IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න‘

''අපි චීනෙට කර්මාන්ත ශාලා ඉදිකිරීමට ඉඩම් ලබා දෙනවා කියලා දැන් හම්බන්තොට ලොකු උද්ඝෝෂණ සිද්ධ වෙනවා. මම අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා හම්බන්තොට අය මේවාට විරුද්ධ නම් කරුණාකරලා ඒ ඔක්කොම කර්මාන්ත ශාලා ටික අපේ පොළොන්නරුවට ලබා දෙන්න කියලා'' යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  ‘තෙවසරක ඇරඹුම’ නම් සිය දෙවැනි පදවි ප්‍රාප්ති උත්සවය අමතමින් පැවසීය. මෙම උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (8) පැවැත්විණ. 

‍''ආණ්ඩුව පෙරළන්න හීන දකින අයට මම කියන්න කැමතියි ඊළඟ මහ මැතිවරණය තිබෙන තුරු මේ ආණ්ඩුව හොල්ලන්න මම කාටවත් ඉඩ දෙන්නේ නෑ කියලා'' යැයිද ජනාධිපතිවරයා කීය.

01 RDS_0632 RDS_0748 RDS_0768 RDS_0786 RDS_0821



අදහස් (0)

‘හම්බන්තොටට එපා නම් කර්මාන්ත ශාලා පො‍ළොන්නරුවට දෙන්න‘

සිරිල් Sunday, 08 January 2017 08:46 PM

මම ඉල්ලා සිටිනවා, කරුණාකරලා කොන්ද කෙලින් තියාගෙන තනතුරේ ගෞරවය රැකගෙන වැඩ කරන්න කියා.... (නි)

:       0       0

දුමින්ද Sunday, 08 January 2017 09:15 PM

අනේ මන්දා මේවා අහන අපිටද පිස්සු කියලා (නි)

:       0       0

ඇලන් තල්පාවිල Sunday, 08 January 2017 09:49 PM

අපේ සරල ජනාධිපතිතුමා අවුරුදු 2කට කලින් කිව්වා නේද පදවිප්‍රාප්ති උත්සව, දිවුරුම් දීමේ උත්සව, කටවුට් එහෙම සල්ලි නාස්තියක් කියලා. ඒක නිසාම නේද එතුමා බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරලා රුපියල් 6,000කින් දිවුරුම් දුන්නේ? මේ මොකටද මේ උත්සව? සල්ලි නාස්ති නොවෙයිද මේවා? අර වකුගඩු අරමුදලට මොකද වුණේ? (නි)

:       0       0

අරවින්ද Sunday, 08 January 2017 10:39 PM

ලංකාව පොඩි රටක්. කර්මාන්තශාලා පොළොන්නරුව ආසන්නයේ ඉදිකළොත්, ත්‍රිකුණාමල වරාය භාණ්ඩ අපනයන/ආනයන කටයුතු සඳහා භාවිතා කළහැකියි. (නි)

:       0       0

ඉන්දික Sunday, 08 January 2017 11:01 PM

පොළොන්නරුව ඒ වැඩේට ගැළපෙනවද? (නි)

:       0       0

ප්‍රභාත් Sunday, 08 January 2017 11:43 PM

චීන්නු යුරෝපයේ සහා දකුණු ඇමෙරිකාවේ ආර්ථිකය විනාශ කරන හැටි බැලුවොත් හොඳයි නේද. මම කියන්නේ අත්දැකීමෙන්, දේශපාලන පක්ෂ වලින් තොරව (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 09 January 2017 12:20 PM

කර්මාන්තපුරය පොළොන්නරුවට ගත්තා කියමු, එත් වරාය ගන්න බැහැනේද? සිදුවිය යුත්තේ මේවා ඇරඹීමට පෙර ජනතාව පුළුල් ලෙස දැනුවත් කිරීම. (හේ)

:       0       0

ගුණසිරි Sunday, 08 January 2017 11:44 PM

එතකොට අගමැතිගේ පූර්ණ අධීක්ෂණයෙන්ද මේවා වෙන්නේ? (නි)

:       0       0

අරවින්ද Sunday, 08 January 2017 11:47 PM

ජනපති මොකටද රනිල් මහත්තයාගෙන් ඉල්ලන්නේ? අවශ්‍ය නම් ගන්න බලය තිබෙනවනේ (නි)

:       0       0

මැගී Sunday, 08 January 2017 11:47 PM

දැන් රටේ ප්‍රධාන පුද්ගලයා රනිල් මහත්තයාද? ජනාධිපති අගමැතිතුමා යටතේද පාලනය වෙන්නේ. මේ කතාවල හැටියට මම නොදන්නා නිසයි මේ අහන්නේ. (නි)

