IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හිමි නමක් අත්අඩංගුවට ගනී

දෙමටගොඩ ශ්‍රී බෝධි විහාරයට ගොස් රුපියල් 22000ක සිවුරු හා අටපිරිකර සොරා ගත් බව කියන හිමි නමක් බුද්ධ ශාසන අමාත්‍යංශයේදී අද අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.

 



අදහස් (0)

හිමි නමක් අත්අඩංගුවට ගනී

පද්මා Thursday, 13 June 2013 10:59 PM

කෝ අර සේනාව. එක්කෝ හාමුදුරුවෝ දඹදිව චාරිකා සංවිදානේ කරලා කියක්වත් හොයාගන්නවා. එක්කෝ සල්පිලක් දානවා. එක්කෝ බෝධි පුජාවක් තියලා කියක්වත් ගලවා ගන්නවා. සේනාව මේවට කෙදිරියක්වත් ගාන්නේ නැහැ. ඒ මොකෝ නොර්වෙන් එපා කීවද.(නදී)

:       0       0

ඉෂාන් Thursday, 13 June 2013 11:08 PM

ඇති යන්තම්. හොරා අතටම අහු වුනා (නි)

:       0       0

තබුක් සිල්වා Friday, 14 June 2013 11:53 AM

ජනතාව යාපත් විදියට ජීවත් වෙන්නේ කෙසේද ?(අ)

:       0       0

ඉෂාන් Thursday, 13 June 2013 11:43 PM

පද්ම, ඔයාලට දැන්ද තේරුණේ? අපිට නම් මුලින්ම තේරුණා. (නි)

:       0       0

චරිත් සේරසිංහ ස්විස් Thursday, 13 June 2013 11:57 PM

ගොඩක් චණ්ඩින්ට සිවුරු දාලා පාරට එවන්න පුළුවන්. එතකොට සැක කරන්නේ නැහැනේ. සල්ලි යන්නෙත් නැහැනේ හොරෙන් ගත්තම (නි)

:       0       0

ජනක Friday, 14 June 2013 12:00 AM

කෝ අර පිටිගල මිලානෝ කියන මන්දමානසිකත්වයෙන් පෙලෙන කෙනා? (නි)

:       0       0

අසේල Friday, 14 June 2013 12:05 PM

නීල්, ඔබත් ධර්මය ගැන අනවබෝධයකින් පෙලෙන බව නම් පැහැදිලියි.බුද්ධ ධර්මය ආර්යය සත්‍ය සතර මත පදනම්ව ඇති බවයි තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේ.ඒ වගේම මේ ධර්මය උතුම් වූ නුවනැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දතයුතු යැයි දහමේ ඇති ගුණයක් ලෙස තථාගතයන් වහන්සේ විසින් දේශනා කළා. (නි)

:       0       0

දම්මික පෙරේරා Thursday, 13 June 2013 11:58 PM

මෙන්න මේවා අපේ වගකිවයුතු හාමුදුරුවන්ට පෙනෙන්න ඕනෑ. පහු ගිය කාලේ රට දෙවනත් කරපු බලකායට පුළුවන් මේ සිවුරු දාගත් හොර සාදුට දඬුවම් දෙන්න. (නි)

:       0       0

සරෝජ් Friday, 14 June 2013 12:03 AM

මේකෙන්ම පේනවා අපේ සිවුරු දාගත් අය අතරෙත් හොරු තක්කඩි ඉන්නවා කියලා. අදින්නා දානා වේරමණී සික්කා පාදන් සමාදියාමි කියලා වැඩක් නැහැ (නි)

:       0       0

රාණි Friday, 14 June 2013 12:41 PM

ඔයාලා ඔහොම එක එක කතා කියනවා නම් මේ "මහා ජාතියේ" මුර දේවතාව හාමුදුරුවෝය කියමින් පදනමක් හදන්නේ මොකෝ. (නි)

:       0       0

රොහාන් Friday, 14 June 2013 12:28 AM

ගිනි තියගත්තාණන් ඉවරනේ, (අ).

:       0       0

මනෝජ් Friday, 14 June 2013 12:49 PM

පන්සල් වල එකතු වෙන සල්ලි දුප්පටුන්ටවත් නොලැබෙන නිසා හොරකම් කලාට නම් නැහැ.

