නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවේ සිට අබුඩාබි හරහා ඉතාලියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තැරැව්කරුවෝ දෙදෙනෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා යාපනයේ අච්චුවේලි, සහ නිර්වේලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තැරැව්කරුවන් දෙදෙනා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
මින් තරුණයන් දෙදෙනා ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 207 දරණ ගුවන් යානයෙන් අබුඩාබි බලා යාමට පැමිණ ඇත. ඔවුහු ගුවන්තොටුපොළ ප්‍රවේශ පත් කවුන්ටරය අසල සැක කටයුතු අන්දිමන් හැසිරෙනු දුටු රහස් පොලිස් නිලධාරීන් ඔවුන් පරීක්ෂා කර ඇත. එහිදී ඔවුන් සතුව තිබී ගුවන් ගමන් බලපත් හතරක් සොයාගෙන ඇති අතර ඉන් දෙකක් නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත් බවත් ඉතිරි දෙකෙහි ව්‍යාජ ලෙස සකස් කරන ලද ඉතාලි වීසා ස්ටිකර අලවා ඇති බවත් අනාවරණය කරගෙන ඇත.
පසුව රහස් පොලිස් නිලධාරීන් විසින් දිගින් දිගටම ප්‍රශ්ණ කරද්දී තරුණයන් දෙදෙනාව ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ එක් තැරැව්කරුවෙකු පිටත්වීමේ පර්යන්තයේදී ද, අනෙකා ඔවුන් පැමිණි වාහනයේ සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.
මේ එක් තරුණයෙකු ඉතාලියට ගිය පසු ඔවුන්ගේ ඥාතීන් විසින් රුපියල් ලක්ෂ 25 ක් පමණ තරැව්කරුට ගෙවන බව වාර්ථා වෙයි.
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්
නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර පාරෙන් ඉතාලි යන්න ලක්ෂ 25 යි
රිචි බාලසුරිය Sunday, 01 March 2015 08:58 AM
හොර පාරෙන් ඉතාලි හෝ වෙනත් රටවලට යන්නට ලක්ෂ 25 ක් දෙන්න සල්ලි තියෙනවා නේද මේ අයට (දිල්)