තමා කිසිදා සරත් ෆොන්සේකා මහතා හෝ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හැර නොයන බව ප්‍රවීණ රංගන ශිල්පි ජගත් බෙනරගම කියයි.
ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ කෑස්බෑව ආසන සංවිධායක වශයෙන් දේශපාලනයට පිවිසිම ගැන එසැණ ඇසු ප්‍රශ්න කිහිපයකට පිලිතුරු දෙමින් ඒ මහතා එසේ කීහ.
ප්‍ර - කලාකරුවාට පක්ෂ ආගම් බේද කුලමල බේද නැතිව මුළු රටක් ආදරය කරනවා. නමුත් ඔබ කලාකරුවෙක් වශයෙන් දේශපාලනයට පිවිසිමත් සමග ජනප්‍රියත්වයෙන් පසුපසට යන්න පුලුවන් නේද?
පි - එහෙමයි කියලා රටට වෙලා තියෙන නස්පැත්තියෙන් රට ගොඩ ගන්න නිකන් ඉදලා බැහැ ආර්ථික සාමාජිය සංස්කෘතික වශයෙන් රට අගාදයට ගිහින්. මෙවාට වගකිව යුත්තෝ කවරහුද? ඔවුන් සොයමින් යන්නේ මොනවද? රටේ අහිංසක මිනිස්සු රවටනවා. දැන් රටට අවශ්‍යය රටට ආදරය කරන නිර්භිත නීතීගරුක වෑඩකළ හැකි නායකයෙක්. දෙශපාලනයට ආපු මගේ මිතුරන් මාවත් රැවැටුවා.
කලාකරුවෙක් විදියට මම ඔවුන්ට වේදිකාවට නැගලා උදව් කළා. නමුත් බලයට ආපු ගමන් හෑමදේම අමතක කලා. දෑන් රැවටුනා ඇති මේ රටේ දුක්විදින මිනිස්සු දිහා බලන්න ඕනේ. මට ඕනම් රජයකට පක්ෂව දේශපාලනය කරන්නත් එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට එන්නත් තිබුණා. නමුත් කෙලින් කතා කරන කෙලින් වෑඩ කරන සරත් ෆොන්සේකා මට විශ්වාසයි.
ප්‍ර - රට ආර්ථික වශයෙන් අගාදයට වැටිලා කිව්වට ඒ බවක් පෙනෙන්න නෑ නේද? රටක් සංවර්ධනය කරා යන ගමනේදි විදුලිය මාර්ග පද්ධතිය වැනි සාධක අවශ්‍යයයි. අද රටේ ඒ හැම අංශයකම දියුණුවක් තියෙනවා.
ගමින් ගමට විදුලිය ලබා දෙනවා මාර්ග පද්ධතිය අලුත් වෙනවා. වරායවල් ගුවන් තොටුපොළ ඉදිවෙනවා.
ප්‍ර-කිසිම රජයකින් නොකරපු සංවර්ධනයක් වර්තමාන රජයෙන් ඉටු වෙනවා නේද?
පි- ඔය හැම දෙයක්ම මිට අවුරුදු 15 කට උඩදි කරන්න තිබුණු දෙවල්. නමුත් හදන තරමට සාර්ථක ප්‍රතිඵල තියෙනවද? හම්බන්තොට වරායට නැව් එනවද? ඒකට නැවක් ආවොත් පත්තරෙක මුල් පුවත වෙන්නේ ඒ නැව පැමිණීමයි.මත්තල ගුවන්තොටුපොළ ගුවන් යානා කීයක් එනවාද? පොදු රාජ්‍ය මණ්ඩල සැසිවාරයට එන නායකයින් මත්තලින් ගේන්න පුළුවන්නේ. ඇයි මොකද එක කරන්නේ නෑත්තේ?
