(රෝෂන් තුෂාර)
හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (09) නියම කළේය.
හෝකන්දර දකුණ පදිංචි පුද්ගලයකුට මෙම දඬුවම් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රුපියල් 1500ක දඩයක්ද නියම කෙළේය.
2010 ඔක්තෝම්බර් මස 05 වැනි දින හා 2011 නොවැම්බර් මස 10 දින අතර කාලය තුළදී කොළඹ අට බොරැල්ල සුපිරි වෙළඳ සංකීර්ණය තුළදී සාදන ලද ඉඩම් ඔප්පුවක ව්‍යාජ බව දැන දැනම එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රෙජිස්ටාර්වරයාට ලබා දීම තුළින් කූට ලේඛන සැකසීම,දණ්ඩ නීති සංග්‍රහයේ 459 වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීම චෝදනාව යටතේ මෙම නඩුව පවරා තිබිණි.
නඩුව දීර්ඝ වශයෙන් විභාග කර සාක්ෂි විමසීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
වංචා විමර්ශන කාර්යාංශය වෙනුවෙන් පොලිස් සැරයන් (41056) කුමාරසිරි සහ පොලිස් කොස්තාපල් (91869)මදුශාන් යන නිලධාරීන් පෙනී සිටියහ.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.
රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි
ආපදා කළමනාකරණයේදී ආයතන ව්‍යුහ ශක්තිමත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර බිම් මට්ටමට විසඳුම් ගෙන යාමේ යාන්ත්‍රණ ඇති කළ කළ යුතු බව ජනාධිපති අනුර කුමාර
පසුගිය රජයේ අමාත්‍යවරයකු නීති විරෝධී අයුරින් අත්සන් කරන ලද E-8 වීසා ගිවිසුම නිසා වසර 20ට අධික කාලයක් පුරා විශාල ශ්‍රි ලාංකික තරුණ පිරිසකට හිමිවූ E-9 වීසා කා
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟ සමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
අමල් Wednesday, 09 October 2024 05:58 PM
මේ අපේ මාලිමාවේ වසන්ත සහෝදයා නෙමෙයි නේද? එහෙම වුණා නම් අපි දන්නවා කොහොමද නීතිය නමන්නේ කියලා..! එහෙම නේද අනුර සහෝ..!
සමන් විමල් Wednesday, 09 October 2024 08:26 PM
අමල්, බලාගෙන මාලුමාමලාට තදවෙයි.