IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


හම්බන්තොට මහින්ද - පොළොන්නරුවෙ සිරිසේන - හොරගොල්ලෙ චන්ද්‍රිකා

2016-07-18-ent-81

හම්බන්තොට මහින්ද

පොළොන්නරුවෙ සිරිසේන

හොරගොල්ලෙ චන්ද්‍රිකා

 

ගීතය ඇතුළත් මියුසික් වීඩියෝව මේ දිනවල සමාජ ජාලවල ජනප්‍රියතම වීඩියෝව ලෙසින් ප්‍රේක්ෂක ප්‍රතිචාර මිලියනය ඉක්මවා ඇත. එය නිර්මාණය කරන ලද්දේ FTT කණ්ඩායම විසිනි. අපි එහි නියමුවන් වන අදීෂ හේවාවසම් හා අනුරාධ සිගේරා සාරවිට හා කතාබහට එක්කරගතිමු.

 

ඇයි මෙවැනි වීඩියෝවක් නිර්මාණය කළේ?

2016-07-18-ent-79සාමාන්‍යයෙන් දැන් තියෙන අලුත්ම ප්‍රවණතාව තමයි සමාජ මාධ්‍යජාලවලට නිර්මාණ කිරීම. අපේ රටේ වුණත් ඉන්දියාවෙ වුණත් ගීතයක් නිර්මාණයක් කරල දාගන්න තැනක් නෑ. රඟපාන්න අවස්ථාවක් පවා නෑ. ඉන්දියාවෙ සුපර් වුමන් වැනි චරිත බිහිවෙන්නෙ සමාජ ජාල මාධ්‍ය හරහායි. ලංකාවෙ ෆේස්බුක් ජනප්‍රියයි. ඉන්දියාවේ යූ ටියුබ් ජනප්‍රියයි. බොහෝ අය කොමඩි ක්ලිප්ස් හද හද දානවනෙ. අපිට ඕන වුණේ කල්ට් එකක් (CULT) විදියට වැඩක් කරන්න. මේක වෙනස් වැඩක් අපේ දක්ෂතාව පෙන්වන්න වෙන තැනක් නෑ. එනිසා සමාජ මාධ්‍ය තෝරගත්තා මාවතක් විදියට. ගීතය එයින් එකක්.

 

මෙය මොකක් හෝ කණ්ඩායමක් විදියටද සිදු කරන්නෙ.?

ඔව් මාධ්‍ය ආයතන කිහිපයක වැඩ කරන පිරිසක් අපිත් එක්ක ඉන්නවා. මෙම ගීතයත් අපේ කණ්ඩායමේත් ප්‍රධානීන් ලෙස අනුරාධ සිගේරායි මමයි කටයුතු කරන්නෙ. තවත් විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා. අපේ කණ්ඩායමේ නම තමයි FTT. එයට වෙන තේරුමක් තියෙනවා. එයට අපි දැනට කියමු Future Television Trend කියලා.

සාමාන්‍යයෙන් සමාජ ජාල ඔස්සේ ප්‍රකාශන ඉදිරිපත් කරද්දී සීමා මායිම් නෑ. ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන්. අපේ පළවෙනි වීඩියෝව නිර්මාණය කළේ ලිංගිකත්වය පිළිබඳවයි. Sex life in Sri lanka නමින්. මෙය කතා කළේ දේශපාලනය පිළිබඳවයි. වැලන්ටයින් ගැන කතාකළා ලිංගික අතවර ගැන. එනිසා සීමා මායිම් නෑ. එවිට අපිට හිතන්න පුළුවන් පරාස වැඩියි. රූපවාහිනියෙන් හා සිනමාවෙන් ලඝු කරන නිසා සහ අපිට එතනට යන්න බැරි හින්ද අපේ තිබෙන දේවල් පිටකරගන්න අපි මේ ගීතය නිර්මාණය කළා. ඇම්මටම නෙවෙයි.

 

 

දැනට තිබෙන ප්‍රතිචාර

ලංකාව ඇතුළේ මේ වනවිට Trending වීඩියෝව තමයි මේක. සාමාන්‍යයෙන් ෆේස්බුක් පිටුවක ලයික් පන්සීයක් තියෙන පිටුවක ලක්ෂයක් පමණ අරන් තියෙනවා එක දවසට පමණක්. මේ වනවිට යූටියුබයේ ෆේස්බුක්හි මිලියනයක පමණ පිරිසක් බලල තිබෙනවා. මේ කතාකරන මොහොත වනවිටත් ජනප්‍රියම වීඩියෝව තමයි මෙය.

