වසර අවසානයේ අල්ලස් ලෙස තෑගි,වවුචර හෝ හැම්පර්, ලබාදෙන හා ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පැවසීය.
පොලිස් නිලධරයින්,රේගු නිලධරයින් ආදී තනතුරු දරන්නන්ට තෑගි හා වවුචර පත් මුවාවෙන් මෙසේ අල්ලස් ලබාදෙන පුද්ගලයින්ගේ අරමුණ වන්නේ ඒ මාර්ගයෙන් එම නිලධරයින්ගේ සිත් දිනාගෙන ඔවුන් ආධාරයෙන් තමන්ට වුවමනා කටයුතු සිදුකර ගැනීම බව එම කොමිසම වැඩිදුරටත් කීය.
මේ අතර නත්තලට ගුරුවරුනට තෑගි දීම සඳහා සුපර් මාර්කට් වවුචර සපයාදෙන ලෙස ඉහළ පෙලේ පාසල් රැසකින් සිසුනට දන්වා ඇතැයි දැනගන්නට ඇත.එක්තරා පාසලක් රුපියල් 500 බැගින් වවුචර සිය ගුරුවරුන්ට තෑගි කිරීම සුදුසු බව සිසුන් මගින් මව්පියන්ට දන්වා ඇත.
මෙවැනි බලපෑම් කිරීමෙන් අඩුආදායම් ලබන මව්පියන්ගේ දරුවන් බලවත් කොන් කිරීමකට ලක්වන බව මවුපියෝ කියති.
අල්ලස් ලෙස වවුචර පත් ලබාදෙන්නන් හා එම වවුචර පත් ලබාගන්නන් දෙපාර්ශවයටම එරෙහිව නීති මගින් කටයුතු කිරීමේ හැකියාව පවතින බව කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය.
මුල් පෙල රාජ්‍ය සේවකයින් ඔවුනට ලැබෙන වවුචර පත් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සුදුසු බව ඔහුගේ මතයයි.
රූපවාහිනී,ජංගම දුරකතන,ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම් සඳහා වන වවුචර වලට ඉහළ තැනක් හිමිව තිබෙන බව පැවසූ ඒ මහතා මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි මත අල්ලස් ලෙස මෙසේ වවුචර ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය.
විවිධ ක්‍රම අනුව සිදුවන අල්ලස හා දූෂණය මර්දනය කිරීමට නව නීති හඳුන්වාදීමට හා පවත්නා නීති දැඩි කිරීමට වහාම පියවර ගත යුතුව ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියද පැවසුවාය.අල්ලස් චෝදනාව කුමන ආකාරයක වේවා ඒ කිසිවෙකටත් සහනයක් ලබා නොදිය යුතු බව ඇය කීවාය.
‘මිතුරන් අතර තෑගි හුවමාරු කරගැනීමේ ගැටලුවක් නැහැ.නමුත් කෙනෙක් රාජ්‍ය නිලධරයෙක් සමග තෑගි හුවමාරු කරගන්නවානම් ඒ කෙනාගේ ඇත්ත අරමුණ තෑග්ග හුවමාරු කරගන්නවාට එහා ගිය දෙයක් වන්නට ඉඩ තිබෙනවා.‘ ගුරුගේ මහතා කීය.
ඇතැම් තරු පහේ හෝටලද සමාගම්ද ඉහළ පෙලේ නිලධරයින්ට උත්සව සමයන්හිදී මිල අධික වවුචරපත් හා ත්‍යාග ලබාදීමේ පිළිවෙතක් අනුගමනය කරන බව දැනගන්නට තිබේ.මෙසේ කරනුයේ එම නිලධරයින්ගේ සහය ඔවුන් වෙත දිනාගැනීම සඳහා බව පැවසේ.
