IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


හිරේ ඉන්න හිටපු අගමැති ඉම්රාන්ට බරපතල වැඩ

පාකිස්තාන මහ මැතිවරණය 8 වැනිදා පැවැත් වීමට නියමිත අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඉම්රාන්ගේ රජයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමුද් කුරේෂි බරපතල වැඩ සහිතව සිරදඬුවම් විඳින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

චෝදනාවලට ලක් වී සිර දඬුවම් විඳින බැවින්, හිටපු ක්‍රිකට් තරුවක් ද වන 71 හැවිරිදි ඉම්රාන්ට මෙවර මැතිවරණයට සහභාගී වීමට නොහැකිය. ඉම්රාන්ගේ අඩුව පුරවමින්, ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂයට නායකත්වය දෙන්නේ ගොහාර් අලී ඛාන් ය. ගොහාර් අලී ඛාන් නීතීඥවරයෙක් ද වෙයි.

ඉම්රාන් සහ හිටපු විදේශ අමාත්‍ය 67 හැවිරිදි ෂා මහමුද් කුරේෂි සිරගත කර ඇත්තේ රාවුල් පිණ්ඩි නුවර, අධි ආරක්ෂිත අදිඅල්ලා බන්ධනාගාරයේය. විශේෂ අධිකරණයක හමුවේ වරදකරුවන් වූ ඉම්රාන්ටත්, කුරේෂිටත් දස වසරක සිරදඬුවම් ලබා දී තිබේ. ඊට අමතරව, ඉම්රාන්ට තවත් චෝදනා රැසක් යටතේ සිරදඬුවම් නියම වී තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

හිරේ ඉන්න හිටපු අගමැති ඉම්රාන්ට බරපතල වැඩ

Perera Wednesday, 07 February 2024 09:32 AM

ඉම්රාන්ට එහෙම වුණත් අපේ අයට එහෙම වෙන්නේ නෑ. රට වික්කත් හිරේ යන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල් ගෙඩිය රුපියල් කෝටි 180කට අලෙවි වේ
2024 නොවැම්බර් මස 24 0 0

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට


බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු ඇඟවයි
2024 නොවැම්බර් මස 24 91 0

යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව


කොන්ත්‍රාත්කරු පැහැරගෙන දේපොළ කොල්ල කෑ හතරක් අල්ලයි
2024 නොවැම්බර් මස 24 185 0

කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.


දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 154 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 956 2

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 208 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 722 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site