IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘හම්බන්තොට කිසිම ගිවිසුමක් නෑ‘

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරයක් ඇති කිරීම සම්බන්ධව මෙතෙක් කිසිදු ගිවිසුමක් සකස් කර නැතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (5) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 50 වැනි සංවත්සරයට එක්වෙමින් පැවසීය.

කර්මාන්තපුරය සම්බන්ධයෙන් ලැබිය යුතු තාක්ෂණ ඇගයීම් වාර්තාව සහ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ ඇගයීම් වාර්තාව මෙතෙක් එළිදක්වා නැතැයි ද කී ජනපති මාතෘ භූමියට එරෙහි කිසිදු ක්‍රියාවක් නොකරන බවත් කීවේය.

‘මේ රටේ ප්‍රධාන සේවකයා ලෙස මා පත්කරගත් ජනතාව මා පිළිබඳ තැබූ විශ්වාසය රකිනවා. හොර ගිවිසුම් කිසිවක් නෑ. සියලු ගිවිසුම් ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා‘ යැයි ද ජනපති එහිදී කීය.

DSC_0575 DSC_0610 DSC_0635



අදහස් (0)

‘හම්බන්තොට කිසිම ගිවිසුමක් නෑ‘

දම්මික Thursday, 05 January 2017 05:04 PM

ඉක්මනට පත්තර බලන්න (නි)

:       0       0

දිනේෂ් කළුආරච්චි Thursday, 05 January 2017 07:20 PM

අප කවුරුත් බලාඉන්නේ කවුද හරි කවුද වැරදි කියලයි. අපිට තේරෙන්නේ මොනවාහරි මොවුන් හංගනවා කියලයි (නි)

:       0       0

සිරිල් Thursday, 05 January 2017 08:39 PM

නැත්නම් ඉතාමත් හොඳයි. හැබැයි ඉදිරියටත් ඔය මතයේම ඉන්න ඕනෑ. දන්නේ නැහැ, පත්තරයක් බලන්න ලැබුනේ නැහැ... කියලා නම් කියන්න එපා. (නි)

:       0       0

ටෙෂාන් Thursday, 05 January 2017 10:02 PM

කියනදේම වෙනවා නම් මොනතරම් සතුටුද? (නි)

:       0       0

අමල් Friday, 06 January 2017 10:59 AM

එහෙම ගිවිසුමක් නැතිනම් හොඳයි. (ර)

:       0       0

ජනහිත Thursday, 05 January 2017 11:00 PM

ඔය කියන කතාව ඇත්තම නම් අපි පිළිගන්නවා. මෙය අනාගතයේ මහජනතාව මතක් කරාවි ප්‍රශ්නයක් ඇතිවුණොත්. (නි)

:       0       0

ජයාත් Friday, 06 January 2017 12:52 AM

හොඳට අහගෙන ඉන්නකෝ හෙට උදේට මෙතුමා ඔය ගැන මොනවද කියන්නේ කියලා (නි)

:       0       0

දිමුත් Friday, 06 January 2017 01:04 AM

නූගත් වෙලා උපන් කරුමය ගෙවපල්ලා මිනිසුනි. ඡන්දය දුන් හැමට තුති! (නි)

:       0       0

සමන් Friday, 06 January 2017 01:30 AM

ඔබතුමාලගේ ඔය කතා අහලා අපිට එපාවෙලා තියෙන්නේ. 2015 ජනවාරි වල ඉඳලා රට දවසින් දවස පස්සට යන එක ගැන අපිට හරිම දුකයි (නි)

:       0       0

පේදුරු Friday, 06 January 2017 01:48 AM

දැන් ඉන්න අයට ඊළඟට යන්න වෙන්නේ හිතාගන්නවත් බැරි තැනකට. ඡන්දේ දීපු අපි අද ශාප කරනවා (නි)

:       0       0

සෙනරත් Friday, 06 January 2017 02:18 AM

රාජිත ඇමතිතුමා කිවුවේ බොරුද එහෙනම්? (නි)

:       0       0

රොහාන් Friday, 06 January 2017 02:35 AM

පසුගිය රෙජීමය සමයේ චීනයත් සමඟ අත්සන් කළ ගිවිසුම රටේ හැම පුරවැසියෙකුටම බෙදලා දුන්නා නේද? මේ රජයට ශාප කරන අය එය හොඳට කියවන්න..... (නි)

:       0       0

නයන් Friday, 06 January 2017 02:45 AM

ලංකාවේ පාලනය ගැන ඉතාම කළකිරීමක් සහ මහජනතාව ගැන මහත් දුකක් අැතිවෙනවා (නි)

:       0       0

සුරන් Friday, 06 January 2017 02:55 AM

හැමෝම කියන්නේ තම තමන්ගේ මතය. ඇත්ත ජනතාවට හංගනවා. බොරුවටනේ තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරගත්තේ. ජනාධිපතිතුමනි, කියන දේ කරන්න, කරන දේ කියන්න. එහෙම ජනාධිපති කෙනෙක් තමා අද රටට අවශ්‍යව ඇත්තේ. ඔබතුමා ගැන තිබු විශ්වාසයත් පලුදු වී අවසන් (නි)

