139 වැනි ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් දීප ව්‍යාප්තව පැවැත්වූ කාර්යක්ෂම තැපැල්කරු තේරීමේ තරඟයෙන් පළමු තැන දඹුල්ල කළුන්දෑව උප තැපැල් කාර්යාලයයේ තැපැල්කරු එස් සුනිල් ද සිල්වා ජයසේකර මහතාට හිමි විය.
පසුගිය වසරේ ද හොද තැපැල්කරුට හිමි සම්මානය දිනා ගත්තේ ඔහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්තුෂ්ටි පරමං ධනං කිව්වනේ. මුහුණෙන්ම පේනවා ධනයට වඩා සේවයෙන් තෘප්තිමත් වුණ අයෙක් බව. ඔබට ජය!! (නි)
ආසියානු රටක තැපැල් අංශයේ අයෙක් රටේ ඉහළම තනතුරක් ගත්තා. ඔබටත් ඉහළ තනතුරක් ලැබේවා! (නි)
උණුසුම් ප්‍රතිචාර.බොහොම හොඳයි.ළඟදීම උසස්වීමක් දෙන්න ඇමති මහත්තයෝ. (නි)
පිටිගල මිලානෝ මහත්තයා කියන්නේ මම හිතන විදියට ඉතාලියේ ඉන්න ලියුම් බෙදන අය ගැන නොවෙයි. මම හිතන්නේ වෙන මොකක් හෝ රැකියාවක් කරන කෙනෙක් වෙන්න ඇති (නි)
ජනතාවට සේවය කරන්න ඇමතිවරු මන්ත්‍රී වරු වෙන්න ඕන නම් මෙන්න හොදම උදාහරනයක් (අ)
ඔන්න මිනිස්සු, දෙන්න හොද අත්පොළසන් නාදයක්. (නි)
මෙවැනි පුද්ගලයන් රටට ආදර්ශයක් (නි)
හොඳම පියුන් මහතා තෝරාගන්න ක්‍රමවේදයක් පළකළා නම් තවත් වටිනවා (නි)
අපේ ගමෙත් හිටිය කලක් පියුන් කෙණක් ලිපි ටික කිසිප්පෝ ගෙදර (අ)
පාන්දරින් ලියුම් මාමා ලියුම් ගන්නාවා (අ)
ඇත්තටම හොඳ වැඩක්, මේ වගේ හොඳම අය තෝරලා වටිනා යමක් දෙන එක. කවුරුත් උනන්දුවෙන් වැඩ කරාවි. එක් කෙනෙක් නම් තෝරලා වැඩක් නැහැ. අඩු ගානේ දිස්ත්‍රික්කයකට 10 ක් විතර දෙන්න ඕනෑ (නි)
මට ටිකක් පැහැදිලි නැහැ වගෙයි (නි)
මොනවා! ගිය වසරේත් හොඳම තැපැල්කරු. තවමත් තැපැල්කරු. ඇයි මෙයාට උසස්වීමක් දෙන්නේ නැත්තේ? වැඩි දෙනෙකුට සිද්දවෙනවා වගේ ඉහලට යනකොට නරක්වෙයි කියල බයටද? මට නම් පේන්නේ ඉතාම නිහතමානී මනුස්සයෙක්. දැන්වත් මෙයාව ඉහලට දාන්න. (ත)
සවස 3 වෙනකන් ලිපිබෙදන පියුම් මහත්වරුත් ලංකාවේ ඉන්නවා. පඩිය නම් අඩුයි. උසස්වීමක් නැති වුණත් ඔහු තෘප්තිමත් සේවකයෙක්. මහජනයාට සේවය කරන්න උසස්වීමක්ම අවශ්‍යද? අනෙක් අය මොනවා හිතුවත් ඔහු එහෙම හිතන්නේ නැතිබව පෙනෙනවා. ඔබ තැපැල් දෙපාර්තමේන්තුවට ආඩම්බරයක්! (නි)
අපේ කාලයේ නම් පෙම්වතුන්ගේ හොඳම මිතුරා පියුම් මාමාය. පියකරු යුවතියන් අම්මාට හොරෙන් ජනේලයේ එල්ලී උදේ සිට බලා ඉන්නේ පියුම් මාමා එනතෙක්ය. සියලු බාධක ජයගෙන යුග දිවියට පිවිසෙන දින කීයෙන් කීදෙනාද පියුම් මාමට අරාධනා පත්‍රයක් යැව්වේ? අද කාලයේ නම් ජංගම දුරකතනයෙන් සහ ෆේස්බුක් එකෙන් ඔහුගේ කාර්ය වේගයෙන් සිදුවුණත් එහි කිසිම රසයක් නැත. (නි)
සවස 3 වෙනකන් ලිපිබෙදන පියුම් මහත්වරුත් ලංකාවේ ඉන්නවා පඩිය නම් අඩුයි උසස් වීමක් නැති වුණත් ඔහු තෘප්තිමත් සේවකයෙක් මහජනයාට සේවයකරන්න් උසස්වීමක්ම අවශ්‍යද අනෙක් අය මොනව හිතුවත් ඔහු එහෙම හිතන්නේ නැතිබව පේනවා ඔබ දෙපළට ආඩම්බරයක් (අ)
වාසනාවන්තම පියුම් මාමලා ඉන්න රටක් තමයි ඉතාලිය. දහවල් එක පමණ වන තෙක් වැඩ කරන මොවුන්ට රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් මසකට ලැබෙනවා. තමාගෙන් පසුව කැමති නම් තම දරුවාව මෙම පදවියට බඳවන්නද ඔවුන්ට පුළුවන් මොවුන් ඉතා මිත්‍රශීලී සේවකයන් කොටසකි. (ස)
උසස්වීම් නැත්තේ මෙතුමා කාටවත් කඩේ යන්නේ නැතිව, රාජකාරිය විතරක් කරනවා ඇති !! ඔබට අපේ සුබ පැතුම්!!(දිල්)
දෙවියනේ ඔය ලී කෑල්ලකින් හදපු සම්මානෙන් ඇති වැඩේ මොකක්ද? දෙන්නකෝ සල්ලි ටිකක් ජීවිතේ ගොඩ දාගන්න. (ස)
සුභ පැතුම් (දිල්)
කොහොමද උපාලි මහත්මයා මෙයාට උසස්වීමක් දෙන්නේ. එතකොට පාලකයන්ගේ නෑදෑයින්ට දෙන්නේ මොනවද. ඔන්නොහේ ඊළඟ පාරත් මෙයාට මේ වගේ සීනි බෝලයක් දීල බර කරත්තෙට බඳිමු. (ස)
අපිට හරි ආඩම්බරයි. අපේ කෙනෙක්නේ. අනික දඹුල්ලටනේ. (නි)
කෝ මේ මැති ඇමතිවරු සහ අලුත් කට්ටිය? (දිල්)