:       0       0

උපාලි Friday, 14 June 2013 12:34 AM

මෙතන වෙන ප්‍රශ්නයක් තියෙන වගේ පේන්නෙ. එක්කෝ මෙයා හාමුදුරු කෙනෙක් නෙමෙයි, සුළු ගානක් හොයා ගන්න සිවුරක් දාගෙන පොඩි හොරකමක් කරපු කෙනෙක්. හොරකමක් කරලා බුද්ධ ශාසන අමාත්‍යංශයට ගියා නම් මොලේ හොඳ නැතුව ඇති. අට පිරිකර නිකම් ලැබෙන එකේ ඇයි හොරකම් කරන්නේ? (නි)

:       0       0

අමල් Friday, 14 June 2013 12:54 PM

චන්ද්‍ර , ඔබේ අදහස් ඉතා කාරුනිකයි.ඔබ සැබවින්ම බුදු හිමියන්ගේ දහම අනුගමනය කරන කෙනෙක්. නීල් ඔබේ අදහස් ඉතා අගයමි. තවත් ලියන්න. ලොකු බණක් අහනවට වඩා මේ අදහස් ඉතා සරලය (අ).

:       0       0

බන්ටු Friday, 14 June 2013 12:44 AM

මංජු,ඔබේ කථාවට එකඟයි (නි)

:       0       0

මල්සරා Friday, 14 June 2013 01:25 PM

පනාගොඩ කෙනාගෙ බුදු දහම ගෙන තියෙන දැනුම අන්තිමයි. අනිචවත සංකාරා කියන්නේ සියලු සංස්කාරයන් අනිත්‍යයයි කියන එක. (ත)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Friday, 14 June 2013 05:33 AM

අනේ අන්නිච්චන් සංසාරේ! (නි)

:       0       0

ලුම්බිණි Friday, 14 June 2013 05:45 AM

හොරකම් කරලා තියෙන්නේ හාමුදුරුකෙනෙක්. හොර බඩු සිවුරු සහ අට පිරිකර. හොරකම් කරගෙන තියෙන්නේ පන්සලකින්. ඔක්කොටම වැඩිය අත්අඩංගුවට අරන් තියෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශයේදී. මේකයි අපේ අනාගතය. (නි)

:       0       0

රන්ජිත් සිල්වා Friday, 14 June 2013 06:00 AM

. සේනාව ඉන්නවා ඔයවගේ සිල්ලර වැඩ වලට නෙමේ. හොඳ ජාත්‍යන්තර වැඩක් කියන්න එන්නම්. (අ)

:       0       0

සම්පත් Friday, 14 June 2013 02:27 PM

මනෝජ්, එහෙනම් හොරු ඉස්සෙලම පන්නින්න ඕනෑ අහවල් පැලස් එකටනේ. නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

ජානිත් Friday, 14 June 2013 06:58 AM

අනුර පනාගොඩ මොකද නිකන් කින්ඩියට වගේ ? මනුස්සයෝ මේ සිවුරක් ඇඳගත්ත කුඩු කාරයෙක්. නැතුව සාමනේර නමක්වත් උපසම්පන්දා භිත්ෂුවක්වත් නෙවි.(නදී)

:       0       0

සමීර Friday, 14 June 2013 07:15 AM

පද්මා කිව්වට ඔය පද්මා ගේ අදහස් නොවන බව කවුරුත් දන්නවා.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 14 June 2013 07:21 AM

ඒ හාමුදුරුවෝ සිල්වත්නම් ,අදින්න සිවුරු උවමනානම් මම කැමැති ඒසල්ලි ගෙවල හාමුදුරුවන්ට උදව් කරන්න . සොයල බලල නැවතත් ලියන්න . තෙරුවන්න් සරණයි සියලුම දෙනාට. (අ)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Saturday, 15 June 2013 07:25 PM

මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකර ඇවිලෙන ගින්නට පිදුරු දමනවා වගේ අනවශ්‍ය අදහස් ලියන්න එපා. පුවත්පත් කියවන්නේ දැනුම වර්ධනය කිරීම සදහා පමණි. අනුන්ව සමච්චලයට ලක් කරන්න නොවේ. මෙය එක්තරා සිද්ධියක් පමණයි. ආගම් වලට අපහාස කිරීම වැරදියි. (නි)

