IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී වරාය අධිකාරිය නොසලකා හැරලා

හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවරීමේ ක්‍රියාවලියේදී මෙම විෂය භාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතීඥවරයා එලෙස දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා     ගොනු කළ   මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය. මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ සලකා බැලිණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරි පනතේ (88) වගන්තියට අනුව වරාය ගැන තීන්දු ගැනීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට බවයි. මෙම සිද්ධියේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධ කර නොගැනීම පිළිබඳව විෂය බාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී සිය විරෝධය පළ කළ බව ද නීතීඥවරයා කීවේය.



අදහස් (0)

හම්බන්තොට වරාය චීනයට පැවරීමේදී වරාය අධිකාරිය නොසලකා හැරලා

බමුණු ආරච්චි Saturday, 14 January 2017 11:25 PM

චන්දා, ඔබ මොන පාසලෙන්ද අංක ගණිතය ඉගෙනගත්තේ? ලක්ෂ 62 මේගොල්ලන්ට ලැබෙනකොට අරගොල්ලන්ට ලක්ෂ 57 ලැබුනා. එතකොට වෙනස ලක්ෂ 5 යි. බලයේ ඉන්න අයට ඡන්දය දීපු 250001 පැරදුන අයට ඡන්දය දුන්නා නම් ඒ අයයි බලයට එන්නේ. එතකොට දෙලක්ෂ පනස්දහසේ බහුතරෙන් ඒගොල්ලෝ බලයට අාවේ ලක්ෂ 62 ක බහුතර ජනතා කැමැත්තෙන් නොවේ. ඔබට අංක ගණිතයවත් බැහැනේ. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 14 January 2017 01:51 AM

අපි නම් දැන් මේවා ගැන කතාකරන එකත් නවත්තලා තියෙන්නේ (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 14 January 2017 02:05 AM

මේ රටේ අද දේශපාලනයේ යෙදී සිටින බඩගෝස්තරවාදී බලපෙරේත දේශපාලකයනට මේ රටේ සාමකාමී මහජනතාව ගැන කිසිදු අනුකම්පාවක් නැත. ඇත්තේ කෙසේ හෝ තම බඩ, තම පරම්පරාව රැක ගැනීමේ අදහස පමණි. එයට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තේ තම දේශපාලන නායකයාගේ අසූචිත් සුවඳ බව කීමට සුදානම්, අත කැපුවත් පක්ෂයට ඡන්දය දෙන දේශපාලන ගැත්තන් සහ මේ ආත්මාර්ථකාමී දේශපාලකයන්ට ආවඩන පූජ්‍ය පක්ෂයේ සමහරුන්ය (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 14 January 2017 02:10 AM

හම්බන්තොට වරාය ඔය කියන පනත ප්‍රකාරව බිහිවුණ එකක් නම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පාලනය වියයුතුව තිබුණා. උදාහරණයක් වශයෙන් ගාලු වරාය එහෙමයි. (නි)

:       0       0

ශානක Saturday, 14 January 2017 02:34 AM

එ්ක තවත් යහපාලනේ විශේෂ ලක්ෂණයක්. (නි)

:       0       0

ලුම්බිණි Saturday, 14 January 2017 03:43 AM

සමසමාජ වාසුදේව නානායක්කාර මහත්තයාත් කොමියුනිස්ට් චීනයට විරුද්ධ වුණා එහෙනම්?? (නි)

:       0       0

බමුණු Saturday, 14 January 2017 05:34 AM

අනුර ඉලංගකෝන් හලෝ කියවල බලන්නකෝ ගිය ආණ්ඩුව පෙරලගන්න විදේශ රටවල් කීයක් කුමන්ත්‍රණ කලාද වියදම් කලාද කියල. රාජ්‍ය නොවන ආයතනවලට කොපමණ මුදලක් ඇමරිකාව දුන්නද? ඒ එගොල්ලම කියන විදිහට ගිය ආණ්ඩුව ඒගොල්ලන්ගේ පෙන් ඉන් ද ඈස් නිසා නේද? (අ)

:       0       0

ඉයන් Saturday, 14 January 2017 07:04 AM

ප්‍රමාණවත් ලෙස නැව් නො එන වරායක් නඩත්තු කරන්න, ණය සහ පොලී ගෙවන්න වෙන්නෙ රටට. ගත්තු ණය හිලව් කරන්න පුළුවන් නම් දෙන එක හොඳ නැත්ද? ලෝකෙ වැඩිම වෙලඳ නැව් අයිති චීනය වරාය නිකන් පල් නොවී නැව් ගෙනාවම තව කොච්චර රස්සා ඇතිවෙයිද? ඒකට ආහාර, ප්‍රවාහණ, නවාතැන්, ආදිය සැපයීම සඳහා තව කොච්චර ආශ්‍රිත රැකියා ඇතිවෙයිද? ප්‍රශ්ණ විසදෙනවට අකමැති මිනිස්සු ගැන පුදුමයි. (අ)

:       0       0

බන්දුල Friday, 13 January 2017 12:22 PM

ඔව් ඒක ලොකු ගැටලුවක්.(හේ)

:       0       0

සිකුගේ Friday, 13 January 2017 12:27 PM

ඇයි ද නොකියා වැඩ කරේ.(හේ)