:       0       0

සුනිල් Sunday, 08 January 2017 11:54 PM

චීනෙට පොළොන්නරුවෙන් වැඩක් නැහැ. හම්බන්තොට වරාය තමා ඕනෑ (නි)

:       0       0

දිනුක Monday, 09 January 2017 12:32 PM

හම්බන්තොටටම හොදයි.(හේ)

:       0       0

පේදුරු Monday, 09 January 2017 12:01 AM

වරාය කියන්නේ රටක හදවත වගේ. මේ වගේ දෙයක් වෙනත් රටකට දෙන එක හරිද. (නි)

:       0       0

ප්‍රදීප්මල්ලවආරච්චි Monday, 09 January 2017 12:57 PM

විකාර නොකිය ඔය වරායට , මත්තලට ගත්තු ණය ගෙවන විදියක් කියන්න. විවේචනය කරන්නෙ ඒ අය ලග විකල්ප තියන නිසානෙ. ඒව යෝජනා කරන්න. (අ)

:       0       0

දහම් Monday, 09 January 2017 12:37 AM

කර්මාන්තපුර ඇති කරන්නේ වරායක් කිට්ටුව. භාණ්ඩ ප්‍රවාහන පහසුව අවශ්‍ය නිසා. කණගාටුයි ඒ සම්බන්ධයෙන් නොදන්නා එක ගැන. (නි)

:       0       0

සෙනෙවි Monday, 09 January 2017 01:13 PM

චීන වී මෝල් දාන්නගියොත් මල්ලිත් තරහ කරගන්න වැඩක් වෙන්න ඉඩ තියෙනව .(අ)

:       0       0

චින්තක Monday, 09 January 2017 12:47 AM

මෙහෙමත් කතාවක් අපිට අහන්න වුණානේ හැබෑට? (නි)

:       0       0

ගුණරත්න Monday, 09 January 2017 12:49 AM

වෙළඳ කලාපයක් දාන්න ඕනෑ මුලික පහසුකම් තියෙනවා. ඒ මොනවද පොළොන්නරුවේ තියෙන්නේ. (නි)

:       0       0

ඩිලාන් Monday, 09 January 2017 01:22 AM

දෙතුන් දෙනෙකුගේ ඉඩම්වලට වටිනා මුදලක් ගෙව්වා කියා කටකතාවක් පැතිරුවා නම් මිනිස්සු පෝලිමේ එනවා තමුන්ගේ ඉඩම් විකුණන්න. (නි)

:       0       0

සෙනරත් Monday, 09 January 2017 01:37 AM

ඔබතුමා කැමති වුණත් පොළොන්නරුවේ ජනතාව කැමති වෙයිද පිටරටකට අවුරුදු 198 කට පොළොන්නරුව බාරදෙන්න? (නි)

:       0       0

ප්‍රසන්න Monday, 09 January 2017 02:00 AM

එතකොට නැව් යන්නේ කොළඹ-පොළොන්නරු පාරෙද? (නි)

:       0       0

සිසිර Monday, 09 January 2017 02:19 AM

හම්බන්තොට සිට පොළොන්නරුවට හයි වේ එකේ නැව යනවා බලා වරෙං..... මේවා සුද්දා දැක්කහම සිංහල අපිට හරි ආඩම්බරයක් දැනෙන්නේ. ජයවේවා! (නි)

:       0       0

බන්දුල Monday, 09 January 2017 02:54 AM

19 වන ව්‍යවස්ථාවෙන් පසුව විධායක බලය තියෙන්නේ ජනපති අත නොව පාර්ලිමේන්තුවෙයි. ඒ නිසයි එහෙම අහන්න ඇත්තේ. අර හිටපු කෙනා දැන් උත්සාහ ගන්නේ ජනාධිපති වෙන්න නෙමෙයි අගමැති වෙන්නනේ (නි)

:       0       0

රෝහණ Monday, 09 January 2017 02:55 AM

මෙහි අදහස් දමා ඇති සමහර අය තමන්ගේම මොළය ගැන තමන්ම වාර්තාවක් අරන් බැලුවොත් හොඳයි. (නි)

:       0       0

නිමල් Monday, 09 January 2017 02:54 AM

පොළොන්නරුවේ හදලා බලන්නකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අතුල Monday, 09 January 2017 02:57 AM

සිසිර, පොළොන්නරුවේ හැදුවොත් ත්‍රිකුණාමලය වරාය පාවිච්චි කරන්න පුළුවන්. ලංකා සිතියම අධ්‍යයනය කරන්න. (නි)

