සේවා ඇගයීමට ලක්වූ නිලධාරීන් තිදෙනා රේගු අධිකාරියේ උසස් නිලධාරීන් සමග.
අවස්ථා කිහිපයකදී විවිධ ස්ථානවලින් හොර රහසේ රට තුළට රැගෙන ඒමට උත්සාහ කළ මරිජුවානා කිලෝ 6.5 ක්, කැප්ටජන් මත් පෙති 583 ක් සහ කංසා කිලෝ 4 ක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ. මින් පළමු අත්අඩංගුවට ගැනීම හමාඞ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් වාර්තා වන අතර එහිදී ආසියානු ගුවන් මගියකු විසින් රැගෙන ආ පෙට්ටියක් පිළිබඳව සැක සිතූ රේගු නිලධාරියෙකු එම පෙට්ටිය වැඩිදුර පරීක්ෂාවට ලක්කිරීමේදී කඩදාසි සහ කළු පැහැති ස්ටිකරයකින් ඔතන ලද මරිජුවානා කිලෝ 6.5 ක් සොයාගෙන ඇත.
දෙවැනි සිදුවීම අබු සම්රා දේශසීමාවෙන් වාර්තා වී තිබේ. එහිදී සිදුකළ පරීක්ෂාවකදී වාහනයක් තුළ සූක්ෂම ලෙසින් සඟවා තිබූ කැප්ටජන් මත් පෙති 583 ක් සොයාගෙන තිබේ. තෙවැනි සිද්ධිය නැවු බඩු අංගනයෙන් වාර්තා වී ඇති අතර එහිදී බෑගයක් පිළිබඳව සැක සිතූ රේගු නිලධාරියෙක් එය විවෘත කොට පරීක්ෂාවට ලක්කිරීමේදී හෙඞ්ෆෝන් 4 ක සූක්ෂම ලෙසින් සඟවා තිබූ කංසා කිලෝ 4 ක් සොයාගෙන ඇත. එකිනෙකට වෙනස් ස්ථාන තුනකදී මෙලෙස මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් රේගු නිලධාරීන් තිදෙනාගේ සේවය රේගු අධිකාරිය විසින් ප්‍රශංසාවට ද ලක්කර ඇත. තහනම් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් රේගු අධිකාරිය පසුගිය කාලයේදී අතිශය සාර්ථක වූ බව රේගු අධිකාරියේ සභාපති අහ්මඞ් බින් අලි අල් මොහන්නදි පවසයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හොර රහසේ රට තුළට රැගෙන ඒමට හැදූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රේගු අත්අඩංගුවට