මිලානෝ නගරයේ විදුලි උපකරණ නිපදවන ආයතනයක ශ්‍රී ලාංකිකයින් පිරිසක් ආයතනයේ සේප්පුවේ තිබු යුරෝ 35000ක් (රුපියල් 63,70000) සොරා ගෙන ඇතැයි ඉතාලී පොලීසිය පවසයි.
විදුලි උපකරණ ආයතනයේ හිමිකරුවන ඉතාලි ජාතිකයා මුහුදු සංචාරයක් සඳහා පිටවී ගොස් සිටින අවස්ථාවක ඔහුගේ සේවකයකු ඇමැතුමක් ලබා දී පවසා ඇත්තේ ගැනුම්කරුවකුගෙන් යුරෝ 35000(රුපියල් 63,70000) ක අත්තිකාරමක් ලැබුණු බවයි.
තමා එන තුරු එය කාර්යාල සේප්පුවේ දමා තබන ලෙස සේවකයාට ඔහු පවසා ඇත.
එම දුරකතන ඇමතුමට සවන් දුන් ඔහු ගමන් කළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයකු එම මුදල් පිළිබඳව ඔහුගේ හිතවතකුට පවසා ආයතනයේ සේවකයකුගේද උදව් ඇතිව රාත්‍රී කාලයේදී සේප්පුව කඩා මුදල් පැහැරගෙන ඇත.
සැකකරුවන් මේ වන විට ශ්‍රී ලංකාවට පැන ගොස් සිටින නිසා පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වී ඇතැයි ඉතාලි පොලීසිය කියයි.
මෙම සැකකරුවන් වයස අවුරුදු 37-40-42 වයස් පරතරයන් හි බවත් මුන්දලම හා කටුනේරිය ප්‍රදේශයන්වල බවද පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් හිනා (නි)
උරුලෑවා ගිය පාර වගෙයි,වෙන්නප්පුවේ මෙහේ ඉන්න අය. (නි)
වැඩේ හොඳයි. හැබැයි ඔය වගේ හොර සමාගම් සහ මිනිස්සු අසරණ ලෙඩුන් සමගත්,ඒ අහිංසකයන්ගේ ජිවිත සමගත් සෙල්ලම් කරන්න ගියොත් කියන ප්‍රශ්නය අපට මතුවෙනවා (නි)
ප්‍රශ්නය හොරකම් කළ මුදල කීයද කියන එක නෙමෙයි. මෙයින් පහරක් වදින්නේ සියලු ශ්‍රී ලාංකිකයන්ටයි (නි)
ඒ නිසා තමයි මේ වගේ අය ඕස්ට්‍රේලියා එනවට මෙහෙ අය කැමති නැත්තේ. (නි)
සජිනි මදුෂානි, ඔබ කියන කතාව හරියට හරි. (නි)
අපේ අය ගිය ගිය තැන විනාශයි. මෙහෙත් මම ඉන්න පවියා නගරයෙත් ඉන්නවා එක එක්කෙනාව බොරුවට කොටවන අය. සීට්ටු දාන අය පොලියට දෙන අය වැඩ කරන තැන්වලින් හොරකම් කරන අය. අපේම අයගෙන් බොරු කියලා ගසාකන අය. (නි)
රටම කනවානේ? (නි)
මමත් ඉතාලියේ ඉන්නේ .මෙහෙ සමහරු ඉන්නවා අත්සන ගහගන්නවත් දන්නේ නැති මිනිස්සු .ඇත්තටම ඉතාලි වල රක්ෂාවල් කරන්න කිසිම අධ්‍යාපන සුදුසුකමක් ඕනෑ නැහැ. (නි)
මේ හොඳින් ඉන්න අපිටත් මෙහෙ ඉන්න බැරි වෙන එක තමා වෙන්නේ (නි)
