IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හැමතැනම නිළියො දාන්නේ 'සැලෝන්'

2016-12-13-ent-81

වර්තමානයේ ප්‍රවීණයන් වී සිටින විසල් පිරිසක් කලා ලොවට හඳුන්වාදීමේ ගෞරවයද හිමි සතිස්චන්ද්‍ර එදිරිසිංහ ශූරීන් වර්තමානයේ දේශකයෙකු, ලේඛකයෙකු හා සමාජ සේවකයෙකුගේ භූමිකාවේද නිරත වෙයි. සතිස්චන්ද්‍ර ශූරීන් ඉපදී 75 වෙනි විය සැමරීමත්, කලා ලොවට ප්‍රවිශ්‍ට වී 55 වෙනි වසර සැමරීමත් සිදුවන පසුගියදා පැවැත්වූ උලෙළේදී ඔහුගේ ප්‍රිය බිරිඳ ශ්‍රියානි කාරියප්පෙරුම සමග සිදුවූ විවාහයේ පනස්වෙනි වසරද මෙවර සැමරෙනු ලැබීය. මෙම උලෙළ සංවිධානය කරනු ලබන මිහිඳු සංස්කෘතික පදනමේ සභාපතිද වන කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් "අද" පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවයි මේ.

 

අදට වඩා එදා සිනමාව හොඳයි කියනවා නේද?

2016-12-13-ent-79අදට වඩා එදා සිනමාව හොඳයි. ඒත් එදත් සිනමාවේ අර්බුදකාරී තත්ත්වයක් තිබුණා. චිත්‍රපටයක් නිර්මාණයට වඩා ප්‍රදර්ශනය එදත් අමාරුයි, දැනුත් අමාරුයි. එදත් චිත්‍රපට සංස්ථාව ආරම්භ කරන්න කලින් පෞද්ගලික අංශයේ ඒකාධිකාරියක් තිබුණා. ඒක නැතිකරන්න තමයි චිත්‍රපට සංස්ථාව බිහිවුණේ.

සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මැතිණිය සිනමාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථාව බිහිකළා. මේ සංස්ථාව බිහිකිරීම පිළිබඳව ගෞරවය ඇයට හිමියි. හෙළ සිනමා ඉතිහාසයේ ස්වර්ණමය යුගය තමයි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතීත්වය දැරූ ඩී.බී. නිහාල්සිංහයන්ගේ යුගය. ඊට පසු මේ පාලනය භාරගත් නිල්, කොළ දෙගොල්ලොමත්, අපේ කලාකරුවන්ගෙන් ඇතැම් කට්ටියත් ජාතික චිත්‍රපට සංස්ථාව විනාශ කිරීමට වගකියන්න ඕන. අද නැවතත් සංස්ථාව බිහිකිරීමට පෙර තිබූ ඒකාධිකාරිය කරළියට ඇවිල්ලා. අද ප්‍රදර්ශනයට බලා සිටින චිත්‍රපට මට පේන්නේ එඩේරෙකු නැති ගවරැළක් ලෙසයි.

 

සම්භාවනීය චිත්‍රපට ප්‍රදර්ශනය පමා වීම පිළිබඳ ඔබගේ අදහස?

ප්‍රදර්ශන මණ්ඩල නොයෙක් හේතු කියමින් හොඳ සම්භාවනීය චිත්‍රපට ප්‍රදර්ශනයෙන් වැළකී ඉන්නවා. නමුත් වත්මන් සිනමා සම්මාන උලෙළ වලදී, අලුතෙන් නිර්මාණය වූ, ප්‍රදර්ශනය නොවූ, සම්භාවනීය චිත්‍රපට එම විනිශ්චය මණ්ඩල නරඹලා සම්මාන දෙනවා. ඇත්තටම මේ තත්ත්වය පිළිබඳව ප්‍රදර්ශක මණ්ඩලවල බලධාරීන් ලැජ්ජ වෙන්න ඕන. ප්‍රදර්ශක මණ්ඩලවලට හරවත් ලෙස කලාව නගාසිටුවීමට හෝ රටේ යහපත් පැවැත්ම පිළිබඳ කිසිම අරමුණක් නැහැ. ඒ අය මුදලාලිලා. මුදල් යටිමඩි ගහගැනීම තමයි ඒ අයගේ එකම අරමුණ. මොන ආණ්ඩුව බලයට පත්කරන්නත් මේ යටිමඩිකාරයෝ දේශපාලඥයන්ට උදව් කරනවා. ඊට පස්සේ ඔවුන් බලයට පත්වුණාම අර අය වෙනුවෙන් පෙනී සිටින්න ඔවුන්ට සිදුවෙනවා. මෙය හැම ක්ෂේත්‍රයකටම පොදුයි. ඒ නිසාමයි මේ රට විනාශමුඛයට යන්නේ.

දැන් ඉන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පිරිසුදු දේශපාලනයක් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. එතුමාට මම කැමතියි. ඒ මනුස්සයට මේ දේ කරන්න නොදී පිරිසක් කඩාකප්පල්කාරී දේවල් කරමින් ඉන්නවා. මේ ජනතාව උසිගන්වන අය ජනතාවගෙන් කවදාවත්ම ඉල්ලල තියෙනවද පැය 8 හරියට වැඩ කරලා රටට සේවයක් කරන්න කියලා.