:       0       0

විජිත Saturday, 14 January 2017 07:47 AM

ආයෝජනය එකක් , විකිණීම එකක්. මේ කරන්න හදන්නේ රට විකුණන එක නොවෙයිද ? කොහොම හරි නවත්තා ගත්තොත් හොඳයි අඩුගානේ මතු පරපුර වෙනුවෙන් ! (අ)

:       0       0

ජගත් Friday, 13 January 2017 12:58 PM

යහපාලනයනේ. ගනන් ගන්න එපා.(හේ)

:       0       0

අතුල Saturday, 14 January 2017 08:45 AM

කොහොමත් අපට රටක් අද වෙනකොට නැහැ එ්ක නොතේරන මිනිස්සු ඉන්න නිසා තමයි මෙයාල තාමත් ඉතුරු ටිකත් කොටසින් කොටස විකුණා කමින් එයාලගෙ යටිමඩි තරකරමින් ,ඒක වහගන්න එයාල ආගම් වාදය ජාති වාදය වපුරවමින් රටේඅය ගොන්නුන්ට අන්දවමින් ලස්සනට කරගෙන යනවා අපේ අය හැලියේ වතුර නටන කකුළුවෝ වගේ චොකා බයිල නටනවා. රටක් විදිහට අද අපි ඉන්නේ ගිනි කන්දක් මත බව ඔබ දන්නෙහිද ? (අ)

:       0       0

චන්ද්‍රා Sunday, 15 January 2017 04:47 AM

ලංකාවේ දේශපාලනයට මේ වනවිට අංක ගණිතය කරලා තියෙන හරිය මදැයි .යහපාලන ප්‍රෝඩාව, අනුමත කරමින් බහුතරය ඡන්දය දී කැමැත්ත දී ඇති නම් , විදවපියව් දු දරු මුණුබුරු, මිණිබිරියන් සමග ඉදිරි දසක දෙක තුනක්වත් ගතට සිතට දැනෙන්නම, (බ)

:       0       0

නිමල් Friday, 13 January 2017 03:35 PM

මෙයාගෙ ඒකාධිපති වැඩ ඔය. වැරදිලාවත් විධායක ජනාධිපති වුණා නම් කොහොම වෙයිද. (අ)

:       0       0

පුරවැසියා Friday, 13 January 2017 03:46 PM

අර අර්ජුනගේ කුට්ට්ටිය ගැනද කියන්නේ (අ)

:       0       0

ජනහිත Friday, 13 January 2017 04:45 PM

පේනව නේද වැඩඅර පනත සම්මත කරන්න හදන්නේ මොනතරම් දේවල් කරලදකියල මොලේ ගියන ජනතාවට හිතන්න කාලය ඇවිත්. මාමට වැඩිය දේවල් බෑණා කරයි වගේ? (අ)

:       0       0

ධම්ම Friday, 13 January 2017 05:00 PM

වරාය අධිකාරිය කෙසේවෙතත් අර්ජුන හා මුතුහෙට්ටිගම ගැන සලකා බලන්න තිබුනා. බලන්න එයාලට සුළුපටු මදිපුංචිකමක්ද වුනේ කියලා, (අ)

:       0       0

චන්දා Saturday, 14 January 2017 11:02 AM

මේ මොන කතාවලිනුත් වැඩක් නැහැ දැන්. ලක්ෂ 62 ක බහුතර ජනතා කැමැත්තෙන් බලයට ගෙනා ආණ්ඩුවක් බලයේ ඉන්නේ. (අ)

:       0       0

චරිත Friday, 13 January 2017 05:42 PM

උගත්කමක් නැති පුද්ගලයන් දේශපාලන පත්විම ලබා ඉහළ තනතුරු කරනවිටත් මෙවැනි දේ සිදුවිය හැකිය (නි)

:       0       0

අනුර ඉලංගකෝන් Friday, 13 January 2017 07:42 PM

ඔයගොල්ලන්ගේ ටිකිරි මොළේට නොතේරුනාට දැන් විදේශ කුමන්ත්‍රණ ගැන කියන අයත් ඉන්නවා (නි)

:       0       0

සෑම් Friday, 13 January 2017 08:48 PM

මේ ආයෝජනයෙන් ලොකු කොමිස් කුට්ටියක් කන්න සමහර කට්ටිය කට දත මැදගෙන හිටියා. නමුත් ඔවුන්ව නොසළකා හැර මේ ආයෝජනය සිදුකළා. ඔවුන්ට ගානක් අතට නොලැබුන නිසා, ඔව්න්ගේ උසිගැන්වීම මත මේ සිද්ධිය උසාවියට ගිය බවයි අපි නම් හිතන්නේ (නි)

:       0       0

සිරි Friday, 13 January 2017 09:58 PM

යහපාලනය, වරයා අධිකාරිය විතරක් නෙමෙයි, මහජනතාවත් නොසළකා හැරලා තියෙන්නේ. ඉතින් ජනතාව නොසළකා හැරපු ආණ්ඩුවට වරාය අධිකාරිය කජ්ජක්ද? ඕකට තමා කින්නේ "දාගැබ ගිලපු එකාට අග්ගලාව මොන කජ්ජක්ද" කියලා. (නි)

:       0       0

ගමගේ Saturday, 14 January 2017 05:15 PM

මට මුදලක් හම්බවෙනවා නම් මාත් නඩුවක් දානවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 217 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1895 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3528 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 568 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1602 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 11016 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site