බෙදා ගත්තම ලක්ෂ 20ක් විතර එක්කෙනෙක් මොනවා කරන්නද? ලංකාවේ නම කනවා (නි)
කවුරු මොනවා කිව්වත්, කොච්චර නැහැ කිය කියා උඩ පැන්නත් ඇත්ත කිව යුතුයි. වෙන්නප්පුව කටුනේරිය එක ළඟ ගම්. (නි)
සචිනි අක්කේ, පරිස්සමින් (නි)
ඉතාලියේ ඉන්න ෂෙහාන් මොනවද දන්නේ නැහැ මේවට කියන්නේ? (නි)
අපි නොදන්නා මොණරතැන්න? (නි)
මට පේන හෑටියට මේක බොරු පැමිණිල්ලක් වගේ.ඒකට හේතු කීපයක්ම තිබෙනවා.පළමුව කියන්න ඕනා කිසිම ඉතාලි ජාතිකයෙක් යුරෝ 35000ක් මුදල් නෝට්ටු වලින් ගනුදෙනු නොකරන බව.පැමිණිලිකරුගේ සේවකයාට කිසිම දිනක එවැනි මුදලක් මුදල් වශයෙන් නොදෙන බව.ඔන්න ගෙදර බඩුමූට්ටූ හොරකම් කළා කිව්වා නම් පිළිගන්න තිබුනා. පහත් තැනින් දිය ගලාබසි කියන්නා වගේ අර විශ්වාසයි කියූ සේවකයාගේ වැඩක්ද දන්නේත් නැහැ.මේ වගේ බොරු පැමිණිලි අනන්තවත් ඉතාලියේ සිදුවෙලා තිබෙනවා. (නි)
සජිනි මධුෂානි මම දන්නා කෙනෙක්. එහෙත් ඇය ඉතාලියේ සිට අපවම පාවා දෙන එක ගැන මට දුකයි. එයත් ඉන්නේ අපි වගේම එකම බෝට්ටුවේ (නි)
ලංකාවේ හිටි කම්බා හොරු ටිකනෙ ඔය දැන් ඉතාලිවලට පැනලා ඉන්නේ. ලංකාවේ දැන් හොරකම් ඇත්තෙම නැහැ. (නි)
යූ එස් ඒ, අනේ ඔයා වගේ නුවණක්කාරයෙක්.. ? ලක්ශ 21 කට මාළිගාවක් වගේ ගෙවල් හදන්න පුළුවන්ද දැක් කාලෙ? (නි)
මේකට හොරු තුන් දෙනෙක් සම්බන්ධ වුණා නම් , හොරකම් කළෙත් ලක්ශ 64 නම් එක් කෙනෙකුට ලැබෙන ගාන ලක්ශ 21 යි. (නි)
මේ වගේ දූබල පූද්ගලයින් නිසා, රටේ නමත් ගෞරවයත් රැක ගනිමින් ඉන්නා අපටත් අවමානයක්....!! (නි)
මට පෙනෙන හැටියට මේ අදහස් දක්වන වෑඩි දෙනා ඉතලියේ නිති රිති ටිකවත් නොදන්නා බවයි පෙනෙන්නේ.. ජො ඩයස් ඔබතුමා නිවැරදියි ඉතාලි නිතියට අනුව රට ඇතුලත හෝ රටින් පිටත කරන කිසිම මුදල් ගනු දෙනුවකදි යුරො 999 වඩා මුදල් වලින් ගනුදෙනු කල නොහැකියි.සජිනි මදුශානි අවු 22 ඉතාලියේ ජිවත් උනත් අදුරේ අත පත නොගා පොලවේ පය ගසා ජිවත් වෙන්න රටක ජිවත් වෙනවා නම් ඒ රටේ භාවිතා වන භාෂාවත් රටේ බලපවත්නා නිතියත් පොඩ්ඩක් හදාරන්න. කොහොම උනත් මේ කුළල් කා ගැනිමෙන් වෙන්නේ අපිම උඩ බලාගෙන කෙල ගසා ගැනිමක්. (ස)
කුසුම්, මුලින්ම මම ඉතාලියේ ජිවත් වන සියලුම දෙනා වෙනුවෙන් ඔයාට හිස නමා ආචාර කරනවා. සජිනි, පාසල් ගියාට උගතෙක් වෙන්නේ නැහැ. සමාජ අවබෝධය ලබාගන්න. (නි)
