IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හම්බෙගමුවේ කංසා සංහාරයක්

තණමල්විල හම්බෙගමුව   සිදුකළ දෙදිනක වැටලිමකදි කංසා හේන් කීපයක් හා සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැකිවු බව පානදුර වලාන විශේෂ දූෂණ මර්දන ඒකකය පවසයි.

තණමල්විල හම්බෙගමුව උණකන්දේ වතුර බට යොදා හෙල්මලු ක්‍රමයට වගා කර තිබු  අක්කර හයක  ගංජා හේන් හතරක් ද පැල තවාන් කීපයක්ද සොයාගත් බවත් කියති. මාණ්ඩලික නියොජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, වලාන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ඩි.ජී.අයි. රොෂාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ප්‍රධන පොලිස් පරික්ෂක බාලසුරිය හා අපපොලිස් පරික්ෂක සරත් ධර්මසිරි මහතා ඇතුළු පිරිසක් වැටලිම කළහ.

1(1) 2(1) 3 4 5(1)



අදහස් (0)

හම්බෙගමුවේ කංසා සංහාරයක්

කමණි Monday, 11 July 2016 07:44 AM

නිමල්, කංසා බිමෙන් මොළයට වෙන විනාශය ගැන ඔබ දන්නවද? (නි)

:       0       0

කමණි Monday, 11 July 2016 12:37 AM

ලෝකයේ මත්ද්‍රව්‍ය පිළිබඳ විද්වතුන්ගේ මතය අනුව කංසා අනෙකුත් මත්ද්‍රව්‍ය වලට මාර්ගය පාදන එකක් ලෙසයි සළකන්නේ. විදේශ විනිමය උපයන්න අවශ්‍ය නම් කංසා නැතුව වැවිය හැකි කෝටියක් දේවල් ඇති බව නොදන්නේ කවුද? (නි)

:       0       0

සුමනපාල Monday, 11 July 2016 01:59 AM

ජගත්ගේ අදසහ අනුමත කරනවා. කෝපි, තේ කියන්නෙත් මත්ද්‍රව්‍ය තමයි. නමුත් අනෙකුත් මත්ද්‍රව්‍ය වලට මාර්ගය පාදන එකක් ලෙස සැළකන්නේ නැහැ. උදෑසන කෝපි හෝ තේ කෝප්පය නොලැබුනොත් නැත්නම් තේ එකේ හරි කෝපි එකේ හරි සීනි අඩු නම්, එ්ක රසට තිබ්බේ නැත්නම්, තරහ යන, තමන්ගේ බිරියට, කඩේ තේ හදන එක්කෙනාට බනින එකත් ඇබ්බැහිවීමේ ප්‍රතිඵල තමයි. (නි)

:       0       0

කමණි Monday, 11 July 2016 03:39 AM

කංසා සහ කෝපි පටළවා ගැනීම ගැන කණගාටුයි. දීර්ඝකාලීනව කංසා බීමෙන් ඇතිවෙන දරුණු සෞඛ්‍ය ප්‍රශ්න අන්තර්ජාලයෙන් දැනගත හැකියි. කංසා නැතුව රට දියුණු කරන්න බැහැයි කීම පිළිගත් හැකිද? මේ රටේ ප්‍රයෝජනයට නොගෙන අහක දමන වැදගත්ම දෙය කංසාද? (නි)

:       0       0

අතුරා Monday, 11 July 2016 04:32 AM

කමනි අන්තර්ජාලයෙන් දැක්කේ මේකේ අහිතකර පැත්ත විතරමද?මේකෙන් තියන සෞඛ්‍ය පිළිබඳ වාසියක් දැක්කෙම නැද්ද? (නි)

