කොළඹ මල් පාරේ අගමැති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටින භික්ෂූන් අතුරින් සිහල රාවයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමන දයාරත්න හිමියන් ඇතුළු භික්ෂූන් කිහිප නමක් අද සවස 3.15 ට පමණ අගමැති කාර්යාලයට බලෙන් අතුළු වීමට තැත් කළද පොලීසිය ඊට ඉඩ දුන්නේ නැත.අගමැතිවරයා කාර්යාලයයේ සිට වරින් වර මහා සංඝරත්නය වෙත පණිවිඩ එවු නමුත් තමන් අපේක්ෂා කරන සමාව ගැනීම් ඒවායේ සදහන් නොවන නිසා එම පණිවිඩ ප්‍රතික්ෂේප කරන බව සිංහල රාවය කියයි.
ඕමල්පේ සෝභිත හෙළ උරුමයේ නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නයට දි මු ජයරත්න අගමැති කළැයි කියන අපහාසය ට සමාව ගන්නා තුරු අගමැති කාර්යාලය අවට රැදී සිටින බව කියති.
ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ගැන මට නම් කනගාටුයි (දී)
හාමුදුරුවන්ගේ දොස් දකින සැමටයි මේ . චීවරදරියෝ කියන අය නිසා තමයි මේ රටේ සිංහල කම රැකුණේ. (නදී)
චන්දන, එහෙනම් ඔබ ගිහින් රට බේරගන්න. එතකොට සංඝරත්නය බුදු දහමට අනුව කටයුතු කරාවි. (නදී)
හොඳ අරමුණක් වෙනුවෙන් කරන්න යන වැඩකදී පවක් සිද්ධ උනත් ඒ පව බාර ගන්න ඒ ක්‍රියාව කල තැනැත්තා සුදානම් නම් ඒ ගැන අනික් අය කළබල විය යුතු නැහැ. දුටු ගැමුණු රජතුමා එදා එළාරට විරුද්ධව සටන් නොකළේ නම් ලංකාවේ නම " ඉලංකයි". සිංහල බෞද්ධ ජන අනුපාතය 1,0%(මෙය ජාතිවාදී අරමුණකින් තොරව ලියු බව කරුණාවෙන් සලකන්න). (නදී)
නාටකයේ අවසානය මෙසේ විය හැක. අගමැති තුමා සහ එතුමාගේ පිරිස ගෙදර යති. චමල් රාජපක්ෂ කතානායක තුමා අගමැති වෙති. විපක්ෂ සංවිදායක ජෝන් අමරතුංග මහතා කතානායක වෙති. (නදී)
මේ හිමිවරු රට ජාතිය වෙනුවෙන් කල මේ මෙහෙය අපි අගය කරනවා (දී)
ප්‍රශ්නය විසදුනාද ඉතින් (දී)
වරදක් බව දැන දැනත් මොකටද එහෙම කරන්න ගියේ (දී)
දේශපාලන මත වල ඉදගෙන තීරණ ගන්න යන්න එපා රට අස්ථාවර වෙනවා (දී)
අගමැති තුමා අනේ ඔබට ඇති හිතවත් කම නිසා කියන්නේ ඉල්ලා අස් වෙන්න (දී)
මතක තියා ගන්න මේවා හා නාට්‍ය අතර කිසි වෙනසක් නැති බව (දී)
මේවා විකාර කියලා තමයි මම නම් හදුන්වන්නේ (දී)
අනේ හාමුදුරුවනේ ඔබවහන්සේලාගේ මෙවන් වැඩ වලින් පාරේ බැහැලා යන්න බැරි බෞද්ධ අපිට (දී)
ලෝක මිනිස්සු බලන් ඉන්නේ අපෙන් වරදක් වෙනකල් (දී)
වජිර මෝඩ කත කියන්න එපා. ඕක පිටපස වෙන මොකක් වත් නැහැ ඉන්නේ අගමැති විතරයි.(නදී)
අනේ අපොයි හාමුදුරුවන්ට මෙච්චර හයියක් දුන්නේ කවුද (දී)
අගමැති අයින් කරන ඕන.ඒ අයගෙන් වැඩක් වන නැහැ.(අ)
හාමුදුරුවනේ සන්සුන් වෙන්න... සන්සුන් වෙන්න... (දී)
ඒ හාමුදුරුරුන්ගේ මතයට මතයට මමත් එකඟයි, අගමැති වහාම ඉල්ලා අස් වෙන්න ඕනේ (දී)
රහත් වී නොමැති වීම නිසා කේන්ති යන බව ඇත්ත නමුත් හිමි නමක් උනාම මිට වඩා සන්සුන්ව වැඩ කරන්න ඕනේ (දී)