සචිනි, ඔයා වගේම මමත් ඉතාලියේ ජිවත් වෙන්නේ හුඟ කාලෙක ඉඳන් මිනිස්සුන්ගේ හැදියාවත් උගත්කමත් ගැන ඔයා දන්නේ බොහෝම ටිකයි කියලා මට හිතෙන්නේ .... මිට කලින් වෙන සිද්ධියකට ඔයා අදහස් පළ කරපු වෙලාවේ .. 90% ක්ම ඉතාලියේ ඉන්නේ නුගත්තු කියපු එකෙන් ....ඉතාලියේ ඉගෙන ගත්ත පමණින් භාෂාව ලියන්න කියන්න ඉගෙන ගත්ත පමණින්ම කෙනෙක් උගත් වෙන්නේ නැහැ ...උගත් කමට කෙනෙකුගේ හැදියාවත් තියෙන්න ඕන.ඒක අපිට වැඩියෙන් ලැබෙන්නේ අපේ දෙමාපියන්ගෙන් ...නුගත් කියලා කෙනෙක් හෝ කණ්ඩායමක් හදුන්වන එක ඔයාගේ උගත් කමටත් හැදියාවටත් බලවත් පහරක් .... ඉතාලියේ ඉපදිලා ඉතාලියේම ඉගෙන ගත්ත ඉතාලි ළමයි කරන දේවල් වලින් එයාලගේ උගත් කම ඔයා දැකල ඇතිනේ නේද? කොච්චර උනත් ලංකාවේ අයගෙයි ඉතාලි හෝ යුරෝපියනුවන්ගේ සහ අපේ අයගේ හැදියාවයි අතර ලොකු වෙනසක් තියෙනවා ... අපේ අයව හෙළා දකින්න එපා ...නුගත් කියලා ඔයා ඔය කියන කොටසේ හොඳ අය ගොඩාක් ඉන්නවා.. (ස)
සජිනි මදුෂානි නගෝ ඔයාගේ අදහස් වල මට නම් පොඩි පටලැවිල්ලක් තියනවා. ඔයා ඉතාලියට ගියේ අවුරුදු 22 කට කලින් වීසත් නැතිවලු. හොඳට ඉගෙන ත් ගත්තලු ඉතාලියේ. ඒත් ඔයාට තවමත් ඉතාලි හෝ ඉතාලියේ ජිවත්වන වෙනත් රටවල පුරවැසියන්ගේ වැදගත් සමාජයට තවමත් ඇතුල්වීමට බැරි වූවාද? ඔයාට ඉතාලියේ ඉන්න පහත් ලංකික සමාජය ගැන නම් මනා අවබෝධයක් තියන බව නම් ලිය තිබෙන අදහස් වලින් පැහැදිලියි. හැබැයි නගෝ ඉතාලි නෙමේ ලෝකේ කොහේ ගිහින් ඉගෙන ගත්තත් ජන්ම ගතිය අරින්න නම් ඔය කිසි අධ්‍යාපනයකට ලෙහෙසි වෙන්නේ නැහැ. මම කියපපු අදහස් අනුව ප්‍රියන්ත මිලානෝ හා ජෝ මහත්වරු නම් ඔවුන් ජීවත්වෙන රට ගැන අවබෝධයෙන් බුද්ධිමත් අදහස් පළකර තිබනවා. පිටිගල මිලානෝ මහත්මයත් අවසානයේ හෝ නිවැරදිව කරුණු කරන අවබෝධ කර ගෙන තිබෙනවා. සජිනි, කනස්සල්ලෙන් ඉන්න එපා තව ටිකක් ඉස්කෝලේ යන්න. එතකොට ඔය ගතිය ඉබේටම ඇරිලා යයි. (ස)
