බංඩාරගම උත්සවයක පෙරහැරක ගිය සිසුනට බීමට බෙදා දුන් කිරි පැකට් කල් ඉකුත් වූ බව කියු ගුරුවරයෙක් අද සවස හොදටම ගුටි කෑවේය.
දර්ශන පුෂප කුමාර නම් එම ගුරුවරයා ඇදගෙන පන්සල් භූමියට ගිය හිමි දෙනමක් ඔහුට පහර දෙද්දී දායක පිරිසක්ද ඊට දායක වූහ.
ගුරුවරයා රෝහලකට ඇතුලත් වී ප්‍රථිකාර ගැනීමට තරම් තුවාල ලබා සිටියද ඔහුගේ බිරිය මීට දින කිහිපයකට පෙර දරුවෙකු බිහිකර ඇති හෙයින් ගෙදර සිටිය යුතුම නිසා රෝහලට නොගිය බව ඔහු පොලිසියට කල පැමිණිල්ලේ සදහන් වෙයි.
ඔහු පහර කෑවේ ලෝක ගුරු දිනයේ දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වත් හිමිවරුන් නොවන බව ක්‍රියාවෙන් පෙන්නුම් කරනවා. මේ හිමිවරුන් සේනා සංවිධානයක ප්‍රබල සාමාජිකයෝ වෙන්න පුළුවන්. බුදු සසුනට නිගා දෙන විදියට හැසිරෙන හාමුදුරුවන්ට එරෙහිව විනයානුකුල පියවර ගත යුතුයි (නි)
රසිකා,, වැරදි වැඩ කලොත් චීවර ධාරී ඒ කෙනාම හොද දෙයක් කලොත් හිමිනමක් මොකද්ද වෙනස ?.(නදී)
දනගස්සලා නැද්ද? (නදී)
ගුරු මහතාට ඉක්මන් සුවය පතමි. රටට සාමය පතමි. .(නදී)
පොලිසිය වහමු .අයියෝ සල්ල.පව් අර ගැබිණි මව .(නදී)
මේ සංගායා වහන්සේලා බුදුන් වහන්සේ දේශනා කරන දර්මය සැබවින් අනුගමනය නොකරන දෙදෙනෙක්. පළමුව එම විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ මේ දෙදෙනාව පුනරුත්තාපනය කරලා එම ගුරුවරයාගෙන් සමාව ඇයදිය යුතුයි. බුද්ධ ධර්මයේ කියා තිබෙන්නේ නහි වෙරෙන වෙරෙන වේරානි කියල මිස මිනිසුන්ට මොනවැවෙරදී තිබුනත් හිංසා අන්දමින් සලකන්නට නොවේ.(නදී)
කල් ඉකුත් වූ කිරි පැකට් දුන්නට හොද වැඩේ. මම හිටිය නම් මමත් ගහනවා (නදී)
මොන දේ වුනත් බුද්ධ ශාසන අමාත්‍යංශය හැම බෞධ්‍ය කටයුත්තකදීම නිෂ්ශබ්දයි(නදී)
මේ පුවත කියවන කොට හැගී ගිය විදියටනම් මෙතන ගුරුතුමා කියනවට වඩා යමක් සිදුවෙලා තියෙනවා..මිනිස්සු බලා ඉදිද්දී යාව ඇදගෙන ගිහින් ගහයි කියල හිතනවද? .ඒ වගේම දායකයෝ මෙයාට ගහයිද හේතුවක් නැතුව.මෙයා කියන කතාවනේ මේ දාල තියෙන්නේ. කට්ටිය නඩු අහල තීන්දුවත් දීල අපේ සංඝරත්නයේ සිවුරු ගලවලත් ඉවරයි. සමහර විට සත්‍යය මෙයට වඩා බොහෝ වෙනස් වෙන්න පුළුවන්. මෙයා හොස්පිටල් නොගිහින් හිටිය හේතුව ගැන කියන කතාව ඇහුවම මුකුත් හිතෙන්නේ නැද්ද කට්ටියට.(නදී)
බුදු සසුන නැති කරන්නේ එය ආරක්ෂා කිරීමේ අරමුනින් යැයි කියා ගන්නා එක එක බලකායවල් විසින්. (නදී)
අර සංවිදානවලට මේවා පෙනෙන්නේ නැද්ද? (නදී)
බුද්ධාගමත් කනවා. මම බෞද්ධයෙක්මි. දුසිල්වත් අය පිරිලා ආගම කනවා. (නි)