 

අධ්‍යක්ෂකවරයා විදියට අපේක්ෂිත අරමුණ ඉටුවෙලාද?

මෙය සාමූහික ක්‍රියාවලියක්. ඒ ඇතුළෙ මම ඩිරෙක්ටර් අනුරාධ කන්සෙප්ට් ආටිස්ට් කියල නෑ. අපේ කණ්ඩායමේ ඉන්නෙ තමන්ගෙ දක්ෂතා මෙතැනට අරන් ඇවිල්ල වැඩ කරන කණ්ඩායමක්. අපිට තියෙන්නෙ සතුට විතරයි. මම ඩිරෙක්ටර් වුණාම මං මේකෙ වතුර ඇදල තියෙනවා. කෑම ගෙනැත් තියෙනවා. අපි දෙන්න බඩු ගේන්නත් ගිහින් තියෙනවා. අපේ අතේ සල්ලිවලිනුයි අපි මේ දේවල් කරන්නෙ. අපි කරන්නෙ පඩි එකතු කරල වැඩ කරනෙක. කැමරාවක් තියෙන කෙනෙකුට කැමරාවත් එක්කම මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන්. මගේ අපේක්ෂිත අරමුණ සින්දුව කිරීමම නෙවෙයි. මේ වගේ ලොකු ගැන්ග් එකක් එක්ක වැඩ කිරීමයි. ඇම්ම තියෙන සමූහයක් එක්ක වැඩ කිරීම නම් වූ මගේ අරමුණ 100෴ක්ම සාර්ථකයි.

මම කොච්චර සතුටු වෙනවද කියනෙක ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පේනවා. අපි ගොඩාක් කතා කරනවා සහ ලංකාවේ ඉන්න ඇම්ම තියෙන තරුණ තරුණියන්ට රඟපාන්න කැමති නම් අධ්‍යක්ෂණය කරන්න කැමති නම් එන්න අපිත් එක්ක වැඩ කරන්න. අපේ අතේ සල්ලි නැතත් නිතරම වැඩ කරනවා. අපේ සංකල්පය තමයි කෙනෙකු ගාව සංකල්පයක් තියෙනවා නම් සියලු පහසුකම් දාල නිර්මාණය සම්පූර්ණ කිරීම. අපේ ආදර්ශ පාඨය තමයි Only build the idea යන්නයි. අපි හැමදාම වැඩ. හැමවෙලේම මොනවහරි දෙයක් කරනවා. මෙය ව්‍යාපාරයක් නෙවෙයි මෙය නිර්මාණශීලී පිරිසක් එක්ක වැඩකිරීමක්. ඉදිරියට අපි වෙබ් කතා මාලාවක් කරනවා. රූපවාහිනියේවත් දකින්න බැරි තරම් ඉහළ තත්ත්වයක. එනිසා හැමදෙනාටම ආරාධනා කරනවා FTT එකත් එක්ක එකතුවෙන්න කියලා.

ලංකාවේ සිනමාවේ හා ටෙලිනාට්‍ය කලාවේ ලොකු අර්බුදයක් තියෙනවා. ඉන්දියාවෙ නම් ෂාරුක් ඛාන් යද්දි පොඩි එකාව එතෙන්ට ගෙනත් තියල තමයි යන්නෙ. රන්බීර් කපූර් ගෙනත් තියල තමයි ෂාරුක් ඛාන් යන්නෙ. ලංකාවෙ එහෙම නෑ. පොඩි ඇරියස් එකක් තියෙනවා. එනිසා අපි මාවතක් ලෙස යූ ටියුබ් හා සමාජ ජාල මාධ්‍ය තෝරගෙන තිබෙනවා. මගේ විශ්වාසයක් තිබෙනවා අපි මේ කරන විදියට වැඩ කරගෙන ගියොත් ලංකාවෙ සිනමා කර්මාන්තයත් ටෙලිනාට්‍ය කර්මාන්තයත් මිනිස්සු බලන තැනකට ගේන්න පුළුවන්. කොරියන් නිර්මාණ බලන මිනිස්සු අපේ නිර්මාණ බලන තැනට ගේන්න පුළුවන්. අපි ගාව ඕන තරම් අදහස් තියෙනවා. එනිසා මේ ගමන යන්න ප්‍රේක්ෂක ජනතාවගේ ආශීර්වාදයත් අපි බලාපොරොත්තු වෙනවා. අන්තර්ජාලය ගිහින් අපේ ෆේස්බුක් පිටුවට හා යූ ටියුබ් වෙතට ගොස් අපිත් එක්ක දිගටම රැඳිල ඉන්න කියලත් ආරාධනා කරනවා.