මම ඉතාලි භාෂාව කතා කරන්නත් ලියන්නත් දෙකටම හැකියව ඇති කෙනෙක් . එමෙන්ම සිංහල ලිවීමට කියවිමටද හැකියව තිබේ . මගේ දෙමව් පියන් මාව මෙහි ගෙන ඇවිත් මෙහි පාසලකට දමා හොඳට ඉගනුම ලබා දෙනවා . ප්‍රියන්ත මිලානෝ සහ අනික් අය මෙන් නොව තවම මම රැකියාවක් නොකරමි . කරත් ඔබලා කරනා ආකාරයේ රැකියා වලට නොයමි . ඔබලාට සිදුව තිබෙන්නේ සත්‍යය පෙන්වා දීම නිසා ඇතිවූ සිතේ කණස්සල්ලකි . මම මේ පුවත්පතට දමනා ප්‍රතිචාර හැම විටම සිතට එකඟව සත්‍යයෙන් පවසන්නේ . මට ඔබලා මෙන් බොරු කියා ලොකුකම් පෙන්වීමට උවමනාවක් නැත . දන්නෝ දනිති මා ගැන සහ මගේ දෙමව්පියන් ගැන . ස්තුතියි සැමට . මේ ගැන මා නැවත පවසන්නේ නැත. (ස)
රවී මිලානෝ, ඔබතුමාගේ අදහසට මම ගරු කරනවා. (ස)
සජිනි මදුෂානි, ශානිකා ඔයාල වගේ ගොඩාක් හොඳ අය මොකටද ඉතින් අවුරුදු ගණන් ඉතාලියට වෙලා ඉන්නේ? එන්නකෝ ලංකාවට. ඔය නුගත් හා හොර ලාංකිකයින්ට විතරක් ඉතාලියටම වෙලා ඉන්න කියලා. ඔයාලත් ඉන්නේ, ඔය කියන මඩ වලේම ඉන්න මඩ කරී ගොඩේ කියලා වැටහෙන්න තව කලක් ගතවෙයි. හැබැයි ඉතාලියේ ඉන්න අය මොළේ වැඩෙන්න කියලා හිතලා, කල් ඉකුත් වෙච්ච බල මාලුවත් කනවද දන්නේ නැහැ. මොකද ලියන අදහස් බැලුවම කන කෑමක් වත් ඇලජික් වෙලාද කියලා වෙලාවකට හිතෙනවා. පව් අනේ! ඔයාල ගැන. (ස)
ජෝ සහ ප්‍රියන්ත මිලානෝ පමණයි ඉතාලියේ නීති ගැන යම් දැනුමක් ඇතිව මෙහි අදහස් දමා ඇත්තේ. මෙම පුවත සත්‍ය නම් (මට නම් මෙය හුදු අතිශයෝක්තියක්ම පමණි) පොලිසිය මුලින්ම අත් අඩංගුවට ගන්නේ මෙම ගනුදෙනුවට සම්බන්ධ වුන ඉතාලි ජාතික දෙදෙනා. අනෙක් කරුණ නම් මෙවැනි නීතියට පටහැනි ගනුදෙනුවකදී නැතිවුණු මුදල් ගැන මෙම වාපාරිකයන් කිසි දිනක පොලිසියට දන්වන්නේ නැහැ හේතුව පොලිසිය මොවුන්ගේ මුළු ඉතිහාසයම හොයන බව දන්නා නිසා. මාව නම් තාම ගෙනියන්න ආවේ නැහැ. (ස)
ඕස්ට්‍රේලියාව වැනි රටවලත් අපි දන්නා විදියට හොඳ හොඳ සෙල්ලම් වෙනවා. (නි)
වෙන්නපුව රටත් එක්කම කනවා.මේ වගේ වට කරද්දී වෙන්නපුවේ ඉන්න හොද මිනිස්සුන්ගේ නමත් කැත වෙන එක විතරයි වෙන්නේ.ඉතාලියේ ශ්‍රී ලාංකිකයන්ට තිබෙන පිළිගනිම දිගින් දිගටම නැති වෙනවා ඔය වගේ වැඩ වලින්. (නි)
ඉතාලි ජාතිකයෝ කියන්නේ බොහොම හොඳ මිනිස්සු. තමන් ළඟ වැඩ කරන මිනිසුන්ට හොඳට සළකන ජාතියක්. මනුස්සකම් වලින් හොඳට පිරුණු මිනිසුන් පිරිසක්. (නි)
ගයාන් මිලානෝ, හරියටම හරි. මෙහෙ වැදගත් විදියට ජිවත් වෙන අය ඕනෑ තරම් ඉන්නවා. (නි)