ප්‍ර -ඔබ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය හරහා දේශපාලනයට පැමිණ පළාත් සභා හෝ පාර්ලිමේන්තුවට ගොස් පැති මාරුවක් නොකරයි කියලා ඔබ වටා ඉන්න මිනිස්සුන්ට විස්වාසයක් තියන්න පුලුවන් වෙයිද? මම මැරුවත් එහෙම කරන්නේ නැහැ. දේශපාලනය ගැන කලකිරුනොත් දේශපාලනයෙන් සමු ගන්නවා. එහෙම නැතිව වාසි තකා පැති මාරු කරන්නේ නැහැ. මට සරත් ෆොන්සේකා මහතාව ගොඩක් විශ්වාසයි. ඔහුත් සමග රටට වැඩදායි ගමනක් යන්න පුළුවන්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ ගහන ඒවා ගණන් ගන්න එපා, කලාව අත් හරින්නත් එපා. ගමක් ගානේ ගොස් හොඳ සංවිධානයක් ගොඩ නගන්න. ඔබට ජය නියතයි. කොළඹ දිස්ත්‍රික්කයේ 1 ට එන්න ලැබේවා. (නි)
අද රටේ තියෙන ව්‍යාපර අතර තිබෙන හොදම ව්‍යාපාරය දේශපාලන ව්‍යාපාරයයි. ඔබත් එය තෝරා ගැනීම නරකම නැහැ .(නදී)
ඔයාට දිනන්න පුළුවන් (නි)
අනේ මන්දා! (නි)
සමහරවිට සරත් ෆොන්සේකා සමග එකතු වීම ඔබට බොහෝ ආර්ථික පාඩු සිදුවිය හැකියි. එහෙත් අනාගත පරපුර වෙනුවෙන් ඔබ ගත් මේ ප්‍රගතිශීලි තීන්දුවට අපේ ප්‍රණාමය (නි)
අද එ ජා ප යට වෙලා තියෙන්නේ ලොකු පවක් පලදීමක් කියලයි මම නම් කියන්නේ.වසර 30 යුද්ධයක් නිම කරපු ඒ දේශපාලන නායකත්වයට අගෞරව කළ පවට තමයි අද මෙහෙම වෙලා තියෙන්නේ.කෙසේ වෙතත් අපේ ත්‍රිවිධ හමුදාව ඉතා දක්ෂ හමුදාවක් වුණාට දේශපාලන නායකත්වයක් යුද්ධයට වසර 30 ලැබුනේ නැත .අප ශ්‍රී ලාංකීය ජාතිය කලගුණ දන්නා ජාතියක් හැටියට අප විපක්ෂය කටයුතු කළ ආකාරය අනුමත කළ නොහැක.අපිත් එ ජා ප අය තමයි.නමුත් අපේ අය යුද්ධයට කිසිම සහයෝගයක් දුන්නේ නැත (නි)
අපි ඔබ සමගයි. ජය වේවා! (නි)
ඔබ ගත්තේ වික්‍රමාන්විත තීරණයක්. බුරන බල්ලන්ගේ බිරුම් හඬින් සසල නොවී ඉදිරියටම යාමට ඔබට ධෛර්යය ලැබේවා! (නි)
අනාගතේ රටේ පාලනයට දෙවියන්ගෙම පිහිටයි. උගත්කම හොයලා බලලා ජනතාව ඡන්දෙ නොදුන්නොත් ලක් අම්මාට දෙවියන්ගෙම පිහිටයි. (නි)
වැරදි තීරණ ගත් අම්මලා තාත්තලා අද දේවාල ගානේ පොල් ගසමින් දුක් විදිනවා.අද රටේ ගහකොළ සතා සිව්පාවාට පවා ජීවත් වීමේ අයිතිය උදුරාගෙන.අද අපේ රටේ මිනිස්සු නිවැරදි තීරණයක් අරගත්තා නම් අද ලංකාවේ මේ වගේ විනාශයක් ගැන අහන්නේ නැහැ.නීතිගරුක රටක් වෙන්න තිබුනා.නීතියේ අාධිපත්‍යය විනාශ නොවුණු රටක් වෙන්න තිබුනා.දරුවන්ගේ අවාසනාව තමයි. (නි)