කීල්ස් සුපර්මාර්කට් හැම්පරයක මිල රුපියල් 121,999.00 කි. එහි තෑගි භාණ්ඩ සියල්ල ලී පෙට්ටියක බහා විසිතුරු එතුම් කොළයකින් ඔතා සුබ පැතුම්පතක්ද සමග විකුණන්නට ඇත.කාගිල්ස් හා ආර්පිකෝ වෙළදසැල්වල විකිණීමට තිබෙන හැම්පර් වල වැඩිම මිල රුපියල් 68000 කි.රුපියල් 3000 සිට ඉහළ වටිනාකම් වලට මෙම හැම්පර් මිලයට ගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදර්ශයක් දෙන්න බැරි නිකන් නරිවාදන් කතාකරලා වැඩක් නැහැ. රජයේ සේවකයකුට උපදේශයක් දෙන්න තරම් නිවැරදි පුද්ගලයෙක් අද දේශපාලනය කරනවාද කියලා සැකයි. කෙසේ වෙතත් ඔය කියන කිසිම වරදානයන් ලබානොගන්න, රට ජාතිය ගැන හිතන සමාජයක් බිහිවුණදාට රට සංවර්ධනය වෙයි. ඒ දවස එන්න එන්නම දුරස් වන එකයි දුක. (නි)
මෙය ඉතා අගය කළයුතු ක්‍රියාවකි. මේ කාලයට සමහර නිලධාරීන් කිසිම ලැජ්ජාවක් නැතුව කෙළින්ම ආයතන වලට කතාකර අල්ලස් තෑගි, වවුචර හෝ හැම්පර ඉල්ලයි. ඇතැම්විට තමන්ට අවශ්‍ය දේ කෙළින්ම ඉල්ලයි (නි)
අපිට අහිමිකළ සාධාරණ සමාජය නැවත ස්ථාපිත කරනු මැන. ජයම වේවා! (නි)
මේක අතීසාරයට අමුඩ ගැසීමක්. මුළු ක්‍රියාපටිපාටියම අවුල්වෙලා තියෙද්දී මෙතන විතරක් හදන්න බැහැ (නි)
පාසල කුමක් වුවත් ගුරුවරයෙකු සඳහා දියයුතු ඉහළම පිදුම බුලත් හුරුල්ලක් ගෙනගොස් ආචාර කිරීමයි. මෙය නීතියට නැඟුවා නම් හරි. (නි)
හොඳ වැඩක්. වගකිවයුතු තනතුරු දරන අයට ත්‍යාග බාරගැනීමට බැරි ක්‍රමයක් වෙනත් රටවල ක්‍රියාත්මක වෙනවා. සීමාවන් පනවා තිබෙනවා. (නි)
මේක දැන් මාෆියාවක් වගේ වෙලා (නි)
මෙම නීතිය මැති ඇමතිවරුන්ට බලපාන්නේ නැද්ද? (නි)
දියුණු රටවල පාර්ලිමේන්තුවෙන් නීති පනවලා තිබෙනවා රජයේ සේවකයන්ට දෙන තෑගි සම්බන්ධව. ඒ අනුව නීති අනුමත කරන්න ඕනෑ. රජයේ නිලධාරින්ට ලැබෙන සෑම දෙයක්ම ලේඛනගත කරන්න ඕනෑ. (නි)
හොඳ වැඩක් (නි)
මේ වැඩ ගැන කියන්න වචන නැහැ. කෝටි ගණන් අල්ලස් ගන්න රටේ හැම්පර අල්ලන්න කොහේ තිබෙන නීතියක්ද මේ? බටහිර රටවල මේක අතිශයින්ම සාමාන්‍ය දෙයක්. දැන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ආ පැමිණිලි විභාග කරලා ඉවරද? (නි)
ඇත්තෙන්ම හොඳ අදහසක් (නි)
මේවා නැතිකරන්න පුළුවන් නම් ලොකු සහනයක් (නි)
මේවා නවත්වන්න නම් ගොඩක් අමාරුයි (නි)
මේ හැම්පර දැන් ඉහළ පැළැන්තිය අතර අළුත්ම රැල්ලක් වෙලා (නි)
මේවා නවත්තනවට අපිත් කැමතියි (නි)
