ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකිකයින් මුලා කරමින් සිදුවන හොර ගුවන් ටිකට් පත් වංචාව එසෑණ මගින් අනාවරණය කිරිමත් සමග මෙම ගුවන් ටිකට් පත් වංචාවට සම්බන්ධ බව කියන හොර ගුවන් ටිකට් පත් විකුණුම් ආයතනයක් වසා දමා ඇතැයි දැනගන්නට ඇත.
මෙම ආයතනයේ උප එජන්ත වරයෙකු වෂයෙන් කටයුතු කළ ෆිරෙන්සි ශ්‍රී ලාංකිකයකු කියනුයේ තමා මෙම ආයතනයෙන් මිලදි ගෙන විකුණු ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පත් 12ක් හොර ඒවා බවයි. එමගින් යුරෝ 12000 (රුපියල් 2172000 ) කට වැඩි මුදලක් නැවතත් ගැණුම් කරුවන්ට ලබා දිමට තමන්ට සිදුව ඇතැයි ඔහු පවසයි.
නාපොලි නගරයේ ශ්‍රි ලාංකිකයෙකු විකිණු තවත් ගුවන් ටිකට් පත් 15ක් හොර ටිකට් බවට තහවුරු වි තිබේ. මෙස්සිනා නගරයේ හොර ගුවන් ටිකට් පත් 20ක් වංචා කල පුද්ගලයාද මෙම ආයතනයේ උප එජන්ත වරයෙකියි කියති.
මෙවැනි ආයතන කිහිපයකින් නිකුත් කළ හොර ගුවන් ටිකට් පත් අතැතිව ජනවාරි මස 12වෙනිදා ෆියුමින්චිනෝ ගුවන් තොටුපොළින් ශ්‍රි ලංකන් ගුවන් යානයෙන් පිටත්විමට පැමිණි ලාංකික හා ඉතාලි ජාතිකයින් 40 කට වැඩි පිරිසක් හොර ටිකට් පත් හේතුවෙන් අතරමං වුහ.
ඔවුන් ඒ පිලිබදව ෆියුමින්චිනෝ ගුවන්තොටුපොළ පොලිසියට පැමිණිලි කොට තිබේ. මේ පිලිබදව එසැණ කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ ඉතාලි කමණාකරු ලලිත් පිරිස් මහතා කියා සිටියේ ගුවන් ටිකට් පතක් මිලදි ගත් සැණින් ශ්‍රි ලංකන් ගුවන් සේවයේ වෙබ් අඩවියට ගොස් එම ටිකට් පතේ සත්‍යභාවය තහවුරු කරගන්නා ලෙසයි. නැතහොත් මිලානෝ හා රෝම කාර්යාල වලට දුරකථන ඇමතුමක් ලබා දිමෙන්ද එය තහවුරු කර ගත හැකි බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ, ටිලට් ගත්තට පස්සේ සත්‍ය බව තහවුරු කරගෙන වැඩක් නැහැ,එතකොට සල්ලි ගෙවලා ඉවරනේ (නි)
ඉතාලිත් හරියටම ලංකාව වගේ. කවුරුත්ම වෙබ් අඩවියෙන් බලලා නැහැ වගේ, මේ රටවල මිනිසුන් විමසිලිමත් කමින් අඩු ද ? (නි)
දුරකථන අංක සදහන් කරන්න පුලුවන්ද වැඩි විස්තර දැනගැනීම සදහා (නි)
ඒජන්සි එකේ නම දාන්න කරුණාකරලා. (නි)
රෑත් දවාලත් පුරා යුරෝ දඩයමේ යනවා හැරුනම මේ අය පොතක් පතක්වත් කියවනවා කියලා හිතන්න අමාරු එකේ වෙබ් අඩවි ගැන මොන කතාද? (නි)
යූරො පහේ දහයේ වාසි බලන අයට හොඳ පාඩම්!!! (නි)
රත්තරන් පොරව ගත්ත ඔලුව ඇතුලේ අවකාෂයක්ම පමණක් ඇති 'කහකුරුල්ලෝ' තමයි මේවට අහුවෙන්නේ. (අ)
අපි නීතියේ සහනයක් ඉල්ලා තියෙනවා. ඒ නැති වුණත් අපෙන් ගැළවීමක් නැහැ (නි)
රෝම ශ්‍රී ලංකන් ටුවර්ස් වහලා නේද? (නි)
ඉතාලියට ඇමතිලා,රටේ ලොක්කෝ ආවහම හමුවෙන දේශප්‍රේමියෝ තමයි ඔය වගේ පොලු තියන්නේ (නි)
කුමාරි කියන කතාව හරි. ටිකට් ගත්තට පස්සේ බලලා වැඩක් නැහැ . එයාර් ලංකා ආයතනය ඉතාලියේ සිටින හොරු නොවන ටිකට් ඒජන්සි දැන්වීම් මගින් ප්‍රසිද්ධ කරන්න වැඩපිළිවෙලක් කරන්න ඕනෑ (නි)
රොම නගරයේ ටිකට් විකුණන ගමනේ සහකරුවන් කියන ඒජන්සි කරුවන් හොදට ගරාගෙන හොර ටිකට් දී ඇත .රොමේන් ටිකට් ගත්ත අය තමන් ගත් ගුවන් ටීකට් එක පිළිබද විමසිලි වන්න .සහකරුවන් පැන ගොස් ලංකාවේ සැගවී ඇත .ඒ අයගෙන් ටිකට් ගත් අයට දෙවියන්ගේ පිහිට පතමි . (දී)
මේකට තියෙන එකම විසදුම ඉතාලියේ ලියාපදිංචි ගුවන් ටිකට් පත් විකුණුම් ආයතනයකට යන එක පමණි.කාලෙන් කාලෙට ගුවන් ටිකට් පත් ආයතන අරින වහන අයගෙන්, විවිධ පුද්ගලයින්ගේ නම් යොදාගෙන ගුවන් ටිකට් පත් ආයතන පවත්වාගෙන යන අයගෙන් පරිස්සම් වීම ඔබ සතු වගකීමක්. රෝමය නාපොලි වෙරෝනා මිලානෝ ඇතුලු තවත් බොහෝ නගරවල සිටි මෙවන් වංචනික පුද්ගලයන් නගර මාරුකරමින් ආයතනවල නම් මාරුකරමින් මේ ගෙනයන වංචාවන් නතර කිරීමට කාලය දැන් පැමින තිබේ. (නි)
මමත් ගත්ත ටිකට් එක වලංගු නැහැ (නි)
ඒ කළ දේ හරි (නි)
රටින් පන්නින කලින් අපි මෙයාව අල්ලමු මගෙන් ටිකට් පහක සල්ලි යුරෝ හාරදාස් හත්සීයක් ගත්තා.(නදී)