රියානි අමරසේනගේ චරිතය තුළින් මතු කර ගන්න මම උත්සාහ ගත්තා.

මේ තරුණ දියණිය සහ මිතුරියන් කුඩම්මා කෙනෙක් ගැන කතාවෙන්නේ සමාජ සම්මතය අනුවයි. මේ සමාජ සම්මතයට අනුව ඇය බියට පත්වෙලා. ඇය කොතරම් බියට පත්වෙලාද කියා පෙන්වන්න මගේ තිර රචනයට රූප රාමුවක් ඇතුල් කළා. මේ විදියට තාත්තා කුඩම්මා විවාහ කරගෙන නිවසට කැඳවාගෙන එන  දවසේ තමන් කුඩා කාලයේ සිටම ආදරයෙන් ආරක්ෂා කරගත් බෝනික්කාගේ බෙල්ලට තොණ්ඩුවක් දමා තාත්තාගේ කාමරයේ එල්ලා තබනවා. මෙයින් කියැවෙන්නේ දුගේ ජීවිතය ඉවරයි කියන අදහසයි. තාත්තාටත් කුඩම්මාටත් දියණියගේ හිත කියවන්න පුළුවන් වෙනවා.

ඇය වෛද්‍ය විද්‍යාල සිසුවියක් නිසා මිනී ඔලූවක් ගෙදර මේසය උඩ තබනවා. ඊට පසුව ඇය මෙහෙම අහනවා. කුඩම්මාට ඇහෙන්න. උඹ කවුද? කවුද උඹට මෙහෙ එන්න කිව්වේ. මේ සියල්ල ඉවසා දරා සිටින කුඩම්මා තමන්ගේ සැබෑ සෙනෙහස දක්වන්න ඇගේ උපන් දිනය සමරන්න සියල්ල ලකලෑස්ති කරනවා. වෛද්‍ය විද්‍යාලයේ සිට නිවසට ඇතුලූ වන ඇයට ඇය වෙනුවෙන් කුඩම්මා සූදානම් කර තිබූ බර්ත්ඬේ පාටිය දැක ගන්නට ලැබෙනවා. කව්ද කිව්වේ මගේ උපන්දිනය අද කියලා. කව්ද කිව්වේ පාටි දාන්න කියලා. මට  ඕනැ නැහැ මේවා කියලා. ඇය බර්ත්ඬේ කේක් කෑලි කෑලිවලට කඩලා විසි කරනවා.

කුඩම්මා පිළිබඳව භයංකාර සමාජ සම්මතය හිතේ දරා සිටින ඇය පියා සමග වාද වෙනවා. ඇය පියා සමග අමනාපවී මිතුරියකගේ නිවසට ගොස් නතර වෙනවා. මේ කාලයේදී ඇය රිය අනතුරකට ලක්වෙනවා. රෝහල් ගත කරනවා. එහිදී ඇය අසරණයි. මේ අසරණ වූ අවස්ථාවේ ඇගේ පිහිටට එන්නේ කුඩම්මා පමණයි.

රැකවරණය ආරක්ෂාව සාත්තුව ඇයට නොඅඩුව ලබා දෙන්නේ කුඩම්මා පමණයි.

ඇය රෝගාතුරව සිටි කාලයේ ඇයට සෙත් පතා  කුඩම්මා ආගමික වතාවත්වල යෙදෙනවා. භාරහාර වෙනවා. ඇය සුවපත්වූ  පසු  පොරොන්දු වූ භාරයක් ඔප්පු කරන්නට  ඇය සමග කුඩම්මා විහාරස්ථානයට යනවා.  ඇය  සුවපත් කර ගන්නට මවක මෙන් කුඩම්මා වෙහෙසගත් බව ඇයට වැටහෙනවා. එතැනදී ඇය මවට දැක්වූ සෙනෙහසින්ම කුඩම්මා සිප වැළඳ ගන්නවා.

”සිටු දියණිය” චිත‍්‍රපටයේ එන මේ උච්චතම අවස්ථාව  මතුකර ගන්න ශ‍්‍රියානි අමරසේන සහ පාලිකා ඉතා ප‍්‍රබල රංගනයක යෙදුනා කියන්න පුළුවනි. ඒ වෙලාවේ  ශ‍්‍රියානි  සහ පාලිකා ඇත්තටම ඇඬුවා කියලයි මං හිතන්නේ. එය කොයිතරම් සංවේදී අවස්ථාවක්ද කිව්වොත් කැමරාව පිටුපස්සෙන් සිටි හර්බට් අයියත් අඬනවා මං දැක්කා. ලූෂන් මටත් දුක හිතුනා බං ඒ සීන් එකට. හර්බට් අයියා බොහොම සංවේදී අධ්‍යක්‍ෂවරයෙක් කියලා මට තේරුම් ගියා.

රූපවාහිනිය පැමිණි මුල් කාලයේදී මා අධ්‍යක්‍ෂණය කළ ”එක මවකගේ දරුවෝ” ටෙලි නාට්‍යයේ රඟපෑ ශ‍්‍රියානි අමරසේන සමග මේ චිත‍්‍රපටයේ මට ප‍්‍රධාන චරිතය රඟපාන්න ලැබීමත් විශේෂත්වයක්.