හැම්පර් නෙවෙයි රජයේ සේවකයන් මහජනතාව රාජකාරි වැඩක් කර ගන්න ගියාම වෙනත් ස්වරුපයෙන් ගන්න අල්ලස් නවත්වන්න . ඇහැට කනට පේන තරුණ මවක් ළමයෙකු දාගන්න පාසලට ගියාම සමහර විදුහල්පතිලා පසුගිය කාලයේ හොඳ හැම්පර් දෙන්න ගිහින් අතටම අහු වුනේ ! (අ)
රජයේ සේවකයන් බහුතරයක් හරිහමත් වැඩක් නොකර, පඩි විශ්‍රාම වැටුප්, වෙනත් වරප්‍රසාද ගන්නවා මදිවාට ඒත් මදි කියලා උද්ඝෝෂණ කරනවා. ඊළඟට ඔය හැම්පර නැහැ කියලා පාරවල් අවහිර කරන්න කලින් ඕකට ඉඩදෙන්න. (නි)
මේ රටේ දුප්පත්ම රජයේ සේවකයා තමයි ගුරුවරු. ඔවුන්ට අතිකාල නැහැ. ප්‍රවාහන දීමනා නැහැ. වාහන බලපත්‍ර නැහැ. කිසිම වරප්‍රසාදයක් නැහැ. දැන් කියයි මාසයක් නිවාඩු කියලා. වැරදි අදහසක් එය. නිවාඩු ගුරුවරුන්ට නොවෙයි, ළමයින්ට. බොහෝ ගුරුවරු නිවාඩු කාලවල පාසලට ගිහිල්ලා බොහෝ රාජකාරි කරනවා. ඉතින් එවැනි ගුරුවරුන්ට තෑගී දීම වරදක්ද? අපි දෙමාපියන් හැටියට අපේ ළමයින්ට උගන්වන ගුරුවරුන්ට තෑගී දෙනවා. සළකනවා. එය අල්ලසක් නොවෙයි. කළගුණ සැළකීමක්. (නි)
මේ කතාව සම්පුර්ණ සත්‍යයකි. මෙය කාලයක සිට සිදුවෙන්නක්. (නි)
මෙය බහුජාතික සමාගම් විසින් අපේ රටට හඳුන්වාදුන් එක්තරා අල්ලස් ක්‍රමයක්. මා සේවය කරන ඇමෙරිකානු බහුජාතික පරිගණක සමාගම මේ වනවිටත් හැම්පර බෙදීම අරඹා ඇත. අල්ලස් දීම කරන්නේ නැතැයි ප්‍රසිද්ධියේ පැවසුවත්, එක්තරා ආකාරයක අල්ලසක් වන මෙය වසර 50කටත් වැඩි ලංකාවේ ක්‍රියාත්මක වූ කාලය තුල සැමදා සිදුකර ඇත. ගෙවල්වලටම ගොස් ලබාදෙන මෙය නැවැත්විය හැකිනොවේ (නි)
හරියටම හරි මේ වැඩේ. (නි)
දෑවැද්දත් අල්ලසක් වේවිද මන්දා. (ර)
ඔක්කොම හිතන්නෙ ඔයගෙ විදිහටද දහම්? (ර)
අල්ලස් සහ දුෂණ කොමිසම මගින් ගන්න ලද මේ පියවර ඉතාමත් අගය කල යුතයි. මෙවැනි රීති දියුණු රටවල් වලද ක්‍රියාත්මක වෙනවා. ආයතන වල නිලදරින්ට තව ආයතනයකින් හම්පෙර්ස් දෙනවා කියන්නේ එක්තරා අල්ලසක්. මෙය වහා නතර කල යුතුයි. (ර)
කරුණාකර එජාප, ජවිපෙ, ශ්‍රීලනිප මොනවා වුණත් රට වෙනුවෙන් කතාකරන්න, පෙනී සිටින්න. උගත් බුද්ධිමත් පාඨකයන් වශයෙන් හැමදේම හරි කියන්න යන්න එපා. ඒවගේම හැමදේම වැරදියි කියන්න යන්නත් එපා. මෙතන අදහස් දාන්නේ 10% වගේ පිරිසක් පමණයි. 90% ක්ම බලනවා, බලලා හිනාවෙනවා හා කණගාටුවෙනවා අපේ අදහස් දැකලා (නි)
අගය කළයුතු අදහසක්. ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් අපෙන් සුබ පැතුම්! (නි)