හොදටම දන්නවනේ පොලිසියෙන් ගුටි කන්න වෙනවා කියලා (දී)
ඔබවහසේලා ට සිවුපසින් සලකන ගිහි අපි තණකොළ කනවා කියලද ඔබවහන්සේලා හිතාගෙන ඉන්නේ . තරහ අවසර අගමැති නියෝජනය කරන්නේ රජය , අගමැති පත්කරන්නේ ජනාධිපති අගමැති ප්‍රකාශකරන්නේ රජයේ මතය එහෙම නම් ඇයි රජයට හෝ ජනධිපතිට මෙම වගකීම් නොපවරන්නේ . රහස එතන (දී)
මේ හාමුදුරුන්ට මෙවන් දේවල් කරන්න අනු බල දුන්නේ කවුද (දී)
මේ මෑතක ඉදන් තමයි මෙවන් තත්වයක් උද්ගත වෙලා තියෙන්නේ, ඉස්සර තිබ්බේ නැහැ (දී)
ඔබවහන්සේලාට රටේ මොනතරන් දහමට කරන්න වැඩ තියනවද මොනවද ඔය කරන්නේ (දී)
දැන් කට්ටියම අගමැති නිල නිවාසය දෙස බලා ඉන්න.(නදී)
කුඩු ගහන්න ඇබ්බැහි උන කෙනෙකුගේ පවුලක කෙනෙක් කුඩුවල තියෙන සනීපය හොඳහැටි දන්නවා,එහෙම කෙනෙකුට අහු උනොත් (අ).
බුද්ධ ශාෂණ අමාත්‍යංශය වහා ජනාධිපති තුමාගේ යටතට ගෙන ධර්මනුකුලව කටයුතු නොකරන චීවරයට නොගැලපෙන ලෙස කටයුතු කරන සංඝයා වහන්සේලා ගැන විනායාකුල පියවරක් ගත යුතුයි. ශාසනය රැකගැනීම රජ්‍ය නායකයෙකුගේ යුතුකමකි.(නදී)
රටේ සියල්ලන්ගේම වගකීම නැවත 17 වන සංසෝදනය ක්‍රියාත්මක කිරීමට 18 වෙනි සංසෝදනය ඉවත් කිරීමයි. එවිට සියලු කොමිෂන් ක්‍රියාත්මක වනු ඇත. අන්න එදාට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර වාදී සමාජවාදී ජනරජයක වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ක්‍රියාත්මක වනු ඇත. (දී)
අපේ අගමැතිට මොනවා හිතනවා ඇතිද මේ කට්ටිය ගැන? (නදී)
දැන් දැන් බලාගෙන යනකොට කුණු ටික ටික ටිකෙන් ටික එකතු වෙනවා. ඊට පස්සේ මේවා පිළුණු වෙන්න ගන්නවා. එතකොට ඉතින් ගඳ ගහන්ඩ පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ.(නදී)
කිසිම ආගමික නායකයෙකුට අපහාස කිරීම හරි නැත. කුඩු ගෙන්වීම ජාතියට කරපු ද්‍රෝහී කමකි. මම මහා සංඝරත්නය සමගයි.(නදී)
අගමැතිට බනින කාටවත් මෙතන යටින් යන මාස්ටර් ප්ලෑන් එක පේන්නේ නැද්ද? නැත්නම් පේන්නේ නෑ වගේ ඉන්නවද? (මම කියන්නේ එතුමා සංඝ රත්නය ගැන කියපු දේවල් වැරදියි තමයි. හැබැයි කුඩු කන්ටේනර් නාටකයේ පිටපත මොකද්ද කියල හිතාගන්න බැරිද? (නදී)
මට නම් පේන්නේ දැන් ටික ටික චොර වේගෙන යනවා. ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බැහැ, මිනිස්සුන්ටත් ජීවත්වෙන්නත් ගොඩක් අමාරුයි. (නදී)
දේශපාලනය කිරීම බුදුන්ගේ දහමට විරුද්ධයි. කව්රු හරි සිව්ර ඇදගෙන දේශපාලනය කරනවා නම් ඔහු චීවර ධාරියෙක් තමයි.(නදී)
මේ කරන්නේ වෛරය වැපිරීමකි.කළ යුත්තේ බොරු අරගල නොව නීතිය හරි හැටි ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීමය.නීතිය දුබල නම් එය ගැතිකම් කරයි නම් ඊට එරෙහිව පෙළ ගැසිය යුතුයිඒ වෙනුවෙන් අරගල කරන්නට කොන්දක් තිබිය යුතුයි (දිල්)
