උද්භිත විද්‍යාත්මික ගයිනොප්ඩි වල්ල ලෙස හඳුන්වන වල්ලාපට්ට ශාකයේ ආර්ථීක වටිනාකමක් ඇත්තේ රෝගී ශාඛවල පමණක් බවත් නිරෝගී ශාඛ කපා විනාශ කිරීම මහත් අපරාධයක් බවත් මෙරට ප්‍රකට කෘෂි විද්‍යාඥයකු වන පියල් මාරසිංහ මහතා පවසයි.
වල්ලපට්ටා ශාකයේ කඳට දිලීර ආක්‍රමණයක් මගින් එහි වන ස්වාභාවික රසායනික සංයෝගය සහිත රෙසිනය සහිත ශාක පමණක් ආර්ථීක වටිනාකමකින් යුක්ත බව ඔවුහු කියති.
ඉවක් බවක් නොමැතිව කැලෑවල ඇති වල්ලපට්ටා ශාක විනාශ කිරීම සුලභව සිදු කරන බවත් මෙය වහා නතර කළ යුතු බවත් ඒ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ තෙත් හා අතර මැදි භූගෝලීය කළාප තුල වල්ලපට්ට ශාකය සුලභව වැවේ.
නියමාකාරයෙන් දිලීර ආක්‍රමණය කැර ඇති රෝගී වල්ලාපට්ට කිලෝවක වෙළෙඳ පොළ වටිනාකම රුපියල් ලක්ෂ 125 ක් පමණ වන බව ඔහු කියයි.
මේ වල්ලපට්ට ශාක පහසුවෙන් වගා කළ හැකි බව පෙන්වා දෙන මාරසිංහ මහතා පවසන්නේ රජය මෙම කටයුත්තට මැදිහත් වන්නේ නම් වල්ලාපට්ටා වගා කැර සෘජුවම ආනයනය කිරීමෙන් රට සල්ලි උපයාගත හැකි බවයි.
මිල අධික සුවඳ විලවුන් නිශ්පාදනයට වල්ලපට්ටා රෙසිනය (දුම්මල) යොදා ගැනේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගාවන් සදහා මෙම ශාකය ලබාගන්නේ කොහොමද? (නදී)
ඉතා වැදගත් කරුණු ඇතුළත් ලිපියක් (නි)
පියල් මාරසිංහ මහත්මයාණනි , කරුණ කරලා මේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙන පුලුවන්ද ?හැමෝම ප්‍රසිද්දියේ ලියන (අ)
මම මේ ගහ ගැන හොයනවා. හඳුනාගන්න හැටි කියනවද? (නදී)
හරියට කලොත් මේක හොඳ වැඩක්. හැබැයි තායිලන්තයේ වල්ලා පට්ටා වගා කරන වැඩසටහනකට ආයෝජනය කරපු ටච් වූඩ් එක වහන්න යන්නේ. මිලියන ගණන් ඉන්වෙස්ට් කරපු අය අද අමාරුවේ. ගස් හිටවන එක හොද වැඩක්. හැබැයි හොරුන්ට රැවටෙන්න එපා. (නදී)
මිල නිසා හොරෙන් කපන එක වැඩිවෙන්නවා නේද? මිනිස්සු බල්ලෝ මරලහරි සල්ලි හොයන කාලයක් මේක. වැඩපිළිවලක් ඕනේ මේ වගේ දවල් වලට. (නදී)
හෙට අනිද්දා වෙනකොට නිකන්ම රුපියල් 125 වෙනවා. කමක් නැහැ.වවලා බලමු. (නදී)
කරදමුන්ගු, කරාබුනැටි, සාදික්කා, වසාවාසි.ඉගුරුපියලි.කොත්තමල්ලි.චුන්පූග.නාගවල්ලි.වල්ල පට්ටා. මෙවා අපි වගාකරලා පිටරටවල් වලට යවල සල්ලි හොයමුකෝ..........// (නදී)