එක සීන් එකක් කරන්න තිබුණා බොහොම සෙනෙහසින් ශ‍්‍රියානිගේ මුහුණ සිප ගන්න. සිනමාවට ආධුනික මං වගේ කෙනෙක් කොහොමද මේ ප‍්‍රවීණ නිළියගේ මුහුණ සිප ගන්නේ කියලා මට හරි චකිතයක් ඇතිවුණා. කොහොමහරි ඉතින් සීන් එක කරනකොට අධ්‍යක්‍ෂ කෑගැහුවා ලූෂන්ගේ නහය මුක්කන් වෙලා කියලා. හරි අමාරුවෙන් ඒ සීන් එක ආයෙත් කරන්න සිද්ධ වුණා.

 



හපුතලේ සහ මහරගම චන්ද්‍රා මල්ලවආරච්චි මහත්මියගේ නිවසේ තමයි රූගත කිරීම් වැඩිපුරම කෙරුණේ. මෙහිදී චන්ද්‍රා මල්ලවආරච්චි මහත්මිය ඇගේ කණ්ඩායමේ හොඳ මිතුරියක් බවට පත් වුණා. ශ‍්‍රියානි අමරසේන තමයි ඇගේ හොඳම මිතුරිය වුණේ. ඒ මිත‍්‍රකම කොච්චර දුරදිග ගියාද කිව්වොත් තිස්ස අබේසේකර සිනමාකරුවා අධ්‍යක්‍ෂණය කළ ”විරාගය” චිත‍්‍රපටයේ නිෂ්පාදිකාව වුණේ  චන්ද්‍රා මල්ලවආරච්චි මහත්මියයි. ඒ චිත‍්‍රපටයේ ශ‍්‍රියානි රඟපෑවා.

”සිටු දියණිය” තිරගත කළ 1982 අගෝස්තු මාසේ 14 වැනිදා මංගල දර්ශනයට මං සහභාගි වුණා. නිෂ්පාදකගේ පාර්ශ්වයෙන් සිදුවු සුළු සුළු අඩුපාඩු නිසා තිරකතාවේ තිබුණු සමහර දර්ශන රූගත කළේ නැහැ. ඒ අඩුව මං එදා දැක්කා. ප‍්‍රචාරක කටයුතු දුර්වල වූ නිසා චිත‍්‍රපටය ජනතාව අතරට ගෙනයන්න ලොකු බාධාවක් වුණා. කියලයි මං හිතන්නේ. මට මතක හැටියට කිසිම විචාරකයෙක්  ලියලා තිබුණේ නැහැ පුවත්පතකට.

ශ‍්‍රියානි අමරසේන බොහොම ප‍්‍රවීන නිළියක්. ඇයත් සමග රඟපාන්න පාලිකා දිල්රුක්ෂි කියන නවක නිළිය තෝරාගැනීම ගැන මං මුලදි පුදුමයට පත්වෙලා හිටියත් පසුව මට තේරුම් ගියා හර්බට් අයියගේ තේරීම  හරි කියලා. ඇයගේ රඟපෑම හරිම ප‍්‍රබලයි. ඒත් සිටු දියණිය  චිත‍්‍රපටයේ රඟපෑමත් සමගම ඇය සිනමාවෙන් සමු ගත්තා. හර්බට් අයියා දිවි සිනමාවෙන් සමු ගත්තා.

 

සටහන/ඡායාරූප අමරදාස සිල්වා

 



අදහස් (0)

හොඳ කුඩම්මලාත් ඉන්න බව පෙන්වූ හොඳ චිත‍්‍රපටයක්

නීල් Wednesday, 10 July 2013 06:45 PM

ඔය පින්තුරේ මම බලලා තියෙනවා ඉස්කෝලේ යන කාලේ. අපි කොල්ලෝ ටික හූ කිවුවා ඒක ඉවර වෙනකොට (දී)

:       0       0

සරත් අතාවුද Thursday, 11 July 2013 12:19 PM

ගුවන් විදුලියෙන් ආව ඔබලා ජාතික ගුවන් විදුලියට ඔබලාව අමටක වෙලා (දී)

:       0       0

නිල්මිණි Wednesday, 10 July 2013 07:47 PM

ඔබ හොද කලාකරුවෙක්. (දී)

:       0       0

සංජීව Friday, 19 July 2013 09:42 AM

මෙයා ගේවත් මෙයාගේ පුතා ගේවත් වැඩ මෙලෝ රහක් නැහැ .... මෙයාගේ අසාර්ථක කමට පල් වෙන මිනිස්සු නෙමේ මෙයාගේ මෙලෝ රහක් නැති නිර්මාණ (අ)

:       0       0

කපිල Thursday, 11 July 2013 01:06 PM

ඔබ ගොඩක් දක්ෂ කලාකරුවෙක් මම ගොඩක් ප්‍රිය කරන කලාකරුවෙක් (අ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 July 2013 01:41 PM

ඔබ දක්ෂ කලාකරුවෙක් කියාවත් රටට බොහෝ දේ දායාද කලා කියාවත් මම නොකියමි. ඊට හේතුව එය හැමෝම දන්නා දෙයක් නිසා. (නි)

:       0       0

පර්නාඩ් Wednesday, 17 July 2013 10:13 AM

කුමාරි කියලතියෙනවා හරි මුන් ඔක්කොමනරි (අ)

:       0       0

කුමාරි Friday, 12 July 2013 10:16 AM

නීල්, ඒ කියන්නේ ඒ කාලේ නරිත් චිත්‍රපටිය බලන්න ඇවිත්.''ඔබතුමාට දිර්ගායු වේවා,! (දී)

:       0       0

බර්නාඩ් Tuesday, 16 July 2013 03:35 PM

කුමාරි නොදන්නා දේවල් නොලියා ඉන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 76 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 121 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 217 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 769 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 538 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 363 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24834 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site