ඉන්දික, හාමුදුරුවෝ කවුද හොරා කවුද කියලා හොයා ගන්න නම් අපේ හිටපු ශ්‍රේෂ්ට නායකයෙක් වන සර් ජෝන් අගමැතිතුමා කියපු දේ තමයි කරන්න වෙන්නේ.එදා එය එලෙස වුනා නම් සමහර විට මේ වලෙන් අපට ගොඩ එන්න තිබුනා. (නි)
බෞද්ධ ආගම නැති කරන්න දෙන්න එපා (අ)
ස්වාමීන් වහන්සේලා ඇතැම් අවස්ථාවල ප්‍රචණ්ඩ විදියට හැසිරෙනකොට සමහර මෝඩ උපාසකවරු ඒවා අනුමත කිරීමේ ප්‍රතිපල. දැන් ස්වාමීන් වහන්සේලා ප්‍රචණ්ඩ වෙන එක සාමාන්‍ය දෙයක් වෙලා (නි)
කව්රු හරි වුණත් වැරදි වුණත් හාමුදුරුවන්ට ගහන්න බැහැ. මහා නායක හාමුදුරුවරු මේ ගැන හොයන්න ඕනෑ. නැත්නම් අනිත් අයත් මේවා ආදර්ශයට ගනී. මම හිතන විදියට නම් මේ ගොල්ලෝ හාමුදුරුවරු වෙන්න බැහැ. (නි)
මේ වගෙ අය නිසා බුද්ධ ශාසනය විනාශ වෙනවා. (නි)
හාමුදුරුවෝ කියන්නේ ගිහියන්ට අනුශාසනා කරන සිල්වත් පූජනීය ජන කොටසක්. මේ දෙන්නා ඒ කොටසට අයිති නැහැ.මේ දෙන්නා චන්ඩි දෙන්නෙක්. සිවුර ගලවලා දමලා කූඩුවට දාන එක තමයි කරන්න ඕනෑ. පහර දීපු දායකයෝ ගැන ඉතින් කියලා වැඩක් නැහැ.කල් ඉකුත් වූ කිරි පැකට් ළමයින්ට දීපු එක වැරදියි කියලා තේරුම් ගන්න බැරි දෙන්නෙක්.පොලිසිය මොකක්ද මේකට ගන්න ක්‍රියා මාර්ගය? (නි)
පහරදිය යුත්තේ එය බෙදා දුන් අයට නොව විකිණූ වෙළෙන්දාට සහ මිළදි ගත් අයටයි (නි)
කෝ අර සේනාවේ උන්නාස්සේලා? (නි)
අනේ හාමුදුරුවනේ, ගුරුවරයාගේ වරදක් තියෙනවා නම් ඒක පෙන්වලා දෙන්න ඕනෑ මේ විදියටද? (නි)
බුද්ධාගම රැකගත යුත්තේ කාගෙන්ද?? (නි)
උපසම්පදාවේ සිට විහාරාධිපති ,සංඝනායක,අධිකරණ සංඝනායක, අනු නායක ,මහනායක කියන තනතුරු සියල්ල මුදලට විකිණෙන්නේ නම් අපට ඒ අයගේ ප්‍රතිචාරය නොලැබෙන බව හොදින්ම පැහැදිලියි. ශාසනය විනාස කරනුවේ බුද්ධ පුත්‍රයින් මිස බුද්ධ ශ්‍රාවකයන් නොවෙයි. (නි)
නියමයි.ඔන්න බුදගමේ තරම. දැන් අකුරු උගන්වන ගුරුවරුනුත් ගහගන්නවා (නි)
අනේ මන්ද ශ්‍රී ලංකාව ලෝකයේ විහිළුවක් වෙලා තියෙන තරම.(නදී)
සමාව දීම දේවගතිය නේද හාමුදුරුවනේ ? දැන් ඉන්න හාමුදුරුවන්ගේ සමාව දීමේ ක්‍රමය තමයි මේ.(අ)
ඔබ මේ විස්තර ලබාදුන් එක ඉතාමත් වැදගත් (නි)
තව විස්තර හොයාගත්තා මම (නි)
චන්ද්‍ර ඹබට ස්තූතියි. ඇත්ත කතාව එයයි. චීවරධාරින් දෙදෙනා නිවැරදි කරැවන් කිරීම නොව හැකි උපරිම දඩුවමි දීම තමා කල යුත්තේ. (අ)
රසිකා , වචන භාවිතයේදී සංවර වෙන්න. කල් ඉකුත් වූ කිරි බීමෙන් දුප්පත් දරුවන්ට සිදු විය හැකි හානිය හා මෙවැනි අවස්ථා වලදී මුදල් වංචා කිරීම දඬුවම් ලැබිය යුතු වැරදි නොවේද.? මුදල් යටිමඩි ගැසීම ලංකාවේ හැම තැනකම සිදුවෙන නිසා පොල්ලක් අතට ගන්න එක ඉතා හොඳ ප්‍රවණතාවයක් ලෙසයි මම නම් දකින්නේ (නි)
