IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හොඳම නිළිය වෙන්න සිහින මවනවා

20160310-ent-180

නිරූපණ ක්ෂේත්‍රයෙන් යායුතු ඉහළම ස්ථානයේ ජයග්‍රහණය හිමිකර ගත් ඇය ඉමායා ලියනගේය. මිස් ශ්‍රී ලංකා තරගයක් තුළදී ඉතිහාසයේ පළමුවැනි වරට ජනප්‍රිය කිරුළ මෙන්ම, මිස් ශ්‍රී ලංකා කිරුළද හිමිකරගත් එකම යුවතියද වන්නේද ඇයයි. ඇය වර්තමානය වන විට රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර, ඉදිරියේදී ඇයගෙන් නිරූපණ ක්ෂේත්‍රයේ නවකයනට කදිම අවස්ථාවක් ලබාදීමට තීරණය කර ඇත. ඒ පිළිබඳව සහ ඇගේ රංගන කටයුතු පිළිබඳව අද සමග යෙදුණු කතාබහකි මේ.

 

20160310-ent-172මේ දිනවල වැඩකටයුතු කොහොමද?

මේ දිනවල නම් ටෙලිනාට්‍යවල වැඩකටයුතු කරගෙන යනවා. ඊට අමතරව මේ මාසයේ මැද වගේ මගේ පළමුවැනි චිත්‍රපටයේ රූගත කිරීම් පටන් ගන්නවා. දෙවැනි චිත්‍රපටය ජුනි මාසයේ කරන්න ඉන්නේ. මැයි මාසයේ මගේ මොඩ්ලින් ඇකඩමි එක පටන් ගන්න හිතන් ඉන්නවා.

 

මෙතෙක් දායක වූ ටෙලිනාට්‍ය?

මගේ පළමුවැනි ටෙලිනාට්‍ය තමයි දෙරණ රූපවාහිනියේ විකාශනය වන %අංකල් සෑම්^ ටෙලිනාට්‍යයි. ඊට පස්සේ මම දායක වුණා රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් "ළබැඳියේ" කියලා. එහි මේ දිනවල රූගත කිරීම් නැහැ. නමුත් %අංකල් සෑම්^ එකේ නම් දිගටම රූගත කිරීම් කරගෙන යනවා.

 

ටෙලි නාට්‍ය සඳහා අවතීර්ණය ගැන කතා කළොත්?

මම මිස් ශ්‍රී ලංකා වුණාට පස්සෙ හැම පත්තරයකම වගේ මුල් කවරයේ ඡායාරූපයක් පළවුණා. ඉතිං නිල්වලා එකෙන් තමයි මට මුලින්ම ආරාධනාවක් කළේ. ඒ තරුණි පත්තරේ මුල් කවරය දැකලා. නමුත් එහෙම ආරාධනාවක් ලැබිලත් සෑහෙන කාලයක් ගියා නාට්‍යයක් සඳහා දායක වෙන්න. ඉන්පස්සෙ තමයි "අංකල් සෑම්" නාට්‍ය සඳහා සම්බන්ධ වෙන්නේ.

 

මිස් ශ්‍රී ලංකා කිරුළ සහ එම තරගය පිළිබඳව මතක් කළොත්?

මිස් ශ්‍රී ලංකා කිරුළ ගැන කතා කරනවා නම්, 2013 මිස් ශ්‍රී ලංකා තරගයේදී ජයග්‍රහණය කරන්න ලැබුණේ නැහැ. නමුත් අන්තිම දොළොස් දෙනා අතරට තරග කරනු ලැබුවා. 2013 ජයග්‍රහණයක් හම්බුණේ නැතිවුණත් මම අදහස අතහැරියේ නැහැ. ඊට පස්සෙ 2014 දී මම නැවතත් දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට අයදුම් කළා. ඉතිං අපි මාස තුනක කාලයක් තරගයක් සඳහා කොහොමද සූදානම් වෙන්නේ කියලා පුරුදු පුහුණුවීම් කළා.

අපි කනබොන විදිහ, ඇවිදින විදිහ, අනිත් අයත් සමග කතා කරන විදිහ යන කාරණා හැමදෙයක්ම පුරුදු පුහුණු වෙන්න සිද්ධ වුණා. බියුට් ක්වීන් කෙනෙක් කියලා කියනකොට ජයග්‍රහණය කරන කෙනා ජාත්‍යන්තරයට යන්න ඕන. අනෙක් රටවල් එක්ක තරග කරන්න ඕන. මේ හැමදෙයක් පිළිබඳවම මාස තුනක කාලයක් පුහුණුවක් හම්බ වුණා. අන්තිම වටයට යන විට පහළොස් දෙනෙක් හිටියා. ඒ පහළොස් දෙනා අතරින් මට ජයග්‍රහණය කරන්න හම්බවුණා. ඒ එක්කම ජනප්‍රිය තරගකාරියට ලැබිය යුතු සම්මානයත් මට හිමිවුණා.