දිනේෂ් හිතන්නේ දහම් හැම්පර් විශේෂඥයෙක් කියලද? (නි)
නියමයි නියමයි (නි)
දෑවැද්ද කියන්නේත් එක්තරා ආකාරයක අල්ලසක් තමයි (නි)
දැන් වින්ඩෝස් මෘදුකාංගත් ඔර්ජිනල් නැතිලු. ඒකටත් හිරේ යන්න හා දඩ ගෙවන්න සුදානම් වෙන්න වෙයි. අපේ රට තාම දියුණුවෙමින් පවතින්නේ. ඔර්ජිනල් සොෆ්ට්වෙයාර් දාන්න තියා පරිගණකයක් ගන්නවත් සල්ලි නැහැ. (නි)
පඩි ගත්තට කමක් නැද්ද? අල්ලසක් නම් ඒකත් මට එපා (නි)
ඉතින් හැම්පර තහනම් කළාම ඉවරනේ (නි)
අල්ලස් නම් කොහොම දුන්නත් වැරදි තමයි (නි)
නියම තීරණයක්. ජයවේවා! (නි)
මේක නම් හොඳ දෙයක්. අපි අගය කරනවා මේ කටයුත්ත (නි)
නිහාල්, දෑවැද්දත් " අල්ලසක් " වගේ තමයි. " අනේ පුතේ මේ සල්ලි ටික අරගෙන, කොහොමහරි, බැහැ නොකියා මෙන්න මේ කෙලීව අරන් පලයන්.." කියලානේ දෑවැද්ද දෙන්නේ. (නි)
මහානාම - කඳාන, ඔයා මොනවාද ඔය කියවන්නේ? (නි)
මෙය සීමාවන්නේ රජයේ නිලධාරීන්ට පමණක්ද? දේශපාලකයන් මෙයින් නිදහස්ද? (නි)
අඟලෙන් අඟල රට හරි මඟට ගන්න. ජනපතිතුමනි, අගමැතිතුමනි, ඔබ දෙපළට ගොඩක් පින්. රටේ දියුණුව වැඩි ඈතක නැහැ (නි)
මට පරණ සිද්ධියක් මතක්වුණා. දැනට දශක එකහමාරකට පමණ පෙර මම ඉගෙනගන්න කාලේ මගේ මහ ඇඳුරුතුමාගේ පන්තියේ සිටි මැදපෙරදිග රටකින් ආ සිසුවෙකුට ඔහුගේ අවසාන විභාගයේ ලකුණු හොඳටම අඩුවුණා. එම සිසුවා බොහොම වටිනා සුවඳ විලවුන් බෝතලයකුත් රැගෙනවිත් මගේ ඇඳුරුතුමාගෙන් ඉල්ලීමක් කළා ඔහු විභාගයෙන් සමත්කර දෙන්න කියලා. මගේ ඇඳුරුතුමා එම ත්‍යාගය කාරුණිකව ප්‍රතිෂේපකොට එම සිසුවාට අවස්ථාවක් දුන්නා ඔහුගේ ලකුණු අඩුවූ පැරණි පැවරුමකට සමාන එකක් නැවතත් කරන්න. හැබැයි ඔහු කිව්වා එම පැවරුම ඒ වෙලාවේම ඔහුගේ කාර්යාල කාමරයේ සිටම කළයුතු බව. ඔහු බොහොම අමාරුවෙන් ඒක කළත් ඔහුට බෙහෙවින් අඩු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණේ. මට ආරංචි විදිහට එම ශිෂ්‍යයා ඊට වසරකට හෝ දෙකකට පසුව නැවත විභාගය කර සාමාන්‍ය ලෙස සමත්වී තිබුණා. කොහොම වුණත් ලාභ සත්කාර වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මය කිළිටි කරනොගන්නා උතුමනුත් අපි අතර ඉන්නවා. (නි)
ලොකු ලොකු පාසල් වල ජයටම වෙනවා මේක. පටන් ගන්නේ සල්ලි තිබෙන දෙමව්පියෝ පිරිසක්. එයාලා ලොකු ගණන් දානවා. නිතැතින්ම ඒවා ඇගයෙනවා. නැති කෙනත් ඉබේම අහුවෙනවා. ඔවුන් මේවා ප්‍රතික්ෂේප කරනතාක් ඉදිරියටත් මෙය සිදුවේවි. මෙය හොඳ ආරම්භයක්. (නි)