IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හැම දේකම හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා

2017-01-04-ent-01

ගීත රූප රචනා කිහිපයක් තුළ දැක ඇති ඉසුරි ප්‍රර්ථනා සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. වසර කිහිපයකට පෙර ගීත රූප රචනා සඳහා දායක වෙමින් නිරූපණ ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඉසුරි මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රය තුළ නමක් දිනා ගැනීමටද සමත්ව සිටියි. මේ ඇය සිය ඉදිරි නිරූපණ කටයුතු පිළිබඳව අපට පැවසුදේ.

 

ක්ෂේත්‍රයට ආපු විදිහ මුලින්ම කියමු?

2017-01-04-ent-07ප්‍රදිප් රසංගගේ ‘ඔබේ නමට පුදමි සදා’ කියන මියුසික් වීඩියෝව හරහා තමයි මම ක්ෂේත්‍රයට ආවේ. ඒ මීට අවුරුදු 4කට විතර කලින්. ඊට පස්සෙ පෞද්ගලික හේතුවක් මත මම මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වුණා. මීට මාස අටකට විතර කලින් තමයි නැවතත් නිරූපණ කටයුතුවලට යොමු වුණේ.

 

දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ?

මුලින්ම කළේ ප්‍රදීප් රසංගගේ ‘ඔබේ නමට පුදමි සදා’ කියන මියුසික් වීඩියෝව. ඊට පස්සේ රොනිගේ ‘පෙම් පුරාණේ’ මියුසික් වීඩියෝවට දායක වුණා. දර්ශන ඉලංගසිහංගේ ‘දෙමලිච්චි’ ඇතුළු තවත් මියුසික් වීඩියෝ 3කට දායක වුණා. ඉතිරි මියුසික් වීඩියෝ තවමත් එළිදක්වලා නැහැ. ඉදිරියේදී ඒ හරහා මාව දැකගන්න පුළුවන් වේවි. එළිදක්වන්න නියමිත එක් මියුසික් විඩියෝවක මම දෑස් නොපෙනන තරුණියක් විදිහටත් පෙනී ඉන්නවා. එය මා කළ හොඳම රංගනයක් කියලා සඳහන් කරන්න පුළුවන්.

 

ඇයි නිරූපිකාවක් වෙන්න හිතුවේ?

නිරූපිකාවක් වෙන්න ඕනෑම කියලා මගේ අදහසක් තිබුණේ නැහැ. ඒත්, මේ වගේ වැඩවලට දායක වෙන කොට මම නිරූපණයට සුදුසු කෙනෙක් කියලා හිතුවා. එහෙම තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

 

නිරූපිකාවක් වුණ එක ගැන සතුටුද?

ඔව්. මම තෘප්තිමත් වෙනවා නිරූපිකාවක් වුණ එක ගැන. නමුත්, මම තවමත් නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්නේ මුල් පියවරේ. තවත් බොහෝදුර මට යන්න තියෙනවා මේ ක්ෂේත්‍රය තුළ.

 

වර්තමානයේ නම් ක්ෂේත්‍රය ගැන විවිධ මත තියෙනවා?

හැම දේකම හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා. ඉතින් අපි කරන හොඳ නරක අනුව තමයි මේ ක්ෂේත්‍රයේ ගෑනු ළමයෙක්ට සුදුසුද නැද්ද කියලා තීරණය වෙන්නේ. මම නම් උත්සාහ කරන්නෙ හැම වැඩකදීම මට වගේම මගේ චරිතයට හානියක් නොවන විදිහට වැඩ කරන්න.

 

නිරූපිකාවක් විදිහට ඉදිරිය ගැන හිතනවා නම්?

මගේ ඉලක්කය තමයි මම විවාහ වෙනකම් මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්න එක. ඒ වගේම හොඳ නිරූපිකාවක් විදිහට හොඳ නමක් හදාගෙන කාටත් කරදරයක් නොවි තමන්ගේ පාඩුවේ මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරගෙන යන්න.

 

ඔබ දකින විදිහට නිරූපිකාවක් වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද?

මම නම් හිතන්නේ ලස්සන වගේම හැකියාවත් තියෙන්න ඕනා.

 

උදවු කළ පිරිසකුත් ඇති?

මට මුලින්ම පෙනී සිටි මියුසික් වීඩියෝව ගායනා කළ ප්‍රදීප් රසාංග අයියා, ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබාදුන්න නිමන්ත වර්ණකුලසූරිය අයියා. ගෙදර පවුලේ අය වගේම මට වචනයකින් හරි උදවු කළ සෑම දෙනාව මේ වෙලාවේදී මතක් කරනවා.

 

2017-01-04-ent-08
2017-01-04-ent-06
2017-01-04-ent-05
2017-01-04-ent-04
2017-01-04-ent-03
2017-01-04-ent-02



අදහස් (0)

හැම දේකම හොඳ පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 319 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 708 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 116 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 581 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 6661 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 2170 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26134 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 341 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 425 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1370 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site