ශානිකා, ඔබලා වගේ හොඳ අයටත් තැනක් නැහැ.හැමදාම ඉතාලියන් ඇහෙන්නේ හොරකම්, මිනීමැරුම් ඔය වගේ දේවල්නේ. ලංකාවේ මිනිස්සුන්ට රටකට ගිහින්වත් අවංකව ජීවත් වෙන්න බැරි හැටි.නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා නම් ඔහොම වෙන්නේ නැහැ.'නුගත් සිංහලයෝ එන රටක් ඉතාලිය' (ස)
සජිනි මදුෂානි නංගියෝ මට නම් ඔයා ගැන ඇතිවෙන්නේ ලොකු අනුකම්පාවක්. මට තේරෙනවා ඔයාගේ දුක! ඔයා ලංකාවේ ඉද්දි ඉතාලියේ ඉඳල නිවාඩුවකට ගිය "පොෂ්" අයිය කෙනෙකුව දැකල ඉක්මනින් ගොඩ එන්න කියල හිතාගෙන හනික බෝට්ටුවකට නැගල ඉතාලි ආපු කෙනෙක් නේද? ඉතාලි ගිහින් සුද්දියෙක් වගේ ජිවත් වෙනවා කියල , කොහොමින් හරි ඉතාලියට පැනගත්තට අර ලංකාවට ගිහිල්ල කුලියට වාහනයක් එහෙම අරගෙන රගපු "පොෂ්" අයිය වෙනුවට ඉතාලියේ හිටියේ නිකම්ම නිකම් අයියෙක් නේද? දැන් ඉතාලියට ගිගින් අවුරුදු 22 ක් නම් ඇයි ඔයා තවමත් ඕව බල බලා දුක් විඳ ගෙන ඉතාලියේ ඉන්නේ. එන්නකෝ ලංකාවට. මට පෙනෙන්නේ කොහොමින් හරි දැන් ඔයත් අර අයියලාගේ ගානටම වැටිලා වගෙයි. ඉකමනින් ලංකාවට එන්න නගෝ, සල්ලි තියනවා නම් දැන් ලංකාවෙත් සුද්දෝ වගේ ජිවත් වෙන්න පුළුවන්.(නදී)
මේ වගේ එවුන් හින්දා අපිට ඉතාලියේ ඉදිරියේදී රැකියාවක් වත් හොයා ගන්න බැරි වේවි. (ස)
ඉතාලියේ ඉන්න අයට හීනමානයක් තිබෙනවා මාළිගා වගේ ගෙයක් හදන්න. (නි)
අනේ මන්දා මොනවා කියන්නද කියලා ..?ලංකාවම කනවා මුන් ...!! හරි නම් අපේ පොලිසිය හැකි ඉක්මනින් මොහුන් අල්ලා මුදල් නැවත ලබා දිය යුතුයි. (අනේ මන්දා ඔහොමයි මට හිතුනේ ) (ස)
ඇත්තටම ඉතාලියේ ඉන්න අයගෙන් .මොනවා හරි හොරකමක් වංචාවක් කලොත් කරන්නේ ඔය අහවල් ගමේ මහත්තුරු තමයි. (ස)
මේ ගොල්ලන් අල්ලලා සියලුම දේපල රාජ සන්තක කරලා අවුරුදු 20 ට විතර හිරේ දන්නා ඕනේ. මේ වගේ හරක් හින්ද තමයි හොඳට ඉන්න අනිත් මිනිස්සුගේත් නම් කැත වෙන්නේ, අපේ රටේ නමටත් නිගාවක්. (ස)
වරුණ මිලානෝ, යමක් දැන උගත් මිනිහෙකුට ඔලුව වැඩියි කියන්න එපා. ඔයාගේ උගත්කමත් මිලානො වල කරන රස්සාව ගැනත් දන්නා තවත් අය ඉන්නවා, ඒ නිසා අනුන් ගැන අවතක්සේරු නොකර ප්‍රවෘත්තියට අදාලව අදහස් දක්වන්න (නි)