කොහොම උනත් චිවරය ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා (අ)
මේ දෙදෙනා තායි සටන් ක්‍රම ඉගෙන ගත් චීවරධාරින් දෙදෙනෙක් වන්නට ඕනා (දිල්)
මොනවා කරන්නද කියලා හිතාගන්න බැහැ (නි)
ඔබ දෙනම සටන් ක්‍රම උගන්වනවා නම් බුදු සසුන චිරාත් කාලයක් පවතීවි. (නි)
වෙනස් විය යුතු දේවල් රැසක් තිබෙනවා. යම් දෙයක තතු නියමාකාරෙයන් නොදැන සංඝයා වහන්සේලාට හෝ වෙනයම් කෙනෙකු වැරදිකරුවන් කිරීම අනුමත නොකරමි. යමක් ඇසූ පමණින් හෝ කියූ පමණින් තීරණයන්ට බැස ගැනීමත් නොකළ යුත්තකි. කණාමැදිරි එළියක් දුටු පමනින් එය පසු පස දිව යන්නන් නොවන්න. (නි)
මේ දවස්වල ගුරු නීච වෙලා. .(නදී)
මේ කෙනා ගුරුවරයෙක් නොවේ...ඉස්කෝලේ පන්සලේ විනාඩි 20ක දේශනයක් දුන් ආරදිතයෙක් පමණි....(නදී)
මෙහෙම වෙනකොට මිනිස්සුන්ට මොකද වෙන්නේ (අ)
නීතියක් නැති රටේ සංඝයා වහන්සේලත් නීතිය අතට අරන්.මේ රටේ මීට වැඩි දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. (නි)
අර සංවිධානයේ සාමාජිකයෝද .(නදී)
විත්තිය ගැන විමසීමක් නැතුව පැමිණිලිකරුගේ ප්‍රකාශයෙන්ම විත්ති කරුවන් වරද කරුවන් කරලා දඩු කඩේ ගහලත් ඉවරයි කට්ටිය..මේ කියන දේ විශ්වාස කරන්න පුලුවන්ද..මිනිස්සු පන්සල්වලට ඇදන් ගිහින් හමදුරුවරු ගහයිද කරන්න පුළුවන් උනත්..දායකයෝ මෙයාට ගැහුවේ මොකද..ඇයි මෙයා ඉස්පිරිතාලේ නොගියේ (නදී)
කරුණාකර මෙම අයගේ සමාජ තත්වය නොතකා මෙම පහර දීම පිළිබඳව සාධාරණ සාක්ෂි ඇත්නම් මොවුන් අධිකරණයට යොමු කරන්න , භික්ෂුන් පිලිබදව විනය පරික්ෂනයක් තැබීම සඟ සභාවට පවරන්න .(නදී)
බුදුහිමි ධර්මාන අවදියේ පවා ඇතැම් භික්ෂුන් වහන්සේලා හැසිරී ඇති ආකාරය ගැන විනය පිටකය මනාව විස්තර කර ඇත. එමෙන්ම අනුරාධපුර, පොළොන්නරු සහ මහනුවර ආදී වූ යුගවල අපේ පුජනීය මහා සංඝ රත්නය දිවි හිමියෙන් ත්‍රිපිටකය මෙන්ම සසුනද ආරක්ෂා කර ගෙන ඇත. මේ වන සිද්ධි දාමයන් දෙස අපට උපේක්ෂාවෙන් බලනවා හැරෙන්නට විනා පුහුදුන් අපට කළ හැකි යමක් ඇත්ද? "මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වුයේ බබලයි. වැසුණේ නො ම බබලයි." ( අංගුත්තර නිකාය, තික නිපාත - භරන්ඩු වග්ග, 9 වන සුත්‍රය.) (ස)
චන්ද්‍ර වීරසිංහ, හමුදාවට අපහාස කරන්න එපා. (ස)
හාමුදුරුවරු දායක සභාව එක්ක කිරි පැකට වලින් කොමිස් ගහලා ඇති. ඒක නිසා තමයි තද වෙන්න ඇත්තෙ... (ස)
රොහාන් නියම අදහස. (ස)
