මහරගම පන්නිපිටිය ධනවත් නිවසකින් රුපියල් ලක්ෂ පනහකට අධික රන් භාණ්ඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් මහරගම පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.
ඔහු පුද්ගලික සමාගම් දෙකක ඉහළ නිල දරන යුවළකගේ දෙමහල් නිවසේ තිබී මෙම රන් බඩු සොරාගෙන ඇත්තේ නිවසේ සෑම ස්ථානයකම සවි කැර ඇති ආරක්ෂක කැමරා මෙන්ම නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සවිකැර තිබියදී බවත් ලෙහෙසියෙන් පිටස්තර අයකුට නිවසට ඇතුළු විය නොහැකි බවත් කියති.
අතුරුදන් වු භාණ්ඩ අතර ධනවත් කාන්තාව මෙතෙක් පරිහරණය නොකළ රන් භාණ්ඩ රන් භාණ්ඩ ද වන බව පොලිසිය කියයි.
ඇයගේ ඇඳුම් පැළැදුම් හා රන් භාණ්ඩ පමණක් එම නිවසේ වෙනම කාමරයක තිබී ඇතැයිද පොලීසිය පවසයි.එම කාමරයට කාන්තාවක් පැමිණ තැති ගැන්මෙන් පිටවන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන් වී ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ මොලේ තියෙන මිනිස්සු ඉන්නේ ආසියාවේ , මේ මගේ ප්‍රකාශයක් නොවෙයි. ලෝක පිළිගත් මතය (දී)
වැඩිපුර ආබරණ ඇත්නම් බැංකුවක සේප්පුවේ තියන්න. ආණ්ඩුවේ බැංකුවක අවුරුද්දකටම යන්නේ රුපියල් 2000 පමණි. (නදී)
තාක්ෂනයේ දියුණුව මිනිසා පරිහානියයි (දී)
සුද්දට හදා ගන්න බැරි වෙච්ච කොච්චි පාර සැලසුම් කර දුන්නෙත් අපේ කොල්ලෙක් (කොච්චි ගැටය ) (දී)
මිග් 27 හැදුවේ රුසියාවේ.(නදී)
නීලා, මිග් 27 හැදුවේ සෝවියට් රුසියාවේ. ඊශ්‍රායලයේ හැදුවේ කෆීර් කියන යානා වර්ගය. මිග් 27 කියන යානා වර්ගය 1986 වනතුරුත් නිෂ්පාදනය කළා. (නදී)
නීලා ගේ කතාවනම් හරියටම හරි.(නදී)
මේ සිදුවීම අනිත් ධනවත් කාන්තාවන්ටද පාඩමක් විය යුතුයි. ලක්ෂ පනස්ගණන් ආභරණ ඔබට උවමනාද කියලා හිතන්ට කාලය ඇවිල්ලා. ඒ වගේම එච්චර ඕනාම නම් ඒවා සුරකින ක්‍රමයකුත් සකසා ගන්ට. පොලිසියට කරදර වැඩි කරන්ට එපා.(නදී)
ළඟදී මගෙ වාහනයේ පිටුපස වයිපරය ගලවා තිබුණා. අපේ කාර්යාලයේ කැමරා මගින් එය නැතිවුනු කාල සීමාව තීරණය කිරීමට හැකි උනා. එම කාලය තුල වාහනය නවතා තැබූ සුපිරි වෙලඳ සැලකට මම ගියා. එහි හැම තැනම ආරක්ෂක කැමරා පිළිබඳ උදම් අනමින් බෝඩ් ගසා තිබුණා. මම එහි සිටි කෙනෙකුට කිව්වා කැමරා පරීක්ෂා කල හැකිද කියා. ඹහු පොලිස් වාර්තා වැනි දේ ගැන කිව්වා මිස වැඩේ කරලා දුන්නේ නෑ. තාක්ෂනයට වඩා ඉහලයි කම්මැලිකම. (නදී)
මෙහෙකාරියගෙන් අහන්න.(නදී)
කැමරා පද්ධතිය සවි කරපු කෙනාගෙමුත් අහලා බලමුද (දිල්)
හොරාගේ අම්මගෙන් පේණයක් ඇහුවනම් හරියටම දැනගන්න තිබුන ! (දී)
ලංකාවේ මිනිහෙක් තමයි සුද්දටත් වෙනස් කර ගන්න බැරුව හිටිය බස් ටිකට් යන්ත්‍රය වෙනස් කලෙ (දී)
ආරක්ෂක කැමරා සවි කරපු පලියට හොරකම් වලක්වගන්න පුළුවන් කියල හිතනවානම් එක අන්ත මෝඩකමක්. (දී)
කැමරා හයි කරලා තිබ්බා කියලා කොහොමද හොරු අල්ලන්නේ, ඇත්තටම නොදන්නා කමට අහන්නේ (දී)
ඇති නවීන තාක්ෂනය කියලා ලංකාවේ ගෙනත් හයි කරන්නේ බර කරත්ත යුගයේ දේවල්. උදාහරණ ලෙස මිග් යානා ගැන ලංකාවේ හවසට ප්‍රවෘත්ති වලට පෙන්නුවේ අති නවීන ප්‍රහාරක යානා කියලා. නමුත් මිග් 27 නවසිය හැත්තෑ ගණන්වල ඊශ්‍රායලයේ හදපුවා.(නදී)
හොරත් තාක්ෂනය සමග තීක්ෂනය පාවිච්චි කරලා තියෙනවා.(නදී)
නැහැ අනේ හොරා ඩූම් 1,2,3 බලලා ඇති.(නදී)
එකත් එකටම කැමරා සවිකරපු පුද්ගලයන් මේ සොරකමට සම්බන්ධ ඇති .(දිල්)