සරත් ෆොන්සේකාව අපිටත් විශ්වාසයි.ඒත් දේශපාලනයට? (නි)
ජගත් ඔබට ඕනෑම දේශපාලන තීන්දුවක් ගන්න පුළුවනි. ඒක ඔබේ නිදහස ඒත් ...... ඔබට ආදරේ කරන පිරිසගේ වැඩි කැමැත්ත ඔබ නළුවෙක් විදියට ඉදිරියට යනවා දකින්නයි. නැතුව මාලනී,පබා,අනර්කලී,වගේ හුදු දේශපාලන චරිතයක් වෙනවා දකින්න නෙමෙයි. ඔබට ජයවේවායි පතමි.(නදී)
ජෙනෙරල් සරත් ෆොන්සේකා කියන්නේ පළමුවත් රට,දෙවනුවත් රට තෙවනුවත් රට කියා රටේ තිබෙන සියලුම මර්මස්ථාන සියල්ලම සින්නක්කරයටම අහවල්ලුන්ට අළෙවි කරන කෙනෙක් නෙමෙයි කියලා නම් මට හොදටම විශ්වාසයි. (නි)
රුපියල් 4 න් කිලෝමීටරයක් හැදුවා. උක්කුවා ගේ කතාව හරිද?(නදී)
අනේ මන්දා? වෙන කරන්න දෙයක් තිබුනෙම නැද්ද? (නි)
රවී ලංකාවේ ඉන්න අයට තේරෙන්නේ නැහැ ඩොලර් මිලියන 4 ක් සහ 14 ක් කියන්නේ රුපියල් වලින් කීයද කියලා. ඒ නිසා තමයි තේරෙන බාසාවෙන් කියල තියෙන්නේ ඩොලර් මිලියන එකක් කියන්නේ ලක්ෂ 1350ක්. එක කිලෝමීටරයක් හදන්න. සුපිරි ගැහිල්ලක් ගහල තියෙනවා.(නදී)
ජයවේවා! දැන් වෙනසක් අවශ්‍ය කාලයයි.(නදී)
ඔබ හෑකියාවන්ගෙන් පරිපුර්න නලුවෙක්. දේශපාලනයට ඈවිත් නිකන් සවුත්තුවෙන්නෙපා. දෑක්ක නේද සරත් ෆොන්සේකා මහත්මයට වුනුදේ. හේතුව අපේ රටේ මහත්මා දේශපාලනයට තෑනක් නෑහෑ. (නදී)
පිස්සු කතා.(නදී)
පිස්සු කතා.(නදී)
ඕනෙම කෙනෙකුට තමන් කැමති දේශපාලනය කරන්න ඉඩ තියෙන්න ඕනේ. අද අපේ රටේ බොහෝ අය දේශපාලනයේදී කතාකරන්නේ පුද්ගලයන් ගැන නමුත් අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති සහ ඉදිරිපත් කරන කරුණු සලකා බැලීමයි. ජගත් ගේ මතයට අප ගරු කරන්න ඕනේ .ඔහු සාර්ථකද අසාර්ථකද කියන එක වෙනම ප්‍රශ්නයක්. එනිසා මඩ ඉවත දා ඔහුගේ ගමනට සහය දෙන එක තමියි හොඳ...(නදී)
ඔබ ඉතා දක්ෂ නළුවෙක් .රසිකයෝ ඔබට දක්වන ආදරය නැතිවෙයි. ඔබ නිකම් සවුත්තු වෙන්නයි යන්නේ. දන්නා කලාවක් කරගන හිටියනම් හොඳයි නේද? අපල කාලයක් ලැබුවම ඔහොම හිතෙනවා.සරත් ෆොන්සේකා පස්සේ යන්නට පෙර , එයාට වෙච්ච දේ බලන්න.(නදී)
උක්කුවගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියල දන්නා කෙනෙක් කියනවද බලන්න. අනාගත ඇමති හෝ මන්ත්‍රී කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නේ.(දී)
