පුහුණුව ලබන නාවික හමුදා සෙබළුන් රැගෙන කොළඹ සිට දියතලාව දක්වා ගමන් ගත් බස් රථයක් දියතලාව දුම්රිය හරස් මාර්ගයේදී අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරැළි සෙබළුන් හා සෙබලියන් විසි එක් දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
පුහුණුව ලබන නාවික හමුදා සෙබළුන් රැගෙන කොළඹ සිට දියතලාව දක්වා ගමන් ගත් බස් රථයක් දියතලාව දුම්රිය හරස් මාර්ගයේදී අඩි 20 ක පමණ ප්‍රපාතයකට පෙරැළි සෙබළුන් හා සෙබලියන් විසි එක් දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයාබර සොයුරු,සොයුරියනේ., නුබලාට ඉක්මන් සුවය ලැබේවා....!!! ජිවිත හානි නොමැති එකට ගොඩක් සතුටුයි......!!! (නදී)
මෙතන අවදානම් තැනක්. ලොකු කන්දක් බහිද්දිම වංගුව ගන්න ඕනෑ තැනක්. (නි)
මෙම මාර්ගය ඉතාමත් තද බල බෑවුම් සහ වංගු සහිත මාර්ගයක්. සුළු වැරදීමකින් බිහිසුණු අනතුරු සිදුවිය හැකියි. කෙසේ වෙතත් බස් රථයේ තිරිංග දෝෂයක් නොවුන නම් එය රියදුරුගේ අතපසුවීමක් නැති නම් වරදක්. මමත් මේ මාර්ගයේ සතියක දින දෙක තුනක් ලංගම බස් වල ගිය කෙනෙක්. වෘත්තියෙන් රියදුරෙකු නොවුනද ,ලංකාවේ මෙන්ම විදේශ වලද බර වාහන පැදවූ කෙනෙක්. (නදී)
මෙතන කීපදෙනෙක්ම යම් යම් කණ්ඩායම් වල වැදගත්කම/උසස් බව /කැපවීම සහ නීතියක් දැමීමේ සත්‍ය අවශ්‍ය තාවය පටලාගෙන ඉන්නේ. විශේෂයෙන් මාර්ග නීති දාන්නේ අනතුරු අවදානම් අඩු කරගැනීමේ අදහසින්. නීත්‍යානුකූලව හැසිරීම කියන්නේ දුර්වල තාවයක් නොවේ, තම තමන්ගේ හැදියාව සහ විනය අනිත් අයටත් පෙන්වා දීමක්. සරල උදාහරණයක් හැටියට මම අහවල් අංශයේ කෙනෙක්, මම ලොකු කැපවීමක් සහිතව සේවය කරන කෙනෙක් කියල හෙල්මට් නැතුව , වැරදි පැත්තෙන් ගිහින් අනතුරක් උනොත් තමාගේ සුදුසුකම්, කැපවීම නිසා ඔලුව තුවාල නොවී බේරෙනවා ද ? (නදී)
ගැමා, ඔහොම වෙන නිසා තම සෙමෙන් සහ වැඩි ප්‍රවේසමෙන් යන්න කියන්නේ. විශේෂයෙන් නුපුරුදු පළාත්වල සහ නුපුරුදු පාරවල් වල (නදී)
ඉක්මන් කොටයි.(නදී)
මේ බස් එක එලවපු කෙනාට පාර හුරු නැතුව ඇති. වංගුවේම පෙරලුනේ ඒකනේ. අනිත් එක නාවික හමුදා කදවුරක් මේ පළාතේ නෑනේ. (නදී)
කොච්චර කළත් මුල මතක නැති අය ලංකාවේ ඕනැ තරම් ඉන්නවා.(නදී)
ආරියසේනලට මුල අමතක නැහැ.(නදී)
දුම්රිය මාර්ගයේ දුම්රියක් නාපු එක නම් හොදයි.(නදී)
ඔයාලා ඔක්කොමලා අපිට නේද බනින්නේ ඔයාලට මුල අමතක උනා නේද ? (නදී)
ආරියසේන ඔබට මුල අමතකද රියදුරෝ සමහරකගෙන් වැරදීම් වෙනවා ඔබෙනුත් විය හැකි. ඒත් සමස්ත හමුදාවේම විරුවන්ට දොස් නැගීම ඔබගේ පහත් අදහසකි (නදී)