රජයෙන් මේක කරන්න ගියොත් වැඩ කරන අය රජයෙන් පඩි අරගෙන හොඳ පලදාව හොරට විකුනනවා. හොඳම දේ තමයි පුද්ගලික අංශය හෝ ග්‍රාමීය මට්ටමින් ප්‍රචලිත කරලා අවශ්‍ය තාක්ෂණය ලබා දුන්නනම් ගොඩක් අය අතරේ අදායම බෙදිලා යනවා වගේම නිෂ්පාදනයත් වැඩි කරගන්න පුළුවන්.(නදී)
මට කතාකරන්න කරන හැටි කියා දෙන්න 00393280485356. රන්ජිත් . (නදී)
මේ ශාඛය ලෙඩ කරන හෑටි අත්හදා බලන්නත් එක්ක රසායනික පෝර පාරක් දාලා බලන්න ශ්‍රියානි. නෑත්නම් රජරට වතුර පාරක් දාන්න. (නදී)
මම නම් හිතන්නේ නැහැ ලක්ෂ 125 වෙයි කියලා වල්ලපට්ට කිලෝ එකක්. වැරදිලා වත්ද? (නදී)
ශිරාණි, මේ ගස රෝගී කරන්න එයට වයස වසර 4ක් 5 ක් වත් වෙනකම් ඉන්න ඕනා. නැත්නම් ගහ මැරෙන්න පුළුවන්. ඉන් පසු වැහි කාලයේ දී ගහේ තැන තැන ඩ්‍රිල් එකකින් සිදුරු කර ස්වභාවිකව දිලිර ඇතුළු වීමට ඉඩ හරින්න. එසේත් නැත්නම් ගහේ පිට පොත්තේ හැදෙන දිලිර සුරා ජලයේ දියකර සිදුරු වලින් ඇතුල් කරලා බලන්න. ඊට අමතරව ගහේ යකඩ කුරු විදීම , තැන තැන පොරෝ පහර දීම , කඳට පරාල ඇන ගහන එකත් සමහර රටවල කරනවා. (නදී)
රජයම කරනකං ඉන්නේ නැතිව. ඇයි මිනිස්සුන්ට බැරි ගස් ටිකක් හිටවගන්න. මට තියෙන ප්‍රශ්නය කොහොමද මේ වායේ දුම්මල හැදෙන්න ගහ රෝගී කරන්නේ. දන්න කෙනෙක් ඉන්නවානම් ඒක කියන්න. මම ගස්ටිකක් දැනටම හිටවල තියෙනවා.(නදී)
රජය මෙම ක්‍රමය අනුගමන කරන්න. ඒ මහතා කියන කාරණය අවබෝද කරගෙන, බොරු වට පොලිසියේ කාලය නාස්ති නොකර, මර්ජුවානා, අසිස්, හෙරොයින් වගේ දේවල් වලට වඩා, හොද දෙයක් කර මිනිසුන් පොහොසත් කිරීමයි තේරුම් ගත යුත්තේ. (නදී)
කවුරු හරි විශේෂඥයෙක් කියනවද මේ වල්ල ගස්වල දුම්මල හැදෙන්න මොකද කරන්න ඕනා කියලා.(නදී)
මේ නම අර ඉන්දියාවේ හිටපු දේශපාලකයෙකුවන වල්ලභෛ පට්ටේල්ගේ නමට සම්බන්ධ එකක්ද? (නදී)
අනේ ඔව් රජය ඔය කාර්යට අත ගහවි මෙන්න කියලා. ඔය මහපරිමනෙන් ගස් ටික කපන්නේ කව්ද කියල මිනිස්සු දන්නවා. (නදී)
හොරෙන් කපන එක නවත්වන්න ලේසි නැහැ. (නදී)
පට්ට ඇමති කෙනෙක් පත් කරලා හරි වැඩේ වැඩේ පටන් ගමු. ඒක ජෝන් අමරතුංගට දෙමු.(නදී)
දැන් ඉතින් අපේ අය එළවලු වගාව නවත්තල රට පුරාම වල්ලපට්ට වවල ටොන් එකක් රුපියල් 125 කටවත් දෙන්න බැරි වෙයි (දී)
කිලෝවක් ලක්ෂ 125 ක් රත්තරන්ද ගණන් වල්ලපට්ටාද? කමක් නෑ මේ විදිහට හරි කියලා වැඩෙ නවතිනව නම්. ඔහොම කිවිවට ගෙනත් දෙනවා නමි ඔන පට්ටයක් ගන්න ගැනුම් කාරයෝත් ඉන්නවනේ.(නදී)