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති අධිකරණය හමුවට පමුණුවන්න හැකියි, ඇයි නිතිය හමුවට පමුණුවන්නේ නැත්තේ (දී)
ගිහියන් වුවත් , තිස්ස අබේසේකර ,සතිස්චන්ද්‍ර එදිරිසිංහ ,වැනි ප්‍රවීන රංගන ශිල්පීන්ගේ මුහුණුවල මෙන්ම, හැසිරීමේ මීට වඩා ශාන්ත,කාරුණික,තැන්පත්,ශීලවන්ත ,උපේක්ෂා සහගත ,විනයානුකූල ස්වරුපයක් අපි දුටුවා.(දිල්)
එහෙම බලෙන් හම්බ වෙන්න හදන එක සදාචාර විරෝධී නේද (දී)
මම පොදුවේ කියන්නේ, ආගමික නායකයන් දේශපාලකයන්ගේ අතකොලු වෙලා. සමහරු ව්‍යාපාරිකයෝ වෙලා, තවත් සමහරු යන්තර, මන්තර, ගුරුකම් කරනවා. මගේ රටට දෙයියන්ගේම පිහිටයි.(දිල්)
යමක් වැපිරුවද එයට අනුව අස්වැන්න ලැබෙන්නසේ තමා කල නොකළ දෑ යනකොට තමාම ගෙනයාවි.(දිල්)
ඒ පොලිස් නිලධාරීන් කලේ ඒගොල්ලන්ගේ රාජකාරිය, ඒ කට්ටියට වරදක් කියන්න කාටවත් බැහැ (දී)
අගමැති වහාම ඉල්ලා අස් විය යුතුයි (දී)
රට තුල නීතියක් තියෙද්දී ඒ නීති උල්ලංගනය වෙන විදිහට වැඩ කරන එක නම් වැරදියි හාමුදුරුවනේ (දී)
අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තිබුනා කියලා කිසිවෙකුටත් අපහාස වෙන විදිහට කතා කරන්න බැහැ, භාෂණයේ පුර්ණ අයිතිය තියෙන්නේ පාර්ලිමේන්තුවේ විතරයි.
යම් භික්ක්ෂුවකට අගමැති අපහාස කලානම්, එය විරුද්ධව නීතියෙන් ක්‍රියා නොකොට කරන නාඩගම් මොනවාද? නීතියක් තියෙන්නේ එකට නේද? අගමැති සමාව ගන්න, අපහාස වූ භික්ෂුව ලගට එන්න ඕන නේද? භික්ෂුන් අගමැති හොයාගෙන ගියේ, එය බලෙන් ගන්නද? (දී)
හාමුදුරුරු හරි, බුදු දහමට නිගා වෙන ලෙස වැඩ කරන්න කතා කරන්න කාටවත් ඉඩක් නැහැ මේ රටේ (දී)
සමන්ත, දැන් ලෝකයම ඉදිරිපිට බුදු දහමට නිගා කරන්නේ කවුද කියල මේ පින්තූර බැලුවම පෙනෙන්නේ නැද්ද? (නදී)
කුඩු එතනෝල් ගංජා හලාල් ගැන ආණ්ඩුව නිතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් හාමුදුරුවරුන්ට මෙහෙම එන්න වෙන්නේ නැහැ.(නදී)
පළමු ඡායාරූපයේ ඉන්න රාළහාමි හරි සැරයි නොද?(දිල්)
හේමන්ත මොඩයෙක් වගේ කියවන්නෙ මේ රටේ නීතියක් තියෙනවද? (නදී)
අපේ රටේ බුදුදහම දිනෙන් දින පිරිහෙනවාද? කණගාටුයි (දිල්)
අංජන මම දැන ගෙන හිටියේ නැහැනේ කුඩු, ගංජා වගේම හලාලුත් මත් ද්‍රව්‍යක් කියලා.(නදී)
බලන්න ලසන්ත මැරිලා වසර 5 ක් වෙලා. අද වෙනකම් මරපු මිනිස්‌සු හොයාගන්න බැරි උන පොඩි රටක්. හාමුදුරුවරු බලකරන්න ඕනේ නේද නීතිය ක්‍රියාත්මක කරන්න. ඔය හාමදුරුවෝ නේද ඒ වෙලාවේ ආණ්ඩුව පත්කර ගත්තේ. මේක තමයි රට ගිය අත.(නදී)
අනේ හාමුදුරුවනේ ඔය කුඩු කන්ටේනරය ගෙන්වපු කෙනාගේ මන්දිරේ ඉස්සරහට ගිහින් ඔය උපවාසය කරන්න. එතකොට අපි කියන්නම් ඔබ වහන්සේලා රටට ආදරෙයි කියලා. දැන් නම් ඔය කරන්නේ කුඩු ගෙන්වපු කෙනාගේ නාට්‍යයේ නළුවන් වීම පමණයි.(නදී)
අගමැතිතුමනි, වරදක් කර ඇත්නම් සමාව ගෙන මේ හෙරොයින් ජාවාරම පිටුපස සිටින අය හෙලිකරන්න.(නදී)