:       0       0

රොකී Friday, 14 June 2013 07:23 AM

දැන් පංසල් බොහොමයක බිස්නස් මධ්‍යස්ථාන (අ)

:       0       0

නීල් රණා Friday, 14 June 2013 02:47 PM

තව ලියන්න කියා ඉල්ලීමක් ඇති නිසා එක් වැකියක් ලියමි. විශ්වයේ පරම සත්‍ය ඉතා සරල නිසා අවබෝධ වන්නාට ක්ෂණයෙන් එය වැටහෙන නමුත් එසේ නොවන තැනැත්තාට විස්තර කිරීමේදී ඒ සඳහා වචන භාවිතා කරන ප්‍රමාණය වැඩිවන තරමටම කරුණ සංකීර්ණ භාවයෙන් තවත් සංකීර්ණ භාවයට පත්වේ. (නි)

:       0       0

වරුණ Friday, 14 June 2013 07:40 AM

තත්වය පරීක්ෂා කරන්න ගෙනිච්චද දන්නෙ නැහැනේ (නි)

:       0       0

මොහමඩ් Friday, 14 June 2013 03:10 PM

මේකට බුද්ධාගමට බැනල වෙඩක් නැහැ . සෑම ආගමකම ඉන්නවා ඔය වගේ හොරු තක්කඩි . වැරැද්ද කරන්නේ මනුස්සයෝ. ආගම් නෙමේ. (ත)

:       0       0

අමිල Thursday, 13 June 2013 07:34 PM

මට හාමුදුරුවො ගැන දුක හිතෙනවා (අ)

:       0       0

අනුර පනාගොඩ Friday, 14 June 2013 08:27 AM

ජනිත් මම කිව්වේ කාට වුනත් අනේ අනිච්චාවත සංසාරේ කියල නැතවඅපහාසයකට නොවේ. තොප්පිය හරිනම් දා ගත්තට කමක් නෑ එහෙම දාගත්තොත් ඔයාටත් ඉතින් අනේ අනිච්චන් සංසාරේ තමා (අ)

:       0       0

චතුල වෙරෝනා Thursday, 13 June 2013 07:47 PM

කෝ මේ නොයෙක් සංවිධාන? (ත)

:       0       0

ඉන්දික Friday, 14 June 2013 08:43 AM

සිවුරක් දා ගත්ත පලියට බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැහැ. අද වගේම බුදුන් දවසත් මෙවැනි අය හිටියා. දෙව්දත් කියන්නෙත් චීවරධාරියෙක්. ඒත් එක්කම අට පිරිකර ගොඩ ගහගෙන බිස්නස් කරන බොහෝ පන්සල් එම ක්‍රියාව ගැන නැවත සිතන්නට කාලය ඇවිත් (නි)

:       0       0

චන්දි Thursday, 13 June 2013 07:49 PM

අයියෝ ,මගේ රටට මොකද මේ වෙලා තියෙන්නේ? පොලිසියත් හොරකම් කරනවා මදිවට දැන් හාමුදුරුවොත් හොරකම් පටන් ගත්තද ? බුදු හාමුදුරුවනේ දැන් වඩින්න කාලය ඇවිත් වගේ. (ත)

:       0       0

චාල්ස් Friday, 14 June 2013 08:49 AM

යමක් දැක්කද දැක්කා පමණයි යමක් ඇසුනාද ඇසුනා පමණයි යමක් දැනුනද දැනුනා පමණයි අප ඉන් ඉදිරියට කිසිවක් සිතීම අවශ්‍ය නොවේ... මතුවට විදීමට ඉතුරු කරගැනීම නිෂ්පල දෙයකි!(අ)

:       0       0

හේමන්ත Thursday, 13 June 2013 07:57 PM

පන්සලකට ගිහින් මෙහෙම දේවල් කරන්න බැහැ. මෙය නගරයක බෝධියක් වෙන්න ඇති. (ත)

