IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හම්බන්තොට කර්මාන්ත පුරය වෙන දිහාවකට ගෙනයන්නත් පුළුවන්

හම්බන්තොට කර්මාන්ත පුරයට ඉදිකිරීමට විරුද්ධ වන්නේ නම් එය රටේ වෙන පළාතකට ගෙන යා හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


පාර්ලිමේන්තුවේදී පොදු විපක්ෂය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.
“ජනපතිවරයාත්  කර්මාන්ත පුරය පොළොන්නරුවේ ඉදිකිරීමට කැමති වෙලා තියෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල හා එස්.බී දිසානායක අමාත්‍යවරුන් පවා එය මහනුවර හෝ නුවර එළියේ ඉදිකිරීමට කැමති වෙලා තියෙනවා“


පොදු විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා පැවසුයේ මේ සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ මත පමණක් හම්බන්තොට ඉඩම් තෝරන බවයි.


මෙම කමිටුව අමාත්‍ය සාගල රත්නායක හා චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මූලිකත්වය දරන බවත් මහින්ද අමරවීර හා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරුන් එහි සමාජිකයන් බවත් අගමැතිවරයා කීවේය.
කර්මාන්තපුරය සම්බන්ධ සියලුම ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඒ සඳහා විවාදයක් පවත්වන බවත් පැවසු අගමැතිවරයා සෙනසුරාදා හම්බන්තොට ඇති වූ සිදුවීම පොලිස් වාර්තාව නිකුත් කළ පසු ඒ ගැනද සාකච්ඡා කළ හැකි බවද පැවසීය.

 



අදහස් (0)

හම්බන්තොට කර්මාන්ත පුරය වෙන දිහාවකට ගෙනයන්නත් පුළුවන්

සරත් Monday, 09 January 2017 11:27 AM

රජයේ ඉඩම් පාලුවට යවල තියන්නේ නැතිව රටේ හැමතැනම කර්මාන්ත පුර අරින එක හොදයි. (ර)

:       0       0

සුපුන් Monday, 09 January 2017 11:27 AM

චීනය අපිත් එක්ක තරහ වෙනවා , කර්මාන්ත ශාලා දාල ලංකාවේ මිනිසුන්ට ජොබ් දෙන්න දෙන්නේ නෑ කියලා, එයාලා කොච්චර කැපවීමක් ද කරන්නේ තමන්ගේ රටේ ශ්‍රමය අපමණ ලාබයට තියද්දී වැඩි වැටුපක් දීලා ලංකාවේ මිනිසුන්ගේ ශ්‍රමය මිල දී ගන්න. ඔන්න අපි නම් නෑ තරහ උනොත්... (ර)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 09 January 2017 11:42 AM

අගමැතිතුමනි,මේ කර්මාන්තපුරය හම්බන්තොටටට එපා නම් යහපලනෙට ඡන්දෙ දුන් අපි ඉන්න කොළඹට ලබා දෙන්න,අක්කර ලක්ෂයක් වුනත් දෙන්න අපි සුදානම්,(බ)

:       0       0

නිමල් Monday, 09 January 2017 05:01 PM

වරායක් ආශ්‍රිතව කර්මාන්ත ශාලා ඉදිකිරීම වඩා ප්‍රායෝගික වේ (නි)

:       0       0

ලලිත් Monday, 09 January 2017 06:57 PM

ඇමතිලා අගමැතිලා ජනාධිපතිලා කැමති වුණාට එ් තැන්වල මිනිස්සු කැමතිද දන්නේ කවුද? මොකද මේ කට්ටිය මිනිසුන්ගේ කැමැත්තෙන් නම් කරපු කට්ටියත් නෙමෙයිනේ, වෙන කෙනෙක් නැතුවට කතිරේ ගැහුවා මිසක්. මුලින්ම මේකේ වටිනාකම සහ වෙනත් ආර්ථික ප්‍රතිලාභ ගැන මිනිසුන්ට කියා දීලා ඉන්න. ණය පියවන්නම මේක දුන්නා කියන්නේ නැතුව. චීන ළංකර නොගත්තොත් දුප්පත් අපිව නොබෝ දිනකින් ඉන්දියානු බුවල්ලා ගිලගැනීමට බලා සිටින බව කෙළින් බැරිනම් ව්‍යංගයෙන්වත් කියන්න. (නි)