සිංහලයෙග් පුරුද්දක් තමයි මුල අමතක කරන එක. ආරියසේනාලා, මොහොට්ටිලා වගේ කට්ටිය තමයි අපේ රටට වින කරන අය. යමෙකුට කරදරයක් වුනහම හිනාවෙන්න තමයි දන්නේ අනතුරට ලක්වු රණවිරුවන්ට ඉක්මන් සුවය ඉත සිතින් පතමු.(නදී)
මොහොමෙඩ්, ආනන්ද, සරත්, පෙරේරා සහ ආරියසේන අමතක කරන්න එපා ගුවන් යානානයකින් වත් යන්න බැරි කාලයක් තිබ්බ් කියලා. (නදී)
රණවිරුවෝ රට වෙනුවෙන් සේවයක් කළා තමයි. නමුත් එයාලා වාහන පදවනකොට නම් එයාලා කළ සේවය අමතක වෙන විදියට තමයි පාරේ යන්නේ... (නි)
නුඹලාට ඉක්මන් සුවය ලැබේවා. ඔයාලා ඔක්කොමලා අපිට නේද බනින්නේ ඔයාලට මුල අමතක උනා නේද? (නදී)
ආරක්ෂක අංශ ගොඩක් වාහන දැන් යන්නෙ වේගයෙන් (නි)
බීලද හිටියේ මෙයාල අපිට ආරංචි උනා(නදී)
වාහන අනතුරු වෙන්න පුළුවන්. මොකද ඒවා පදවන්නේ මිනිස්සු. තුවාල වූ අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)
මෙම බස්රථය නාවික හමුදවට අයත් එකක්ද? පුද්ගලික කුලියට ගත් රථයක්ද? පැදෙව්වේ නාවික සෙබලෙක්ද? මේ තොරතුරු කිසිවක් නැතිව හමුදාවට දොස් කියන අයට ඕනා නැවත යුද්දයක්.(නදී)
සිංහලයට හැමදේම මතක නැහැ.(නදී)
පෙරේරා, ඔයාව පෘතුග්‍රීසීන් ලංකාවෙන් යනකොට අමතක වෙලා තියලා ගිය එකක්ද කොහෙද ?(නදී)
ලංකාවේ ඉන්න ගොඩක් අයට දැන් මුල මතක නැත. ඊට හේතුව දැන් බය නැතුව පාරේ යන්න පුළුවන් තත්ත්වයක් තිබීමයි. (නි)
අපේ රට විරුවන්ට ඉක්මන් සුවය ලැබේවා. ජිවිත හානි නොවීම දෙවියන්ට ස්තුති වේවා (නදී)
හැමදාම මොකක්හරි අනතුරක් වෙනවා.මේවට කව්ද වගකියන්න ඕනෑ?? (නි)
අපේ රණවිරුවන්ට ඉක්මන් සුවය පාර්ථනා කරනවා.(නදී)
ආයෙ යුද්දයක් අවොත් තමයි ලංකාවේ මිනිස්සුන්ට හමුදාවේ අගේ මතක් වෙන්නේ... දවසින් දවස හමුදාව පහතට වැටෙනවා. පාර දැනන් හිටියේ නැති වෙන්න පුළුවන්.. වේගේ වැඩි වෙන්නත් පුළුවන්.. ඒත් හැමෝම මිනිස්සු... එහෙම හිතල වත් ඉක්මන් සුවය පතන්න බැරි මොකද ... ලංකාවේ මිනිස්සුන්ගේ පහත් ගති හොදට පේනවා මේ කියන කතා බැලුවම.. ආරියසේන වගේ අය තමයි නියම ත්‍රස්තවාදීන්.(නදී)
මහ පාර බදු අරගෙන ගියත් පාරෙ දකුණු පැත්තෙන් වාහනේ එලෙවිවත් ඒ රියදුරත් සාමාන්‍ය මනුස්සයෙක් තමන් අරන් යන වාහනෙන් තමන්ගෙම ජීවිතය නැති වෙනවට කවුරුත් අකමැතියි ඒ නිසා ඔනෙම රියදුරෙක් තමන් අරන් යන වාහනේ විශ්වාසයෙන් අරගෙන යනවා ආරියසේන මහත්තයා ආසාවටවත් වාහනයක් එලවලා නැතිව ඇති ඒකයි (අ)
සියලු දෙනාම ඉක්මනින් සුව වේවා! බුදු සරණයි! (නි)
අනේ අම්මේ තුවාල වුනාට නම් කමක් නැහැ අත පය නොකැඩී, ජීවිත හානි නොවී.(නදී)