හැබැයි වැඩිපුරම හොරකම් වාර්තා වෙන්නේ මිලානෝ වල. ඔය මහා ලොකුවට නමට පස්සේ මිලානෝ කියලා දාගෙන ඉන්න අය තමයි ඕවා පිටුපස ඇත්තේ කියලා මට හිතෙනවා. අපිටත් එක්ක ලැජ්ජයි. අපි මෙහෙත් ඉඳලා ඉවරයි. (නි)
පිටිගල අද සද්දේ අඩුවෙලා (අ)
අපේ අය ගිය තැන මෙහෙමයි (නි)
පිටිගලව ඉතාලි රහස් පොලිසියෙන් ප්‍රශ්න කරන්න ගනීද දන්නෙ නැහැ මෙහෙම යනකොට (නි)
අපි සුද්දෝ වගේ මිනිස්සු.මිලානෝ ඉන්න හැමෝම හොරු නෙමෙයි කියලා අදහස් පළකරන අය දැනගත්තොත් හොදයි. (නි)
පිටිගල ඉන්නෙත් මිලානෝ නිසා අද සද්ද පොඩ්ඩක් අඩුයි. එයාගේ යාලුවෝ වෙන්න ඇති (නි)
පිටිගල, කටුනේරිය වෙන්නප්පුවේ නැත්නම් කොළඹද තියෙන්නේ? ඕකනේ අපි කියන්නේ මේ අයගේ තරම. දැන් ඉතින් මේ අය මීට වැඩි ගානක් වියදම් කරන්න ඕනෑ හොරෙන් ආපහු එන්න. (නි)
මේ අය වෙන්නපුවේද? (නි)
පිටිගල පිටි වෙලා වගේ පෙනෙන්නේ. (නි)
පවු මෝඩ හොරු. 64 ලක්ෂයක් අරගෙන තුන්දෙනෙක් ඉතාලියෙන් ලංකාවට පැනලා මොන දෙයක් කරන්නද. (නි)
මෙම ඇයො කව්ද කියල දන්නා නිසා සොයාගන්න ලෙහෙසිවේ.(අ)
ඉතාලියට වැඩිපුර යන්නේ අඩු අධ්‍යාපනයක් ලැබූ ය වගෙයි මට පෙනෙන්නේ. කලොත් වැඩක් "බබිත් සුන්. බබිගේ අම්මත් සුන්" කිව්වලු.සේරම එවගෙයි. රටේ නමත් ඉවරයි. (අ)
වෙන්නප්පුව ලංකාව නැති කරනවා. (නි)
මොනවා කරන්නද?අපේ රටේ නම මේ අය විනාශ කරනවා. බොහෝ විට මේ වැඩ කරන්නේ ලංකාවෙන් මෑතකදී ආ ඉතා සුළු පිරිසක් තමයි.ඒ අය නිසා හොදින් ඉන්න අයගෙත් නම කැත වෙනවා. මේවා ඉතින් හැදු දෙමපියන්ගේ වැරදිත් නෙමෙයි.පෙර ආත්මවල සිට එන පුරුදු (නි)
මේ අයව අල්ලලා හොදට තලා ඉතාලියට බාර දෙන්න ඕනෑ. මේ මිනිසුන් මුළු ලංකාවේම තැන සහ නම් කැත කරනවා. කරුණාකර පසුව හෝ මේ අයගේ නම් ගම් ප්‍රසිද්ධ කරන්න. (නි)
නිසි අධ්‍යාපනයක්,පුහුණුවක්,නොමැතිව හොර පාරේ විදේශගත වුණ බොහොමයක් කරන්නේ මෙවන් දේමයි.එය යුරෝපය පුරා වසංගතයක් වගේලු. (නි)
කැත මිනිසුන් නිසා අපටද තැනක් නැත. නිසි දඩුවම් ලැබේවා! (නි)
ඉතාලියේ ජිවත් වුණ ලංකාවේ බොහෝ දෙනෙක් පසුගිය අවුරුදු පහක පමණ කාලයක සිට එංගලන්තයට පැනීමට හුරුවී ඇති බව පෙනෙනවා. මේ අයත් එංගලන්තයට ශ්‍රී ලංකාවෙන් කෙලින්ම පදිංචියට පැමිණෙන අයත් අතර ඇති " හැදියාවේ සහ ගුණගරුක බවේ" අති විශාල වෙනසක් දක්නට පුළුවන්. මොන හේතුවක් නිසාද කිව නොහැකි වුවත්, ඉතාලියේ සිට පැමිණෙන වැඩිදෙන "චණ්ඩි පාට්" දාන්න හපන්නු කියලයි පෙනෙන්නට තියෙන්නේ. (නි)
