කොතලාවල ආරක්ෂක විශ්වවිඳ්‍යාලයට ඉහළ මට්ටමේ පරීක්ෂණාගාරයක් ඉදිකර දීම සදහා ආරක්ෂක අමාත්ත්‍යාශය පකිස්ථානයේ කරච්චි විශ්වවිඳ්‍යාලය හා සාකච්ඡා පවත්වා තිබේ.
කරච්චි විශ්වවිඳ්‍යාලයේ පවතින පර්යේෂණාගාරය හා සමානව කොතලාවල ආරක්ෂක විශ්වවිඳ්‍යාලයේද පර්යේෂණාගාරයක් ඇති කිරීම බළධාරීන්ගේ අරමුණයි.
වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් ඩොලර් ලක්ෂ 100 කි (රුපියල් ලක්ෂ 13200 )
පර්යේෂණාගාරය ඉදිකිරීමට පූර්ණ සහය ලබාදීමට ලංකාවට පැමිණි කරච්චි විශ්වවිඳ්‍යාලයේ දුත පිරිස එකග වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න, මමත් ඔබ සමඟ එකගයි. එහෙත් මේ අන්තවාදී කණ්ඩායම් කරන වැඩ නිසා දැන් ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිසුන්ට සිංහල මිනිස්සු එපා වෙලා. ඒ නිසා තමා මේ වගේ අදහස් ලියන්න හිතන්නේ. මම වැරදි නම් කියන්න, මිත්‍රත්වයෙන් ජීවත් වුනු මේ ජාතීන් දෙක අතරේ බේදයක් ඇති කලේ කව්ද? (නි)
අනිත් විශ්ව විද්‍යාල වල සිසු උද්ඝෝෂණ මර්ධනය කිරීම පිලිබඳ වත් මෙම පර්යේෂණ වලට ඇතුලත් නේද?(අ)
කලිඩ්, අහමඩ්, සහ අනෙකුත් මුස්ලිම්වරු වෙතටයි, සිංහල බෞද්ධයෝයි බොදු බලු සේනාවයි පටලවා ගන්න එපා (නි)
දුප්පත් රටක් වන පකිස්ථානයට ඇයි අපි මේ කරදර කරන්නේ? ඒක පුද්ගල ආදායම ලංකාවෙන් 1/3යි. මානව සංවර්ධන දර්ශකය 0.515යි. සාක්ෂරතාව 55%යි. චීනෙන් ඇමෙරිකාවෙන් හිඟාකාපු ආයුධ ටික විතරයි තියෙන්නෙ. (නි)
අපේ කැම්පස් එකටත් එකක් දෙන්න බැරිද? අඩු ගානේ ලෙක්චර් හෝල් එකට පුටු ටිකක් වත්?? (නි)
ලංකාවේ ඉන්න සමහර මුස්ලිම් අය හරියට ජීවත් වෙන්නේ එයාලා මැද පෙරදිග මුස්ලිම් අය කියල හිතාගෙන. මෙහෙ මුස්ලිම් මිනිස්සු ඔය මැදපෙරදිග, පාකිස්තානේ රටවල් ගැන පුරාජේරු දෙඩුවට. ඒ රටවල්වල ඉන්න මුස්ලිම් මිනිස්සු මෙහෙ ඉන්න මුස්ලිම් අයව ගණන් ගන්නේ නැහැ. දේශපාලන වශයෙන් රටවල් එක්ක සම්බන්දකම් තියාගෙන ලංකාවේ රජය වැඩ කරනකොට අපේ රටේ ඉන්න සමහර මෝඩ මුස්ලිම් මිනිස්සු හිතන් ඉන්නේ එයාලගේ රට තමා සෞදිය නැත්නම් පාකිස්තානේ කියලා.ඒකනේ කෑගහන්නේ මුස්ලිම් රටවල්වල උදව් නැතුව බැහැ කියලා. ඒකෙන්ම ඔප්පු වෙනවා සැබෑම ජාතිවාදීන් කවුද කියලා.වසීම් අක්රම් එකපාරක් කියලා තිබබා ලංකාවේ මුස්ලිම් පිරිස් ක්‍රිකට් මැච් අතරතුරේ පාකිස්තානේ කොඩිය වනනවා දැක්කා ලංකාවේ ඉපදිලත් කියලා. පාකිස්තානේ ඉන්න මුස්ලිම් කෙනෙක් එහෙම වෙන රටක කොඩියක් වැනුවොත් වෙඩිතියලා මරලා දාන්නේ කියලා. (නි)
මේකනම් හොද වැඩක්, මේකෙන් ඉන්දියාවට හොදට රිදෙනවා. මොකද ඉන්දියාව හිතන් ඉන්නේ ලංකාව එයාලගේ කොලනියක් කියල. කොහොමත් යුද්දය වෙලාවෙත් අපේ උදව්වට හිටියේ පකිස්තානය. (ත)
ප්‍රසන්න , දැන් මොනවා වුනත් දැන් ලංකාවේ සංවර්ධනයට යොදවන්නේ මුස්ලිම් රටවල සල්ලි. වෙනත් රටවල් ලංකාවට උදව් කරන්නේ නැහැ. (නි)
"අහමඩ්, මේක අපි හැමෝගෙම රට. දැන්වත් ජාතිවාදය අත හරින්න." හැමෝටම කියන්ඩතියන්නේ එච්චරයි. (නි)