හමුදා වාහන ධාවනය කරන්නේ මහා මාර්ගය බදු අරගෙන. මාර්ග නීති රීති කඩන එක ඔවුනට ඒ හැටි දෙයක් නොවේ. (නදී)
අපේ රණ විරුවන්ට ඉක්මන් සුවය පතමි, (නදී)
ආරියසේන හරි මම හිතන්නේ (නි)
අපගේ රණවිරුවන් හට ඉක්මන් සුව ලැබේවා! (නි)
පාර පුරුදු නොමැති වූවාවද්ද? (නි)
ආරියසේන,හමුදා වහාන විතරක් නෙමෙයි, ආරක්ෂක අංශයට අදාල ගොඩක් වාහන යන්නෙ ටිකක් වේගයෙන්. මොකද ආරක්ෂක අංශයේ නිලධාරීන්ට සෙබලුන්ට තවමත් එල්ලවිය හැකි අවදානම් තිබෙනවා. ඔවුන්ට පිළිපැදිය යුතු ආරක්ෂා විය යුතු මට්ටමක් තිබෙනවා. (නි)
තුවාලකරුවන්ට අමාරු පාටයි (නි)
ආරියසේනට මොනවා වෙලාද? (නි)
අාරියසේන මාමේ, ඉස්සර නම් පාරේ කොහේ ගියත් අනේ පවු කොල්ලෝ කියනවා නේද? දැන් මුල අමතක වෙලා නේද? (නි)
මහ පාර බදු අරගෙන වගේ යන්නේ ඔවුන් නිවාඩු යන්න නෙමෙයි.රටේ අත්‍යවශ්‍ය දේවල් වලට. දැන් ඉතින් මිනිස්සුන්ට මුල අමතක වෙලානේ... (නි)
ආරක්ෂක හමුදාවල සමහර රියදුරන් හිතාගෙන ඉන්නේ එයාලා ගුවන් යානා නියමුවන් කියලා. (නි)
ඉක්මන් සුවය පතනවා (නි)
ඒකත් පුහුණුවක් කියලා හිතමුකෝ. ජිවිත හානි නොවීම වාසනාවක්.(නදී)
අනේ! (නි)
හමුදාවේ හින්දා ඉගිලුනාවද්ද? එයාලට මාර්ග නීති නැද්ද? (නි)
මොනවගේ රියදුරෙක් පැදෙවුවද දන්නේ නැහැ මේක? (නි)
ආරියසේන, ඔබගේ අදහස් දැක්වීම හරියට හරි. (නි)
අපේ රටේ දැන් වෙන දේවල් වලට මේ රටේ ජීවත් වුණා ඇති කියලාත් හිතෙනවා. (නි)
මොහොමෙඩ්, ආනන්ද, සරත්, පෙරේරා සහ ආරියසේන, ඉස්සර නම් හමුදාවේ අයට අපේ දෙවිවරු කියපු කටින් නම් වෙන්න බැහැ ඔය වගේ කතා කියන්නේ. (නි)
ආරියසේන මහත්තයා අද පාරේ නිදහසේ යන්නේ ඔය තුවාල වෙලා ඉන්න කොල්ලන්ට පින්සිද්ධ වෙන්න කියලා හිතේ තියාගන්න (නි)
එක එක උදවිය රියදුරාට බැන්නට උඩරට මාර්ගවල දිග වහනයක් පදවලාම බලන්න ඕනෑ ඒකේ අමාරුව. රියදුරන් අත වැරදි ඇති. නමුත් එක ළඟ වංගු ගන්නකොට සුක්කානම ගැස්සෙනකොට, වළක වගේ වැටුනම අතට එන කම්පනයට සුක්කානම අතහැරුනොත් මොකද වෙන්නේ? විශේෂයෙන් ලේලන්ඩ්- ටාටා බස්වල. ඔය අනතුර සිදුවුණ හරියේ පාරත් එච්චරටම හොඳ මදි. අනතුරකට අත වනන තැනක්. විශේෂයෙන් දිග වාහනයක් පාලනය කරගන්න අමාරු හරියක්. ඒ ගැන මහා මාර්ගයේ උදවියත් වග කියන්න ඕනෑ. ඒ වගේමයි දියතලාව උඩ පාරේ දුම්රිය හරස් මාර්ගයත්. (නි)
අනේ ඇත්තට? හුග දෙනෙකුට මුල අමතක වෙලා නේද? (නි)
කොහොම වුණත් හැමෝටම ඉක්මන් සුව පතනවා (නි)
ප්‍රදීප් කියන කතාව හරියටම හරි. ඔයා නියම සිංහලයෙක්. (නි)
ආරියසේන හරි.කලින් දේවල් අමතක නොවුණත් දැන් එයාලගේ ඇසිරීම හොද මදි (නි)