පසුගිය විසිහතර පැයේදී මහනුවර , ඌරුබොක්ක හා කිතුල්ගලදී පොලිස් කොස්තාපල්වරුන් හය දෙනකුට පහර දුන් බව කියන හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනෙක් ද ව්‍යාපාරිකයෙක් ද සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මාර්ග නීතී කඩ කිරීම සම්බන්ධ සිද්ධියකදී ව්‍යාපාරිකයකු මහනුවරදීත් හෙල්මට් නොමැතිව යතුරුපැදියකින් ගිය බව කියන හමුදාවේ හිටපු සෙබළුන් දෙදෙනෙකු ඌරු බොක්කේදීත් තවත් රථ වාහන වරදක් සම්බන්ධයෙන් කිතුල්ගලදී තවත් හමුදා සෙබළෙකු ද පොලීසියට පහර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ මහත්වරුන්ට විශේෂ පුහුණුවක් දියයුතුයි තම තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීමටත් නැත්තම් බැහැ වගේ දැන් (දිල්)
දැන් නිතිය අතට නොගන්නේ කවුද බලල එයාලටයි දඬුවම් දෙන්න ඕන. එවැවු,අමුණු විනාස කරනවා,ගහ කොළ විනාස කරනවා,වන සතුන් විනාස කරනවා,තරහා කාරයන්ව එතනම මරනවා මොකක්ද තියන නිතිය?(දිල්)
බලාගෙන යනකොට කරන තරම් නීති විරෝදී වැඩ කරන්නේ රජයේ මන්ත්‍රී වරුනුයි හමුදාවේ හෝ පොලිසියේ අයයි.(අ)
පොලිස්සියේ අයට පිස්තෝල දීල බොරු වීරයෝ වෙලා තියෙන්නේ, මිනිසුන්ට කතාකරන්න දන්නේ නැහැ සාමාන්‍ය ජනතාව හැමදාම ඉවසන්නේ නැහැ, (අ)
මේක භයානක තත්ත්වයක්. රට වැසියන් තේරුම් ගත යුතුයි. දෙසපලකයන් තේරුම් ගැනීම අවශ්‍ය නොවේ. (අ)
නීතිය රකින අයට දේශපාලකයෙක් වුණත් පැනගිය සෙබළෙක් වුණත් වෙන කවුරුහරි වුණත් පහරදෙන්න ඉදිරිපත් වෙනවා කියන එක හරි භයානක තත්වයක්. රට අරාජිකවීමේ තවත් පියවරක්. (නි)
අපේ කාලේ නම් පොලිසියේ හය දෙනෙක් එකතු උනොත් දොළොස් දෙනෙකුට වග කියන්න පුළුවන් ලේසියෙන්ම. අර බැටන් පොලු කෑල්ල විතරක් ඇතුව. දැන් තුවක්කුත් තිබිලා. ලැජ්ජයි! තුන් දෙනෙක් පොලිසියේ හය දෙනෙකුට රෝහල් ගත වෙන්නම දීලා. දැන් ඉන්න කට්ටිය මිනිස්සුන්ට ගරු නම්බු දීලා කතා කරන්නෙත් නැහැ.පොලිස්පති තුමාලා.ආවෝ! ගියෝ!! විතරයි.පොලිසිය දවසින් දවස පිරිහුණා. හෙට තත්වය මීටත් වඩා භයන්කාරයි. නරකද හැබැටම මල්ටි විටමින් ටිකක් වත් මේ ගොල්ලන්ට ගෙනත් දුන්නොත්? (නදී)
පොලිසියේ රථවාහන අංශයේ උත්තමයින් අතමිට සරුවෙන දේවලුත් කරනවා ඉඳල හිටලා ගුටියකුත් කනවා. ඔහොම යං. (නදී)
රටේ නීතිය ,සාමය රකින්න ඉදිරියෙන් ඉන්නේ පොලිසිය. ඉතින් මේ අයට මෙවැනි දේවල් කරනකොට රටේ නීතිය ,සාමය රකින්නේ කව්ද ?රට එන්න එන්නම ගුණදම් වලින් පිරිහෙන්නේ මෙවැනි හේතුන් නිසයි. (නි)
අපි වරදක් කරලා අහුවුණොත් සළකන විදියට ,ඒ ගොල්ලොත් ඉඳලා හිටලා කෑවට කමක් නැහැ. (නි)
මහනුවර හා කටුගස්තොට පොලිස් මහත්වරු රාත්‍රිය ගත කරන්න යන්නේ ඔය මහියාවේ සෙල් කාරයන්ගේ ගෙවල් වලට මොකද නෝනට සාප්පු යන්න වාහන යවන්නේ එයලා එක නිසා පොඩි එකෝ කලා ගෙදර යන්න .රැකියාව රැකගන්න ? (අ)
මේ නෙලාගන්නේ අපිම වපුරපු ඒවායේ අස්වනු. දැන් බුමරංගයක් වී ආපසු කැරකෙන කාලය. පොලිසිය අනාථ වෙලා . පව්...(අ)