:       0       0

ජගත් Sunday, 10 July 2016 02:40 PM

අපරාධයක්..! මෙය මත් ද්‍රව්‍යක් ලෙස භාවිතාවෙන බව ඇත්ත ලොව පුරාම, කිසිම රටකට තවමත් නවත්වාගැනීමට බැරිවූ..! සුද්ද ගේ යල් පැනගිය නීතියක් කරේ තියාගෙන එය වත්මනට ගැලපෙන ලෙස සංශෝධනය කර ගැනීමට තවමත් බැරි වූ පසුගිය පාලනයන් ගේ හා වර්තමාන පාලනයේ ද සාර්ථක මෙහෙයුමක්. පොලිසියට නීතිය රැකීමට සිදුවෙනවා. අටසියගණන් වල හණමිටි නීති ,අදහස් ඉවතලා ඉහල ගුණාත්මක බැවින් යුතු ලංකාවේ කන්සා යම් සීමාවකට නීත්‍යානුකුල ව වගා කර බෙහෙතක් ලෙස අපනයනය කර හොඳ විදේශ විනිමයක් උපයාගැනීමට පුළුවන් නේද..? මෙරටේ ඉන්නවායයි කියන බුද්ධිමතුන් ,විද්වතුන් ආගමික නායකයන් ගේ ධනාත්මක අවධානය යොමු විය යුතු විවාදාත්මක කරුණක්. (ර)

:       0       0

නිමල් Monday, 11 July 2016 05:19 AM

කිලෝ ගණන් පිටරටින් කුඩු ගෙනෙන, ඕනෑවටත් වැඩිය දේශපාලන රැකවරණය කුඩුකාරයන්ට දෙන රටක ඉන්න අපි, දේශීයව වැවෙන කංසා සංහාරය කරලා දේශපාලකයන්ට සහ ඔවුන්ගේ සහචරයන්ගේ අවශ්‍යතාවය අනුව කේරල ගංජා තොගපිටින් ලංකාවට ගේනවා. (නි)

:       0       0

කමණි Monday, 11 July 2016 05:34 AM

කංසා වලට වඩා ලංකාවේ වැඩිම දෙනෙක් පීඩාවිඳින දිය වැඩියාවට කරවිල හොඳ නැද්ද? කවුරුවත් කරවිල වගාකරලා පිටරට යවන්න කතා කරන්නේ නැත්තේ ඇයි? අපි සැවොම මතට යට නොවෙමු. (නි)

:       0       0

කමනි Monday, 11 July 2016 05:50 AM

කංසා කේරලෙන් ආවත් ලංකාවේ වැව්වත් එකම ප්‍රතිපලය සමාජ විනාශයයි. (බ)

:       0       0

නිමල් Monday, 11 July 2016 06:26 AM

කමනි, ඔයා හරියටම හරි. එකම වැඩේ හම්බෙගමුවේ කංසා වනසන එක ගැන ඔච්චර උනන්දු ඔයා කුඩු මුදලාලිලා ගැනයි මහාපරිමානේ කේරල ගංජා ජාවාරම ගැනයි ඔය උනන්දුව නැත්තේ ඇයි කියන එකයි. (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 10 July 2016 10:10 PM

මෙය ජාතික ධනය විනාශකිරීමක්. මේක ඖෂධයක්. පිටරටවල විශාල ඉල්ලුමක් තියෙනවා. ඔය ලොකු ලොක්කෝ ගෙන්වන, ඒවාට අතතියන්න බය, මිනිස් ජීවිත විනාශ කරන මත්ද්‍රව්‍ය වගේ මෙය භයානක නැහැ. කවුරුත් ඇත්ත දන්නවා. නමුත් පහත් තැනින් යයි ගලා ජලේ! (නි)

:       0       0

කමණි Monday, 11 July 2016 06:55 AM

නිමල්, කංසා බිමෙන් මොළය විනාශවෙනවා කියන එකට හොඳම සාක්කිය තමයි මාතෘකාව මොකක්ද කියලා බලල අදහස් දාන්න බැරිකම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1364 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 831 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2095 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 416 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 713 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1773 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site