මිලානෝ ඉන්න බොහෝ අය ඔහොම තමා. (නි)
යු .එස් .ඒ . ලක්ෂ 64කින් දැන් කාලේ මොන මාළිගාද? (නි)
මෙන්න තවත් අලුත් ඉතාලියේ ඡන්ද ප්‍රතිපලයක්. වෙන්නප්පුවේ මාලිගයක් ගසාවි ළඟදීම. ඔන්න ඉතාලි ඉන්න ලාංකිකයන්ගේ බර වැඩ (නි)
ලංකාවේ නම තියන්න ඉපදුන අය. කොහෙ බැලුවත් අපේ කට්ටිය. අපිට ආඩම්බරයි... (නි)
මට තේරෙන්නේ නැහැ. දැන් හොරා පිටිගලද නැත්නම් අර වෙන්නප්පුවේ, කටුනේරියේ කොල්ලද?(දිල්)
ගයාන් මිලානෝ, ඔබට ගොඩක් රිදුනා නේද , සත්‍ය සිද්ධීන් හෙළිකරනවිට? මම ඉතාලියට ආවේ විසා නොමැතිව. මම එන විට ඔබ ඉතාලිය ගෙන අසාවත් නැතිවන්නටත් පුළුවන්. මම ඉතාලියේ අවුරුදු 22 වාසය කරනා නිසා ඉතාලියේ සිදුවන සෑම දෙයක්ම දනිමි. සමහරු බොරු නම් වලින් ප්‍රතිචාර දමා ලොකු මිනිසුන් මෙන් පෙන්වීමට තැත් කළත් මම එම සියල්ලන් හඳුනමි (නි)
සජිනි මදුෂානිට ඉතාලියෙන් ලංකාවට නිවාඩුවට ගිය කෙනෙක් ගෙන් නොසැලකීමක් වෙලා වගේ. මේකප් එකක් දාගෙන කොටට හැඩට ඇඳගෙන ඉන්න එපැයි.(නදී)
සජිනි මදුශානි යනුවෙන් අදහස් දක්වන්නේ ඉතාලි එන්න කීප විටක් උත්සාහ කර ඒත් බැරිවුණ කෙනෙක් බව ඇයගේ ද්වේශ සහගත අදහස් වලින් පෙනී යනවා. තව උත්සාහ කරලා බලන්න, වෙලාව ආවම හරි යයි. (නදී)
ඉතාලියේ සුද්දන් මෙන් ජිවත් වන ලාංකිකයන් නොමැත . ලැබෙන පඩිය අවමින් වියදම් කර ඉතුරු කර . වසරකට වරක් හෝ වසර කිහිපයකට වරක් ලංකාවට බොරු ෂෝ එකක් දැම්මට මුදල් මදි වෙනවා . සමහරු කෑම වෙලාවට අනුන්ගේ ගෙවල් වලට රිංග වේල ශේප් කර ගනිති . මම සිතන්නේ යුරෝපයේ සිටින අවම ඉගෙනුම සහ චාරිත්‍ර නොදන්නා ලංකාවට නිගා කරන කොටස ඉන්නේ ඉතාලි රටේය . මෙය මටද ලැජ්ජාවකි. . අපේ අයගේ හොරකම ඉතාලියේ බොහෝ විට සිදුවේ . සමහර විට අපේ අය අතරේ පිහි ඇන ගැනිම සහ එය මරණය දක්වා දුර යන අවස්ථා එමටය . ඉතා ඉක්මනින් ඉතාලිය ලංකාවට තහංචි පැනවීමට ඉඩ තිබේ . (නදී)
වෙන්නප්පුව සීග්‍රයෙන් දියුණුවන නගරයකි. මෙහි අදහස් දමන ගොඩක් අය මෙයට කැමති නැත. එකයි වෙන්නප්පුව ගැන නොහොඳම ලියන්නේ.(නදී)
