මුහුදුබඩ දුම්රියට නැඟුණු කාන්තාවකගේ බෑගයක් ළඟ තබා ගත් ගැබිනි කතක හා ඇගේ මිතුරියන් දෙනො ද රන් වළල්ලක් සොරාගත්තැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
අතරමඟදී බෑගය අයිතිකාරියට දී වෙනත් මැදිරියකට ගිය එම තිදෙනා අලුත්ගමදී දුම්රියෙන් බැස යද්දී අත්අඩංගුවට ගෙන වළල්ලද සොයා ගැනීමට පොලීසිය සමත් වුයේ අයිතිකාරිය 119 ට දුන් ඇමැතුමක් නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ජයා පව්නේ හොරුන්!!!! (අ)
සරත්, ඔයාට තියෙන්නේ මාර ප්‍රශ්නයක්නේ.(රත්තරන් කොහොමද විශ්වාස කරන්නේ ) (නි)
ඒ විතරක් නෙමෙයි. දැන් දුම්රියේ රාක්ක වල දමන ලැප්ටොප් හොරකම් කරන අයත් ඉන්නවා.(අ)
අලුත්ගම පැත්තේ නිසා අරයා මට අවිස්වාසයි ? (නදී)
අනේ මන්දා! රත්තරන් වලට දැන් මොනවා කරන්නද? කොහොම ගෙනිච්චත් නැතිවෙනවා (නි)
හදිසියකටවත් බෑගය එහෙම ටිකකට දුන්නත් මම නම් බලාගෙනමයි යන්නේ ඒ කෙනාගේ අත් දෙක දිහා. ඇයි ඉතින් විශ්වාස නැහැනේ. (නි)
ගැබිනි කාන්තාවගේ ගැබේ සිටින දරුවාටත් මෙම සිතිවිලි ඇතිවී , ඉපදුනාට පසු සොරකමම රැකියාවට කරයිද දන්නේ නැහැ. මවගේ අදහස් උදහස් බඩේ සිටින දරුවාට බලපානවලු (නි)
පනින්ට පෙර එබී බලනු (අ)
ගැබිණි කතක් සහ දරුවන් එක්ක ඉන්න කතක් වැරදි වැඩ කරන්නේ නැහැ කියන විශ්වාසය දඩ මීමා කරගෙන මෙහෙම සොරකම් ඔවුන් කරනවා. අපේ ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳ ප්‍රදර්ශනාගාරයක එක දිගට සිදුවුන පික් පොකට් ගැහිල්ලක් කරලා තිබුනේ දරුවෙකුත් වඩා ගෙන පාරිභෝගික වේශයෙන් එහි යන එන කාන්තාවක්. කවුරුත් එයාව සැක කලේ නැහැ වෙළඳ සලේ කැමරාවකට අසු වෙනතුරු. (අ)
119 සේවය දුම්රිය සේවයට වඩා වේගවත්. ඒ සේවය ලබාගැනීමට දැනුවත් වෙන්න. (නි)
රත්තරන් කොහොමද විශ්වාස කරන්නේ? (නි)
මිනිස්සු ජීවත්වෙන්න තමයි මේ කොයි නරක වැඩෙත් කරන්නේ (නි)
කාවද දැන් විශ්වාස කරන්නේ මෙහෙම බලාගෙන යද්දී. (නි)
රත්තරන් දැන් අඳින්න බැහැ. හොරු කඩාගෙන දුවනවා. ඒ නිසා බෑගයේ දාගෙන යනවා. ඒකත් බැහැ දැන්. ගෙදර තිබුනත් හොරු පනිනවා.එහෙම නම් ගන්නම හොඳ නැහැ රත්තරන් නේද ? (නි)
යුද්ධය නැති නිසා කවුරු කවුරුත් දැන් බය නැතුව බෑග් අතට ගන්නවා. බැරි වෙලාවත් හරි එකක් අහුවුණොත් එහෙම ආයේ ගන්න එකක් නැහැ (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)
මේ පොඩි හොරු අල්ලනවා වගේ අර බිලියන ගණන් ගහන ලොකුම හොරුන්වත් අල්ලන්නකෝ (නි)
කම්මැලිකම නිසාම ලංකාවේ බොහෝ අය බසයේ හෝ දුම්රියේ යද්දී තම බෑගය අනුන්ට දීම සිරිතක්. මේවා හොඳ පාඩම්. (නි)