අහමඩ්,පකිස්ථානයෙ තම්බිල නැහැ.පකිස්ථානයෙ ඉන්නේ ඉස්ලාම් දහම අදහන මුස්ලිම්වරු. ඔවුන් ලංකා තම්බිලත් එක්ක සසදන්න බැහැ. පකිස්ථානය, බෞද්ධ මා අවුරුදු 15ක් හිටි රට. (නි)
ප්‍රසන්න, ජාතිවාදය පුරුදු කලේ කව්ද ?මීට කලින් සහෝදරත්වයෙන් හිටියේ නැද්ද? ලෝකයේ තිබෙන තම්බිලගේ රටවල සල්ලි වලින් තමා දැන් ලංකාවේ සංවර්දනය සිදුවන්නේ කියන එක මතක තියා ගන්න . (නි)
තම්බිලගේ මොලයෙන් තම යුද්දෙත් දිනුවේ, පකිස්තනෙත් ඉන්නේ තම්බිලා තමය්, බොදු බල සේනාවට කියන්න තම්බිලගේ උදව් එපා කියල (අ)
පකිස්ථානය හෝ චීනය අපට උදව් කරන්නේ ලෝක දේශපනික ක්‍රියාකාරනමක ප්‍රතිපලයක් නිසා මිසක්, මුස්ලිම්, ජාතිකත්වය ගැන හිතල නෙමේ. පාකිස්ථානයට න්‍යෂ්ටික තාක්ෂණය,මිසයිල තාක්ෂණය දුන්නේ චීනෙන්. එතකොට චීනය අනාදිමත් කාලයක සිට බෞද්ධ රටක්. එහෙම බැලුවොත් මුස්ලිම්වරුන්ට නවීන තාක්ෂණය සහ රැකවරණය දිලා තියෙන්නේ බෞද්ධ රටක් වෙන චීනෙන්. එතකොට සෞදි අරාබිය ඇමෙරිකාවත් එක්ක එකතුවෙලා ඇෆ්ගනිස්ථානයට, ඉරාකයට බෝම්බ දාන්න එයාලගේ රට පාවිච්චි කරන්න ඉඩ දුන්න. අහමඩ්, එතකොට මොකද වෙලා තියෙන්නේ. ඒ නිසා හැමදේම ජාතිවාදී විදියට හිතන්න පුරුදු වෙන්න එපා අහමඩ්. නැගෙනහිර කොටි මුස්ලිම්වරුන්ව මරද්දී අපේ හමුදාව තම ඔවුන්ගේ ආරක්ෂාවට හිටියේ. නැතුව අරාබිය නෙමේ. ඒ වගේම පෘතුගීසින් මුස්ලිම් වෙලදුන්ව මරද්දී සිංහල රජතුමා තමා මුස්ලිම්වරුන්ව නැගෙනහිර පදිංචි කරලා ආරක්ෂාව දුන්නේ. අපි හැමදාම සහෝදරත්වයෙන් හිටියා. අහමඩ් මේක අපි හැමෝගෙම රට. දැන්වත් ජාතිවාදය අත හරින්න. (නි)
මෙය රටේ රෝගීන්ට කරන ලොකු උපකාරයක්. නමුත් මෙහිත් සියලුම පරීක්ෂණ රටේ ආර්ථිකයට ගැලපෙන දිගටම කරගෙන යාහැකි පරීක්ෂන තෝරාගත යුතුයි .මෙහිදී දැනට රටේ රාජ්‍ය සහ පෞද්ගලික සේවයේ ඇති පරියේෂණ ගැන සලකා බැලිය යුතුය.(අ)
ඉතාම හොද දෙයක්. ලංකාවේ තාක්ෂනය දියුණු කරන්න ගන්න හොද උත්සහයක්. මිලිටරි තාක්ෂනය දැන් ලෝකයේ ඉහල මට්ටමක පවතිනවා. හමුදාව කියන්නේ වෙඩිතියන්න ඉන්න පිරිසක් නෙමේ.(අ)
රටක අංක එක විය යුත්තේ අධ්‍යාපනයයි.එය ආරක්ෂක අධ්‍යාපනය පමණක් නොවේ.සියලුම සරසවි වලට මේ වගේ මුදල් වෙන් කරන්න බැරි වෙලා තියෙන්නේ කුහකකමට.රටේ නිකන් නාස්ති කරන මුදල් කන්දරාව සියලුම අධ්‍යාපන ආයතන වලට වෙන් කරන්න. සරර් ජෝන් කොතලාවලලාගේ නම අදටත් බැබලෙන්නේ බොරුවට වීරයින් වෙන්න ගියේ නැති නිසා. (නි)
විශ්ව විද්‍යාල වහන කොට ඕක හොදට හදල තියාගන්න එක කෝකටත් හොදයි.(නදී)
ඉතාම හොඳයි. පාකිස්තානෙ හැමදාම අපට උදවු කළා. කොටි පරදවන්න විශාල සහයක් දුන්නා. හොඳ දේ හොඳයි. (නි)
ගොඩක් ප්‍රශ්න මෙතන තියෙනවා. රුපියල් ඩොලර් ලක්ෂ 100 දෙන්නේ කවුද? පකිස්ථානෙන් මෙහෙම ආධාරයක් ලැබෙයි කියල සැකයි. ඇයි මේක ආරක්ෂක විශ්ව විද්‍යාලයට? මේක මොන පර්යේෂණාගාරයක්ද? ආරක්ෂණ විශ්ව විද්‍යාලය කරන්නේ මොන විදියේ පර්යේෂණද? අනික් විශ්ව විද්‍යාලවලට මේක දුන්නම මොකද? මෙතන අය වර්ජන කරන්නේ නැති එක විශේෂ සුදුසුකමක්ද? (නදී)
අන්තවාදීන්ට තියෙන්නේ හරක් මොල.(නදී)
නියමයි! (නි)
කෝටි 132 කට ගහන්න හදන්නේ. මත්තල ගුවන්තොටුපල හැදුව වගේ තියේවිද (අ)