බේරුවල කළුවාමෝදර ගගේ මල්ලබොක්ක පාලම යටින් පසුගිය අගෝස්තු 14 දා සොයාගත් කිඹුල් බිත්තර 32 න් දැනට කිඹුල් පැටවුන් 18 දෙනකු උපත ලබා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. ගැට කිඹුල් විශේෂයට අයත් මේ පැටවුන් උපත ලබා ඇත්තේ ගාල්ල හියාරේ ජෛව විවිධත්ව කේන්ද්‍රයේ පිහිටි ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පරීක්ෂණාගාරයේ දී ය. ඩයිනෝසර් යුගයේ සිට පැවත එන ගැට කිඹුලා ලොව විශාලතම උරග විශේෂයයි. එවැනි සත්ත්ව විශේෂයක් මෙරට විද්‍යාගාරයකදී උපත ලද ප්‍රථම අවස්ථාව ද මෙයයි.
කිඹුලියක් සාමාන්‍ය පරිසරයේ දී සාදන කූඩුවකට සමානව ගිරා පලා, බෙරු තණ, කැරම් කොකු වැනි ශාකවල අමු කොටස් යොදා කූඩුවක් තැනූ වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයෝ කිඹුලියක් එවැනි කූඩුවකට වතුර යොදමින් උෂ්ණත්වය ආරක්ෂා කරන ආකාරයෙන් ම බිත්තර වලට සුදුසු උෂ්ණත්වයක් ලබා දෙමින් බිත්තර මෝරා වැඩෙන්නට ඉඩ සැලසූහ.
දැන් බිත්තර වලින් පැටවු 18 දෙනකු බිහිවී සිටිති. බිත්තර හතරක් නරක් වී ඇති බවත් තවත් 10 න් තවමත් පැටවුන් බිහිනොවූ බවත් වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා පවසයි.
උපත ලැබූ පැටවුන්ගේ සාමාන්‍ය බර ග්‍රෑම් 65කි. දිග සෙන්ටිමීටර 26කි.
මධුර ද සිල්වා මහතා මෙසේ පවසයි.
'' හික්කඩුව වනජීවී කාර්යාලයේ මග පෙන්වීම හා උපදෙස් මත මේ බිත්තර ආරක්ෂා කළා. දැන් එහි සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. අපි කලින් ගැට කිඹුලන්ගේ කූඩු පිළිබ
ද අධ්‍යයනයක් කැර තිබූ නිසා ඒ ඒ අවස්ථාවලදී ලබාගත් දත්ත හා තොරතුරු ඉතාමත් වැදගත් වුණා. මේ පැටවුන් සුදුසු ස්වභාවික පරිසරයකට මුදා හැරීමට දැන් හිකියාව තිබෙනවා. "
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මධුර ද සිල්වා, සිසිර දර්ශන, රොහාන් පඩියප්පෙරුම, සම්පත් උඩුගම්පොළ ප්‍රමුඛ සාමාජිකයෝ දිවා රෑ නොබලා මේ කාර්යය සාර්ථක කැර ගැනීමට වෙහෙසුනහ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හික්කඩුව උද්‍යානයේ අඩවි වන පාලක අසංග ගුණවර්ධන මහතා පවසන්නේ ඉතාමත් නුදුරු දිනයක මේ කිඹුල් පැටවුන් මිනිසුන් නොමැති සුදුසු ස්ථානයකට මුදා හැරීමට කටයුතු කරන බවයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ වගේ කිඹුල් උද්‍යානයක් ඇති කළොත් කිඹුලන් වගේම මිනිසුනුත් ආරාක්ෂා වෙනවා. බෝවීම පාලනය කරන්නත් පුළුවන්..(නදී)
ප්‍රශ්නයක් තිබෙනවා, ඔය කිඹුලන් එළියට ඇවිල්ලා පළමුව කන්නේ බිත්තර කට්ට.එතකොට ඔය කට්ටේ තිබෙන 'පැටිග්නම්' විස වෙන්න පුළුවන් නේද? (නි)
මිනිස්සු නැති දෙසකට මුදාහරිනවා කියන්නේ මිනිස්සුන්ගෙන් උන්ට හානිවෙන නිසා වෙන්න ඇති.නැත්නම් මිනිස්සු නැති දෙසකට ගිහිල්ලා දැම්මත් උන් ආයේ හරක් , බල්ලෝ, බළල්ලු කන්න ගං ඉවුරවල් වලට එනවනේ. හොදම දේ සත්ත්ව හුවමාරුව (නි)
