සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා සිය කොළඹ වොක්ෂෝල් වීදීයේ පිහිටි අමාත්‍යංශයේදී අද වැඩ භාර ගත්තේය.
නැකතට රාජකාරී ලිපියකට තම අත්සන යොදා නියෝජ්‍ය අමාත්‍යවරයා රාජකාරී කටයුතු ඇරැඹුවේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේය.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සිවිල් දේශපාලකයින් මෙන්ම හේමාල් ගුණසේකර මහතාගේ බිරිය නාලනී ගුණසේකර මව දයා ගුණසේකර ඇතුළු පවුලේ සමිපතයින් ඔහුට සුභ පැතූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර කඹුරුපිටිය ප්‍රධාන සංවිධායකවරයා ලෙසද හේමාල් ගුණසේකර මහතා කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා යන මාවතේ මල් වැසි වසේවා ! ජය පැන් දොරේ ගලත්වා !! (ස)
ගොඩක් හොඳ මහත්මයෙක් මිනිස්සුන්ට ගොඩක් උදව් කර තියෙනවා. සුබ පැතුම් !!!
ඔබට උණුසුම් සුබ පැතුම්. මෙය කලින් වෙන්න තිබුන දෙයක් වගේම, වැලිගම ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කීරීමට වාසනාව ලැබේවා !! රොහාන් සහ ලලන නවසීලන්තය (ස)
සිවිල් දේශපාලකයින් කියන්නේ කවුද කියලා තරහ නැතුව මට කියනවද රොමේෂ්? (නි)
අපි නම් දැන් හිත හදාගෙන තියෙන්නේ. (නි)
අපි දරුවන්ට යමක් කන්න දෙන්න උදේ හතරට නැගිටලා හවස හත වෙනකන් වැඩකරනවා. හම්බවෙන්නේ රුපියල් අට සියයයි. මොවුන්ට රජමගුල්. ඔහොම යමුකෝ. (නි)
ඇත්ටම මේවා බලන අපට හිනා යනවා.මොකද මේවල පවු ගෙවන් වෙනේ අපට.
ස්ථිරත්වයක් නැද්ද ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ (දී)
රටට හොදක් නම් අපිට මොකෝ මෙයා
හදවතින්ම සුබ පතමි. ඔබට ජයෙන් ජයම වේවා! වලානේ අපි සැමදා ඔබ සමගිනි (නි) හදවතින්ම සුබපතමි ඔබ තුමාට ජයෙන් ජයම වේවා weligama අපි ඔබ සමගිනි
මහත්මා ගුණධර්ම තිබෙන හොද අමාත්‍යතුමෙක්. ඔබතුමාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා! අපේ ගමේ අය ඔබතුමා සමගයි.. (නි)
ලංකාවේ අමාත්‍ය මණ්ඩලයේ ස්ථිරත්වයක් මෙන්ම විශාලත්වයේද වෙනසක් නැත. (නි)
ලක්මවගේ දිරි ඇති මැතිඳුන්ට ඉදිරියටම යන්නට ජය ලැබේවා!!!! (නි)