(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හරක් කටාගේ ටෙලිෆෝන් පරීක්ෂා කළොත් පොලිස් නිලධාරීන්ගේ රාජකාරි මට්ටම දැනගන්න පුළුවන් බව සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
"මාකදුරේ මදුෂ්, නැත්තං හරක් කටාගෙ ටෙලිෆෝන් අරගෙන පරික්ෂා කරන්න කියන්නකො.කාගෙ නොම්බරද මේවායෙ තියෙන්නෙ කියලා බලන්න" යනුවෙන්ද අතුකෝරල මහත්මිය කීවාය.
කෙලින් වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ට ශ්‍රී ලංකා පොලිසියේ තැනක් නැතැයි කී අතුකෝරල මහත්මිය පාතාලයේ අභියෝග වලට මුහුණ දෙන්න පොලිසියේ නිලධාරීන්ට සිදු වී තිබෙන බව සඳහන් කළාය.
යහපාලන රජයේ සමයේ දී නම් ඇල්ලු මත්ද්‍රව්‍ය විනාශ කළ බව කී මන්ත්‍රීවරිය දැන් වන්නේ කුමක්දැයි නොදන්නා බවද පොලීසියේ උසස් නිලධාරීන් මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ගෙවීම් ලැයිස්තු වල ඉන්නා බවද කීවාය.
පොලිස් ඇමැති තුමා සමඟ ප්‍රශ්නයක් නැතැයි ද එතුමා උත්සාහයක් ගන්නා බව පෙනෙන්නට ඇතැයි ද තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ පැටිකිරිය පෙනෙයි
DM Thursday, 23 November 2023 04:22 PM
ටිකක් පරිස්සමෙන්. පොලිසියේ විතරක් නෙවෙයි දේශපාලඥයින්ගේ දුරකථනත් පරීක්ෂා කළොත් ඔබතුමියගේ පක්ෂයේත් ඇතුළුව හැම දෙනාගේම මට්ටම දැනගන්න පුළුවන්...!
සතුටින් Tuesday, 28 November 2023 09:20 AM
අපොයි එහෙම කරන්න හොඳ නෑ මොකද. අර දස සිල් සමාදන් වෙලා ඉන්න ජෙප්පෝ උනත් අහු වෙන්න පුළුවන් එහෙම උනොත් පව් නේද
රංබොඩ Thursday, 23 November 2023 04:31 PM
අම්මෝ එහෙම චෙක් කරන්න නම් එපා. පාර්ලිමේන්තුවේ ඉන්න සම්භාවනීය මැති ඇමැති ගොල්ලන්ගේ අංකත් අහුවෙයි නොවැ...!
Roshan Thursday, 23 November 2023 07:24 PM
සේරගෙම පැටිකිරිය මුලු රටම දන්නවා.