රියදුරු බලපත්‍රය ළඟ නොමැතිව හා බීමත්ව රිය පැදවූ මාතර නාවිමන එල් ප්‍රදීප්ට(27) රුපියල් නව දහසක දඩයක් ද, බරපතල වැඩ සහිත දෙමාසයක සිර දඬුවමක් ද මාතර අතිරේක මහේස්ත්‍රාත් මංජුල සම්පත් කරුණාරත්න මහතා නියම කර තිබිය දී දඩය පමණක් ගෙවා ඔහු එළියට පැමිණි ආකාරය ගැන පරීක්ෂණයක් පවත්වන බව මාතර බන්ධනාගාරය කියයි.
මේ ගැන එසැණ අධිකරණයෙන් විමසූ අවස්ථාවේ දැනගන්නට ලැබුණේ බන්ධනාගාර නිලධරයන්ගේ අතපසු වීමකින් ඔහු මුදා හැර ඇති බවයි.
ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය හා බන්ධනාගාරය ඔහු සොයා ගිය නමුත් සොයා ගත නොහැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතියට ගිය කලක් ! (නි)
අතපසුවීමක්ද? නැතහොත් ඉහළ බලපෑමක්ද? (නි)
මේක මට නම් හාස්‍යජනක කතාවක් වගෙයි (නි)
මිනිහා දැන් පියාඹලත් ඇද්ද දන්නෙ නැහැ කොහේට හරි ! (නි)
මෙයාලට මෙහෙම වරදින්න ගියොත් හොදට හිටීවි, (අ)
ඒ අතපසු උන සේරමලා ගෙදර යවල රැකියාවට අලුතින් සේවකයින් බදවා ගත්තානම් අපුරුයි. හොද පාඩමක් සේම දඩුවම හරියට ගැලපෙනවා. (නදී)
ලංකාවේ නීතිය ගැන දන්නෝ දනිති! (නි)
රටම දන්නා තව කෙනෙකුත් නිදැල්ලේ ඉන්නේ මෙහෙම කරලා අනේ රටේ නීතිය (ස)
මේක වෙන්න පුලුවන් දෙයක්ද? (නි)
මට හිතෙන විදියට නම් අපේ අති ගරු තුමාගේ චක් ගෝලයෙක් වෙන්න ඇති. (නදී)
නිසි බලධාරියාගේ කඩුවෙන් සත්‍යයේ ගෙළ මුලින්ම සිඳ දමා ඇත. මාධ්‍ය නිදහසට ජය වේවා! (නදී)
සුදෙල්මි, ඔබ "රටම දන්නා එක්කෙනෙක් නිදැල්ලේ" කිව්වාම මං මේ කල්පනා කලේ අර හාර පන් දාහෙන් කොයි එක්කෙනාද එයා කියලයි. (නදී)
බන්දනාගාර නිලදාරීන් පත්වෙලා ඉන්න තත්වය නම් බල්ලන්ටත් අන්තයි. වෙන කිව යුතු දෙයක් නැත. (නදී)
මෙහෙම අතපසු වීම් සිදුවිය හැකිද? එම බන්දනාගාර නිලදාරීන් තාම වැඩද?(නදී)