 

කලාකරුවන් දේශපාලන වේදිකාවට ගොඩවීම පිළිබඳ ඔබේ අදහස?

කලාකරුවෝ දේශපාලනඥයන්ගේ අතකොලු වෙන්න ඕන නැහැ. ඇම්බැට්ටයො වෙන්න ඕන නැහැ. කලාකරුවන්ට දේශපාලනයක් තිබිය යුතුයි. මම රටේ ඉන්න හැම දේශපාලඥයෙක්ම අඳුරනවා. හැබැයි කිසිම කෙනෙක් බලයට ගේන්න කිසිම කෙනෙකුගේ රැස්වීම් වේදිකාවකට මම නැගලා නැහැ. ඉදිරියේදිවත් එහෙම වෙන්නෙ නැහැ. කලාකරුවෝ කියන්නේ දේශපාලනඥයාට වඩා උඩින් ඉන්න පිරිසක්. මොන ක්ෂේත්‍රයක හෝ රඟපෑව පලියටම කලාකරුවො වෙන්නෙ නැහැ. ඒකයි මම කියන්නේ මේ ක්ෂේත්‍ර‘යේ කලාකරුවෝ හැටියට පෙනී සිටින අයම මෙහි විනාශය ළඟාකර දුන් බව. දේශපාලනඥයෝ කවදාවත් කලාකරුවන්ට එකතුවෙන්න දෙන්නෙ නැහැ. අපේ සබැඳියාවත් කඩනවා. බෙදා පාලනය ඔවුන්ගේ පැවැත්මට හිතකරයි.

ඔවුන් දන්නවා ඔවුන්ට වඩා බලයක් රටේ කලාකරුවන්ට තිබෙන බව. මේ තත්ත්වය රැකගන්න කලින් පැවති ආණ්ඩුව වරදාන දුන්නා. හැබැයි මේ යහපාලන ආණ්ඩුවේ ඒවා නැහැ. මේ ආණ්ඩුව කලාකරුවෝ යම් තනතුරු කිහිපයකට පත්කරලා තියෙන්නේ රටේ සුබසිද්ධිය වෙනුවෙන්. හැබැයි අද පාලකයන් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව හැම කලාකාරුවාටම ආරාධනා කරලා උත්සව පවත්වන හොඳ සංස්කෘතියක් බිහිකරලා තියෙනවා. සියලුදෙනාම සතුටු කරන කලාවක් ලෝකයේ කොතැනකවත් නැහැ. තමන්ගේ සුඛවිහරණය ගැන බලනවා වගේම අනාගතයේ ඉපදෙන දරුවා ගැන හිතලා අද තීරණ ගත යුතුයි.

 

අද කලාව තුළින් සංස්කෘතියේ පිරිහීමක් පිළිබිඹු වෙනවා නේද?

හොඳ නිර්මාණ නැතුවාම නෙවේ. අද එවැනි නිර්මාණකරුවන්ට අවශ්‍ය අනුග්‍රහය හා ප්‍රථිශ්ඨාධාර නොලැබෙන තත්ත්වයක් තියෙන්නේ. මොකද අවරගණයේ දේවල් වැඩියි. මේ රට විනාශකරන බොහෝ දේ වෙන්නේ රූපවාහිනී නාළිකා වලින්. මේ නාළිකා හැම එකක් තුළම හොඳ වැඩසටහන් දෙක තුනක් තියෙනවා. ඒ වගේම ජනමතය හා චින්තනය විනාශ කරන වැඩසටහන්වලින් පිරිලා. ඖචිත්‍යය හෙවත් කලාවේ උචිත අනුචිතභාවය පිළිබඳව අපි පැහැදිලිව වටහාගන්න ඕන.

 

අලුත් පරපුර පිළිබඳව ඔබේ අදහස?

ප්‍රසිද්ධද, ප්‍රවීණද කියන දේ පැත්තක තියලා අලුත් ළමයි පුද්ගලයාගේ වයසට ගරු කරන්න ඕනනේ. කෙනෙක් පුද්ගලයෙකුට ගරුකරන්න ඒ පුද්ගලයා ගැන දැනගන්න ඕනනේ. හැමතැනම නිළියො දාන්නෙ සැලෝන්. කොණ්ඩෙ හදනවා, %මේක් අප්^ එක ගැන බලනවා. තමන්ගේ දැනුම හෝ මොළය වැඩිදියුණු කරගන්න ඒ අයට උවමනාවක් නැහැ.

 

සටහන - පද්මකුමා පී. මෙත්තසේන

 

2016-12-13-ent-87
2016-12-13-ent-86
2016-12-13-ent-85
2016-12-13-ent-84
2016-12-13-ent-83
2016-12-13-ent-82
2016-12-13-ent-80



අදහස් (0)

හැමතැනම නිළියො දාන්නේ 'සැලෝන්'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 228 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 386 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 245 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 199 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 645 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 132 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1335 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site