පබා ටෙලි නාට්‍යයේ නගරාධිපති වුන විදිහටවත් ජයග්‍රහණයෙන් පස්සේ ක්‍රියා කරපු විදිහටවත් සැබෑ ජීවිතයේදී පුළුවන් කියලා හිතන්න එපා. (ස)
ඔබ ගොඩක් දක්ෂ හොඳ නළුවෙක්. ඒත් රටට වැඩ කරන්න දේශපාලනයම කරන්න ඕන නෑ නේද? බලයට ආවම ඔක්කොම ලඟ තියෙන මනුස්සකම නැති වෙනවා.බල තණ්හාව විතරයි.බලේට එනකම් බලේ ඉන්න කෙනාට ඇඟිල්ල දික් කරාට ආවම එයත් අනික් අයට දෙවැනි නෑ. (ස)
උක්කුවට, ජය වේවා. (ස)
සුභ ගමනක් ජගත් (දී)
2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා වටා කොපමණ නායකයින් ප්‍රමාණයක් හිටියද, අද කී දෙනාද ඔහු වටා සිටින්නේ.මෙයත් බල්ටියක් ගහන්න ඉස්සෙලා ප්‍රසිද්ධියක් ලබා ගන්න වගේ හදන්නේ. (ස)
මේ උක්කුවාද? පබා වගේ තවත් චරිතයක් ද? (ස)
මේ ඔය ඔයාගේ වැඩේ කරගෙන ඉන්න.දේශපාලනයට ඇවිල්ල මිනිස්සු රවටන්නේ නැතුව ජනාධිපති තුමත් එක්ක ඔයවගේ කට්ටියට හැරෙන්නවත් බැහැ (දී)
පබා වගේ කරන්නේ නැතුව, හොඳ වැඩක් කරමු. ඔබට ජය පතමු. (ස)
මට නම් කියන්න තියෙන්නේ අනේ අපේ උක්කුවට බඩුම තමයි. පව් අර අනිත් හාදයත්. මස්සිනා කිව්වා නේද. අනේ ඉතින් මේ දෙන්නට මේ තුන් සරණේ සරණයි (ස)
කෙනෙකුට තමන්ගේ නිදහස් මත වලට ඉඩක් නැති බව හොදට තේරෙනවා. බොහොමයක් අයගේ පුරුද්ද තමයි මඩ ගහන එක.(දී)
ඔයිට වඩා ලොකු කතා කියපු අය කොහෙද ඉන්නේ කියල පොඩ්ඩක් හොයල බැලුවද? (ස)
මගේ හොඳම නළුවා වෙලා හිටපු ජගත් ඔයව මට එපා උනා ආපහු මන් ඔය ඉන්න කිසිම දෙයක් බලන් නෑ. (ස)
මංජුල-බොහොම වටිනවා. ඔබ කලාව ගැන නියතවම විචාරාත්මකව බලන පුද්ගලයෙක්.ඔය වගේ අය තව කොච්චර ඇත්ද රටේ?. (දී)
අවංක චේතනාවෙන් අවොත් ඔබට ජය ලැබෙන බවට විශ්වාස කරනවා. ඔය මඩ ගහන අය කියන ඒවා ගණන් ගත යුතු නැහැ. (ස)
දේශපාලනය ඇර වෙන මොනවත් කරන්න ඇත්තෙම නැද්ද? (ස)
ජය වේවා.....අපි ඔබ සමඟය ... (ස)
ඔබ ගත් තීරණය හරි. (ස)
එතුමා සමග කොපමණ කල් සිටීවිද යන්නයි මට ඇති ගැටළුව (නි)
ප්‍රවේශමෙන් හොදේ! (නි)
ඔබ රටට ආදරේ නිසා ඔය තීරණය ගත්තා කිව්වට කලාකරුවෙකු ඔය වගේ තීරණයක් ගැනීම රසිකයන් අනුමත කරන්නේ නැහැ.මොකද කලාකරුවන් කියන්නේ රටක පොදු වස්තුන්.ඉතින් එහෙම අය පැත්තක් ගත්විට පොදු වෙන්නේ කොහොමද? අනේ මන්දා.ඔබ ගත් තීරණය හරිද ? කිසිම දේශපාලන පක්ෂයකට ඍජුවම සම්බන්ධ නොවී සිටියා නම් තමයි වඩාත් හොද.මේ මගේ මතය... (නි)