:       0       0

මිස්සක Friday, 06 January 2017 03:14 AM

අගමැතිතුමා එකක් කියනවා, මෙතුමා එකක් කියනවා. අනේ මන්දා! (නි)

:       0       0

උපුල් Friday, 06 January 2017 03:23 AM

අනේ මන්දා මේවා අහලා අපිට පිස්සු හැදෙයිද කියලා (නි)

:       0       0

සුරේන් Friday, 06 January 2017 03:23 AM

පත්තරේ බලන්නෙම නැහැ වගේ දැන්. ආණ්ඩුවෙන් කියනවා එ්ක වෙනවා කියලා. මෙතුමා දන්නේ නැහැ? (නි)

:       0       0

නිශ්ශංක Friday, 06 January 2017 03:37 AM

කවුරු කොලේ වහලා ගැහුවත් දන්නෝ දනිති කවුරුත් ගැන.... (නි)

:       0       0

මහේෂ් Friday, 06 January 2017 03:39 AM

7 වෙනිදා අත්සන් කරන්න ලෑස්තිවුණ එකට දැන් කියනවා ගිවිසුමක්වත් නැහැලු. මහින්දට වුණෙත් ඕකම තමා. රටේ ජනතාව තමන් කියන ඕනෑම බොරුවක් පිළිගන්න ලෑස්තිවෙලා ඉන්නවා කියලා හිතපු එකයි. (නි)

:       0       0

මහේෂ් Friday, 06 January 2017 03:41 AM

විධායක බලය පාවිච්චි කරන්නේ පරිසරය රකින්න විතරයි කියලා කවුරුහරි කිවුවා මතකද? (නි)

:       0       0

අනිල් Friday, 06 January 2017 04:49 AM

මේ උදවිය විශ්වාසය කඩ කරගෙනයි ඉන්නේ.... (හේ)

:       0       0

දිලීප Friday, 06 January 2017 04:54 AM

විල්පත්තුවේ ගස් කපලා නෑ කිව්වා වගේ මේකටත් නෑ කියපු ලස්සන. එක්කෝ මෙය කිසිදෙටක් ගැන දැනුවත් නෑ. එක්කෝ ඒගැන දැනුවත් වෙන්න ඕනේ කමකුත් නෑ. මෙ(හේ)

:       0       0

ලුසේනා Friday, 06 January 2017 05:30 AM

කරුමේ කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තුවේ කරන කියන දේවල් ඇතුලේ ඉන්න පාලකයන්ටවත් හරියට තේරුම් ගැනීමට බුද්ධියක් නැහැ. නැත්නම් ජනතාව ගොනාට අන්දනවා. ඉතින් රටගැන කවර කතාද? (බ)

:       0       0

චමින්ද Thursday, 05 January 2017 01:19 PM

කාලෙකින් පත්තරයක් බලලා නැතිපාටයි. (ර)

:       0       0

විපුල Friday, 06 January 2017 07:51 AM

ඔබතුමාට පෙන්නලා නැතුව ඇති. පත්තර බලාගෙන යන්න එතකොට දැනගන්න ලැබෙයි. ඔබ තුමා පත්තර වලට අමතරව රුපවාහිනී බලන්න පුළුවන් නම් රටේ වෙන දේවල් දැනගන්න ඉක්මනින් පුළුවන් වේවි (බ)

:       0       0

රොමේෂ් Thursday, 05 January 2017 02:32 PM

හම්බන්තොට වරාය සම්බන්ධව ගිවිසුමක් නැහැ කිව්වට මාගම්පුර වරාය සම්බන්ධව නැහැ කිව්වේ නැහැ කියයිද දන්නේ නැහැ. ප්‍රධාන සේවකයා කෙරෙහිහි තිබුන විශ්වාසය හොඳටම පලුදුවෙලා ඉවරයි මෙවෙද්දී. (හේ)

:       0       0

රෝහිත Thursday, 05 January 2017 03:57 PM

අනේ පව් !!! මෙයාට මුකුත් කියන්න එපා. මෙයාගේ අතේ වැරැද්දක් නැහැනේ. මෙහෙම කියන්න කියලා කිව්වහම ඔහේ කියනවා.......(බ)

:       0       0

ලංකා Thursday, 05 January 2017 04:01 PM

එ්කටත් විල්පත්තුවට කිව්ව එකම කිව්වා (බ)

:       0       0

වියත් Thursday, 05 January 2017 04:12 PM

ඔබතුමා කියන කතා දැන් පිළිගන්න අමාරුයි. විශ්වාස කරන්න බැහැ. අරෙහෙ විල්පත්තුව විනාශ වෙනවා. කිසිම කතාවක් නැහැ. දෙයියනේ මේ රට විනාශ වෙනවා! ඔබතුමා මේ රටේ ජනාධිපති... නිසි පියවරක් ගන්න. සමනල කන්දේ ඉදිකිරිම නැවතත් පටන් අරන්. ඒවාට නිසි පියවර නොගත්තොත් රට ඉවරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 949 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 1827 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 249 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 827 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 8575 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3026 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 345 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 428 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1372 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site