අලි-ඇතුන් ලියා පදිංචි කිරීමේ ලේඛනයේ සඳහන් නැති අලි පැටවුන් අට දෙනකු මධ්‍යම පළාතේ රජයට සම්බන්ධ ප්‍රභූන් බාරයේ සිටින බව වනජීවී දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබීමෙන් පසු ඒ ගැන විමර්ශන ආරම්භ කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
පසුගිය දා මාතලේ දී පිටි ලොරියක සඳහා රැගෙන යමින් සිටි අලි පැටවකු සොයා ගැනීමත් සමඟ මේ කරුණු අනාවරණය වූ බව එම ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලේ ඉඳලා දුක් විඳිනවාට වැඩිය යම් කෙනෙකුගේ සාත්තු සප්පායම් මැද අලි පැටියෙකුට ඉන්න ඉඩ ලැබෙනවා නම් පැටියාට සැපතක් නේද? මෙය අදහසක් පමණයි. නීතිරීති තියෙන බව ඇත්ත. දැන් වනාන්තරවල සතුන් ඉඩ මදිකම නිසා ගම් වදිනවා. ඒ සතුන් කවුරුහරි තමන්ගේ වියදමෙන් ආදරයෙන් රැක බලාගන්නවා නම් හොඳයි කියලයි මගේ අදහස. සමහරවිට වැරදි වෙන්න පුළුවන්. වනයේ ඉන්න සතුන්ට ආරක්ෂාව, ආහාරපාන සපයන්න ඉතාමත් අමාරුයි. ටිකක් තේරුම් ගන්න අපහසු දෙයක්. කවුරු හරි පැහැදිලි කිරීමක් කරනවා නම් ඉතාමත් අගය කරමි. (නි)
බලමුකෝ කොච්චර කල්, ඔය ප්‍රභූ තනතුරු දරයිද කියලා.ප්‍රභූ අයට අසනීප වෙනවත් වැඩියි මේ දවස් වල. (අ)
අලි, රත්තරන් වැනි දේවල් අමු අමුවේ හොරකම් කරන මේ අයට 'ප්‍රභූ' යන වචනය නොගැළපෙන බවයි මගේ හැඟීම (නි)
කිසිම මහන්සියක් නැතුව ධනවත් වුණ අයගේ විනෝදාංශය අලි ඇතිකිරීම, කාර් එකතු කිරීම වගේ දේවල් (නි)
ඉසුරන්දි,පළාත් සභාවක කවුද දේශපාලකයෙකුත් ඔය කතාවම කිව්වා. (නි)
හොරු අලිපැටව් තියාගෙන සිටිති (නදී)
උන් හොර අලිනේ ඒ අය හොර නැහැ කට්ටිය පටලවාගෙන (නදී)
අලි පැටවූ ලබාගත්තට තමන්ගේ ඇත්ත තත්ත්වය ලෝකයට වසන්කරන්න බැහැ (නි)
එක පැත්තකින් බලාගෙන ගියාම මේ වෙන අලි සංහාරය නිසා උන්ට සෙතක් සැළසෙනවා මේ කරන වැඩෙන් (නි)
කවුරු මොනවා කිවුවත් කට්ටියම අලියාට කැමතියි. (නි)
ශ්‍රීලාල් මහතාණෙනි, අපි කැලේට ගිහින් අලින්ට මෙහේ ඉන්න කියමුද? (නි)