තවත් ප්‍රවෘත්තියක් අනුව මෙම ගුරුවරයාට ගහල තියන්නේ සත්‍ය ප්‍රකාශ කළාට. උත්සවයදී බෙදා හැරපු කිරි පැකට් කල් ඉක්ම වූ බව කියපු නිසයි ගහල තියන්නේ. (ස)
සමහරවිට මේ පුද්ගලයාව ඉක්මනින් සසරින් එතෙර කරන්න උත්සහ කල ද දන්නේ නැහැ. (ස)
පංච මහා බලවේග දෙකක් පැටලිලා තියෙන්නේ. අපි මොනවා කරන්ටද බුදු හාමුදුරුවනේ... (ස)
සුමනා, මෙහි අදහස් දැක්වූ සියලු දෙනාම අදහස් පළ කරන්නේ මෙම පුවත කියවීමෙන් පසුවයි. ඔබ කියනා ආකාරයට හරි වරැද්ද මැනවින් සෙවීමට අපහට බණ්ඩාරගමට යා නොහැක. අනිත් කරුණ වන්නේ ඔබ මේ හාමුදුරුවෝ දෙනමගේ ක්‍රියාව සාධාරණකරනීය කිරීමට තැත් කිරීමයි. මමත් බුදු දහම අදහන කෙනෙක්මි. අපි බුදු දහම ඇදහු පලියට හාමුදුරුවරුන්ගේ මෙවැනි ක්‍රියා අනුමත නොකළ යුතුයි. වැරදි දෙයට වරදයි කීමටත්, හරි දෙයට හරි කීමටත් පසුබට නොවන්න. කාටවත් කඩේ නොයන්න. (ස)
ගුරුවරු සහ ....?.(නදී)
කාලේ අකාලේ... (නි)
මන්ත්‍රීතුමා ගුරුවරයා දණ ගස්සති.. හිමි දෙනමක් ගුරුවරයාට තඩි බාති.. මහා නරක කාලයක් මේ ගුරුවරුන්ට. නුලක්වත් බඳිමු. (නි)
මේ අය කාගේ සේනාවකට අයිතිද දන්නෙ නැහැ (නි)
මේ දෙනම බුද්ධ පුත්‍රයන් නම් මෙම දෙනමගේ ගුරු හිමිවරුන් දෙනමගේ හෝ ආචාර්ය හිමිවරුන් දෙනමගේ හෝ ප්‍රතිචාරය බලන්න.එතන නිහඩනම් මොවුන් අයත් නිකායයන්හි අධිකරණ සඟ නායක හිමිවරුන්ගේ ප්‍රතිචාරය හෝ මහනායක හිමිවරුන්ගේ ප්‍රතිචාරය කුමක්ද?සාසනයේ අභිවෘර්ධිය සදහා කරුණාකර පැහැදිලි කරන මෙන් දෙප නැමද ඉල්ලා සිටිමි. (නි)
සමහර විට මේ දෙන්නා ෂැවොලින් ටෙම්පල් එකේ පුහුනුව ලබපු අය වෙන්න ඇති.පුදුමයි ගුරුතුමාගේ ඉල ඇට කූඩුව බේරුන එක. (නි)
නිල ඇඳුමක් දාගත් පමණින් නිලධාරියෙකු නොවන්නා සේම, සුදු ඇඳුමක් දාගත් පමණින් උපාසකයෙකු නොවන්නා සේම, කිරි සුදු ඇඳුමක් දාගත් පමණින් දේශපාලනඥයෙකු නොවන්නා සේම චීවරයක් දාගත් පමණින් භික්ෂුවක නොවේ. එකී සියලුම ඇඳුම් තුල මනුෂ්‍යයෙකු මෙන්ම තිරිසනෙකුද සිටිය හැක. (නි)
හාමුදුරුවරුන්ට වෙනම හිර ගෙදරක් අවශ්‍යයි වගේ (නි)
ගුරුවරයාට ගහපු එකට පුදුමවෙන්න එපා දැන් එයාල ගිහියෝවත් නොකරන අසික්කිත වැඩ කරන්නේ නිර්මල බුදුදහමට නිගා කරනවා................ අනේ සාසනේට ගියකලක් .............?.(නදී)
බඩුත් හමුදුරුවන්දේ නඩුත් හාමුදුරුවන්ගේ .(නදී)
හොඳ වෙලාවට ගුටි කෑවේ . බැරිවෙලාවත් ගුරුවරයා බේරිලා ගියානම් කියයි බුද්ධ පුත්‍රයින්ට ගැහුවා කියලා. .(නදී)
සමීරගේ කතාවට සම්පුර්නයනේ ම එකඟයි .(නදී)