 

 

අනුරාධ සිගේරා

20160720anuradha-1මේ ගීතය අදීෂයි මායි කතාවෙලා මේ ආකෘතියේ ගීත කිහිපයක අදහස් නිර්මාණය කළා. අවසානයට තමයි දේශපාලකයන්ව සම්බන්ධව කතාකරමු කියන අදහසට ආවේ. පසුව අපි නාවල අන්නාසි ගීතයට අනුව මෙම ගීතය නිර්මාණය කළා. හම්බන්තොට මහින්ද පොළොන්නරුවෙ සිරිසේන හොරගොල්ලෙ චන්ද්‍රිකා යනාදී විදියට ගීතය පුරාම තියෙන්නෙ දේශපාලකයන්ගෙ නම් වුණාට මේ තුළ දේශපාලනයක් තියෙනවා. නමුත් බොහෝ අය අපිට කතා කරන විදියෙන් තේරෙනවා එක එක දේශපාලනය තේරුම්ගෙන තියෙන්නෙ එක එක විදියට. නරක දේශපාලනයක් නෙවෙයි. එනිසා එකිනෙකාට තමන්ගේ දේශපාලනයෙන් තේරුම් ගන්න පුළුවන් විදියට මේ ගීතය නිර්මාණය වී තිබෙනවා. සමහර විට අපි හිතාමතා කළා නොවෙන්න පුළුවන්.

මමයි අදීෂයි එකතුවෙලා මෙය රචනා කළා. අනතුරුව දේශපාලඥයන්ව ගම් ආදිය හදාගෙන මෙය නිර්මාණය කරල පේෂලගේ සංගීතය නිර්මාණය කළේ. මම තමයි සියලුම වාද්‍ය භාණ්ඩ වාදනය කළේ. තබ්ලා, ඩෝල හා බෝංගෝ යන සියල්ල වාදනය කළා. ඩිලාන් සේනානායක ඇතුළු පිරිස රංගනයෙන් දායක වුණා. සංස්කරණය කළේ පැතුම් (පැන්ඩා) හා ළහිරු මධුසංක (ගුජුම්පියෝ) අනතුරුව වීඩියෝව සඳහා විවිධ විදි කල්පනා කරල අපේම බාප්පාගේ ගෙදරක රූෆ් ටොප් එකේ අපේම පන්තිවල අය එකතු කරගෙනයි නිර්මාණය කළේ. අපිට වියදම විදියට ගියේ කැමරා බඩු ටික ගන්න විතරයි. අනිත් ඔක්කොම අපේ හිතවත්කමට. කැමරා කළේ කෝසල සුබසිංහ. FTT සෑහෙන කාලයක් පුරා එකට එකතු වුණු කණ්ඩායමක්. අපේ නිර්මාණ පසුගිය කාලය පුරා නිර්මාණ කළා. නමුත් මේ නිර්මාණයට තරම් නම් ප්‍රතිචාර ලැබුණෙ නෑ. මෑතකාලයේ ජනප්‍රිය ගීතයකටවත් මේ නිර්මාණයට හිමි ප්‍රතිචාර හිමිවී නෑ.

සුදු වෑන්වල අය හැර අනෙක් අය කතා කරන්න

077-9596361 /077-7007797

 

ඉඳුනිල් සින්දු

 

2016-07-18-ent-82



අදහස් (0)

හම්බන්තොට මහින්ද - පොළොන්නරුවෙ සිරිසේන - හොරගොල්ලෙ චන්ද්‍රිකා

චතුරි Tuesday, 19 July 2016 01:24 PM

මේ සින්දුව මහින්දට විතරක් හදන්න තිබුනා (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 209 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1233 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2423 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2686 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6960 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site