
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාව හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා වෙමින් සපයන ආරක්ෂාව වෙනුවෙන් නෞකාවලින් ගාස්තුවක් අය කිරීමට සිදුවනු ඇති බව ෆොක්ස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකින් එක් වෙමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.
ඉරානයේ වරායන් වෙත පැමිණෙන නෞකා අවහිර කිරීම සඳහා නැවතත් යුද නෞකා යොදා ගනිමින් බාධකයක් පනවන බවද ඔහු පැවැසුවේය.
ඇමෙරිකාව තෙවැනි දිනටත් ඊයේ (13) ඉරානයේ වරාය නගර වෙත ප්‍රහාර එල්ල කළ අතර ඊට පිළිතුරු ලෙස ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය බහරේනය, කුවේටය, ඕමානය සහ ජෝර්දානය යන රටවල පිහිටි ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබිණි.
බාධකය අද රාත්‍රී 8ට ක්‍රියාත්මක වනු ඇති බවත් ඒ සමග නැවත වරක් ඉරානයේ පාරිභෝගිකයන්ට එරට වරායන් වෙත පැමිණීමට නොහැකි වනු ඇති බවත් ඔහු පැවැසුවේය. මෙතැන් සිට ඇමෙරිකාව "හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂකයා" ලෙස හැඳින්වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, සාධාරණත්වය පදනම් කරගනිමින්, ලෝකයේ ඉතා අස්ථාවර මෙම කලාපය තුළ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව තහවුරු කිරීමේ කාර්යය සඳහා දැරීමට සිදුවන සියලුම වියදම් වෙනුවෙන් ආරක්ෂාව සපයන නෞකාවේ භාණ්ඩ වටිනාකමින් සියයට 20ක් ඇමෙරිකානු හමුදාව අයකරනු ඇති බවද ඔහු සඳහන් කළේය.
වහාම එම ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බවද ඔහු පැවැසුවේය. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් ගාස්තුවක් අය කිරීමේ යෝජනාවට සිය සංවිධානය දැඩිව විරුද්ධ වන බවයි. එයට නීතිමය පදනමක්ද නොමැති බවද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක සාමයට ආගමික රාජ්‍යයන් තම රටවල පාලනය සිවිල්, secular අයට වහාම පැවරිය යුතුයි. උතුරු කොරියාව වැනි පවුල් පාලන ඉවත්විය යුතුයි. රජ පවුල් එංගලන්තයේ මෙන් බලය පාර්ලිමේන්තුවට පැවරිය යුතුයි. ඊට පස්සේ මීට වඩා ලෝකය සාමකාමී වෙයි.
ට්‍රම්ප්ට. වැඩිය ලොකු මුදලක් අපිට ගෙවන්න වෙනවා ලන්කාවට බඩු එවන්න නැවට දානකොට. ඒජන්ට් බිල දාන්නෙ හරියට හොමුස් එක ලග එයා හිටන් ඉන්න විදියට නැව පාස් වෙනකම්. අතර මැදියන්ට හොද බිස්නස් එක. ට්‍රම්ප් එහෙම කරන එක සාදාරනයි. ජීවිතයත් මරනයත් අතර සටන් කරමින් ඇමරිකන්හමුදාවවැඩ කරන්නෙ. මේ නැව් අයිතිකරුවන් හිගන්නො. නෙමේ. නැව් වලට ආරක්ක්ශාව ඕන මේ වේලාවෙ. නැත්නම් සික් මොලෙ උන කාරයො නැව්වකට බෝම්බ දානවා. ලෝකෙම තියෙන රටවල් තමන්ගෙ මුහුදු සීමාව පසු කරමින් යන නැව් වලට. කප්පම් ගත්තොත්. හැමදේම තමන්ගෙ රටේ නිපදවනවා බඩ පිරෙන්න කන්න පුලුවන් බඩුත් ලාබයි. නමුත්. අපේ රටේ නම් විපක්ශයේ ඉන්න. උගත් මැටි මෝලුන් කැමති නැහැ මෙහෙම ගියොත් බඩු නැව් නැතිව සන්චාරක නැව් පමනක් යයි. සියලුම ඒජන්ට් වරු. හොදට මුදල් ගසාගන කයි අපෙන්. මිට ඉස්සර ගසන් කෑවෙ නැවට බඩු දානකොට. කිඩිම ප්රශ්න්ස්යක් නැති වේලැවෙ. කුඩු මුදලාලිට පාඩුවක් නැහැ. තේ හැන්දක තරම් මුදලක්වත් ගෙවන්නෙ නැති නිසා
ට්‍රම්ප් කියන්නේ මුළු ලෝකයටම සාපයක්.
"ජාත්‍යන්තර සමූද්‍රීය සංවිධානය ", කියන මෙම කථා පෙට්ටිය දැන් අවදි වෙලා කයියක් ගහන්නේ මොකද ? පහුගිය දවස්වල ත්‍රස්තවාදී ඉරාන ආගමික සන්නද්ධ හමුදාව, හොමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කල නෞකා වලින් ඩොලර් මිලියන් ගනන් ගාස්තු අය කලෙ උන්ගේ සංවිධාන වලට අවිආයුධ මිලදී ගැනීම සදහාය. නමුත් දැන් එම තත්ත්වය කනපිට හැරිලා. දැන්ඇමරිකාව නෞකා ගාස්තු අයකිරීම මගින් යොජනා කරන්නේ හොමූස් හරහා යාත්‍රා කරන නැව් වලට ඉරාන ආගමික ත්රස්තවාදීන්ගෙන් පැමිණිය හැකි ප්‍රහාර වලින් එම නෞකා ආරක්ෂා කර දීමයි. "ජාත්‍යන්තර සමූද්‍රීය සංවිධානයේ" මොළයක් ඇති අයට වෙනස පැහැදිලි උනොත් හොදයි !!!
පාසල්යන අහිංසක කුඩා ගැහැණු දරුවන් සමුහදුෂණයකට ලක්කොට මරපු මිනීමරු යුදෙව් එප්ස්ටීං කණ්ඩායමේ මිනීමරුවෙක් හිරේ යන්න බයේ ..කෙලින පිස්සුවක් මේ. පිස්සා දොඩවන මේ කිසිවක් සැබෑ නොවනබව බුද්ධිමත් ජනතාව වටහාගෙන අවසන්...
හෝමුස් සමුද්‍ර සන්ධියට කොහොම හරි ඔලුව දාලා ගණන් කපා ගන්නයි ඩොනල්ඩ් මහත්තයාගේ කුරුමානම