:       0       0

ජනහිත Tuesday, 10 January 2017 12:13 AM

හුඟක් දේවල් කියාතිබෙන නිසා මොකක් කරන්නද කියලා හිතාගන්න බැරුව ඇති නේද? (නි)

:       0       0

බන්දුල Tuesday, 10 January 2017 01:45 AM

ඊයේ පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ පවුලේ කෙනෙක් කියනවා අපිට කර්මාන්ත එපා ඕවා වෙන කොහෙටහරි ගෙනියන්න කියලා. තව කෙනෙක් කියනවා අපිට ඕනෑ කියලා. අරුම පුදුම කතා! (නි)

:       0       0

සුධීර Tuesday, 10 January 2017 02:04 AM

මීටත් වඩා හොඳ රටේ අනාගතය වෙනස් කළහැකිව තිබූ ව්‍යාපෘති ලංකාවට අහිමිවුණේ අපේම උදවියගේ නොසැළකිල්ලත් දුරදිග නොබැලීමත් නිසයි. ඒවා මැලේසියාව සිංගප්පූරුව ආදී රටවල් වෙත යොමුවුණා. මේ ව්‍යාපෘතියත් ඒ විදියටම ඉතිහාසයට එක්වේවි. අපි කවදාවත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙනනොගත් ජාතියක් (නි)

:       0       0

ජනහිත Tuesday, 10 January 2017 05:49 AM

කවුරුවත් ඒ ගැන කනගාටු වෙන එකක් නැහැ. හැබැයි අරන් යනකොට පරිස්සමෙන්, අතර මග වැටෙන්න පුළුවන්. (බ)

:       0       0

සත්‍යයා Tuesday, 10 January 2017 06:04 AM

අනේ ප්‍රේමදාස පැටියාගේ සිහිනය බලා ඉඳිද්දී දියවෙනවා. (බ)

:       0       0

රවීන් Monday, 09 January 2017 09:28 AM

අන්න අගමැතිතුමෝ ඒක කරන්න. රස්සාවල් කරන්න කැමෙති උදවිය ඕනෑතරම් ලංකාවේ ඉන්න පළාතකට ඔය ආයතන අරන්ගියාම හම්බන්තොට කට්ටියට පොදු විපක්ෂයේ උදවියත් එක්ක වරාය වටේ ඉදන් මාළු බාන්න කියන්න. කොහොමත් ඉස්සර ඕක ධිවර වරායක්නේ. (බ)

:       0       0

පියල් Monday, 09 January 2017 09:32 AM

මේ රජයෙන් හම්බන්තොට දියුණු වුනොත් මහින්දට ඡන්දය අඩුවෙනවා ඒ හින්ද ආයෝජකයන්ව ගල් ගහල එලවන්න ඔහුන්ට සිදුවෙනවා. රට ඉදිරියට ගෙනියන්න නම් ජනතාව බුද්ධිමත් වෙන්න ඕනි එහෙම නැතිව එක එක කල්ලි වලට කඩේ ගිහිල්ල වැඩක් නැහැ.(බ)

:       0       0

පෙරේරා Monday, 09 January 2017 10:19 AM

රජයේ ඉඩම් අයිති මහජනතාවට මිසක් දෙශපාලුවන්ට නොවේ. (ර)

:       0       0

සරත් Tuesday, 10 January 2017 06:48 AM

කර්මාන්තපුරය යාපනයට හරි මඩකළපුවට හරි දෙනවා කිව්වා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1320 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2351 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 327 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1030 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9572 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3597 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site