:       0       0

රිෂාන් Friday, 14 June 2013 08:53 AM

ස්වාමින් වහන්සේලාට මොකද මේ වෙලා තියෙන්නේ? සමහර අය ගහ ගන්නවා, හොරකන් කරනවා, බලෙන් වන්දවාගෙන සමාව ඉල්ලා ගන්නවා, ගිනි තියා ගන්නවා... මේවාද බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? (නි)

:       0       0

සම්සුදීන් Thursday, 13 June 2013 08:02 PM

අපට තියෙන්නේ නිකම් බල ගෙන ඉන්න එක. හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කිව්වලු (අ)

:       0       0

නෙතුමි Friday, 14 June 2013 09:04 AM

මේ ස්වාමින් වහන්සේනමට තම ගෞරවය ගැනවත් හිතුනේ නැද්ද මන්දා? මේවයින් වෙන්නේ බහුතරයක් වූ ස්වාමින් වහන්සේලව අපහසුතාවයටත් අවමානයටත් පත් වීමයි (නි)

:       0       0

කුරුනේරු Friday, 14 June 2013 09:20 AM

අනේ සරත් ඩු, වටිනාකම තියෙන්නේ සිවුරේ කියලා හිතාගෙන ඉන්න ඔහේලා වගේ අය නිසා තමයි බුද්ධ ශාසනය විනාස වෙලා තියෙන්නේ. බුදු දහම තියෙන්නේ සිවුරේ නෙමේ, මොකේද කියලා දැනගන්න ඕනෑ නම් කියවනවා. දැන් මුළු ධර්මයම (සුත්‍ර, අභිධම්ම) සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නේ (නි)

:       0       0

ජයසිංහ Friday, 14 June 2013 09:38 AM

පිටිගල සහෝදරයා ඔබගේ නියම නම යොදා අදහස් දැම්මා නම් වටිනවා. (නි)

:       0       0

ශාන් Friday, 14 June 2013 09:43 AM

රොකි ඔබ හරි. කෝ අපේ සේනාව? (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 13 June 2013 08:26 PM

රු:22,000/= කියන්නේ 8 පිරිකර 5,6 ක වටිනාකමක්. වාහන පර්මිට් නායක හිමිවරුන්ට ලැබෙන කාලේ පොඩි නමක් කල පොඩි වැඩේට සමාවක් දීලා, ඉල්ලා අස්කරගන්න හාමුදුරුවනේ.(නදී)

:       0       0

නීල්-රානා Thursday, 13 June 2013 08:36 PM

තියෙන පන්සල් වලට තියෙනවා නැති එකාට හුළං. වෙසක් එකට ගමේ කුඩුවක් හැදුවත් ඒක වටේ ඉටිරෙදි එල්ලලා පුංචි දොරකින් ඇතුල්වෙන්න සලස්වල එතන ඉඳන් සල්ලි එකතුකරනවා. බුදුදහම දඩ මීමා කරගෙන මුදල් උපයන ව්‍යාපාරයකුයි බුද්ධ සාසනය විදිහට ප්‍රයෝගිකව කෙරීගෙන යන්නේ. දහමේ මුලික අරමුණ වන නිර්වාණය ගැන හිතන ගිහියොත් නැහැ පැවිද්දොත් නැහැ. මැරුණට පස්සේ විතරක් නිවන් සැප ලැබේවා කියා බැනර් එකක් ගහනවා. සාසනය ව්‍යාපාරයක් උනහම චීවරධාරීන් ව්‍යාපාරිකයන් බවට පත්වෙනවා. අසාර්ථක උනහම හොරුවෙනවා. මෙයයි කවුරුත් දැනගෙන නොදන්නවා වගේ ඉන්න යථාර්තය.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Friday, 14 June 2013 10:00 AM

ඕනෑ ආගමක ඔය වගේ අය ඉන්නවා. මතකනේ බෝගහපැලැස්සේ ළමා නිවාසය. මීගමුවේ ළමා අපයෝජන. අනික බුද්ධාගම කියන්නේ හාමුදුරුවරුන්ව බල බලා ඉන්නවට නෙමෙයි. බුද්ධාගම දැනගන්න අභිධර්මය කියවන්න ඕනෑ. (නි)

:       0       0

සම්පත් Friday, 14 June 2013 10:03 AM

බුදුදහම කවදත් උතුම්ම ධර්මයයි. (නි)