හොදම දේ සත්ත්ව හුවමාරුවෙන් කිඹුලන්ව දීලා කොටි පැටව් ගෙනල්ලා කැලෑ වලට දාන එකයි, නිධන් හාරන අයයි, ගස්කපන අයයි කොටියම කාපිය කියලා (නි)
මාත් හිතනවා රටේ ඉන්නා කිඹුල්ලු ගණන වැඩියි කියලා. (මං කිව්වේ ඇත්ත කිඹුල්ලු ගැනයි). ඒ නිසා ටිකිරි කියනවා වගේ වෙනත් රටවල් සමග හුවමාරු කර ගැනීම තමයි සුදුසුම දේ. ඉබ්බෝ එහෙම දැන් දකින්නවත් නැති නිසා ඉබ්බො වුණත් කමක් නැහැ. හැබැයි වෙල් යායවලට මුදා හරින්න නම් එපා. (නි)
මේ වගේ සත්තු පිළිබඳව සොයා බලන්න ඇමති කෙනෙක් සහ උප ඇමති කෙනෙක් පත් කළා නම් හොඳයි කියලා මම යෝජනා කරමි! (නි)
ටිකිරිගේ අදහසට මමත් එකග වෙමි.(නදී)
නිල්වලා, සියලු සතුන්ට ජීවත් වීමේ අයිකිය ඇකි බව දන්නේ නැද්ද? (නදී)
ගොඩක් කට්ටිය මට විරුද්දව කතා කරලා, අලි ටිකට මොකද වෙන්නේ? ලංකාවේ සමනලයන්, කුරුල්ලන්ට මොකද වෙන්නේ, ඒ ගැන කතා කලාද එකෙක්, ආරක්ෂා කරන්න මොනවද අරන් තියෙන පියවරවල්, මේ වගේ සත්තුද (කිබුලෝ, පිම්බුරෝ) ඇති කරන්න ඕනේ, අයිතිය තියෙනවනම් ඇති කරපල්ලා, අද දිවයින පත්තරේ බලන්න හොඳ උදා හරනෙට, මේ වගේම තමයි රටේ දේශපාලනේටත් මිනිස්සු හිතන විදිය, හොඳ/හරි දේට තර්ජනයක් තියෙනවනම් ඒ දේ නැති කිරීම පවක් නෙමෙයි මොඩයිනේ.(නදී)
කලන මහාචාර්ය තුමා , එතුමාගේ අවසාන දේසනය [අවසාන එකද දන්නේ නැහැ.] පැවත් වුවා මේ කිබුල් මාතෘකාව උඩ. කාට හරි ප්‍රශ්න අහන්න තියෙනවානම් මේ එයට අවස්ථාවයි.(නදී)
ඔය සත්තු ජීවත් කරන්න දරන උත්සාහය,කාලය,ශ්‍රමය,මුදල්,අවධානය අපි රටේ දවස ගානේ මැරෙන දරුවෝ වෙනුවෙනුත් යෙදුවා නම් කොච්චර හොඳද? (නි)
චමින්ද, ඔවු ප්‍රශ්නයක් තියෙනවා.උන්නැහේ කියනවා වගේ අලියෙක් විතර ලොකු නැති සත්තු මරල දැම්මට කමක් නැද්ද? මිනිස්සුත් අලින්ට වඩා පුන්චියිනේ. මට බයේ බෑ. (w)
කලන, හොදට මතක තියාගන්න අපිට වඩා සියලුම සතුන්ට මේ මිහිමත ජීවත් වීමට අයිතිය තියනවා ඔවුන් අපිට වඩා ගොඩක් කාලෙකට ඉස්සර තමයි මේ මිහිමත ජීවත් වෙන්න පටන්ගත්තේ. අපි අද ඔවුන්ගේ වාස භූමියට ඇතුළු වෙලා ඔවුන්ව නොසලකාහරිමින් ඔවුන්ව විනාස කරමින් අපේ වැඩ පෙන්නනවා. මතක තියාගන්න දවසක අපි ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය නැතිකර අපිත් නැතිවෙනවා. ඔයා වගේ අයගේ ඔය ආකල්ප ඉක්මනින් වෙනස්කරගෙන යථාර්තය අවබෝධ කරගෙන අපි සියලුදෙනාටම ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති එකම දන්නා ග්‍රහලෝකය ආරක්ෂා කරගැනීමට අපිකටයුතු කලයුතුයි..(අ)
ටිකිරි ඔබේ අදහස අගය කළ යුතුය.(නදී)
දරුවනේ පරිසරයට ආදරේ කරන්න. අපිට පරිසරය අයිති නැහැ. අපි පරිසරයේ කොටසක් පමණි. සතුන්ට ගහ කොලයට මිනිසුන්ට මේ බිමට ආදරය කරන්න, ඔබට ජීවත් වෙන්න සුදුසු පරිසරය ලැබෙනවා.(නදී)
කලන කියන්නේ මිනිස්සු විතරක් ජීවත් උනහම ඇති කියලද?(නදී)
මට අහුවුනොත් නම් කනවා කිඹුල් බනිස්.(නදී)
