IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිරු නොබසින රාජ්‍යයේ ලංකාව ගැන කථාකරයි

යුද අපරාධ චෝදනා විමර්ෂණය කිරීම සදහා ශී‍්‍රලංකාව වගකීම් සහගත දේශීය යාන්ත‍්‍රණයක් ප‍්‍රයෝජනයට ගනු ඇති හෙයින් අන්තර්ජාතික මට්ටමෙන් සිදුවන පරීක්ෂණයක අවශ්‍යතාවක් නොමැති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා බි‍්‍රතාන්‍යය විදේශ ලේකම් ෆිලිප් හැමන්ඞ් මහතා හමුවේ පැවසීය.

මේ පිළිඹද නෛතික පසුබිම පිළියෙල කිරීමට හා විමර්ෂණ කටයුතු හා සමගාමිීව සංහිදියා වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමට අවැසි සැලසුම් සකස් කිරීමට දකුණු අපි‍්‍රකා සත්‍ය හා සංහිදියා මොඩලය භාවිතයට ගෙන තිබෙන බවද අමාත්‍යවරයා කීය.

දෙපාර්ශවය ඉතාම මිත‍්‍රශීලීව අදහස් හුවමාරු කරගත් මෙම හමුව පැවැත්වුනේ පසුගිය සදුදා සවස් භාගයේදීය.

පශ්චාත් මැතිවරණ සමයේ රට සංවර්ධනය කරා ගෙන යෑමට නව රජය කටයුතු කරමින් සිටින ආකාරයත් රජයේ දින සියයයේ වැඩසහටනේ ප‍්‍රගතියත් සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා බි‍්‍රතාන්‍යය විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිඹද රාජ්‍ය ලේකම්වරයා දැනුම්වත් කළේය.

උතුරු නැගෙනහිර හා වෙනත් ප‍්‍රදේශයන්හි අවතැන්ව සිටින ජනතාව නැවත පදිංචි කිරීමටත්,සංහිදියාව ඇතිකිරීමටත්,ඉඩම් සම්බන්ධයෙන් ඇති ගැටලූ විසදීමටත් රජය ගෙන ඇති පියවර පිළිඹද දීර්ඝ වශයෙන් විස්තර කළ ශී‍්‍රලංකා විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් කඩවීමේ හා ඒ ආශි‍්‍රත වෙනත් චෝදනා විමර්ෂණය කිරීම සදහා රජය කි‍්‍රයාත්මක කර තිබෙන වැඩසටහන කෙරෙහි විශ්වාසය තැබීමට අන්තර්ජාතික ප‍්‍රජාව කටයුතු කළ යුතුව ඇත්තේ මන්දැයි කරුණු දැක්වීය.

මෙනිසා දේශීය වශයෙන් කි‍්‍රයාත්මක වන වගකිවයුතු යාන්ත‍්‍රණයක් ශී‍්‍රලංකාවට එරෙහිව නැගී ඇති යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීමේ චෝදනා පිළිඹද විමර්ෂණය කිරීමට යොදාගන්නවා විනා එම කටයුතු සදහා අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකිරීමට ඉඩ සළසා දීම ශී‍්‍රලංකාවේ කැමැත්ත නොවන බව අමාත්‍යවරයා පැවසීය.

ශී‍්‍රලංකාවේ වත්මන් කි‍්‍රයාකලාපය ඇගයීමට ලක්කළ විදේශ ලේකම් ෆිලිප් හැමන්ඞ් මහතා අරමුණු සාක්ෂාත් කර ගැනීමට ශී‍්‍රලංකා රජයට සහයවීමට බි‍්‍රතාන්‍යය කැපවී සිටින බව කීය.එසේ නමුත් ශී‍්‍රලංකාව ඉදිරියේ ඇති අභියෝගයන් කිසිසේත්ම සුලූපටු නොවන බව පෙන්වා දුන් ඒ මහතා ඒවා ජයගැනීමට නම් දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉෂ්ඨ කළ යුතුව ඇතැයි අවධාරණය කළේය.

නව රජයේ ප‍්‍රතිපත්තීන් ගැනද පැහැදිලි කළ මංගල සමරවීර මහතා දැන් ව්‍යාපාරිකයින්ට හිතකර පරිසරයක් ශී‍්‍රලංකාවේ නිර්මානයවී තිබෙන බවත් එනිසා වැඩි වැඩියෙන් බි‍්‍රතාන්‍යය ආයෝජකයින් ශී‍්‍රලංකාවට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිිටින බවත් පැවසීය.

ශී‍්‍රලංකාවට දැන් අවැසිව ඇත්තේ විදේශ ආධාර වලට වඩා සෘජු විදෙස් ආයෝජනයන් බව ඔහු පෙන්වා දුන්නේය.

ඊට ප‍්‍රතිචාර දැක්වූ ෆිලිප් හැමන්ඞ් මහතා දෙරට අතර ආර්ථික හා වෙළද සබදතා තර කරගැනීමට බි‍්‍රතාන්‍යය ඉදිරියේදී යොමුවනු ඇතැයි සහතික කළේය.

