මෙස්සිනා පලේමෝ නගරවල ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට ව්‍යාජ ගුවන් ටිකට්පත් 20 ක් දෙමින් යුරෝ 15000ක්(රුපියල් 2700000) වංචා කළ බව කියන ශ්‍රී ලාංකික ගුවන් ටිකටිපත් වංචාවක් පිළිබඳව මිලානෝ නුවරින් වාර්තා වේ.
රෙජියමිල්යා පළාතේ ශ්‍රී ලාංකිකයින් 10 දෙනකු හා මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයින් 22 දෙනකුට හසු වී තිබේ.ලබා දුන් ගුවන් ටිකට්පත් ව්‍යාජ බවට තහවුරු වුයේ ගුවන්තොටුපළට ගිය පසු බව මිලානෝ නුවර ශ්‍රී ලාංකිකයෝ කිහිපදෙනෙක් එසැණට කීහ.මේ වන විට යුරෝ දහස් ගණනක් වංචා කළ පුද්ගලයා සැඟව ඇතැයි ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි (නි)
ඔබට වැඩි විස්තර දැන ගන්න වුවමනා වුවහොත් අපට කියන්න (නි)
මේ කෙනා දරුවෝ 4 දෙනෙක්ගේ පියෙක්,පුද්ගලිකවම අපි දන්නවා,අදටත් ඒ විෆේ දරුවෝ එක්ක ඉන්නවා,මේ මිනිහට හෙන ගහන්නේ මිනිස්සු අමාරුවේ දැම්මට වැඩ ගෑනු දරුවෝ පාරට දාපු එකට,ප්‍රසන්න කියන්නේ මෙය,දැන් ලංකාවේ හැංගිලා ඇති (අ)
හෙට්ටිආරච්චිගේ නම නම් කියන විදියේ සිංහල නමක් නෙමෙයි (නි)
නන්දන පනාගොඩ මහත්මයා සමාවෙන්න, අපි ආසන කියල කියමු. ස්තුතියි! සෙහාන්. කන්ෆර්ම් වෙලාද? බලන්න හැකියාව හෝ වෙබ් චෙකින් කරන්න හෝ දැන් අන්තර් ජාලය හරහා හැකි නිසා යම් කිසි චාන්ස් එකක් තියෙනවා. ඔබ කිව්වා වගේ බොරු කරන කෙනා හැම දේ ගැනම පරෙස්සම් වෙනවා ,ඒ නිසා කොහොම හරි රවටනවා ,නමුත් අඩු මුදලට හෝ හදිසියෙන් ටිකට් ගන්න ඉතාලි ඒජන්සි වලින් අපහසුයි නේද?මම කියන්නේ නෑ රැවටෙන එක හොඳයි කියලා.එහෙත් ඵයාර් ලයින් වෙබ් වල ටිකට් මිල ගණන් හරිම වැඩියිනේ ,ඉතාලි දන්නේ නැති නිසා නෙමේ මිනිස්සු මේ මිනිස්සු ලඟට යන්නෙ ඒ නිසයි. (ස)
සුදත්, ඔබ කිව්ව විදිහට එයාර්ලයින් එකේ වෙබ් සයිඩ් එකේ දාලා තිබ්බත් මුන් හොර කරනවා.ටිකට් එක හරිද කියලා දැනගන්න පුළුවන් එකම විදිහයි. ඒ තමා ෆ්ලයිට් එකට පැය 24 කලින් වෙබ් සයිඩ් එකෙන් ගන්න පුළුවන්. වෙන විදිහක් නැහැ ටිකට් එක හරිද බලන්න. (ස)
මම 2010 මිලානෝ සිට ලංකාවට ගිහින් එන්න ටිකට් එකක් ගත්තා. මට දිලා තිබුනේ යන්න විටරයි. මම දින වෙනස් කර ගන්න ශ්‍රී ලංකන් කාර්යාලයට ගියවිට දැන ගත්තේ. මට එන්න දින, ගුවන් යානා නොම්මරේ ඔක්කොම දිලා. මට තවම හිග මුදල් ලැබුනේ නැහැ. (නි)
සුදත්, 'ෂීට්' වෙන්කරන්න ඇස්බැස්ටෝස් කියලා හිතුවද? (නි)
අපේ හොරුන්ට දෙනවට වැඩිය හොදයි ඉතාලි ඒජන්සියකින් ගන්නවා.(නදී)
අනුර ,මම නම් දකිනෙ ටිකට් ගන්න අය තොත්ත බබාලා කියලයි (නි)
මෙම ගුවන් ටිකට් ගත්තු ස්ථාන මිනිස්සුන්ට දැනගන්න මේවට ලියන්න. (දී)
ඉතාලි භාෂාවෙන් කතා කිරීමට නොහැකි මෑතකදී ඉතාලියට පැමිණි බහුතරය යන්නෙම ශ්‍රී ලංකික ආයතන හොයාගන.මෙතැනදී ආයතනය නවකයන් රවටනවා.(දී)
ඉතාලි භාෂාවෙන් කතා කිරීමට නොහැකි මෑතකදී ඉතාලියට පැමිණි බහුතරය යන්නෙම ශ්‍රී ලාන්කික ආයතන හොයාගන.මෙතැනදී ආයතනය නවකයන් රවටනවා.(දී)
අපි ශ්‍රේෂ්ඨ සිංහල ප්‍රජාවගෙන් පැවතෙන්නෙමු (අ)
පුදුම හොරුනේ (දී)
පිළිගත් ලියාපදිංචි ඉතාලි ආයතන වලට නොයා ලංකාවේ හොරුන් ළඟට යන අය තවමත් පාඩම් ඉගෙන ගෙන නැහැ වගේ. (නි)
මිනිස්සු අවුරුදු ගානක් මහන්සිවෙලා ගෙවල්වලට් කියලා හෙට එනවා කිව්වම ගෙදර ඉන්න ළමයි සමග සියලුම දෙන බොහොම සන්තෝසෙන් ඉන්නේ. ඉතින් අර මනුෂ්‍යයා ගුවන් තොය්‍ටුපළට පැමිනියාට පසු දැන ගත්තම ටිකට් එක බොරු එකක් කියලා මොන තරම් අසරණ වෙනවද? මේවා නම් මහා කැත වැඩ. (නි)
මේ වංචාවෙන් බේරෙන්න නම් ඔබට ලැබෙන ෆැක්ස් පිටපතෙහි අදාල ගුවන් සේවයේ වෙබ් අඩවියට සම්බන්ධ වෙලා බුකින් රෙෆ්. නොම්බරය ඇතුලත් කරලා ඔබගේ ෂීට් එක වෙන්කරලාද බලාගන්න . එතකොට ඔබ රැවටීමකට අසුවෙන්නේ නැහැ. (දී)
මිලානෝ නගරයේ වංචා කළ බව කියන ශ්‍රී ලාංකිකයගේ නම සදහන් කරන්න...!!! (දී)
ඔව්ව හෙන ගහන අපරාධ. අහිංසක මින්සුන් ගෙදරට එන්න කොතරම් බලාපොරෝත්තුව්න්ද වෙන්ද ඉන්නේ (දී)