(තිලකරත්න දිසානායක)
මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක පවතින සහල් මෙට්‍රික් ටොන් 21ක් සත්ව ආහාර සැකසීම පිනිස ඒකල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය සදහන් කරයි.
මෙහිදී එම ගබඩාවෙහි භාරකරු සමග කළමනාකරුද අත් අඩංගුවට ගනු ලැබූ බවත් සහල් තොගයෙහි වටිනාකම රුපියල් ලක්ෂ 39 ක් පමණ වන බවත් දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා පැවසීය.
පොලොන්නරුවේ සිට සහල් තොගය රැගෙන විත් ඇති බව අනාවරණය වී ඇති බවද විමර්ශන ප්‍රධානීවරයා කීය.
පාරිභෝගික සේවා අධිකාරියේ 1977 දරණ හදිසි ඇමතුම් අංශයට ලැබී ඇති තොරතුරක් මත එම අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කොට ඇති අතර අත් අඩංගුවට පත් සැකකරුවන් ජනවාරි මස 6 වෙනි දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණයහමුවේ පෙනී සිටීමට යටත්ව බැදුම්කර ඇපමත මුදාහැර ඇත.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොඳ සහල් තොගයක් සතුන්ට දෙන්න සඟවලා