:       0       0

සරත් ඩු Thursday, 13 June 2013 09:12 PM

මේ රටේ දෙශපලකකුට කාට ද අතතියන්න පුලුවන් ඒ වගේ රටටට එපා කරපු දුසකයෝ කීදෙනෙක් ඔය වටින සිව්රට මුවාවෙලා ඉන්නවද? බුදු දහමට අනුව අපි කව්රුත් මැරුණට පස්සේ කොහාටද යන්න ඕනේ කියලා අපිටම තම තීරණයක් ගන්න වෙන්නේ? (අ)

:       0       0

මංජු Thursday, 13 June 2013 10:02 PM

පිටිගල මිලානෝ. ඔබ තුමා මේ සිද්දිය ගැන මොකද කියන්නේ? වෙන ආගමක ජාතියක යම්කිසි දෙයක් උනොත් ඔබ තුමා ඔබ තුමාගේ පණ්ඩිත කම් පෙන්නනවා කොටින්න්ම කිවොත් මිලානෝ නගරයේ පාතාලය ගැන මිට ඉහත සිද්දි 3,4 වාර්තා උනා ඒ ගැන තුමා එක අදහසක්වත් ඉදිරිපත් කලේ නැහැ. මට නම් හැගෙන විදියට ඔබ තුමා බියගුල්ලෙකි සහ ජාති ආගම් වාදියකි.(නදී)

:       0       0

චානක Friday, 14 June 2013 10:46 AM

නොදුන් දෙය ගැනීම විශේෂයෙන් බුද්ද පුත්‍රයෙකුට නොගැලපෙන ක්‍රියාවක්....මේවා දකින්න අපත් පව් කරලා ඇති..(අ)

:       0       0

වසන්ති Friday, 14 June 2013 11:05 AM

අපේ ලොකු හාමුදුරුවරු එලියට පැමිණිය යුතු කාලය ඇවිත් ඇත. (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Thursday, 13 June 2013 10:22 PM

හාමුදුරුවරුනම් දැන් දැන් සිවුර පොරවාගෙන නරක වැඩ කරනවා වැඩියි. ඒත් මේවට මුකුත් කියන්න බැරි බුද්දාගම ආරක්ෂා කර ගන්න හාමුදුරුවරු සුලු සංක්‍යාවක් හරි ඉන්න නිසා.(නදී)

:       0       0

නීල් Friday, 14 June 2013 11:05 AM

බුදුදහම දඩ මීමා කරගෙන මුදල් උපයන ව්‍යාපාරයක් බුද්ධ සාසනය විදිහට ප්‍රයෝගිකව කරගෙන යන්න පහසු වෙලා තියෙන්නේ බුදුදහම දැනගන්න නම් අභිධර්මය දැනගත යුතුමයි යන මිත්‍යා දෘෂ්ටිය සම හරක් හිතා මතාම පතුරුවන නිසා. පුරාණ ඍෂිවරු සිය දේශනා සඳහා එය වටහා ගත හැකි බුද්ධිමතුන් පමණයි තෝරා ගත්තේ. නමුත් බුදුන් ධර්මය දේශනා කලේ උගත් නුගත් කුලීන කුලහීන සියලුදෙනා සඳහා. ඒ නිසාම බුදුදහම පවතින්නේ කාටත් වටහාගත හැකි සරල පදනමක් මත මිස කීපදෙනෙකුට පමණක් අවභෝධ වේයැයි පාරම්බාන අභිධර්මය මත නොවේ. ලොව පරම සත්‍ය බුදුදහම බව බුදුන් වත් දේශනාකර නැහැ. එය විශ්වයේ ස්වභාවය නම්වූ ත්‍රිලක්ෂණය මත පදනම්ව එයින් මිදීමේ මගක් හෙවත් නිර්වාණයට මගවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වදෙන්නක්. නමුත් ගැටලුව වන්නේ ත්‍රිලක්ෂණය හරි හැටි අවභෝධ කරගත් කීදෙනෙක් ගිහියන් අතර හෝ පැවිද්දන් අතර හෝ සිටීද යන්නයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 446 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 456 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 758 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 574 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 742 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site