කියවන්නා සිහි බුද්ධියෙන් කියවා මැනවින් සොයා බලලා තේරුම් ගත යුතුයි. එසේම හරි ආකාරව වූ දෙය නොදැන සංඝරත්නයට බැන වැදීමෙන් වන්නේ පවු රැස්කිරීම පමණයි. .(නදී)
සුමනා, මම එකග නැහැ ඒ කතාවට. (නි)
අපි මේ අය මැරදුරුවෝ කියලා නම් කරමු. මේ අයට උල්පන්දම් දීපු අය මදුරුවෝ කියල නම් කරමු. එතකොට සියල්ලන්ගේම ගතිගුණ හරියටම තේරුම් ගන්න පුළුවන්..(නදී)
මොන හේතුව වුනත් ගුරුවරයෙක්ට මෙහෙම පහරදීපු එක වැරදියි. මොකද ගුරුවරු අපි දන්නා ව්දිහට කෙනතුගේ ජීවිතේ හමුවන්නා වු දෙවැනි මාපියන්මය.(නදී)
හිමිවරුත්.දැන් පමණ ඉක්මවා ගිහින් වගේ. .(නදී)
හාමුදුරුවරු මෙහෙමත් ගහයිද?(නදී)
අනේ අනිච්චන් .(නදී)
අනේ අපොයි. .(නදී)
ගුරු තුමා ඔබ රටට ආදර්ශයක්. බල්ලොත් එක්ක බෑ. හිමි දෙනමක්? චීවර ධාරීන් දෙදෙනෙක්?.(නදී)
සාසනය කන්න ආපු චීවර දාරියෝ.(නදී)
එක එක සංවිධානයලට ආඩම්බර වෙන්න පුළුවන් මේ සංස්කෘතියේ මූලිකයො විදිහට. .(නදී)
ගුරු පුජාව .(නදී)
හිමි දෙනමක්? චීවර ධාරීන් දෙදෙනෙක්?.(නදී)
ඔය බෙන්ස් කාර් වල යන සමහර මහනායකලා, අනුනායකලා, මේවට පියවරක් නොගන්නේ මොකද? (නි)
කල් ඉකුත් වූ කිරි පැකට් දීපු එකත් වැරදියි. ඒ වගේම ගුරුවරයාට ගහපු එකත් වැරදියි. අනේ මන්දා හරියට හොයලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. බුද්ධ ශාසනය පිරිහෙනවා. දිසපාමොක්ලට තියන ගෞරවයත් නැති වෙනවා (නි)
මෙම හාමුදුරුවරු දෙදෙනාටම ආචාර්ය උපාධි පිරිනැමිය යුතුයි. අනේ සාදු ..සාදු ..සාදු...! (නි)
චන්ද්‍ර වීරසිංහ, සුපිරි අදහසක්නේ දාලා තියෙන්නේ (නි)
අපේ නායක හාමුදුරුවන්ට මොන තරම් වැඩ කටයුතු තිබෙනවද?මී ළගදී දඹදිව යන්න පහසු සහ කෙටි මාර්ගයක් හොයාගෙනත් තිබුනේ.රටත් ඉවරයි.අපේ ආගම දහමත් ඉවරයි.කාට කියන්නද? (නි)
උපාලි, නිල ඇඳුමක් දාගත් පමණින් නිලධාරියෙකු නොවන්නා සේම, සුදු ඇඳුමක් දාගත් පමණින් උපාසකයෙකු නොවන්නා සේම, කිරි සුදු ඇඳුමක් දාගත් පමණින් දේශපාලනඥයෙකු නොවන්නා සේම චීවරයක් දාගත් පමණින් භික්ෂුවක නොවේ. එකී සියලුම ඇඳුම් තුල මනුෂ්‍යයෙකු මෙන්ම තිරිසනෙකුද සිටිය හැක. (නදී)
ඉහල ඉදන් පහලට අදහස් ටික කියවාගෙන ආමි. බොහෝ අදහස් උදහස් තුලින් එලියට එන්නේ ඒ ඒ අයගේ කුඩුකේඩු සිතුවිලි වල තරම මිස අනිකක් නොවේ. තවත් විදියකට කියතොත් පුවතින් කියවෙන සිදුවීමටත් වඩා අන්ත නිහින බවක් මේ අදහස් ගොන්නෙන් සිදු කර ඇත. (නි)
ආගමික ත්‍රස්තවාදයද මේ? (නි)
තඩි බෑ යුතුම නම් එතැනදී කවුරුන් විසින් හෝ තඩි බෑ යුතුය. එය කළේ හේතු සහිතව නම් ප්‍රශ්නයක් නොමැත.