විශේෂයෙන් දෙයක් කියන්න ඕන, මිස් ශ්‍රී ලංකා තරග දහයක් පවත්වලා තිබෙනවා. මම තමයි නවවෙනි තරගයේදී ජයග්‍රහණය කළේ. එතකොට එම තරගයේ ප්‍රධාන කිරුළ වන ජනප්‍රිය කිරුළයි, මිස් ශ්‍රී ලංකා කිරුළයි දෙකම එකට ලබාගත්තු ඉතිහාසයේ එකම කෙනා වුණෙත් මමයි. ඒ කාරණාව පිළිබඳවත් ගොඩක් සතුටුයි.

ඊට අමතරව ගිය අවුරුද්දේ Miss Global Beauty Queen කියන තරගය සඳහා ලංකාව නියෝජනය කළා. ඒ වගේම 2014 දෙරණ මිස් ශ්‍රී ලංකා ජාත්‍යන්තර තරගයේදී රටවල් 102කින් මට කිරුළු තුනක් ජයග්‍රහණය කරන්න හැකියාව හිමිවුණා. ඒකත් විශේෂයි. මොකද මේ වෙනකල් සීමිත පිරිසක් තමයි මෙවැනි පදක්කමක්, කිරුළක් ලංකාවට රැගෙන විත් තියෙන්නේ. අවුරුද්දේ Miss Global Beauty Queen තරගය ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණේ නැහැ.

 

නවකයන් වෙනුවෙන් ආරම්භ කරන මොඩ්ලින් ඇකඩමියේ නව ආරම්භය පිළිබඳව කතා කළොත්?

මගේ මොඩලින් ඇකඩමි එක ගිය අවුරුද්දේ තමයි ආරම්භ කළේ. ගිය අවුරුද්දේ Miss Global Beauty Queen තරගය සඳහා ලංකාව නියෝජනය කරන්න සූදානම් වෙද්දි ගොඩක් කාර්යය බහුල වුණා. ඒ හේතුව නිසා ටික කාලයකට ඇකඩමි එක නවත්වන්න වුණා. ඉතිං නැවත එය විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. මම පටන්ගත්තු වෙලාවෙත් ළමයි 20- 25ක් විතර එක්වුණා.

 

මෙහි කාර්යයභාරය?

සාමාන්‍යයෙන් බොහෝ ඇකඩමි වල කැට් වෝක් එක උගන්වන එක අනිවාර්යයෙන්ම වෙනවා. නිරූපිකාවක් සඳහා ඒක අනිවාර්යයි. ඊළඟට ඡායාරූප සඳහා පෙනී සිටින්නේ කොහොමද, pose කරන්නේ කොහොමද යන කාරණා පිළිබඳව දැනුවත් කරනවා. ඒ වගේම ඒ අයගේ Fitness පැත්ත හදාගන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවත් හොඳ දැනුමක් ලබාදෙනවා. නිරූපිකාවක් නොවුණත් ශරීර සෞඛ්‍යය පිළිබඳව බොහෝ දේවල් කියල දෙනවා. ඊට අමතරව ටික කාලයක් යනකොට ඒ අයව වෙළෙඳ දැන්වීම් හෝ නාට්‍ය සඳහා සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන සඳහන් කළොත්?

මගේ පැත්තෙන් ගත්තොත් මිස් ශ්‍රී ලංකා කිරුළ හැම ගෑනු ළමයෙකුටම ලබාගත නොහැකි දෙයක්. මහන්සිවෙලා බොහෝ කැපවීම් කරලා තමයි ඒ ජයග්‍රහණය සඳහා යාමට හැකියාව ලැබුණේ. ඒ පැත්තෙන් මට ලබාගන්න පුළුවන් ඉහළම තැන ලබාගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් තියෙන බලාපොරොත්තුව තමයි රංගනය පැත්තෙන් බොහෝ ඉදිරියට යන්න. මම තාම රංගනයට නවකයෙක්. රංගනය පැත්තේ දේවල් හදාරලා ලංකාවේ හොඳම නිළිය වැනි සම්මානයක් ගන්න තමයි මගේ බලාපොරොත්තුව. ඊට අමතරව සමාජ සේවා කටයුතුවල නිරත වෙනවා. ඒ දේවලුත් ඉදිරියට වැඩියෙන් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා

 

ada

20160310-ent-158 20160310-ent-159
20160310-ent-160
20160310-ent-161
20160310-ent-162
20160310-ent-163
20160310-ent-164
20160310-ent-165
20160310-ent-166
20160310-ent-167
20160310-ent-168
20160310-ent-169
20160310-ent-170
20160310-ent-171
20160310-ent-173
20160310-ent-174
20160310-ent-175
20160310-ent-176
20160310-ent-177
20160310-ent-178
20160310-ent-179

 



අදහස් (0)

හොඳම නිළිය වෙන්න සිහින මවනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2382 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 420 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1700 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5028 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3389 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3738 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site