ආරම්භයක් ලෙස ලන්ඩනයේ නගරාධිපති ඇතුලූ විශේෂ වෙළද දුූත පිරිසක් එළැඹෙන මැයි මාසයේදී ශී‍්‍රලංකාව බලා පැමිණීමට නියමිත බව ඔහු මංගල සමරවීර අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.


දෙවන එළිසබෙත් රැුජින හා එඩින්බර්ග්හි ආදිපාද තැන්පත් පිලිප් කුමරු හා සමග පැවති විශේෂ හමුවකින් පසු ජනපති මෛතිී‍්‍රපාල සිරිසේන මහතා හා ඔහුගේ බිරිද ජයන්ති සිරිසේන මහත්මිය 2015 පොදුරද මඩුලූ හමුව සැමරීමට එක්වූහ.

වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති විශේෂ දේවමෙහෙයකින් පසු පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයෝ මාර්ල්බොරෝ නිවස්නේ සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට සහභාගීවූහ.

දෙවන එළිසබෙත් රැුජින හා පිලිප් කුමරුට අමතරව චාර්ල්ස් කුමරු,පාර්කර් බෝවුල්ස් ආදිපාදවරිය,විලියම් කුමරු,කේම්බි‍්‍රජ් ආදිපාදිවරිය තැන්පත් කේට් මිඞ්ල්ටන්,පොදුරාජ්‍ය මණ්ඩලයේ ලේකම් කමලේෂ් ෂර්මා හා මිීලග පොදුරාජ්‍ය මණ්ඩලීය සභාපති ජෝසප් මුස්කට් යන සම්භාවනීය අමුත්තෝද වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවති දේවමෙහයට සහභාගීව සිටියහ.

බි‍්‍රතාන්‍යය දෙමළ සංසදය නියෝජනය කරමින් එක්සත් රාජධානියේ තරුණ දෙමළ සංගමය හා දෙමළ සම්බන්ධීකාරක කමිටුව සංවිධානය කර තිබූ විරෝධතා දෙකක් වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය ඉදිරිපිටදී හා මාර්ල්බොරෝ නිවස්නය ඉදිරිපිටදී පැවැත්විනි.එම විරෝධතා වලින් වැඩි හඩක් නොනැගුනු අතර පෙර අවස්ථාවක ශී‍්‍රලංකා රාජ්‍ය නායකයෙක් බි‍්‍රතාන්‍යයට පැමිණි අවස්ථාවේ විරෝධතාවන් ඇතිවූ ආකාරය හා සැසදීමේදී එම විරෝධතා දෙක නොගිනිය හැකි තරමේ විය.විරෝධතාකරුවන් හඩ නගමින් සිටියේ මෙම මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට තිබූ ශී‍්‍රලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිඹද අන්තර්ජාතික පරීක්ෂණයේ වාර්තාව ලබන සැප්තැම්බර් මාසය දක්වා කල්යෑමට එරෙහිවය.

විරෝධතාවය සහභාගීව සිටියේ 500 කට නොවැඩි පිරිසකි.ඔවුන් ඇතැමෙක් අත ශී‍්‍රලංකාවේ හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඡායාරූප ඇලවූ පුවරු තිබුණි.



අදහස් (0)

හිරු නොබසින රාජ්‍යයේ ලංකාව ගැන කථාකරයි

සාගර Wednesday, 11 March 2015 09:58 AM

මේ අය හිතාගෙන ඉන්නේ අපි තාමත් යටත් විජිතයක් කියලා නේද ?(හේ)

:       0       0

සොපීයා Wednesday, 11 March 2015 09:58 AM

මේ කට්ටිය හිතාගෙන ඉන්නේ අපි තාමත් යටත් විජිතයක් කියලා නේද ?ඒ විතරක් නෙමෙයි අපේ කට්ටියත් හිතන්නේ අපි තාමත් යටත් වැසියෝ කියලා.(හේ)

:       0       0

චමිල් Wednesday, 11 March 2015 10:48 AM

අම්මෝ ,අපේ අයටත් ඉතින් සුද්දගේ වර්ණනාවට ලක් වෙන එක මහා ලොකු දෙයක් කියල හිතන්නේ .මේ ලියමන දැක්කම අපේ මිනිස්සුන්ගේ යටත් විජිත මානසිකත්වය මනාවට ඔප්පු වෙනවා.සුද්දන්ට වඳින අය තාම ඉන්නවා.මේ රටවල් දැන් බහින කලාව .සල්ලි නැහැ.මේ අය අපගේ දියුණුවට නිතරම බාධා කල අය යුද්දෙට එක උණ්ඩයකින් වත් ආධාර නොකොට සම්පූර්ණයෙන්ම අකුල් හෙළුවේ.අපි නිතරම ගත්තේ රට පස්සට අදින තීරණ.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 17 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 303 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 413 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 254 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 147 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


පානදුරේ වෙඩි තැබීමක්
2024 සැප්තැම්බර් මස 30 466 0

පානදුර පල්ලියමුල්ල දී අද (30) අලුයම පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38185 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25142 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 828 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site