කාගෙ උනත් ජීවිතයක්නෙ. (ස)
පරිසරය ගැන කිසිම දැනීමක් නොමැතිව අදහස් පළකිරීම සාධාරන නැහැ. පාසලකට ගියා නම් අඩුම තරමේ අාහාරදාම ආහාර ජාල ගැනවත් ඉගෙන ගෙන ඇති. මිනිසා යනු පරිසරයේ කොටසක් පමණි. (නි)
සියලු සතුන් ජීවත්විය යුතුයි. මිනිසා දැනගත යුතුයි පරිසර සමතුලිතතාවය රැක ගන්න. වැඩිපුර කිඹුලන්ව ගොවිපලක දමා සමට සහ මසට පාවිච්චි කළ හැකියි. (නි)
අසරණ මිනිසුන්ගේ ජීවිත නැති කරන මේ සතුන් මෙහෙම ආරක්ෂා කළ යුතුද? (නි)
මේවා අපිට සම්පතක් නොවේ ඔය විදියට ආරක්ෂා කරන්න. ආරක්ෂා කරන්න ඕනෑ දේවල් ආරක්ෂා කරන්නේ නැහැනේ. අරෙහෙ අලි ටික නැති වෙනවා, එය සම්බන්ධයෙන් කිසිම පියවරක් නැහැ (නි)
අපි කැමති හෝ අකමැති වුවත් ,සියලු සත්වයන්ට මේ ලෝකයේ ජීවත්වීමේ අයිතියක් තිබිය යුතුයි (නි)
ස්වභාව ධර්මයේ කටයුතු වලට මිනිසා මැදිහත් නොවියයුතුයි . මොකද මෙවැනි මාංශ භක්ෂක සතුන්ගේ පැටවුන් කුඩා කලදී මිනිසා විසින් ආරක්ෂා කළහොත් ඔවුන්ගේ ගහනය ස්වභාවිකව පාලනය සිදුනොවී අසීමිතව වැඩිවිය හැකිය . එවිට ස්වභාව ධර්මයේ සමතුලිත තාවය බිදී ගොස් නොයෙකුත් සංකීර්ණ ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත . හොඳම දේනම් මොවුන් පරිසරයට මුදා හරින්නේ නැතිව ආරක්ෂිතව ඇති දැඩි කර හැකිනම් වෙනත් රටවල සත්ව උද්‍යානවල සතුන්ට හුවමාරු කිරීමයි .(දිල්)
කලන මොනාද දන්නේ? උන්ටත් ජිවත් වෙන්න අයතිය තියෙනවා. (දිල්)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! මාලදිවයින (දිල්)
මිනිසාට තර්ජනයක් වෙන සත්තු මොනවට බෝ කරනවද? (නි)
කලන, ඔය ඉන්න කිඹුල්ලු අතරේ ඔයත් කිඹුලෙක් වෙලා හිටියා නම් ඔය වගේ කියන එකක් නැහැ. සියලු ජීවීන්ට මිහිපිට සිටීමට සමාන වූ අයිතියක් ඇත (නි)
මුදා හැරලා වැඩක් නැහැ විනාස කරලා දාන්නේ නැතිව. මීට ඉස්සර කිම්බුලෝ පිම්බුරෝ ගැන අහන්න ලැබුනේ නැහැ, දැන් හැමදාම. කීදෙනෙක්ගේ ජීවිත නැති වුණාද. අයි මුන්ව විනාස කරලා දාන්නේ නැත්තෙ. (අ)
කලන, මොන පාසලටද ගියේ? මෝඩ කතා (නි)
කලන, අනේ මේ ලෝකයේ මිනිසුන්ට පමණක් නොවෙයි, සතුන්ටත් ජීවත්වෙන්න අයිතියක් තිබෙනවා (නි)
මේ යන විදියට ස්වභාව ධර්මයේ කටයුතු වලට මිනිසා මැදිහත් විය යුතුය. මන්දයත් මිනිසාගේ ක්‍රියා නිසා ස්වභාව ධර්මයේ කටයුතු වෙනස් වී ඇති නිසාය (නි)
ටිකිරිගේ ටිකිරි මොළේ නම් පංකාදුයි (නි)
සියලු සත්වයෝ නිදුක් වේවා! ඉතිරි බිත්තර ටික අරගෙන තම්බලා කයිද දන්නෙත් නැහැ අපේ කට්ටිය? (නි)
අනේ කිඹුලෝ නම් ඇතිකිරීම හරිම භයානකයි (නි)
මේ සත්තුන්ව විනාශ කරන්න කියන්නේ වැස්සකටවත් පාසලකට ගිය අය නෙමෙයි. (නි)
කලන,ඔයාගේ අදහස් පිළිකුල්සහගතයි. ඕනෑම සතෙකුට ජීවත්වීමේ අයිතිය තිබෙන්න ඕනෑ. ටිකිරි, වනජීවී එකේ අය අපිට වඩා හොදට දන්නවා පරිසරයේ සමතුලිතභාවය ගැන. එයාලගේ පරීක්ෂණය සාර්ථක වීම ගැන අපේ ප්‍රණාමය පුද කරමු. (නි)