:       0       0

ශීලා Monday, 09 January 2017 02:58 AM

අපේ පෙර පිනට පහළවුණු ඔබ වගේ දක්ෂ බලගතු සිංහයෙකුට මගේ ඡන්දෙ දෙනවාමයි (නි)

:       0       0

පුබුදු Monday, 09 January 2017 03:03 AM

රටේ විධායක ජනාධිපතිද මේ? (ම)

:       0       0

නිශ්ශංක Monday, 09 January 2017 04:15 AM

ගොඩගත් රට, ගිලගත්.. මහා යුග පුරුෂයා. (ම)

:       0       0

රත්න Monday, 09 January 2017 04:45 AM

අර නටඹුන් තියෙන ප්‍රදේශ චීන්නුන්ට දුන්නා නම් හොඳයි. ඉඩම් නැති නිසා. අපේ පරණ කාලේ උන්න රජවරු වගේ නෙවෙයිනේ දැන් ඉන්න දේශපාලකයෝ වැඩ කරන්නේ. (හේ)

:       0       0

අමල් කොළඹගේ Monday, 09 January 2017 04:58 AM

මෙතන තියන ලොකුම ප්‍රශ්නය කවුරුවත් මේකේ තියන භයානකම දේ දන්නේ නැහැ . චීනය කියන්නේ ලෝකේ වැඩියෙන්ම පරිසර දූෂණය කරන රට. එයාලගෙ කර්මාන්ත විනාශකාරී රසායන ද්‍රව්‍ය අති විශාල ලෙස පාවිච්චි කරනවා. උන්ගේ කර්මාන්ත වලට දුප්පත් රටකවත් ඉඩ දෙන්නේ නැත්තේ එකයි. අපි තේරුම් ගත යුත්තේ අන්න ඒ කාරණාවයි.එයාල අපේ රට අති දූෂණය කරලා සල්ලි හොයන් යාවි.අපේ දරුවන්ට විඳවන්න වේවි. (අ)

:       0       0

මිගාර Monday, 09 January 2017 05:12 AM

එතකොට පරාක්‍රම සමුද්‍රයෙ තමයි නෑව් නවත්වන්න වෙන්නෙ.(අ)

:       0       0

නුවන් Monday, 09 January 2017 05:48 AM

විධායක බලය රටේ ජනාධිපතිට ලැබෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්. විධායක අගමැතිගේ බලය ජනතා මතය නෙවෙයි. දැන් ජනාධිපති තුමාගේ බලය ගැන කනගටුයි. (අ)

:       0       0

චාමර වික්‍රමසිංහ Monday, 09 January 2017 06:14 AM

පොලොන්නරුවත් විකුනන්නද යන්නේ (අ)

:       0       0

කසුන් Monday, 09 January 2017 06:27 AM

අතුල,සිතියම විතරක් අධ්‍යනය කරලා මදි, වරායේ යටිතල පහසුකම් පතුලේ ගැඔුර ජාත්‍යන්තර නාවික මනාගමනයට ඇති පහසුව ඒවත් බලන්න වෙයි. (අ)

:       0       0

විරාජ් Monday, 09 January 2017 07:02 AM

කොහොමද ටිකිරි මොලේ ....(බ)

:       0       0

සමීර Monday, 09 January 2017 07:50 AM

මේවා සංවර්ධනය කරන්න චීනයට හෝ ඉන්දියාවට විතරද දෙන්න ඔනේ? ඇයි යකෝ දෙනවනම් තාක්‍ෂණයෙන් දියුණු වෙන රටකටවත් දෙන්න පුළුවන් නේ (ම)

:       0       0

චමිල Monday, 09 January 2017 08:19 AM

එ් පිරිසට ඕනේ ව්‍යාපාර උපක්‍රම .එක තියෙන්නේ පොළොන්නරුවේ නොවෙයි හම්බන්තොට.(හේ)

:       0       0

මාල් Sunday, 08 January 2017 04:45 PM

ඔබ තුමා හරි පොළොන්නරුවට හරි ගන්න එක තමයි තියෙන්නේ. ජේ.ආර් නිදහස් වෙළඳ කලාපෙ ගෙනාවම ඔය දඟලන හැමෝම විරුද්ද වුණා. දැන් ඒවායේ ඇතුලේ ප්‍රශ්න ගැන කතාකරනවා.(රේ)

:       0       0

ප්‍රසන්න Sunday, 08 January 2017 05:29 PM

එතකොට පරාක්‍රම සමුද්‍රය වරායක් කරනවා ද? මේ යන විදියට ආණ්ඩු පෙරලෙන එක නවත්තන්න බැරි වෙයි... (රේ)