ශ්‍රීලාල්, ඔබගේ නිහතමානිකම නිසාම ඔබට පිළිතුරක් ලියයුතු යැයි මට සිතුනා. ඔබ හිතන ආකාරයේ සත්ව කරුණාවක් මේ අලි පැටවුන් හංගාගෙන ඉන්න දේශපාලකයින්ට ඇතැයි සිතන්න බැරි, තමන්ට ඡන්දය දුන් මිනිසුන්ගේ දරුවන්ට ආහාර වේලක් හොයාගන්න බැරුව ලතවෙන දෙමව්පියන් පවා අමතක කරන්න මේ අය අකාරුණික වී ඇති නිසයි. අනික ශිෂ්ට යැයි කියාගන්නා මිනිසුන්ට වඩා මේ සත්වයින් තමන්ගේ ලෝකය තුළ සාධාරණව ජීවත්වෙන බව අප පිළිගත යුතුයි. නවීන යන්ත්‍ර තිබෙන යුගයක අලි ඇතුන් ලවා වැඩගන්න තරම් අප අකාරුණික විය යුතු නැහැ. (නි)
සොබාදහම අනුව පරිසරය සියලුම සතුන්ට අයිතියි.බුද්ධිමත් යැයි සිතන බුද්ධියක් නැති මිනිසුන් තණ්හාවෙන් පරිසරය පමණක් නොව සතුන් පවා විනාශ කරනවා. වනයේ සතුන්ට පරිසරයෙන් ලබන දේ අපට දීමට නොහැකිබව සිතන්න.සෑම සතෙකුටම ඇතිවන හැඟීම් මිනිසාට මෙන්ම සමානයි. (නි)
කෙන්යාවෙන්,ඉන්දියාවෙන්,නේපාලයෙන්,මියන්මාරයෙන්,තායිලන්තයෙන් ,චීනයෙන් බද්දෙන් නිදහස් අලි ගෙන්වා දුන්නා නම් අලි ජරමරේ ලංකාවෙන් තුරන්වෙයි. කැමති අය තියාගනීවි,අකමැති අය විකුණාගනීවි. (නි)
එක්තරා වයසකට අඩු අලි පැටව් (කිරිසප්පයන්) පෙරහැරවල ගෙනයාම තහනම් කළයුතුයි. (නි)
අර නැතිවුණ අලි පොත හමුවුණාද? (නි)
මේක අලුතින් පොහොසත් වුණ හීනමානකාරයන්ගේ වැඩක්.දැන් හොරකම් කරලා එක එක මගඩි කරලා සල්ලි ලැබුනාට පස්සේ ඉඩම් ගෙවල් අරගෙන අන්තිමට නමකුත් ගන්න හදනවා.ඊට පස්සේ හාමු මහත්තයා කියන කෑල්ල එකතුකර ගන්නවා. ඒක ඔප්පුවෙන්නද කොහෙද අනේ අර කොහෙවත් ඉන්න අලි පැටවූ අරගෙන ඇවිල්ලා වත්තේ බඳිනවා.උන්ට හරි හැටි කන්නත් නැහැ.බොන්නත් නැහැ.දැන් සමහරු පරණ ගරා වැටුණ වලවූ සල්ලිවලට ගන්නවාලු. පස්සේ කියනවා ' මේ අපේ ආච්චිගේ පරණ වලවුව' කියලා. (නි)
මහත්තයෝ, ඔන්න පුලුවන්නම් අල්ලන්නකෝ (නි)
සමහරුන්ට නීතිය පිළිබඳව දැනුමක් නැතුවා වගෙයි. වන සතුන් විකුණන්න නොහැකි බව ජාත්‍යන්තරව පිළිගත් නීතියක් (නි)
අනේ අපේ අහිංසක අලි සම්පත! (නි)
මෙහෙවු මහජන නියෝජිතයින් පත්කර ගත්තාට අපිට ගහන්න ඕනෑ බුවල්ලෙන්. (නි)
මෙහෙම ගියොත් නම් අලි සම්පත නැත්තටම නැතිවෙලා යයි (නි)
ඉස්සර අලි ඇතුන් හිටියේ සමාජයේ ප්‍රභූන්ට. දැන් දේශපාලනය කරන සමහර අයත් අලි තියාගෙන ප්‍රභූන් වෙන්න හදනවා. (නි)
මහත්තයෝ, පුලුවන් නම් අත්අඩංගුවට ගන්නකො (නි)
දැන් මේ සම්බන්ධ ප්‍රභූන්ට ගන්නා ක්‍රියාමාර්ග ගැන බලාගෙන ඉඳිමු. (නි)
පොඩි මිනිසුන්ය රක්ෂිත බන්ධනාගාරගත කරනවා වගේ, මේ අපරාධ වලට සම්බන්ධවූවන් හට දඩුවම් දෙන්නේ නැද්ද? (නි)