මෙහෙම ගියොත් හාමුදුරුවෝ රට කයි (හැමෝම නෙමෙයි) (නි)
මේ ශාසනේ ඉහල අධිකරණ බලය තියෙන නායක හිමිවරු ඉක්මණින් පිළියම් යෙදිය යුතුයි (අ)
තඩි බාති නොව එය තඩි බෑ සේක ලෙස වෙනස් කිරීම සුදුසුය. (නි)
ලලිත් හරියට අග්‍රාණ්ඩුකාර හාමුදුරුවෝ වග නේ අහන්නේ. ගරු සරු ඇතුව අමතනවා නම් මම සතුටුයි.දිසානායක,වන්නිනායක, ගජනායකලට වගේ නැතුව... (නි)
අපලයක්වත් පල දෙන්න ඇති මගේ හිතේ .(නදී)
අද වැඩසිටින බුද්ධ පුත්‍රයින් වහන්සේලාගේ තත්වය එන්න එන්නම පිරිහී ඇතිබව පෙනෙන්න තිබෙනවා.මෙය ඉතාම කණගාටු දායකයි.මේ පරිහානීය තත්වය ගැන අපේ මහනායක හිමිවරුන් සහ අදාල වගකිවයුතු ගිහි පැවිදි නායකකාරකාදීන් හැකි ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. දැනට මත පමා වුවා වැඩියි. (නි)
සිල්වත් සිවුර චණ්ඩිකමට යොදාගෙන. එයාලටයි මුලින්ම හෙණ ඉල්ලන්න වටින්නේ (නි)
රටටම ආදර්ශයක්. වීර වැඩක් (නි)
අද උදේම දුටු ප්‍රවෘත්තිය... රටටම ආදර්ශයක් (නි)
වරදක් කළත් බැන්නොත් පව්. අනේ මේවා අහන මෝඩයෝ (නි)
හදිසි විහිදුම් බලකායේ කොමන්ඩෝ හිමිවරුන් දෙදෙනෙක් විසින් සාර්ථක ලෙස ක්‍රියාන්විතය දියත් කළ වගයි (නි)
දේශපාලක මහතුන් දේශපාළුවෝ වෙද්දී පන්සල් පාලක යථිවරුන් පන්සල් පාළුවෝ වෙද්දී අපි කවුරුන් විය යුතුද? (නි)
බලය හිමි ධනය හිමි දෙබානක්... (නි)
චීනයෙන් උපසම්පදාව අරන් වෙන්න ඇති. (නි)
කරන්න ඕනෑ මොනවද කියලා දන්නවනේ ඉතින්. (නි)
කල්ඉකුත් වූ කිරි පැකට් විකුණන ලද වෙළද හිමියා මෙහි ප්‍රධාන වරදකරුය.කූඨ ව්‍යාපාරිකයන්ගේ උගුලට අසුවන ගුරුවරයා, හොද වැඩක් කළත්, අපරික්‍ෂාකාරීව කටයූතූ කිරීමෙන් ප්‍රතිඵලය, භයානක විය. ගුරුවරයා වෙළද හිමියාට එරෙහිව කටයුතු කළ යුුුතුය. පහර දීම සාධාරණ නැත. තෙරුවනට අපහාස කිරීමට බලා සිටින අයට අවස්ථා උදා කර දෙන එක ගැන බලවත් සංවේගය. (නි)