:       0       0

එස් .එල් Sunday, 08 January 2017 05:40 PM

හැබැටම මහවැලි ගඟ හාරලා පොළොන්නරුවට නැව් ගෙන්න පුළුවන්නේ නේද ?(රේ)

:       0       0

ප්‍රදීප් Sunday, 08 January 2017 05:46 PM

රටේ ජනාධිපති මොකටද අගමැතිගෙන් ඉල්ලා සිටින්නේ නියෝග කරන්නේ නැතුව. (රේ)

:       0       0

ප්‍රදීප් Sunday, 08 January 2017 06:03 PM

රජරට ඉන්න සතුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)

:       0       0

කේ. පෙරේරා Sunday, 08 January 2017 06:14 PM

කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමල වරායන් තිබියදී මේ කුඩා රටට අවශ්‍ය නැති හම්බන්තොට වරාය හදන්න පටන්ගන්නාවිට මෙයාලා උද්ඝෝෂණ නොකර හිටියා නේද (නි)

:       0       0

සමන් Monday, 09 January 2017 09:45 AM

වරාය සහ අනිත් ඒවා කාට දුන්නත් 50/50 දෙන්න ඕනෑ. අනික පළමුව අවුරුදු 10 කට දීලා බලන්න ඕනෑ. මේක තේරුම් නොගැනිම රටේ අවාසනාවක්. (බ)

:       0       0

සම්පත් Monday, 09 January 2017 10:02 AM

අනේ මන්දා මේ කතාවෙන්ම පේනවා තියන නුවනක්කරකම. (ර)

:       0       0

රුචිර Sunday, 08 January 2017 07:11 PM

එතකොට රටේ ජනාධිපති මේ දෙන්නගෙන් කව්ද? අපි මේ නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

ලලිත් Sunday, 08 January 2017 07:12 PM

රටට අබ සරණයි! (නි)

:       0       0

රන්ජිත් Sunday, 08 January 2017 07:38 PM

අනේ අපිටත් දෙන්නකෝ! (නි)

:       0       0

සනත් ගුනවරදන ස්විස් Monday, 09 January 2017 10:39 AM

රටක් දියුණු කරන්න කර්මාන්ත ශාලා ඉදි කරන්න ඕනේ, මේවාට විරුද්ධ වන්නේ රටට ආදරයක් තියෙන කොටසක් නෙවේ , හැමදාම උද්ගෝෂණ වලින් ස්ට්‍රයික් වලින් තම පැවැත්ම ගෙනියන බංකොලොත් දේශපාලුවන් පමණය. (ර)

:       0       0

චාරක Sunday, 08 January 2017 07:38 PM

මොකටද රට කාපු හොර නඩ වලට බයවෙන්නේ? රටේ ආර්ථිකය නඟාසිටුවීමට නම් රටේ සියලුම නගරවල මෙවන් ආයෝජනයන් ඇතිකළ යුතුයි. එමනිසා මෙය හම්බන්තොටින්ම අරඹන්න (නි)

:       0       0

වික්ටර් Sunday, 08 January 2017 07:45 PM

ඒ කියන්නේ ලබන මැතිවරණයේදී ආණ්ඩුව හෙල්ලෙනවා කියන එකද? (නි)

:       0       0

චාමර Sunday, 08 January 2017 07:44 PM

පරාදවුණ හොරු ටික දන්නවා මෙමගින් රට දියුණු වුණොත් අායෙත් ඔවුන්ට බලයට එන්න නොහැකි වෙනවා කියා. ඔය වර්ජන අස්සේ රිංගන භික්ෂුන්ට මොන අයිතියක්ද තිබෙන්නේ ව්‍යාපාරික කටයුතු වලට අත දමන්න? (නි)

:       0       0

සෑම් Sunday, 08 January 2017 08:09 PM

ඔය අන්තිම වාක්‍යයෙන් කියැවෙන්නේ මේ ආණ්ඩුව ඊළඟ ඡන්දෙන් පරදිනවා කියන එකද? (නි)

:       0       0

නීල් Sunday, 08 January 2017 08:10 PM

ප්‍රදීප් මහත්මයා, බලය අතට ලැබුනාට මෙතුමා පාවිච්චි කරන්නේ නැහැ වගෙයි. (නි)

:       0       0

ජනක Sunday, 08 January 2017 08:43 PM

ප්‍රදීප් කියන එක හරි තමා. එ්ත් ඇත්ත නම් ජනාධිපතිට බලයක් නැහැ වගේ නේද? මේ වගේ දේවල් රටේ නායකයා කියනකොට ටිකක් හිතලා බලන්න තිබුනා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1191 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2136 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 940 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9201 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3358 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site