කුසුමක්කට විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ. බලාගෙන ඉක්මනට නාකි වෙයි.(නදී)
හොරා වෙන්නප්පුවේ...නුවර කොල්ලෙක්ව අල්ලාගෙන හම ගහනවා.(නදී)
ලංකාවේ කුමන පළාතක හෝ එක් සිංහලයෙක් කල වරදකට මුළු පළාතේම ජනතාවට ම ( කුඩා දරුවන්ටත් බලපාන ලෙස) නින්දා කරන ජාතියක් මුළු ලොවේවත් නැතිව ඇති. සිංහලයින් ලොව ඉක්මනින්ම වඳ වෙන ජාතියක් බව ට නම් පෙර නිමිති දැනටමත් පහල වී තිබෙනවා. අනාගතයේදී ලෝකෙන් උතුම් රටට පුන්නක්කුත් ආනයනය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවනු නොඅනුමානයි. (නදී)
පිටිගල හොරෙක් නෙමේ...... නමුත් ටිකක් ඔලුව වැඩියි. .හැම දේටම කට දාල ඉල්ලන් කනවා.(නදී)
පී කරුණාසේන, පිටිගල තමයි කටුනේරියේ කොල්ලට උගන්නලා තියෙන්නේ හොරකම් කරන්න.(දිල්)
ඉතාලියේ අපේ රටට තැනක් නැති වෙනවා මේ වගේ වැඩ වලින් (නි)
ශ්‍රී ලංකාවේ අනෙක් සෑම පළාතකම සිල්වන්තයෝ හා උපාසක අප්පුලා උපත ලබා තිබියදී , කටුනේරි හා වෙන්නප්පුවේ විතරක් හොරු ඉපදුනේ කොහොමද මන්ද? ඔය පැතිවල ඉන්නෙත් සින්හල්ලුම නේද? සමහරු සිංහයෝ කියල හිතාගෙන සිංහ නාදේ පාන්න හැදුවට ඉස්මතු වෙන්නේ නරි නාදය!!(දිල්)
සිරි පප්පේ...මගේ පැටිකිරිය දැන් ඔක්කොම දැනගනියි!(දිල්)
ලෙස්ලි ලෝව් කියන විදියට නම් මරදානත් කොළඹ නෙවෙයිනේ.(දිල්)
සිරි පප්පේ...අපිව කන්නේ නැතුව ඉන්න වැඩක් බලාගෙන(දිල්).
අනේ අර අහිංසක පිටිගලව හොරෙක් කරලා මදිවට එයාගේ නමින් කී දෙනෙක් අදහස් දානවද එයා අපහසුවට පත් කරන්න. මෙදා පාර මිලානෝ නගර සහාවට ඡන්දෙ ඉල්ලලා නම් ඉවරයි පුතෝ(දිල්)
වීදුරු ගෙවල් වල ඉඳල ගල් ගහන්න එපා. (දිල්)
පිටිගල, ඉතාලියේ ඉන්න ලාංකිකයන් ගේ ප්‍රතිශතය අරන් බැලුවොත්, හොරකම්, වංචා බොහොම වැඩ්යි. පටන් ගත්තේ, හොරෙන් රටට රිංගලා,හොරෙන් විසා නැතුව ඉදලා, මේවත් වංචා තමයි.(නදී)
විශාල අපහසුතා ඇතිවෙනවා ලංකාවේ කට්ටියට.(නදී)
වෙන්නප්පුව ගැන කුහක සිතින් ලියන අය දැනගන්න කටුනේරිය කියන්නේ වෙන්නප්පුව ආසනයට හෝ අයිති ගමක් නොවෙයි .එහෙම ලියන අයට මුන්දලම පෙනිලා නැහැ වගේ .යම් පුවතක් දෙස තමන්ට කැමති අයුරකින් බලන්නේ නැතිව විචාර බුද්දියෙන් බලන්න .(දිල්)